සරසවියේ සිට හසුනක් ලැබෙන තුරු ඇයගේ සිත තුල පවතින්නේ කුකුසක්,ඔහු ඇයට අහිමි වී ගියාදෝ පවතින්නේ බියක්.ගත වන මොහොත වන විටත් ඇයට ඔහු අහිමි වී අවසන් නම්? "ඇයට හිමි මගේ නුඹ" ලෙස එය නම් වෙන්නේ ඒ නිසාම යි.
පසුගිය දස වසරක මතකයන් සිහිපත් කරමින් ඇය දෙවැට අසල බලා හිඳිනවා.. හසුනක් නොමැතිව ගෙවී ගිය දින සති මාසවලට හදිසියේ මල් වැස්සක් වැටෙන්නේ මෙහෙමයි.
දෙනෙති න් එහා ඉම සෙව් නුබ තලය | අරා |
සුපස න් හදින් නැගෙනා මතකයන් | දරා |
කෙලෙසි න් රැඳෙන්නද මේ බිම් තෙ | සරා |
සැරසෙ න් සිතෙන් දිව එන්නට නුඹම | කරා |
තුඩ තුඩ ගැයෙන ගී අම රස | දැනේ වී |
නිල් නුබ දිලෙන සොමි පව්වෙන් | එබේ වී |
හද හද දිලෙන පැතුමන් හෙට යා | වෙ වී |
හසුනක් ලැබෙන තුරු ඔබ මග | බලා වී |
කඳු හෙල් රළු හසර ඔබ හා පසු | වූවා |
හන්තානටත් නුඹේ අත ගෙන ලං | වූවා |
දොළ අයිනේ නුඹ හා සිත | යා වූවා |
අක්බර් පොකුණ ළඟ අද මම තනි | වූවා |
වෙහෙස නිවා ගන්නට අප රැඳුන | එදා |
සිහිලැල් නදී දිය ඇලි මතකයේ | සදා |
මහවැලි ඉවුර ළඟ මා තනි විටදී | මෙදා |
ගෙනදී තෙමයි මගේ නෙත් අග ඉවුරු | බිඳා |
බිඳෙ යි මහද රජ කල සිතුවිලි | රෑ න |
නැගෙ යි අපේ බාලේ මතකේ | ගේ න |
රිදෙ යි කීරි ගැහෙනා හදවත | ගැහෙ න |
බඳි යි හද වැටක් නුඹ පමණක් | ඉන් න |
රොද හැරගියත් බිඟු මල් පැණි | සොයාගෙනේ |
සිඳ බිඳ නොයයි බිඟු කැළ බැඳී | දයාවෙනේ |
මල් මී ගොමුව වෙත ආවත් | විගසකිනේ |
එයි සිය රොදට නොඇලෙයි මල්මී | ගොන්නේ |
රම්නද සිවිලිමේ මං නෙත යවන | වෙලේ |
අත රැඳී පොතෙන් ගෙනයයි මගෙ සිත | එකලේ |
ගෙන එයි දසකයක් එපිටින් සොඳුරු | කලේ |
නුඹ හද පිදුවේ මට බව දැනුනයි | ආලේ |
සරසවි දිවිය වෙහෙසයි හද විඩා | ගෙනේ |
මල් මාවතක් ඇතිමුත් තනිකමක් | දැනේ |
හසුනක් එවන පමා මවෙත නැතිව | මෙනේ |
පවස නිවන වදන් ලියන හැටි | නොදැනේ |
පමා බවට මගෙ හසුනට රහස | එයයි |
දමා දෙවැට නුඹ නොහරින බවද | දැනෙයි |
සමා අයැද මං නුඹේ බව කියන | බවයි |
මෙමා ලියන පළමු හසුන ලැබුන | වගයි |
ධාරාගේ කඳුලට මල් එකතු කලේ- කරූ෴
කවි පෙලට අලයින්මන්ට් සකසා ගැනීමට උදව් දුන් ඩූඩ් අයියාටත්,මේ පෝස්ටුව ගැන සටහනක් පල කල ධාරාටත් මගේ ස්තුතිය.