Wednesday, June 21, 2017

ගුටි කන කතා 01 - කේක් කතාව

මේක රස කතාවක්, කේක් කතාවක්... හරියටම කිව්වොත් ගුටි කන්ට වෙන කේක් කතාවක්..


ඕන්න හිතවතුනි තියෙනවා එක කේක් එකක්.. කිව්වට මොකෝ තාම හදනවා, දිග පළල මෙච්චරයි කියන්ට බෑ. ඔය කේක් එක හදන්න පටං ගත්තේ මනුස්සයා කියන එකා කැලේ බුකුං බුකුං ගගා "බැද්දේ සීලා කොලයෙන් පිහිදා" යුගයේ ඉඳංමයි. දාස් නෙවෙයි, ලක්ස ගාණන් හෝමෝ සේපියන්ලා මිනීස් පැය ප්‍රකෝටි ගාණක් වැය කර කර, මේ කේක් එකට නානා ප්‍රකාර දේවල් කර කර..... තාම හදනව, අම්මපා මුං තාම හදනවා..


තව කේක් ජාතියක් තියෙනවා. මේ කේක් හදලා ඉවරයි. දිග පළල ගැන නම් මුකූත් මං කියන්නෙ නෑ. නෑ එක්කෝ අනන්තයි අපරිමාණයි කියමු. හදලා තියෙන්නෙත් එක්කෝ අවුරුදු එක්දාස් පන්සීයකට කලිං, දෙදාහකට කලිං, නැත්තම් දෙදාස් පන්සීයකට විතර කලින්. අනිත් එක මේ කේක් වෙන වෙනම හදල තියෙන්නෙත් තනි එක මනුස්සයෙක් බොහෝ දුරට, ඒකත් තරුණ කාලේ ඉඳං මැරෙනකං විතර කාළය ගත කරලා.


මේ තියෙන්නේ හුදී ජන විඥාණයට අනුව මේ එක එක කේක්වල ලක්ෂණ...


මුලින්ම, අර ලක්ෂ ගාණක් මිනිස්සු, මිනිස් පැය ප්‍රකෝටි ගාණක් වැය කරලා, තාමත් හදන, මතක ඇති කාලෙකත් ඉඳං හදන කේක් එක..


-අපෝ ප්‍රාථමිකයි.
-අම්මෝ අඩු පාඩු සහිතයි.
-එන එන එකා අයිසින් වෙනස් කරනව, හින්ද වැඩක් නෑ දැන් කොහොම හැදුවත්
-මේක හදලා තියෙන්නේ ඔටුවෝ, අවුරුදු දහස් ගණනක් තිස්සේ දහස් ලක්ස ගණනින් ඒකරාසි වුණ ඔටුවෝ.


ඊගාවට අර තනි මනුස්සයෙන් පරම්පරා සීයකට විතර එහා තනියම බේක් කරපු කේක් ජාති කීපයේ ලක්ෂණ


-සර්ව සම්පූර්ණයි.
-විශ්වාසනීයයි, කේක් එක කේක් එකමයි කිසි එකෙක්ට වෙනස් කරන්න බෑ.
-උත්කෘෂ්ටයි, සර්වත්‍රයි, සර්වකාලීනයි.
-මේක හදලා තියෙන්නේ සියල්ල දත් අය. තනියම. ඔටුවෝ නෙවේ.


ඒහ්! ඒක මාරයි නෙහ්


Monday, June 19, 2017

මේ බැංකුවලදී මතක් නොවන කුණුහරප තිබේ නම් වහාම අටපට්ටමට දැනුම් දිය යුතු ය


මා මෙතෙක් ගොස් ඇති අසීලාචාරම බැංකුව මහජන බැංකුව . එකම එක වරක් කොළඹ ටවුන් හෝල් අසල ශාඛාවේදී වහාම මගේ අවශ්යතාවය තේරුම්ගෙන කඩිනමින් මගේ කටයුත්ත ඉටු කර දුන් එක දිනක් ඇරෙන්නට, මහජන බැංකුවේ කොයි ශාඛාවේත් කටයුතු එක සේ අධම . ෆොටෝ කොපි මැෂිම එවෙලේත් වැඩ කරමින් පවතින බව පෙනී පෙනීත් ගනුදෙනු කරුවන් එළියේ කොමියුනිකේෂන්වලට යවන තරමට මහජන බැංකුවේ සේවය කරන අම්මණ්ඩිලා නාකි උන්දැලා තුප්පහි , කම්මැලි .

මා මෙතෙක් ගොස් ඇති අපරික්ශාකාරීම, 'වැඩක් කරොත් ගූ හතයි' මට්ටමේ බැංකුව කොමර්ෂල් බැංකුව . මේ වන තුරු අසූ හාරදාහකුත් තව එක වතාවක් පමණ වාරයක් විවිධ ඇප්ලිකේෂන්වල මගේ නම ලියා ඇතත්, උන් දත්ත ලෙස ඇතුලත් කරන්නේ උන්ට ඕනේ කුණුහරප . එක තැනක මම Budhdhi Praboda , තව තැනක මම Buddi Praboda , කටට නොකියවෙන අමුතු නමක් තිබුණා නම් කමක් නැති නමුත් හිතෙන හිතෙන තැනට H අකුරු දමන්නේ කුමන පදනමක් යටතේදැයි මට තවම තේරෙන්නේ නැති . මගේ පැහැදිලි රවුම් සිංහල ඌරුවේ ඉංගිරිසි අකුරෙන් නියමිත ලෙස නම ලියා දුන් පසු උන්ට කැමති උලව්වක් කොම්පීතරයට කවන්නේ ඇයි දැයි, මෙය කොයි බැංකු ශාඛාවේත් එකම තත්වයක් වූයේ ඇයි දැයි මට නොතේරේ.

ළඟදී බුකියේ ලියා තැබූ පරිදී මා නොඉල්ලූ ඔන්ලයින් බෑන්කින් සේවාවක් ක්රියාත්මක කොට රුපියල් දහසක් කපා තිබුනෙත්, එය සටහන් කොට සතියක් යන්නට මත්තෙන් මොබයිල් බෑන්කින් උලව්වක් ක්රියාත්මක කොට තවත් 250ක් කපන්නට කටයුතු කර තිබුනේත් කමර්ෂල් බැංකුව . "ඔන්ලයින් බෑන්කින් තිබියදී මනුස්සයෙකුට මොබයිල් ලබ්බක්ද ඕනෑ වෙන්නට ඇති" යැයි සිතන පදනම මට තවමත් තේරුම් ගැනීමට අපහසු . මගේ දුරකථන අංක වෙනස් වූ පසු කොතරම් දැනුම් දුන්නද ලියුම් ලියා දුන්නද තවමත් මේ තිබෙන බහුබූත මගේම අංක මා පාවිච්චි කරේ කොයි කාලේදැයි කියන්නටවත් මතක නැති තරමට ඒවා පරණ .

මා මෙතෙක් ගොස් ඇති කාලකන්ණිම බැංකුව NTB . පිටු විස්සක පමණ ජොයින්ට් අකවුන්ට් ආරම්භ කිරීමේ උලව්වකට පැය බාගයක් පමණ තිස්සේ අත්සන් තබා අවසන් වූ පසු, "ඔක්කොටම අත්සන් කළාදැයි, එකක්වත් මිස් වුණේ නෑ නේද" යැයි අසා හඟීස්සා පිටව ගිය පසු, දින දෙකකින් නැවත දුරකතනයෙන් අමතා පවසන්නේ "අනේ සොරි සෑර් තව තැනකට අත්සන මිස් වෙලා" කියා . ඉතින් නැවතත් ගොස් අත්සන් තබා, දැන් ඔක්කොම හරි දැයි හරි දැයි අසා සඵත කරවා පැමිණිය පසු..... ගෙස් වට් හිතවතුනි නැවතත් කෝල් කර කියන්නේ තව එකක් අත්සන් කොරන්නට මිස් වෙලා තියේ කියා . තොපේ බෑන්කින් ට්රේනීලා හරියට ට්රෙන් වී නැතිනම් අපිට සිද්ද වෙන්නේ සියලු වැඩ පැත්තක දමා ගිනි මහා දවාලේ බැංකු ගානේ නැවත නැවතත් වැඩකට නැති වැඩවලට බඩගෑමට . මේ වැනි අවස්ථාවක ඔබට මතක් නොවන යම් කුණුහරපයක් තිබේ නම් ඒවා වහා අටපට්ටමට දැනුම් දිය යුතු .


Related Posts Plugin for WordPress, Blogger...