Monday, June 19, 2017

මේ බැංකුවලදී මතක් නොවන කුණුහරප තිබේ නම් වහාම අටපට්ටමට දැනුම් දිය යුතු ය


මා මෙතෙක් ගොස් ඇති අසීලාචාරම බැංකුව මහජන බැංකුව . එකම එක වරක් කොළඹ ටවුන් හෝල් අසල ශාඛාවේදී වහාම මගේ අවශ්යතාවය තේරුම්ගෙන කඩිනමින් මගේ කටයුත්ත ඉටු කර දුන් එක දිනක් ඇරෙන්නට, මහජන බැංකුවේ කොයි ශාඛාවේත් කටයුතු එක සේ අධම . ෆොටෝ කොපි මැෂිම එවෙලේත් වැඩ කරමින් පවතින බව පෙනී පෙනීත් ගනුදෙනු කරුවන් එළියේ කොමියුනිකේෂන්වලට යවන තරමට මහජන බැංකුවේ සේවය කරන අම්මණ්ඩිලා නාකි උන්දැලා තුප්පහි , කම්මැලි .

මා මෙතෙක් ගොස් ඇති අපරික්ශාකාරීම, 'වැඩක් කරොත් ගූ හතයි' මට්ටමේ බැංකුව කොමර්ෂල් බැංකුව . මේ වන තුරු අසූ හාරදාහකුත් තව එක වතාවක් පමණ වාරයක් විවිධ ඇප්ලිකේෂන්වල මගේ නම ලියා ඇතත්, උන් දත්ත ලෙස ඇතුලත් කරන්නේ උන්ට ඕනේ කුණුහරප . එක තැනක මම Budhdhi Praboda , තව තැනක මම Buddi Praboda , කටට නොකියවෙන අමුතු නමක් තිබුණා නම් කමක් නැති නමුත් හිතෙන හිතෙන තැනට H අකුරු දමන්නේ කුමන පදනමක් යටතේදැයි මට තවම තේරෙන්නේ නැති . මගේ පැහැදිලි රවුම් සිංහල ඌරුවේ ඉංගිරිසි අකුරෙන් නියමිත ලෙස නම ලියා දුන් පසු උන්ට කැමති උලව්වක් කොම්පීතරයට කවන්නේ ඇයි දැයි, මෙය කොයි බැංකු ශාඛාවේත් එකම තත්වයක් වූයේ ඇයි දැයි මට නොතේරේ.

ළඟදී බුකියේ ලියා තැබූ පරිදී මා නොඉල්ලූ ඔන්ලයින් බෑන්කින් සේවාවක් ක්රියාත්මක කොට රුපියල් දහසක් කපා තිබුනෙත්, එය සටහන් කොට සතියක් යන්නට මත්තෙන් මොබයිල් බෑන්කින් උලව්වක් ක්රියාත්මක කොට තවත් 250ක් කපන්නට කටයුතු කර තිබුනේත් කමර්ෂල් බැංකුව . "ඔන්ලයින් බෑන්කින් තිබියදී මනුස්සයෙකුට මොබයිල් ලබ්බක්ද ඕනෑ වෙන්නට ඇති" යැයි සිතන පදනම මට තවමත් තේරුම් ගැනීමට අපහසු . මගේ දුරකථන අංක වෙනස් වූ පසු කොතරම් දැනුම් දුන්නද ලියුම් ලියා දුන්නද තවමත් මේ තිබෙන බහුබූත මගේම අංක මා පාවිච්චි කරේ කොයි කාලේදැයි කියන්නටවත් මතක නැති තරමට ඒවා පරණ .

මා මෙතෙක් ගොස් ඇති කාලකන්ණිම බැංකුව NTB . පිටු විස්සක පමණ ජොයින්ට් අකවුන්ට් ආරම්භ කිරීමේ උලව්වකට පැය බාගයක් පමණ තිස්සේ අත්සන් තබා අවසන් වූ පසු, "ඔක්කොටම අත්සන් කළාදැයි, එකක්වත් මිස් වුණේ නෑ නේද" යැයි අසා හඟීස්සා පිටව ගිය පසු, දින දෙකකින් නැවත දුරකතනයෙන් අමතා පවසන්නේ "අනේ සොරි සෑර් තව තැනකට අත්සන මිස් වෙලා" කියා . ඉතින් නැවතත් ගොස් අත්සන් තබා, දැන් ඔක්කොම හරි දැයි හරි දැයි අසා සඵත කරවා පැමිණිය පසු..... ගෙස් වට් හිතවතුනි නැවතත් කෝල් කර කියන්නේ තව එකක් අත්සන් කොරන්නට මිස් වෙලා තියේ කියා . තොපේ බෑන්කින් ට්රේනීලා හරියට ට්රෙන් වී නැතිනම් අපිට සිද්ද වෙන්නේ සියලු වැඩ පැත්තක දමා ගිනි මහා දවාලේ බැංකු ගානේ නැවත නැවතත් වැඩකට නැති වැඩවලට බඩගෑමට . මේ වැනි අවස්ථාවක ඔබට මතක් නොවන යම් කුණුහරපයක් තිබේ නම් ඒවා වහා අටපට්ටමට දැනුම් දිය යුතු .


4 comments:

  1. හිත හදාගැනීමට මේ දිනවල බුකියේ සංසරණය වන කිඹුල් වඳුරු කතාවේ එක සහ දෙක ලොටස්වල අන්තිම ඡේදයන් කියවන්න.

    ආ මේ පැන් බොන්න
    මේ පළතුරු කන්න

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් ඉන්නවා, පුදුම ආසාවකින් ඉන්නේ ඕක ලිව්ව එකාව හොයාගන්න.. උගෙන් ආසාවට බැනුම් ජුන්ඩක් අහගන්ට කියලා!

      Delete
  2. බැංකු රෙද්දවල් ඔක්කම එකයි
    වදුරු කුණුහරුප තමා මතක් වෙන්නෙ

    ReplyDelete
  3. ගිණුම් හිමියන්ගෙන් අන්තිම සතයටම ගසා කන"සම්පත්" බැංකුව.

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...