Wednesday, July 22, 2015

ඇසළ කුමාරයා 2 ( තටු ලැබූ හීන හා මගෙ සුබ උපන්දිනය )

කලින් කතාවේ කිව්ව ඇසල කුමාරයා වගේ, තවත් ඇසල කුමාරයෙක්.  රජ පවුලක නොවුනත්, කුමාරයෙකු නොවුනත්, තවත් එක රාහුල කෙනෙක්. සම්මත රාමුවලට පයින් ගහලා හතර වරිගෙම කලකිරවපු, විකාරරූපී කොලු ගැටයෙක්, ඒ මං!




ඒ රාහුල වගේම මේ රාහුලත් ඉපදිලා තිබුනේ ඇසල පෝය දවසක. හැබැයි ඒ රාහුලට වඩා මේ රාහුල පොඩ්ඩක් වෙනස්,  ඒ රාහුලට අම්මා හිටියා, පියාගෙන් සාසනයේ දායාදය ලැබුණා. හැබැයි මේ රාහුල අද ගෙවන්නේ තට්ට තනිකඩ ජීවිතයක්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් ජීවිතයක්. වෙනත් වචනවලින් කිව්වොත්, තමන් හොයාගෙන, තමන් උයාගෙන තමන් කාගෙන ගත කරන ජීවිතයක්. ඇවිදින්න ඕනේ නම් අහන්න කෙනෙක් නැහැ, දැන්විය යුතු කෙනෙක් නැහැ, ඕනෙම මොහොතක සූදානම් ඇඳුම් බෑගය පිටේ එල්ලගෙන,කැමරා ආම්පන්න අරගෙන පිටත් වෙන මොහොත සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ මම! 


අනූව දශකයේ මුල හරියේ එක්තරා ජූලි විසි දෙවෙනිදාවකට යෙදිලා තිබ්බ ඇසල පෝය දවසක මේ රාහුල ඉපදිලා තිබුණා. උපන්දිනය.. උපන්න මොහොත වසරක් වසරක් ගානේ සමරන දවස. ජූලි විසි දෙවෙනිදා මේ දවස 'සමරනවා'ට වඩා, ඇසල පෝය දවස මගේ උපන්දිනය කියලා හිතාගන්න පොඩි පහේ ආසාවක් ඉස්සර තිබුණා. මෑතකදී වියැකී ගියපු මගෙ ඔය ආසාව දන්න සමීපතමයෝ කිහිපදෙනෙක් විතරක්, ඔය දවස අදටත් මතක තියාගෙන ඉන්නවා.


කවදාවත් උපන්දිනයක් කේක් කපලා පාටි දාලා සමරලා නැති වුනාට, සමීපතමයන්ගේ වැඩ නිසා ජීවිතේ වැඩියෙන්ම සතුටින් ගෙවුණ උපන්දිනය තමයි දහ අට, දෙවෙනි තැන දා හත. වසරින් වසර ගත වෙන උපන්දිනය කලින් එකට වඩා හොඳ වේවි දහ අට වෙනකන් ආවත් දහ නමය මගෙ ජීවිතේ අප්‍රසන්නම දවසක්. ඉන් පසුව ගත වුන සහ ඉන් පෙර උපන්දින ගෙවුණ විදිය ගැන පැහැදිලි මතකයක් නැහැ. හිතට අලුත් අදහස් ගලාගෙන එන තාක්, කැමරාව වැඩකරන තාක්, හැමදාම උපන්දිනේ වගේ තමයි, සමහරවිට හේතුව ඒක වෙන්න ඇති. 

ඒ අතරින් දහ තුන් වැනි උපන්දිනය දා, අද මගෙ උපන්දිනය බව මතක් වෙද්දී හැන්දෑවේ හය හමාරයි, උපන්දිනේ ගැන මගෙ සැලකිල්ල නම් ඔන්න ඔය වගේ හරිම අන්තිමයි. මගෙ ජීවිතේ මතකම හිටින උපන්දිනය හරිම අපූරු කල කෙනා ත්‍යාග කල කමිසය,මගේ සාමාන්‍ය කමිසයක ජීවිත කාලයට වඩා සැලකිය යුතු කලක් ගෙවිලත් අදටත් සුරැකිව තියෙනවා,ඉන් වසර ගණනකට පස්සේ ළමා ශිල්පියෙක්ගේ තැන උන්නු මම වෘත්තීය ජීවිතයට අලුතින් පා තියලා පලවෙනි සජීවී වැඩසටහන මෙහෙයවන්න ඇඳපු කමිසය තමයි ඒ. කවදාවත් අමතක වෙන එකක් නම් නෑ. හැබැයි දැනටමත්, හෙට එන මේ උපන්දිනය මගෙ ජීවිතේ හොඳම උපන්දිනය බවට පත් වෙලා!

උපන්දිනත් එක්ක මගෙ සැලසුම්වල කාල රාමු පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තිබුනත්, යම් යම් දේ ගැන බලාපොරොත්තු වුනාට වඩා සෑහෙන්න ඉස්සරහටත් ඇවිත් තියෙනවා. කොහොම නමුත්, අවුරුදු තිහ වෙද්දී මාස් පඩි රස්සාවට සමු දීලා පූර්ණකාලීනව හිතෙන හිතෙන දේ ඉගෙනගන්නත්, සංචාරක ජීවිතේ පූර්ණකාලීන කරගන්නත් ඉලක්ක තියාගෙන, මගෙ වැඩ ටික සැලසුම් වෙනවා, වෙන කවදාටත් වඩා, වෙන කාවවත් සතුටු කරනවාට වඩා, කාටත් හොඳක් මිස හිරිහැරයක් නොවුන මගෙ සතුට වෙනුවෙන්! 

මිනිස්සු ඉපදෙන්නේ හැටෙන් පැන්සොන් යනකන් කඹුරන්නද? හතළිස්පහ පනහ වෙද්දී " හුටා මං මේ මොකෝ කරගෙන තියෙන්නේ කියලා කල්පනා කරන්නද? "  හිත පස්සට යන හැම වෙලේම මම මගෙන් අහනවා. කොහොම නමුත් පූර්ණකාලීන විද්යාර්තියෙකුගේ ජීවිතය මට සුදුසු නැති විත්තිය මම සෑහෙන පසු කාලයක තේරුම් ගත්තා. මට සුදුසු පූර්ණකාලීන ව්‍යවසායකයෙකුගේ ජීවිතයක් හෝ වෘත්තිකයෙකුගේ ජීවිතයකුත් නොවෙන විත්තියත් මම අත්දැකීමෙන් තේරුම් ගත්තා. නිදහසේ හිතන්න ඕනේ මනුස්සයෙක්ට අවශ්‍ය කරන විවේකය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න, මම සූදානම් වුනේ ඒ නිසයි.

මේ කතාව සමහරුන්ට මහා මුස්පේන්තු සටහනක් වෙන්න පුළුවන්, හැබැයි සරල ජීවිතේ රහ දන්නේ ඒක විඳින එවුන් විතරයි. ඇයි මම වද වෙන්නේ? ඇයි මම මං ආස දේ කරන්න, ආස දේ ඉගෙනගන්න, මං ආස තැන්වල ඇවිදින්න කාගෙන්වත් අහන්නේ? මගෙ මේ ඉලක්ක මේ වෙනකොට සම්පූර්ණයි, සතුටු යි.

සමාජයට හිරිරයක් නොවන තමන්ගේ අහිංසක ආසාවල් අනිත් අය වෙනුවෙන් කැපකරන සූදානම් වුන, එහෙම කල මනුස්සයෙක්මයි එහෙම නිදහසකට නියම සුදුස්සා වෙන්නේ. 

 අනිත් අයගේ සිනහව වෙනුවෙන් කාලෙකට කලින් හිර කරපු හීනවලට අද තටු ඇවිත්, බැදීම් නැති ජීවිතේක අත්දැකීම්, දැනුම සංකල්ප හොයාගෙන යන, පෑනටයි කැමරාවටයි පෙම් බඳින, වියදමට ඉතිරියට ඇති තරම් මුදල් වෙනුවෙන් දාඩිය වාෂ්ප කරන කොල්ලෙක් මං! ආඩම්බරයි, දෙමාපිය සහෝදර බැඳීම් පවතින, කාලත්‍ර බැඳීමේ වගකීම වැඩි සම වයසේ කිසිවෙක්ට කවදාවත් නොලැබෙන මේ නිදහස, ඇති මේ හොඳටෝම! 

පවුලේ කෙනෙක් කියලා කෙනෙක් නැති වෙන එක, ඒ අය තමන්ගේ ජීවිතවලින් සමුගන්න එක, අපේ ජීවිතවලින් යන්නම යන එක, ඒ මොහොතට ඇති විශාල දුකක් වුනත්, කාලයා ඒ තුවාල හොඳ කරන ගමන් නොබැඳි ජීවිතේ සැහැල්ලු සතුට අපි ගාවට අරං එනවා.

මේ උපන්දිනය? ම්ම්ම්ම්, ලොකු විශේෂයක් නැති උනත්, ඇස්වලින් කඳුළු එන දීර්ඝ සුබ පැතුම් පතක් ලැබුණා, කොයි තරම් ලස්සන සුබ පැතුම් ලැබුනත්, ජීවිතේ පලවෙනි වතාවට පැය ගානක් කියවන්න තරම් දිග ඇස්දෙකට කඳුළු උනන සුබ පැතුමක් ලැබුනේ මේ උපන් දිනයට යි. 

දහ අට වැනිදා ලේ දන් දුන්නා, ඒ කටයුත්ත උපන්දිනය වෙනුවෙන් කලාට වඩා, වෙනත් කෙනෙකු සිහියේ තබාගෙන කරපු දෙයක්. බර නම් කිලෝ දහයක් අඩු කරන්න ගිහින් විස්සකින්ම අඩු වුනා පසු ගිය අවුරුද්දේ අග ඉඳන්. දැන් ආපහු නගින කළාවට ගන්න වෙනවා, නැත්තම් ආයේ මාස හතරකින් ගියාම මම නොක් අවුට් වෙයිද දන්නෙත් නෑ!

මේ සතියෙම විවේකයක් ලැබුන ගමන් ටවුන් හෝල් දුවලා අක්ෂි පටක බැංකුවේ රෙජිස්ටර් වෙන්නත් හිතේ තියෙනවා. ඒ කියන්නේ මේ උපන්දිනය වෙනුවෙන් ඇස්,ඉස්,මස්,ලේ දන් දීලා තියෙනවා! 

පෞද්ගලිකව, උපන්දිනයට දවස් ගානක් තියෙද්දී ඉඳන්ම මුහුණෙන් හිනාව නොමැකුණු, හරිම අපූරු උපන්දිනයක් මට උදා වුණා!


ඒ විතරද, මේ උපන්දිනේට ජීවිතේ ආපහු පස්සට හැරිලා බලලා මේ වගේ සටහනක් ලිව්වා නෙව, ඉතින් සෑහෙන වෙනසක් තියෙනවා මෙදා පාර !


ඉතින් මට සුබ උපන්දිනක් වේවා!




15 comments:

  1. ඔයාට සුබම සුබ උපන්දියකට අපිත් සුබ පතනවා...

    // පෞද්ගලිකව, උපන්දිනයට දවස් ගානක් තියෙද්දී ඉඳන්ම මුහුණෙන් හිනාව නොමැකුණු, හරිම අපූරු උපන්දිනයක් මට උදා වුණා! // එහෙම තමයි වෙන්න ඕනේ. ජීවිතේ එන ඕනම් විදිහකට සාර්ථකව මුහුණ දෙන එකයි වටින්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි, උපන්දිනේ දවසේ අවසානය හිතාගන්නවත් බැරි තරම් අපූරු සප්‍රයිස් එකක් හම්බුනේ..!

      Delete
  2. අනේ පුතේ සුභ උපන්දිනයක් වේවා. කව්රුත් නැත්නං ලොකු කේක් එකයි බෝතලුයි අඩුම කුඩුමයි අරන් අපේ ගෙදර වර හොද පාටියක් දාමු.. හැක්..ජ ය

    ReplyDelete
    Replies
    1. ‍තෝව දීයා කාපිය.

      Delete
    2. හැබෑටම හවස වුනෙත් ඒකමයි, බිග් බ්ලාස්ට් එකක් යාලුවන්ගෙන්,හිතුවේ තියා උපන්දිනේ කියලත් අමතක වෙලා තිබ්බේ හවස් වෙද්දී! අඃ බෝතල් බාවිතයක් නෑ තාම අපේ කාටවත් :D

      Delete
  3. හරිම ලස්සන උපන්දින සටහනක්. මම ඔය වයසෙදි ඔහොම හිතුවේ නැති බවනම් මම කියන්න ඕනේ. මිනිස්සු දිහා බලලා කියන චරිත ලක්ෂණ ගැන විශ්වාසයක් තියනන් බැරිවුනත්, දරුවො උඹ දිහා බලලා මේකා ජරා පොරක් කියලා තීරණය කරන කෙනෙක් නැතිවෙයි. මම දැකලා තියෙන FB පින්තූර වල හැටියට හරිම සුන්දර හිනාවක් තියෙන අහිංසක කොල්ලෙක් හැටියට තමයි මම හිතාගෙන ඉන්නේ. දැන් බලං ගියාම ඒක සත්‍යයෙන් එච්චරම ඈත නෑ වගේ. ඒ වගේම උඹ adventurous soul එකක් කියලා මම හිතා ඉන්නවා.

    ඉතින් මම පතන්නේ මේ සිනහව සැමදා උඹේ මුවේ තිබේවා. මේ ආකල්ප මේ උද්‍යෝගය සැමදා උඹලඟ තියේවා කියලා තමයි.

    උඹට සුභ උපන්දිනයක් පොඩි එකෝ.

    ReplyDelete
    Replies
    1. දවස පුරාම මතක් වුන කමෙන්ටුවක් ඩූඩ් අයියා, මේකට කියන්න දෙයක් එන්නේ නෑ මට..
      බොහොම ස්තුතියි සුභාශිංසනවලට....

      Delete
  4. happy birthday karu :)

    ReplyDelete
  5. දවස පහුවෙලා කමක් නැහැ උඹට සුබ උපන්දිනයක්.
    සරල ජිවිතේ හොඳයි.හැබැයි තනියම ඒහෙම ජිවිතේ ගත කරන්න මට නම් අමාරුයි බං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්...
      තනියම ඉන්නවා හිතද්දීත් බයයි තමයි ඒ කාලේ, හැබැයි මෙතනට ආවට පස්සේ පුදුම නිදහසක් දැනෙන්න ගන්නවා මාස කීපයක් යද්දී...

      Delete
  6. හැපි බර්ත් ඩේ ඒකක් වේවා....................

    ReplyDelete
    Replies
    1. කවුද බං දිළිණි...................

      Delete
    2. හුටා මම හිතන්නේ මගෙ වයර් ෂෝට් එකක්, පොඩි පටලැවිල්ලක් වගේ.. හිටු මං බ්ලොග් රෝල බලල එන්න..

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...