පහුගිය පෙබරවාරි දා හතර වෙනිදා රාත්‍රියේ, ඒ කියන්නේ 2016 අවුරුද්දේ ආදරවන්තයන්ගේ දවසේ සිද්ධ වුන සිද්ධියක්, ටික දවසකට පස්සේ මේ අඩවියට මේ විදියට එකතු
කරනවා..
__________________________
මට එතනට යනකොට දැනුනේ මස් කඩයක් ඇතුලට යද්දි
දැනෙන නාහේ විනිවිද යන සංවේදනයමයි.. ඒක එන්නේ විසිරුණ ලේ වලින්ද, නැත්තම් රතුපාට මස් එක්ක කැකෑරිලා ගිය කහපාට මේද
පටකයෙන්ද කියන්න මං දැනන් උන්නේ නෑ.
හැබැයි දෙනෝදාහක් කෑ කොස්සන් අතරේ මේ ඔලුව කඳෙන්
වෙන් වෙලා මැරිලා ඉන්නේ මනුස්සයෙක් කියන දේ විතරක් මගේ ඔලුවට සංනිවේදනය වෙලා
තිබුනා.
දුම්රියෙන් බැහැලා 'කඩිමුඩියේ' දුවන් ආපු මිනිස්සු වගේම තාමත් ටාං ටාං ගාන රේල්
ගේට්ටුවට හිර වුන වාහන රන් එකේම දාලා දුවන් ආපු මිනිස්සුත් එතන පිරිලා ඉතිරිලා
උන්නත්, විනාඩි
ගණනාවක් යනකං කාගෙන්වත් ක්‍රියාවක් පේන්න නෑ.



