Sunday, August 18, 2013

ආනන්දේ ගී රාවේ! ඇත්තටම ආනන්දේ ගැන සින්දු කීයක් තියෙනවද?

 
           
 ඕනෑම පාසලක පාසල් ගීය යනු එම පාසලේ අනන්‍යතාවය විදහා පාන්නක්.හැම පාසලකම නැති වුනත් බොහෝ පාසල්වල සතියට එක් දිනක් හෝ සතියට දින තුනක් පාසල් ගීය ගායනා කෙරෙනවාමයි. දිනපතා උදෑසන වතාවත්වලින් අනතුරුව පාසල් ගීය හා ජාතික ගීය ගායනා කෙරෙන අතලොස්සක් පාසල් අතර ආනන්දයේ නමටත් තැනක් ලැබෙනවා. ඒ අතරින් එදා සිටම ජාතික ගීයේ අඩක් නොව සමස්ත ගීතයම ගායනා කරන,මා දන්නා එකම පාසලත් ආනන්දයයි.

             ආනන්දය සතුව එවැනි නිල මට්ටමේ ගීත දෙකක් තිබෙනවා. ඉන් එකක් හැඳින්වෙන්නේ විද්‍යාලයීය ගීතය(school anthem) නමින්,අනෙක ආනන්දයේ ගීතය(school song) නමින් හැඳින්වෙනවා.මින් පාසලේ උත්සව අවස්ථාවන් සමාරම්භයේදී සහ උදෑසන වතාවත්වලින් අනතුරුව ගායනා කෙරෙන්නේ විද්‍යාලයීය ගීතය යි. ආනන්දයේ ගීතය වාදනය කෙරෙන්නේ පාසලේ අධ්‍යන කටයුතු අවසානයේ චත්ත මානවක ගාථා සජ්ජායනය කිරීමෙන් අනතුරුවයි.

           මීට අමතරව ආනන්දයේ සුවඳ විදහා දැක්වෙන අපූරු ගීත පෙළක්ම තිබෙනවා. අනදතා පාන,උද්දාමයේ ගීතය,ආනන්දේ අභිමානේ, ඉරහඳ පවතින තුරු හෙළ දෙරණේ  වගේම ආනන්ද නාලන්දා සුලෝහිත සහෝදරත්වය විදහා දැක්වෙන ආනන්දයේ නිර්මාණ වන සුලෝහිත රාවය,ආනන්දේ සෙවණේ වැඩි දරුවන්,සිංහයෝ අපි වගේම භාතිය හා ජනනාත් වරකාගොඩ ගායනා කරන ආනන්ද නාලන්ද විදු දෑලේ ගීත සුවිශේෂයි.ඒ අතරින් ආනන්ද නාලන්ද විදු දෑලේ ගීතය ශ්‍රී ලංකාවේම ප්‍රසිද්ධ ගීතයක් බවට පත් වුනා.අද බ්ලොග් පොස්ටුවෙන් මේ ගීත 10ම ගේය පද සමගින් වීඩියෝ පටය පල කරන්නයි බලාපොරොත්තුව.ඒ එක්කම කාලයා සමග අභාවයට ගිය ගීත කිහිපයක අංශු මාත්‍රීය තොරතුරු මට ලැබුනා,පසුවට ඒ ගැනත් පල කරන්නම්.

          ආනන්දයේ විද්‍යාලයීය ගීතය කියන්නේ ඉතාමත් සාඩම්බරනීය ගීතයක්.රණ බෙර රාවයක් අතරින් එන වේගවත් ගී පදවැල් සැබවින්ම ආනන්ද පලිහ මත අවිධරා සිටින සිංහ සලකුණ සිහිපත් කරවනවා.

                                                       
දින දින කිතු ගොස බෝ වී
වැජබෙනු අනද'ප මාතා //

සුදිලී ජය වී ලොවෙහී
සාදා දීලා සිප් සත හා
කලා ද විනේ ද පහදා..
එඩිතර සිංහල දරු කැල සදලා//

දින දින කිතුගොස බෝ වී
වැජබෙනු අනදප මාතා//

ලකෙහී බෝ ආනන්දේ පතුරා
අනද තෙරුන් සේ ලෝවැඩ සලසා//
පේවී සේවේ නිසා වෙසේවා
පමාද නොවෙමු තිලෝන දෙසු සේ..

දින දින කිතු ගොස බෝ වී
වැජඹෙනු අනදප මාතා..//




                   විද්‍යාලයීය ගීතය වේග රිද්ම ස්වභාවයක් ගත්තත් ආනන්දයේ ගීතයට ඇත්තේ ඉතාමත් නිවී සැනසුන බවක්.මේ ගීතය ලියවී තිබෙන්නේ ආදී ආනන්දයීය ,ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාගේ පියා වන විමල් අභයසුන්දරයන් අතින්.එතුමා වසර කිහිපයකට මත්තෙන් අප අතරින් සමුගත්තද, ආනන්දය පවතින තුරාවට මේ ගීය දිනපතා සවස වාදනය වද්දී ඔහුව අනුස්මරණය වේවි..තනුව සහ සංගීතයෙන් මේ ගීතය රසවත් කලේ අනිල් මිහිරිපැන්න මහතා යි.





ආනන්දේ අද ආනන්දයි

                                   ආනන්දය ගැන කියවෙන පැරණිම ගීත අතරින් පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේවයන් සහ කණ්ඩායම ගායනා කරන ඉරහඳ පවතින -තුරු හෙළ දෙරණේ  ගීතය සුවිශේෂයි.  මෙය 1986දී රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශයේ නිෂ්පාදනය වූවක් බව සඳහන් වෙනවා. අපූරු ගායනයක් සමගින් එක්වී තිබෙන රූප රචනය සැමටම මතක් කර දෙන්නේ ආනන්දයේ ආදී කතෘවරුන් ආනන්දය බිහි කලාවූ සැබෑම අරමුනයි. මේ වීඩියෝ පටය අනිවාර්යෙන්ම බැලිය යුත්තක් බව මතක් කරන්නේ ඒ නිසාමයි.



ඉර හඳ පවතින
තුරු හෙළ දෙරණේ
අනුහස නොනිමෙන
තුරු බුදු වදනේ
ලොව මිනිසත් බව
එලි කරමින්නේ
පහනක් වේවා
මනු දම් උයනේ..//

පරාධීන වී හෙළ ගති සැඟවුන
යුගයක වැදී සටන්..//
අධීන විරුවන් පඬුවන් බිහි කර
යලි දැය නගන ලෙසින්
උදා වුනේ ඔබ උදාර විරුවකු
ලෙස හෙළ දෙරණ මතින්
දැයේ පහන් ටැඹ 
වී හෙළි කල මග
ඇත ලොව සතර දෙසින්

ඉර හඳ පවතින..//


ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව

        මේ ගීතය ලියවුන 1986 වර්ෂය කියන්නේ ආනන්දය ශත සංවත්සරය සැමරූ වසරයි.ඉන් අනතුරුව 2011වසරේදී එළඹුන 125 වැනි සංවත්සරය පුරා වසරක්ම මුළු ආනන්ද ප්‍රජාවම සැමරුවා. 2011 නොවැම්බර් මස පළමුවැනිදාට යෙදී තිබුන ඒ අසම සම දිනය වෙනුවෙන් ආනන්දය සැමරුම් උත්සව සහ වැඩසටහන් සංවිධානය කලේ 2011 වසර මැද භාගයේ සිටන්මයි. 2012 වසරේ මාර්තුමස අවසන් දිනයේදී ලොව පාසලක පැවැත්වූ දැවැන්තම ප්‍රදර්ශනය වන අනද අබිමන් ප්‍රදර්ශනය අවසානය වන තුරුම  ආනන්දය උත්සව ශ්‍රීයෙන් බබලනු ලැබුවා.ප්‍රදර්ශනය අතරතුරේ ලබපු අත්දැකීමක් කලින් මේ බ්ලොග් අඩවියට ඇතුල් කළා,ඒක බලන්න පුළුවන් මෙන්න මෙතනින්.මේ වකවානුව තුලදී ආනන්දයේ ගීත සාහිත්‍ය වෙතට නවමු ගීත කිහිපයක්ම එකතු වුනා.ඉන් ප්‍රධාන තැනක් ගන්නේ 125 අනද අබිමන් උළෙලේ නිල ගීය වන අනදතා පාන ගීතයටයි.

      අනදතා පාන ගීතයේ ඇති සුවිශේෂත්වය වන්නේ ආනන්දය තුලින් බිහිව සංගීත ක්ෂේත්‍රයේ විවිද ඉසව්වන්හී නම් දැරූ කළා කරුවන් මෙම ගීතය සම්පාදනය කිරීමට දායක වී තිබීමයි. මේ ගීතය ලියවී ඇත්තේ නුවන් කුමාර කටුගම්පොල(1991) අතින්.ගේය පද සංගීතයෙන් ඔපවත් කර ඇත්තේ සහන් රන්වල (1997) විසිනි. ගීතය නිෂ්පාදනය කොට ඇත්තේ ආදී ආනන්දයීය 97 කණ්ඩායමයි.මේ ගීතය ආනන්දීයන් කෙතරම් දැඩිව වැළඳගත්තාද කිවහොත්,සෑම කෙනෙකුගේම ජංගම දුරකතනවල රින්ග් ටෝනය ලෙස වැඩි කලක් මෙය  පැවතුනා.එසේම ශ්‍රී ලංකාවේ සෑම දුරකථන ආයතනයකින්ම මේ සඳහා රින්ග් ටෝන් පහසුකම ලබා දුන්නා.



අනදතා පාන නොපමා නිපුනෝ
කුමරතා මාන ගජතා පිරුණෝ//

බන දම දැනගෙන හැදුනෝ
විදු නැණ යහ ගුණ පිරුණෝ
කෙලිලොව දිනවන හපනෝ
රණ ජය බිම..
රණ ජයබිම මහ මුදුනෝ..
පසු මං නොබසින ඇත්තු..
පෙරමන් හොබවන පුත්තු..
ආනන්දේ පුත්තු අපි
ආනන්ද පුත්තු..

වෙඩි වැස්සට සැලෙන් නෑ
අඩි පස්සට හැරෙන් නෑ..
අනදතාපාන නොපමා නිපුනෝ
කුමරතා මාන ගජතා පිරුණෝ..

කළා විලේ සිය පත් වූ
නිලේ බලේ අග පත් වූ
එලෝ මෙලෝ සුවපත් වූ
අනාගතේ...
අනාගතේ පැහැපත් වූ..

අනුහස් ඇති පුතණුවෝ..
කොතනත් රජ කරනවෝ..
ආනන්දේ පුත්තු..
අපි ආනන්ද පුත්තු..

උරුම රකී පෙර දිනේ
දියුණු ලොවේ පෙරමුණේ..
අනදතා පාන නොපමා නිපුනෝ..
කුමරතා මාන ගජතා පිරුණෝ..

විහාරයේ රන් බුදු රැස්
සෙනේහයේ රන් කුළු රැස්
එදා ආදී රන් කතු රැස්
අපේ කාලේ...
අපේ කාලේ රන් සිසු රැස්..

විජාති බල තෙද සින්දු
ලොවේම හෙළ නම රැන්දූ
ආනන්දේ පුත්තු අපි
ආනන්ද පුත්තු..

එකා වාගේ නැගේවී
අනද සරණ ලබාවී..

අනදතා පාන නොපමා නිපුණෝ
කුමරතා මාන
ගජතා පිරුණෝ..


ගායනය : භාතිය ජයකොඩි ('95)
               මධු මාධව අරවින්ද ('92)
               ජගත් වික්‍රමසිංහ ('85)
               කසුන් කල්හාර (ආ'2000)
                සහන් රන්වල ('97)
               ජනනාත් වරකාගොඩ ('96)
               හර්ෂණ දිසානායක (ආ'10)
               අකලංක ගනේගම (ආ'2000)
               දුමාල් වර්ණකුලසූරිය (ආ'02)
               නිමන්ත හේෂාන් ('97)
               ඉසුරු ජයරත්න ('97)
               සචිත් අනුත්තර (ආ'10)

                  ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනාම එකම මොහොතක එකම පාසලකින් බිහි කිරීමේ අරුමැසි සිදුවීම සිදු කළාවූත්,හතරවැනි ඊලාම් යුද්ධය අවසන් කල මහ විරුවන් මුල් පුටුවේ සිට බොහොමයක් බිහිකලාවූත් ආනන්දය වෙනුවෙන් මේ ගීතයෙන් සැබෑ සාධාරණත්වයක් ඉටුවී තිබේ.එසේම ජාතික ක්‍රිකට් සංචිතයට වැඩිම ක්‍රීඩකයන් ගණනක් බිහි කර ඇත්තේද ආනන්දයයි.ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ආනන්ද නාලන්දා ක්‍රීඩක නියෝජනය ක්‍රීඩකයන් 6 දෙනෙකි.1996 ලෝක ශූරතා කණ්ඩායමේ නායකත්වය ආනන්දියකු දරද්දී එහි ආනන්ද නාලන්දා සුලෝහිත සහභාගිත්වය ක්‍රීඩකයන් 5 දෙනෙකි.ආනන්දයත්, ඉන් බිහිවූ නාලන්දාවත් සැබවින්ම විශ්මකර්ම විදුබිම් බව අතිශයෝක්තියක් නොවේ.අනුහස් ඇති අනද පුතනුවන් කොතනත් රජ කරනා බව පවසන්නේ එබැවිනි.
 
                  ආනන්ද නාලන්දා සහෝදරත්වය ගැන කියවෙන මෙම ගීතය අන් සියල්ලකටම වඩා පසිඳු වූවකි.මේ ගීතයට හඬ මුසු කරන්නේ ආදී ආනන්දයීයන් දෙපලක් වන ජනනාත් වරකාගොඩ සහ භාතිය ජයකොඩියි.මේ ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ නිල ගීතයයි.





ආනන්ද නාලන්ද විදු දෑලේ
මහ ක්‍රිකට් තරඟ උළෙලේ
අසිරියෙන් කෙලි මඩල බබලන්නයි
සමගියෙන් දස්කමින් ජයගන්නයි..//

ජාතික තලයට
සුරු විරු දරුවන්
නිබඳ තිලිණ කරනා
ඒ දරුවන් ලොව
ජය ලබනා විට
යසස කිරුල දරනා..//

අනද මෑණියන් සෙවණේ..
හෙළ හැදියාවෙනි වැඩුනේ..
යහ ගුණ දහමින් විදු නැණ ලබමින්
කිතු ගොස දින දින නැගුනේ..

ආනන්ද නාලන්ද..//


තරඟය ක්‍රීඩා පිටියට පමණයි 
ජය පැරදුම එකසේ විඳ ගැනුමයි..//
සොහොවුරු දහමින් බැඳී නැගෙන්නයි..
කෙලි බිම.. මව් බිම..
ජය බිම වන්නයි..///

  
                 සුලෝහිත සංග්‍රාමය නිල ගීතයට අමතරව,ආනන්දය විසින් අනුග්‍රාහකත්වය දැක්වූ  83 වැනි සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් වෙනම නිල ගීතයක් නිර්මාණය වනවා.සුලෝහිත රාවය නමින් මේ ගීතය නිර්මාණය වන්නේ පාසලේ එවකට සිටි සිසුන් අතින්මයි.ගීතයේ හඬ මුසු කිරීම් සිදු කෙරුනේ රැඩිසිස් ශබ්දාගාරයේදී යි.ගීතයේ පද පෙළ මගේ හිත මිත්‍ර මංගල සේනාධිපතිගේ සංකල්පනාවක්.ගීතය නිර්මාණය වන්නේ මගේ සමකාලින සොහොයුරන් කිහිප දෙනෙකු අතින්.




ගුගුරුවා වා තලේ
සරසවා මිහිතලේ
ලේ නොහලා රත් පැහැ ගන්වා
රන් රිදී අකුණු සරින්
අඳුරු වලා ගැබ 
එලි කරනා..

කඟවේනුන්ගේ සිරි මවමින්
තණ නිල්ලත් දෙදරවනා
ලෝ සොලවාලන සිංහ පුතුන් හට 
තිඹිරි ගෙයක් සදනා
සුලොහිතයන්ගේ මහ සැණකෙලියයි
සොහොවුරු කම් දිදුලනා..
කෙසරුන්ගේ රණ හඬ මැද්දෙන් 
ජය ඝෝෂා නැන්වෙනා..

දඟ කැවූ පන්දුවේ
කස හඬ එක් වුනේ..
ජය දඩ නංවා ඇත හඬ දීලා..
සොවුරු පෙමින් අප එක් වීලා..
නිහඬ ලොවක් සොලවා..

ගී පද : මංගල සේනාධිපති
සංගීතය : මධුරිත සමරසිංහ , ලහිරු තිලකරත්න
හඬ සංයෝජනය : රනුක හෙට්ටිආරච්චි
ගායනය : රෙසිල් ඉර්ෂාද් ,මධුරිත සමරසිංහ,ලහිරු තිලකරත්න,රනුක හෙට්ටිආරච්චි,මංගල සේනාධිපති

                        ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ගීතවත් මුහුණුවර එතෙකින් නොනැවතී තබපු තවත් එක පියවරක් විදියට ආනන්දේ සෙවණේ වැඩි දරුවෝ තේමා ගීතය කරලියට එනවා.හැබැයි මේ ගීතය වැඩි දෙනෙක් අසා නැති බවයි මගේ හැඟීම. බලන්න අහල තියෙනවද කියලා?



ආනන්දේ සෙවණේ වැඩි දරුවන්..
ලෝ තලයට එසවීනි හපනුන්..
ලොවම මවිත කල කෙලි බිම විරුවන්
දිලෙයි අනද තරු සැමට ඉහලින්..

රන් ලෝහිත දදවැල් බන්දා
ඉතිහාසයේ අබිමන් නංවා
සිප් මවගේ ආසිරිද ලබා
අනද පුතුන් අපි ශතක හඹා..

අනද සයුර ජය ඝෝෂා නගා
ආසිරි ජය ගොස දසතට විහිදා
එක පැතුමකි සැම හදවත් වෙලලා
ජය රූ ජය රූ ජය රූ...
අපෙ නෙතු අද්දර මැවිලා

ආනන්දේ නාලන්දේ විදුහල් පියසේ
සිප් සරනා අප සොයුරන් වේ..
සමගිය වඩනා..ලොව අගනා දේ..
ජය පැරදුම විඳුමයි එක සේ..
තරඟ බිමයි එක තණ නිල්ලයි
කුසලානෙයි  සිංහයෝ දෙපිලයි
හදක පැතුම් ඉටුවන දිනයයි
ආනන්දය දිනනා දිනයයි..

අනද සයුර ජය ඝෝෂා නගා
ආසිරි ජය ගොස දසතට විහිදා
එක පැතුමකි සැම හදවත් වෙලලා
ජය රූ අපෙ නෙතු අද්දර මැවිලා..//

සුලෝහිත කෙලි බිමයි මහ සංග්‍රාමයයි...



            ආනන්දය සහ ක්‍රිකට් කියන්නේ කිසිදා නොබිඳෙන සබදතාවක්.ඉතින් ඒ ගැන ලියවෙන ගීත මෙතෙකින් නවතින්නේ නෑ. මේ 84වැනි සුලෝහිත සංග්‍රාමය ගැන ලියවුනක්..




සිංහයෝ අපි..
සිංහයෝ අපි..
අභිමානයෙන්.. ආනන්දයෙන්..
සිංහයෝ අපි..
අභිමානයෙන්.. නාලන්දයෙන්..
ජය හඬ මැදින්..
සිංහයෝ අපි..//

විදු මව් තුරුලෙන්..
උණුහුම විඳිමින්..
සොහොයුරන් සේ විඳිමින්..
පායන හිරු මෙන්..
පායන සඳු මෙන්..
නොනිවෙනා එක හැඟුමෙන්..

සිංහයෝ අපි..// 

කෙලි බිම කළඹා
ඔද තෙද වඩවා..
රජත රන් දද සෙවණේ..
පිබිදෙන හැඟුමෙන්..
නොසිදෙන දිරියෙන්..
නොබිදෙනා සොයුරු දමින්..
කෙලි බිම අරුමේ..

සිංහයෝ අපි..//

ගායනය : වතිල මානකමල් ,ඉසුරු සමරසිංහ,ලහිරු ගුරුසිංහ
සංගීතය : වතිල මානකමල්
රූප රචනය : හසන්ත සුනෙත්, ලහිරු ගුරුසිංහ

       ක්‍රිකට් ගැන කතා කලෝතින් ලාංකේය ක්‍රිකට් ලෝලීන් සතුව තියෙන ඉහලම මතකය තමයි 1996 විල්ස් ලෝක කුසලාන තරඟාවලිය. මේ ඒ ගැන සඳහන් වෙන ආනන්දය ගැන ගීයක්.. මේ ගීතයේ ගායකයා LedartRaXX; යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙතත් LedartRaXX යනු මගේ හිත මිතුරු සජන වීරසේකර බව දැනගන්නට ලැබුණා.ගීතය ගායනා කරන්නේ ඔහු සමගින් පසිඳු භාග්‍ය සොයුරා.මේ ගීතයේ තනුවද සජන වීරසේකර සතුයි.  සංගීත රචනය නිමැවෙන්නේ 83 වැනි සුලෝහිත සංග්‍රාමයේ නිල ගීතයට සංගීතය සැපයූ  රනුක හෙට්ටිආරච්චි සොයුරා අතින් රැඩිසිස් ශබ්දාගාරයේදී යි.

වීර විකුම් පානට මේ දරුවෝ..
ඉදිරියටම එයි සිංහ වෙසේ..
ලොවටම පූජිත කුසලානේ..
ලක් මෑණිට දුන් පුතුණානන්..

ලක් මව් තුරුලෙයි ආනන්දේ..
ලක් මව් බිම මේ සරසන්නේ..
කිතු ගොස නංවයි අභිමානේ..
ආනන්දේ... අභිමානේ..//
ආනන්දේ.. ආනන්දේ.. ආනන්දේ.. 
අභිමානේ.. අභිමානේ..

මහ රල සේ මහ මුහුදේ..
නොසැලෙයි නොමියෙයි දෙරණ මතේ..
කිතු ගොස නංවයි ආනන්දේ..
මහ රල සේ මහ මුහුදේ...
ආනන්දේ... අභිමානේ..
ආනන්දේ.. ආනන්දේ.. ආනන්දේ.. ////
රන් හා රිදී අකුණු සර දෙකක්..

















       ආනන්දයේ එකසිය විසිපස්වන සැමරුම ගැන කියවෙන ගීත අතරින් ෂෙහාන් කෞශල්‍ය ගායනා කරන උද්දාමයේ ගීතය අමතක කරන්න බෑ.මේ ගීතයේ පද රචනයත් ඕනෑම ආනන්දීයකුගේ හිතට දැනෙන මට්ටමේ එකක්..ගීතය හසිත් ගුණසේකර අතින් ලියවෙද්දී සංගීතවත් වෙන්නේ ෂෙහාන් කෞශල්‍ය අතින්මයි.මේ ගීතය ඇසු මුල් දිනයේ මම ලියන්නට පටන් ගත් සටහන් පොතේ මුල් පිටුවේ මේ ගී පද වැල් සටහන් කළා.

එඩිතරයි.. අභිමානයයි..
දේශයේ ශක්තියයි..
සිහ නදයි.. උද්දාමයයි..
ජය ගොසයි.. නගමු රොක් වීලා..

සිංහ නාදෙන් ගුගුරුවා..
සිංහයන් සේ පා තබා..
සිංහ වේශෙන් හැඩ වෙලා..
මෑණියනි අප නුඹ නිසා..

දියඹේ..හැම දිය බිඳක් පාසා
පොලවේ..හැම වැලි කැටක් පාසා..//
අණසක හොවා..
සිරි ලක පුරා..
ජය පැන් ගෙනා..
ආ.....!

සිරුරේ.. හැම ලෙ බිඳක් පාසා..
පැතිරේ..ආනන්දයේ ඝෝෂා..//
නමදිමු සදා..
දිවි ඇති තුරා..
කිතු ගොස නගා..
ආ...!

සිංහ නාදෙන් ගුගුරුවා..
සිංහයන් සේ පා තබා..
සිංහ වේශෙන් හැඩ වෙලා..
මෑණියනි අප නුඹ නිසා..

මේ.. සිංහයන්ගේ නිජබිමයි..
මේ.. අභිමානයේ පෙළපතයි..
මේ.. උද්දාමයෙ ගීතයයි..
මේ .. ආනන්දයේ රාවයයි..//

ගීතය බාගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.(music.lk දිගුවකි.)

අවසාන වශයෙන්, ආනන්දය ගැන ලියවුන ගීත ලැයිස්තුවක් හදමු!

1.පාසල් ගීතය.
2.ආනන්දයේ ගීතය.
3.අනදතා පාන
4.ආනන්ද නාලන්ද
5.ආනන්දේ සෙවණේ වැඩි දරුවන්
6.සුලෝහිත රාවය
7.ඉර හඳ පවතින තුරු
8.උද්දාමයේ ගීතය
9.ආනන්දේ අභිමානේ
10.සිංහයෝ අපි

තව මීට අමතරව තියෙන සින්දු ගැන මාව දැනුවත් කරන්න.ඉදිරියේදී ඒ ගැන තව දුරටත් සොයාගෙන ගිහින් මේ විදියට පල කරන්න අල්තයීර්ගේ අඩවිය සූදානම්.

 අද පෝස්ටුව ගැන අදහසක් පල කර යන්න. එය මට ශක්තියක්.



ප.ලි.
මේ පෝස්ටුවේ අවසාන කොටස සටහන් තබමින් සිටින මොහොතේදී වැඩි දුර විස්තර දැනගැනීමට මම මගේ හිත මිත්‍ර නිපුන් ලියනගේ සොයුරාව ඇමතුවා. ඔහු විද්‍යාලයීය සංගීත කවයේ හිටපු සාමාජිකයෙක්. සිතුම් පැතුම් නිසි පරිදි ඉටු වුවහොත්, මේ ගීත ලැයිස්තුවේ ඉදිරි පියවරකට දායක වන්න අපට ලැබේවි. ආනන්දය වෙනුවෙන් ඇති ගෙවාලිය නොහැකි මහා ණය වෙනුවෙන් සුළු හෝ ගීතවත් උපහාරයක් අපට කරන්න ලැබෙන්නේ නම්.........

     








-Altair෴
altair.ibn.la.ahad1190@gmail.com

42 comments:

  1. Onna palawenima Commentuwa magen sahO........,.....
    Wenada wagema Anande hangilaa tiyana Rahas me loketama eli karanna one..
    Mokada me rate minissu Anande gana harima suluwen salakana hinda....

    MAGE HITHE HAMADAMA LOKU THANAK ANANDE WENUWEN TIYANAWA....

    Man witarak nemei tawa godak ewun ehemai.., tawa digatama karahan

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ සහෝදරයා.. ආනන්දේ අවරුදු 9ක් ගත කරලා ඉවර වෙලා අන්තිමට ඉතුරු වුන මතකයන් ඉස්සරහටත් සටහන් තබන්නම්..

      Delete
  2. හොඳ ආදී ශිෂ්‍යයෙක්.හොඳ එකතු කිරීමක්.මම ආනන්දේ නෙමෙයි.හැබැයි වල බැස්සේ ඔය ආසන්නයේමයි.

    ReplyDelete
    Replies
    1. වලකට නම් කියාපුම ඉසව්වක් තමයි මරදාන,ඉස්කෝල කීයක් කියල නම් තියෙනවද.. අඩවියටත් මම ගියා මේ කමෙන්ට් එක හරහා.. නියම බ්ලොගක් තමයි ඔන්න බුක්මාක් දාගත්තා..

      Delete
  3. සින්දු දෙක තුන තිබුනට නම් කමක් නැහැ, හැබැයි ඔය හැම එජක්ම කියනකං හිටගෙන ඉන්න නම් නට බෑ.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට එකකට විතරයි හිටන් ඉන්න ඕනේ, අනික්වා බිග් මැච් එකේ බජව් දැම්මකි ඔලුවෙන් හිටන් උනත්! කතා'ත් සිව් වසරක් මරදානේ නොවැ!

      Delete
  4. අම්මා ගැන සිංදු කියලා ගුණ ඉවර කරන්න බෑ වගේ තමා පාසලත්..
    එලකිරි වෙන්න ඕන ලොකු අයියේ.. අපි මේ පොඩි මල්ලිලා පුංචි බොරැල්ලෙන්

    ReplyDelete
    Replies
    1. පුංචි බොරැල්ලේ මල්ලිලා එක්කම තමයි මෙච්චර දුරක් ලොකු අයියා ආවේ සහෝ.. නියමයි නියමයි..

      Delete
  5. පෝස්ට් එක කියෙව්වා, නමුත් වීඩියෝ බැලුවේ නෑ මේ ඩේටා කේස් එක හන්දා. මාත් සුලෝහිතයෙක් තමයි නමුත් අනිත් එකේ.

    ReplyDelete
  6. ඩූඩ් අයිය නාලන්දේ කියල මම දන්නෝ! මේ පොස්ටුවේ බාගෙට බාගයක්ම තියෙන්නේ ඉතින් නාලන්දේ ගැන තමයි, මේ සින්දු හදපු අයව අද හොයන් හොයන් යද්දී එක සින්දුවක් පිටිපස්සේ ඉන්නේ නාලන්දේ මල්ලිලා ටිකක්,සිංහයෝ අපි එකේ..

    ReplyDelete
  7. two great institutes respect given frm rajans

    ReplyDelete
    Replies
    1. thats the maroons' fraternity bro, Anandians,Nalandians,Rajans,Devans,Mahindians,Palians and so on.. a massive respect for the Olcott schools :)

      Delete
    2. පාසලට ගරු කරමු.පාසල් නාමය තුලින් ගොඩ වඩා ගැනීමේ නිරර්ථක ව්‍යායාමය පසෙක තබමු.පාසල් කාලයෙන් පසු වඩාත් ගරු කල යුත්තේ ඒ තුලින් අප ලද අධ්‍යාථ්මික වර්ධණයට මිස එහි ධජ වර්ණයටවත් ගොඩනැගිලිවලටවත් නොවන බව හිතමි.මමත් උසස් යයි කියනා පාසලක සිසුවෙක් මිස එහි අන්තේවාසිකයෙක් නොවෙමි.තීරනය ඔබ සතුය.

      Delete
    3. පාසලෙන් අප ලබා ගත් ආධ්‍යාත්මික වර්ධනය ඉදිරි පරම්පරාවටත් එලෙසින්ම ලබා ගැනීමට නම්,අප යමක් අපේ ජිවිතයට පාසලෙන් එකතු කර ගත්තේ යම් සේ ද(මහත් සුවිශාල වූ ණයස්ඛන්ධයක් ගොඩ ගසා ගනිමින්)එලෙසින්ම ඉදිරි පරම්පරාවත් එලෙසින්ම පාසලින් තම ජීවිතය හැඩ ගසා ගැනීමට ඉඩ දීමට ඒ පාසලේ සංස්කෘතිය රැක ගනිමින් ඔවුන්ට රැක දීම අප සතු කාර්යක් නොවන්නේද? පාසලේ සංස්කෘතිය යනු පාසලේ ගොඩනැගිලි,ධජ වර්ණ,ගීත හා සාහිත්‍ය ඉතිහාසය පමණක් නොවේ.පාසල් වෙලාව තුලදී ඔබ කට්ටි පැන රැඳීමට ආසා කල තුරු වදුලු,කිසිවෙකු ඇතිදැයි සෝදිසි කොට පොලු ගැසූ වෙරළු ගස්,උදේට කොට්ටන් ඇහිලූ කොට්ටන් ගස්,ආදරය කල ගුරු උතුමන්ලා..මේ ජීවි අජීවී සියල්ලක්මයි පාසල හා එහි සංස්කෘතිය. "අපේ පාසලේ මෙවන් වූ අතීතයක් අපේ වැඩිහිටි සොයුරන් සොයුරියන් සිටි කාලයේ තිබුනා,අද තත්වය රැක දුන්නේ ඔවුනු යි" යන්න ඉදිරි පරම්පරාවල සිත් සතන් තුල අනිවාර්යෙන්ම ඇති කල යුත්තක්.එකී මෙහෙවරක් වෙනුවෙන් අද,වත්මන් සිසු සිසුවියන්ගේ කාලයෙන් බිඳක් මිඩංගු කල යුතු නොවේද? පාසලෙන් ඉවත්වූ ආදී සිසු සිසුවියන් විසින් ඉටු කල යුතු නොවේද? අප අපේ පාසල ගැන කුඩා කාලයේ අදහස් ගත්තේ අපේ ආදී සිසුන් දෙස බලා,ඔවුන් කල කී දෑ සහ පාසල ගැන ලියවී ඇති දෑ බලා නොවේද? සෑම සිසුවෙකුම පාසලේ මාසික සඟරාවක් ඇත්නම් එය අනිවාර්යෙන් එකතු කරන්නේ එනිසාය.පසු කලෙක එය අගනා මතක සටහන් අතරට එකතු වීම යන්න එකල එතරම්ම නොදැනේ.


      කනගාටුව කරුණ නම් පාසලක ආදී සිසුන් බහුතරයකගේ ක්‍රියා කලාපයයි.ප්‍රායෝගිකව මා දුටු දේ නම්,පාසලින් ඉවත්වූවන්ගෙන් අතලොස්සක් පමණක් ආදී සිසු සංගමයට එකතු වීමට කැමැත්තෙන් සිටීමයි.එකතු වූ ය අතරින් පවා බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන්නේ තම දරුවා පාසලට ඇතුලත් කරගැනීම වැනි දේට ඉන් ලැබෙන පහසුයි.ඒ අතරින් ප්‍රධාන පෙලේ යයි සම්මත පාසල්වල ආදී සිසුන් අතලොස්සක් කරන්නේ තමාගෙන් පාසල බැබලවීමට වඩා පාසලින් තමාව බබලවා ගැනීමයි. නමුත් එසේ නොවන්නෝද බොහොමයකි.මා දන්නා ඉංජිනේරු මහතෙක් විය.ආනන්දයට ඇතුල් වීමටත් පෙරාතුව මම ඔහු දෑන සිටියෙමි.ආනන්දයට ඇතුල් වීමට පෙර සිටම මට පැවති "ආනන්ද උණ"ද හේ දැන සිටියේ මා තනිවම ශිෂ්‍යත්වය වෙනුවෙන් වූ මහන්සිය දත් බැවිනි.ඔහු ආනන්දයේ ආදී සිසිවෙකු බව මා දැනගත්තේ ඉතා පසු කාලිනවය.මගේ ආනන්ද උණ ගැන දන සිටියත් කිසිදා "මමත් ආනන්දේ"යයි ඔහු නොපැවසීම එදා මට පුදුමයක් වුවද අද එසේ නොවේ.මන්දයත්,සිදු විය යුත්තේද එයම බැවිනි.

      Delete
    4. නමුත් ඩූඩ් අයියා "මම සුලොහිතයෙක්"බව පවසා සිටීම යනු ඉන් ඉඳුරාම වෙනස් තත්වයකි. කොළඹින් බැහැරදී වේවා සයිබර් අවකාශයේදී වේවා, "අපේ එකෙක්" හඳුනාගෙන කතා කිරීමට ලැබීම යනු වචනයෙන් විස්තර කල නොහැකි හැඟීමකි. එහි ඇත්තේ තමාගේ ගෙදර කෙනෙක් හමුවූවා වැනි හැඟීමක් මිස තම පම්පොරියක් හෝ ගොඩ වඩාගත් "අපි ලොකු ඉස්කෝලෙක" යන හැඟීම නොවන බව මම අත්දැකීමෙන් දනිමි.

      Delete
  8. ඔබව හදුනාගැනීම සතුටක්!!! බොහෝම ස්තූතියි මේ ලිපියට.. මම ගොඩාක් රසවින්දා .. ආඩ්මබරයි අනද පුතනුවෙකු වීම ගැන :)

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය රස විඳින්න හැකි වීම ගැන අහිංසක සතුටක් වගේම පුංචි ආඩම්බරෙකුත් දැනෙනවා.. ස්තුතියි මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වූවාට,නැවත එන්නකෝ.. ජය වේවා!

      Delete
    2. මං ආයෙ ආව බං.. මං මේ ලිපියට පුදුම කැමතියි.. ඇස්වලට කදුලු උනනවා .. ආයෙ ලියන්න පටන් ගන්න.. ලොකු අඩුවක් මල්ලි ...

      Delete
  9. "ඉන් බිහිවූ නාලන්දය" කියන්නෙ ඇයි ?
    නාලන්දය ආනන්දෙ බ්‍රාන්ච් එකක්ද ?
    එතකොට සුලෝහිතය කියන්නෙ මොකක්ද ?

    අල්තයීර් කියන්නෙ කවුද බන්ස් ?

    ReplyDelete
    Replies
    1. අම්මියෝ ප්‍රශ්නාවලියයි! නාලන්දා කියලා ඉස්කෝලයක් බිහි වෙන්නේ 1925 නොවැම්බර් පළවෙනිදා,ආනන්දෙට අවරුදු 39ක් සම්පූර්ණ වෙන දවසෙයි.ඒ විදියට ගත්තාම දෙන්නගෙම උපන්දින එකම දවසේ.ආනන්දෙන් කොටසක් "නාලන්දා"කියලා නම් කරලා වෙන් කළා කියන්නේ පරිපාලනේ පහසුවටයි.හිඟන්නෝ පවා සතේ කාසි ඕල්කට් තුමාට දීලා හදාගත්ත පැල්පත් ඉස්කෝලේ ඒ වෙනකොට ලොකු ගමනක් ඇවිත් කියලා නිහතමානි ආඩම්බරෙකින් මට කියන්න පුළුවනි.මොකද්දෝ ක්‍රමේකින් පලවෙනි ළමයි සෙට් එක තොරග්නෙන තියෙන්නෙත් ආනන්දෙන්ම තමයි ඔන්න.මුල්ම මුල් ගුරුතුමාත් ආනන්දේ දෙවෙනි පෙලේ මුල් ගුරුතුමෙක්. මලලසේකර මහත්තයත් නාලන්දේ බාරගන්නවා ඔය කාලෙම වගේ.ආනන්දේ පැවති පිට්ටනියත් නාලන්දාවට හිමි වෙනවා. දැන් පිට්ටනිය පස්සේ කාලෙක ගත්ත එකක්.ළඟදිත් එකක් ගත්තා රාජගිරියෙන්.අමතක කරන්න හොඳ නැති මුල තමයි,අද අපි ඉගෙනගන්න විද්‍යා මන්දිර (ලැබ් ගොඩනැගිල්ල) හදල තියෙන්නේ ඒ කාලේ ළමයි (1940..) පාරේ සල්ලි එකතු කර කර ගිහින්.ඉස්කෝලෙට ගත්ත ඉඩම්වල ණය පනස්වෙනි සංවත්සරය දවසේ තමයි ගෙවල ඉවරකරගෙන තියෙන්නේ යන්තන්. :)

      ආනන්දේ විතරක් නෙවෙයි,ලෝක යුද්ධ කාලේ කොළඹ හැම ඉස්කෝලෙම වගේ බ්‍රාන්ච් ගැහුවා කොළඹින් පිට.ආනන්දෙයි නාලන්දාවයි වෙන වෙනම තම තමන්ගේ ඒවා හැදුවා.නමුත් මම දන්නා තරමින් මේ ඉස්කෝල දෙකේ ඒවා ආපු කොළඹටම ගෙනත් බ්‍රාන්ච් වැහුවා.සමහර ඉස්කෝල තමන්ගේ බ්‍රාන්ච් එකත් පවත්වාගෙන එනවා අද එනකම්. උදාහරණ කියන්න නම් මතක නෑ සහෝ.නාලන්දාව ගන්නවා යුද්ධේ කාලේ රෝහලකට.අද කැඩෙට් රූම් එක පරණ මෝචරියක් කියලා ගොඩක් දෙනා දන්නේ නැති කාරණයක්.


      සුලෝහිත කියන්නේ මෙරූන් පාටටනේ සහෝ,ලේවල පාට. ඕල්කට්තුමා මුල් වුන ඉස්කෝල වලින් 4ක(පසුව නාලන්දාව සමග 5යි)ධජ වර්ණවලින් එකක් හෝ මේ පාට.
      ආනන්ද- සුලෝහිත,රන්
      නාලන්දා-සුලෝහිත,රිදී
      ධර්මරාජ-සුලෝහිත,ලා නිල්
      ධර්මපාල-සුලෝහිත,දම්
      මලියදේව-සුලෝහිත,නිල්,රන්
      මෙන්න මේ හේතුව නිසා මේ ඉස්කෝල පහ පොදුවේ හඳුන්වන්න සුලෝහිත/සුලොහිතයන් යන නම යෙදෙනවා.නමුත් දැන් දැන් සුලොහිතයෝ කියන්නේ ගොඩක් වෙලාවට ආනන්ද නාලන්ද දෙක විතරයි,ධර්මරාජයත් තාම මේ නම පාවිච්චි කරනවා.

      ඕල්කට් තුමා හදපු තව පාසල් තියෙනවා අප්‍රකට ඒවා පවා.මාතලේ විජය විද්‍යාලයත් එහෙම එකක්.ලස්සනම කතාව තමයි,ආනන්දේ නිවාස වලින් එකක් විජය(විජය,පරාක්‍රම,අසෝක,ගැමුණු) වෙද්දී විජය විද්‍යාලයේ නිවාසවලින් එකක් ආනන්ද(ආනන්ද,නාලන්දා,ධර්මරාජ,මහින්ද)වීම! ධර්මරාජෙත් එක නිවාසෙක නම ආනන්ද. සහෝදරත්වය ලෙසටම පේන හරි ලස්සන පුංචි පුංචි තැන් තමයි මේවා..

      හික් හික්, අල්තයීර් කියන්නේ මමනේ! ;)1200 ගණන්වල මැදපෙරදිග උන්නා කියන කුරුස යුධ නායකයෙක්ගේ චරිතයක් අල්ලලා ප්‍රතිනිර්මාණය කල කතාවක්.ඇසැසීන්ස් ක්‍රීඩ් කියලා ක්‍රීඩා මාලාවක තමයි මෙයා ඉන්නේ,ඉන්න චරිත හැමෝම හැබෑ ලෝකයේ උන්න අයම වුනත් අල්තයීර්ගේ නම හැබෑ චරිතයට තිබුන නම නෙවෙයි.

      Delete
    2. මේ නමම දාන්න හේතුව වුනේ මේකයි, මේ අල්තයීර් කියන්නේ සැඟවුන ඝාතකයෙක්! (බය වෙන්න එපා මම මදුරුවෙක්වත් මරන් නෑ!) ඉලක්කය ගොදුරු කරගන්නේ සලකුණක්වත් නොතියා ඇවිත් සලකුණක්වත් නොතියා ගිහින්. ඉස්සර මම බ්ලොග් බැලුවේ එහෙමනේ!

      Delete
    3. බොහොම ස්තූතියි.. නොදැන සිටි බොහොමයක් කරුණු දැන ගත්තෙමි.

      Delete
    4. Altair-Aiya oyage explanation eka nm nyamaiy....mamath Anandian kenek bt mama nodana hitapu godak dewal me post eken n comment eken dana gtta...aiyata tawa issarahatath me wge weda kranna pluwn wenna kiyla wish karanwa... :)

      Delete
    5. ඉස්කෝලේ දැන් ඉන්න මල්ලි කෙනෙක් වගෙයි.. :) පස්සේ පස්සේ පරම්පරාව තමන්ගේ ඉස්කෝලේ ගැන දැනුම අඩු කරගෙන යන කාලයක් මල්ලි මේක.. පුළුවන් නම් කීපදෙනෙක් හරි එකතු වෙලා මේක වෙනස් කරන්න.සංගමයක් හරි පිහිටුවන්න.ඕනෑම උදව්වක් තියෙනවා නම් මට කියන්න.මගේ ඊ ලිපිනය උඩින් ඇති.

      Delete
    6. Mama last yr scl eken out una aiye... :) aiya kiyapu katawath atta...e nsa sangamayak hari patan gena scl eka gana danuwath karoth eka godak watinawa twa issarahata aiye...

      Delete
    7. මාත් බොලාලගේ එකෙක් තමා! අපි දන්නවා ඇති බාගදා සහෝ! :)

      Delete
  10. තමන් ඉගෙනගත්ත ඉස්කෝලෙට ආදරය කරන එක ගෞරව කරන එක ඉතාම හොඳ දෙයක්. ඒත් අවාසනාවට සමහරුන්ට ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ ඉස්කෝලෙ අමතක වෙනවා. ඔයා මේ තබපු සටහන හොඳ ආදර්ශයක් වෙන්නෙ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම එකතුවක් කරලා බලන්න ආසාව තිබුනේ සෑහෙන කල් ඉඳලයි.මේ වැඩේ නිසා මට වගේම තව ගොඩක් දෙනෙක්ට තමන්ගේම ඉස්කෝලේ ගැන තමන්ම අහල තිබ්බ නැති සින්දු පවා අහන්න දෙන්න ලැබුන එක ගැන සතුටුයි. මේ පැත්තේ ආවාට සතුටුයි chams ,ආයෙත් එන්නකෝ ඔය මොනා හරි කියෝලා යන්න. :)

      Delete
  11. අනිවා මචන්...මටත් අලුතෙන් ආපු සින්දු ටික බලාගන්න පුලුවන් වුනා.දහස් වාරයක් ස්තූතියි.දිගටම මේ වැඩේ කරගෙන යන්න.සෑහෙන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ, ඔය වම් පැත්තේ තියෙන "ආනන්දය" කියන ටැග් එකට කෙටුවනම් තව ලිපි හත අටක් තියේ ඒ ගැන.. කිනිස්සෙන්ම කොටපන්!

      Delete
  12. යකෝ අවරුදු 9ක් ඉදලත් ඉස්කෝලේ ගැන මෙච්චර සින්දු තියනවා කියලා දැනගත්තේ දැන්නේ.වැඩේ නියමයි බුද්ධි.

    ReplyDelete
  13. Sanduka WeerasingheMay 13, 2015 at 10:31 AM

    පට්ට මචං...මං ඔක්කොම බැලුව....නියමයි....ගොඩාක් හිත ගියේ උද්දාමයේ ගීතෙටයි...අනදතාපාන සින්දුවටයි....ආනන්දෙ මං ගත කලේ අවුරුදු දෙකයි උනත් ජීවිත කාලෙටම ඕනි වෙන දේවල් ගොඩක් ඉගෙන ගත්ත...ආනන්දෙට එන්න මට අඩිතාලම දැම්මේ මහානාමෙන්...අදටත් මං ඒක මතක් කරනවා බං.....

    ReplyDelete
  14. කරූ මල්ලි,
    ඔබගේ මේ ලිපිය බොහෝම ආසාවෙන් කියවලා මම ආදී ආනන්දීය 85 කණ්ඩායමේ අවධානයට යොමුකලා. දැන් ඔබේ බ්ලොගය 85 සාමාජිකයෝ අතර බොහෝම ජනප්‍රියයි වගේ.
    මම කතා 32 බ්ලොගයේ හිතවතෙක්, යකාගේ පාර පෙන්වීමක් ඔස්සේ තමයි මෙතනට ආවේ.
    මේ වැඩේ දිගටම කරගෙන යන්න හුඟක් අගය කල යුතු බ්ලොගයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ, ඔන්න පෞද්ගලිකවම ස්තුති ලිපියකුත් මම එව්වා :)

      Delete
  15. එල පොස්ටුව්ක්
    යකොඩො අවුරුදු 13 ඔපිසියලි ඉඳලා තව අවුරුදු 2 විතර හවසට හවසට හිටපු ජිවිතයේ සුන්දරම කලය ගත්කරපු ආනන්ද මෑනි ගැන මෙච්චර සින්දු / බයිලා තියනවා කියලා දන්තේ උඹෙන් මලේ . උඹ මොන කාලේද
    වල්ල පට්ට වලට වඩා වටිනවා මේක ට ගොඩ උනේ අහම්බෙන් මේ බ්ලෝග ෆෙවරිටිට් එකට දාගත්තා ඔන්න ලියන්න තියෙන්නේ තව .ජයවේවා

    පට්ට මල්ලි


    ReplyDelete
  16. කියන්න වචන නෑ
    උම්ම්ම්ම්ම්මාආආආ.... :*

    ReplyDelete
  17. 1983 වසරේදී ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා මහානාමයේ සිට ආනන්දයට ආපු මට, ආනන්දය එපා වුන වැඩක් තමයි පාසල් ගීතය. "දින දින කිතුගොස බෝවී" ගීතය 6-2 පන්තියේදී ඉගෙන ගන්නකොටම ආනන්දය වගේ බෞද්ධ පාසලක් ක්‍රිස්තුස් වහන්සේ ගැන ("කිතු" ) ගැන ගීතයක් කියන්නේ මොන උලව්වටදැයි කුඩා මට සිතුනා. මුන් බෞද්ධ කියන්නේ බොරුවටදැයි මම කල්පනා කලා. පසුව අපේ පන්ති භාර ගුරුතුමිය "කරුණාසේකර" මැඩම් කිතු කියලා කියන්නේ කීර්තිය යන්න මට කියලා දුන්නා. තවද ආනන්දයේ පාසල් ගීතයෙහි එකම සංස්කෘත පදයක් වත් නොමැති බවත් එය තනිකරම පිරිසිදු සිංහල වචන පමණක් ඇති ගීතයක් බවත් කියලා දුන්නා. එදා ඉඳන් ආනන්දයට ඇතිවුන ආදරයට තව නොබෝ දිනකින් පනස් විය ඉක්මවන මට අදටත් ආනන්දයේ පාසල් ගීය ඇහෙන විට ඇඟ හිරි වැටී යනවා. ඉන්න තැනින් නැගිටවෙනවා. මේක මගේ පුද්ගලික අත්දැකීමක් උනත් ආනන්දයේ කුඩා සිසුවෙක්ට උන පුංචි අත්වැරැද්දක්. හරි සිංහල නොදැනීම නිසා ....

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...