Thursday, June 4, 2015

'ගප්පියා' සොඳුරු හදවතක් හැබැහින් මුණ ගැසුනෙමි

සමාජයේ හමුවන පුද්ගලයන් විවිධාකාර ය. විවිධත්වය යනු, සාපේක්ෂ අසමානතා මෙන්ම සමානතා ය. ඇතැම්හු සුවිශේෂවන අතර, සුවිශේෂ වීම පවා සාපේක්ෂ හා නිරපේක්ෂ තලවල පවතී. නිරපේක්ෂ පුද්ගලයෙකු පිලිබඳ සිදු කරන්නට ලැබුණ සාපේක්ෂ කතා බහක් ගැන සටහනකි මේ.

ඔහු නමින් තරිඳු විජේසේකර ය. සිංහල සයිබර් අවකාශය තුල ඔබ දන්නා නමින්, ගප්පියා ය.  ගප්පියා මුණ ගැසෙන්නට මට අවස්තාව සැලසුනේ අහම්බෙන් මෙනි. ගප්පියා ශ්‍රී ලංකාවට පැමිණි බව දැනගන්නට ලැබී වැඩි දිනක් ගත වීමට මත්තෙන්ම, ඔහුව මුණ ගැසෙන්නට ලැබීමත්, සුහද පිළිසඳරක යෙදෙන්නට ලැබූ අවස්ථාවෙන්, යූටියුබයේ  ඔබ අප මුණගැසෙන විහිලුකරුවාගෙන් ඔබ්බට, ඔහු තුල සිටින මිනිසා තුලට මම එබී බැලීමි.


සුහද ආගිය කතා බහකින් අනතුරුව, ගප්පියා නම් මිනිසා තුලට එබී බලන්නට මම උත්සුක වුනෙමි. ඔහු මා වෙත පවසා සිටි, අනාගත ගප්පියා ෆීචර් ෆිල්ම් එකක් "ලොකුවට" සෑදීමේ ආසාව ගැන මම විමසා සිටියෙමි. "ගප්පියා ෆීචර් ෆිල්ම් එකක් ලොකුවට හදනවා කියන්නේ ලොකු බජට් එකකට යනවා කියන එක ද?" සවස් වරුවක උද්යෝගජනක කතා බහක්  අතරතුර ඔහු හා මවුබිම වෑන් රියෙන් ඔහුගේ නිවසට යන අතරතුර මම ඇසීමි.  "නැහැ, මුදල නෙවෙයි වැදගත්. හොඳ කතාවක් හොඳ ස්ක්‍රිප්ට් එකක් එක්ක,හොඳ නිර්මාණයක් ටිකක් දිග කතාවක් විදියට  සැලසුම සකස් කරන එකයි වැදගත්. එතනින් එහාට ඒක ෆෝන් එකකින් වීඩියෝ කලත්, හොඳ නිර්මාණයකට යන්න පුළුවන්". 

"එතකොට ගප්පියා කියන්නේ, අදහස් වගේම නිර්මාණශිලිත්වය අතින් පමණක් බජට් ඒක බිග් වුනාම ඇතිද? 

"අනිවාර්යෙන්ම". ඒ ඔහුගේ පැහැදිලි දැක්මයි.


ඉහත දැක්වෙන්නේ කාර්යබහුල යුගයක, මේ බ්ලොග් පිටුව අතහැර දමා තිබූ වකවානුවක වූවත්, ඒ දිනවලදී මා ලියා තබන්නට ආරම්භ කල සටහනකි. මාස ගණනාවක් පුරා අසම්පූර්ණ-පල නොකළ ලිපි ගොන්න අතර තිබූ මේ ලිපිය සොයා අද අවසන් කරන්නට සිතුනේ, මේ ඊට හොඳම වකවානුව බව මට සිතුනු නිසාවෙන් ය.

ගප්පියා පිළිබඳව නැවත කතා බහට ලක් වන්නේ දින දෙකකට පෙරාතුව පොසොන් පොහොය දිනයේ ඔහු පල කර තිබූ එක්තරා කාටූනයක් ය.


ෆෙස්බුකිය සහ සිංහල සයිබර් අවකාශය පුරාවටම ඉහත කාටූණය පිලිබඳ සාධාරණීකරණය කරමින්, එමෙන්ම දොස් නගමින් විවිධාකාර ලිපි සහ සටහන් මේ දින දෙක පුරාවටම එකතු වී තිබිණ. නමුත් ඒ පිලිබඳ අදහස් දැක්වීමකට වඩා, මේ කාටූණය පසුපස සිටිනා මිනිසා ගැන මට හැඟෙන දේ සටහන් තබන්නට මම කල්පනා කලෙමි.

ඔහු දැනට දස වසරක පමණ පෙර සිට ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඒ දිනවල ඔහු ලංකාවට පැමිණ සිටියේද වසර දහයකට පසු පළමු වරට ය. ශ්‍රී ලංකාවට පැමිණි අලුතම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ලබා ගත් පුවත්පත් සහ වීඩියෝ සම්මුඛ සාකච්චාව අවසානයේ නිවසට ගිය පසු, 'අර කෑල්ල දාන්න එපා-මේ කෑල්ල දාන්න එපා' යැයි නේක ගතු නොකී, මහ පොලව මත පිහිටි මිනිසෙකු ලෙස මම ඔහුව හඳුනා ගතිමි. ඕස්ට්‍රේලියාවේ කල රැකියාව ලෙස මා සමග පැවසු 'වලන් සෝදන රස්සාව' යන පිළිතුර, මා සමග පෞද්ගලිකව සේම නිල සම්මුඛ සාකච්ඡාවටත් එක ලෙස පැවසු අපූරු පුද්ගලයා ඔහු ය. ඕස්ට්‍රේලියාවේ ගෙවුන අවුරුදු දහයක අවසරයෙන් කටට සිංහල නුහුරු කර නොගත් මිනිසෙකු සමග ලැබුණ ඒ අවස්තාව මට විශාල ගෞරවයක් විය. සැබවින්ම එය පොලවේ පය ගැසුවත් පොලවට බරක් නොවුන නිහතමානි මිනිසෙකු සමග සුන්දර අදහස් හුවමාරුවක් බව මට දැනුන හැගීමයි.

ලංකාවේ පුවත්පත් අතිරේකවල 'තරු පිටු' කියවන පාඨකයාගේ රසය වෙනක කි. එකී පාඨකයන්ගේ හිතසුව වෙනුවෙන් සිදු කල ආගිය කතා බහෙන් අනතුරුව පෞද්ගලිකව ඔහු අල්ලාගන්නට ලැබුන රාත්‍රී වාහන තද බදය අතරතුර ඔහුගේ නිවස වෙත ගිය ගමන අතරතුර සිදු වූ කතා බහ තුලින්, ඔහු කන-බොන දේ යන එන තැන් ආදියෙන් බැහැරව වැදගත් යමක් මගේ බ්ලොග් පිටුවෙන් හෝ සටහන් කිරීමට මම සිතා ගතිමි.
වචනවලින් පොලවේ පය ගසන මිනිසුන් සේම සැබවින් පොලවේ පය ගසන මිනිසුන් වශයෙන්, බැලු බැල්මට පෙනෙන පොලවේ පය ගසන්නන් වර්ග දෙකකි. ඔහු සැබවින්ම ක්‍රියාවෙන් පොලව මත පිහිටි චරිතයක්ම බව, ඔහු හඳුනාගෙන ගත වූ කාලය ඇතුලත මට පසක් වූ බව සටහන් නොකර බැරි වන්නේ පෙර කී වචනයෙන් පොලවේ පය ගසන්නන්ද මට හමු වී ඇති බැවිණි.



මචං, සල්ලි පස්සේ එලවන්න එපා. ඔහු මද නිහඬතාවයකට පසු කට හඬ අවධි කලේ ය.  තමන් ආස දේ කරන්න, සල්ලි ලැබෙන්න ගනියි, හදිසියේ නෙවේ පසුවට..

ඒ ඔහු එකතු කල අදහස්වල සාරාංශය යි.


"ගප්පියා රඟපාන්න කවදා හරි ඉගෙනගෙන තියෙනවද? ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්නවද? ටෙලි නාට්‍යවලට එහෙම අඩගැහුවොත් යනවද?"
මගෙන් ප්‍රශ්න වැලකි. "ඉගෙනගෙන නැහැ, බැරි දේ කරන්න ගිහින් චාටර් වෙන්න ඕනේ නෑනේ, මට පුළුවන් දේ කරගෙන මම ඉන්නවා". ඒ ඔහු දැක්වූ අදහසයි.


කෙසේ හෝ මා හඳුනාගත් ගප්පියා යනු, තමන්ගේ අදහස වාරණයකින් තොරවම ඉදිරිපත් කරන එකෙකු බව ඔහුගේ නිර්මාණවලින්ම වඩා හමු වූ මුල් වතාවේදීම පසක් කර ගතිමි. කාර්යාලයේ එක්තරා නිලධාරියෙකු, සම්මුඛ සාකච්ඡාවට මොහොතකට පෙර ඊට සූදානමින් සිටි මට සහ සහෝදර මාධ්‍යවේදී දෙපල වෙත පවසා ගිය කාරණයකින් අනතුරුව, "එයාගේ ලොකු එක නෙහ්?" කියා ගප්පියා ඇසු විට අපි මොහොතකට නිරුත්තර වුනෙමු. සිතට නැගෙන අවංක අදහස වාරණයකින් තොරව ඉදිරිපත් කිරීමේ අව්‍යාජ බව මේ මිනිසා තුල පවතින බව මම නැවත නැවතත් දිටිමි. 

ගප්පියා ගැන කාලීන මාතෘකාව වන ඉහත කාටූණය පිළිබඳව මට පැවසීමට ඉතිරිව ඇත්තේ ද එය යි. සෙල්පිවල ඇති වැරද්දක් නැති මුත් අවශ්‍ය වුවත් පමණට වඩා අවශ්‍ය නැති බවට ඒ පණිවිඩය දෙන්න ඔහු කල කදිම නිර්මාණයක් හැරෙන්නට, බුදු දහමට කල අපහාසයක් නම් මම ඒ කාටූණයෙක් නොදිටිමි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය උඩු යටිකුරු කල එම සිදුවීම දා පවා සිටියේ අද වැනි සෙල්ෆි මේනියා කාරයන් නම් සිදු වන්නේ එවැනි දෙයක් බව ඔහු මතුකළ අදහස යි. ලිපියේ අරමුණ තවත් එකී කාටුණය පිලිබඳ අදහස් දැක්වීම නොවුන ද,මා ඒ ගැන දරන මතයට ආසන්න මතයක් ලියවී තිබූ ලිපියක සබැඳිය මෙලෙස එකතු කරන්නම්.

ලිපිය 01


සටහන


අවසාන වශයෙන්, ගප්පියා යනු අපි වගේම කොල්ලෙකි. ඌට අහවල් තරු අමාරුවක් තිබුනේද නැත. කියන්නට ඇති දේ කෙලින් කියන ගතියට කවුරුත් ආස කරන්නේ කෙලින් කිව්ව දෙයින් රිදෙන්නේ තමන්ට නොවන තාක් ය. රිදෙන්න ඕනේ තැනට රිදෙන්න බැරි නම් ඕනේ මගුලක් වෙන්න කියා, කියන්න තියෙන දේ කියන්න පුළුවන් මිනිස්සු නැති කාලෙක එකෙක් දෙකෙක් හරි ඉන්න එක ගැන මට නම් සතුටු ය.


ගප්පියා සමග කල වීඩියෝ සාකච්ඡාව




15 comments:

  1. ලිපියට බොහොම ස්තුතියි. උබෙ ගමනට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං,
      ඇත්ත කියපං ඉස්සරහටත්, දකින දේ ඇතුලේ තියෙන තිත්ත ඇත්ත එලියට දාපං.
      අපි හිනා වෙයි, එකෙක් දෙන්නෙක්ට හරි තේරෙයි හිනා වුනේ තමන්ටමයි නේද කියලා.

      Delete
  2. අපේ බොදු තලේබාන්ලා මේ කාටූන් එකට විරුද්ධ වෙන්නේ බොරු කික් එකක් ගන්න කියලයි මට නම් හිතෙන්නේ. මොකද මෙතැන කොහොමටත් සරදම තියෙන්නේ රජාට මිස මිහිඳුට නොවෙයිනේ!

    මේ ගැන කතා කරපු සුජීව කොකාවල අහලා තිබුණා අර බදුර්ඩීන් ඇමතියා ගැන කියවෙන මේ වගේම තවත් කාටූන් එකකට ඇයි මේ ගප්පියාට ආපු විරෝධය නාවේ කියලා!
    https://www.facebook.com/photo.php?fbid=10153428372588793


    ReplyDelete
    Replies
    1. තලේබාන් බෞද්ධලා කික් එකට නැතුව වෙන වැදගත් දේකට කරපු වැඩක් තියේ යැයි ඉතිං.

      Delete
  3. ගප්පියා ව ෆලෝ කරන්නවත් ඇඩ් කරන්නවත් බෑ. ප්‍රොෆයිල් එක රිමූ කරලද? මාත් ඔය රසික කියපු කාටූන් දෙකම දැක්කා.. බදුර්දීන් ඇමතිට උපහාසාත්මකව යොමුකල කාටූන් එකටත් වඩා මගේ හිත ගියේ මේ කාටූන් එකටයි. මොකද මේකෙන් සමස්ථ සමාජයේම නිරුවතක් එළිකරනවා මිසක් එක් පුද්ගලයෙකුට හෝ ආගමකට ගාවලා නෑ.. ඔහුව ෆලෝ කරන්න තියෙනවනම් හොඳයි. හැකිනම් ලින්ක් එකක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ෆලෝ කරන්ඩ බැ නේනං

      Delete
    2. ගප්පියගේ ප්‍රොෆයිල් එක හයිඩ් කරලා, එක ටික් එකක් දාලා සේව් කරාම කරන්න පුළුවන් දෙයක්, රිමූව් කරලා නෙවේ. මටත් ඕනේ ෆලෝ පාරක් දාන්න මං කියලා බලන්නම්.

      Delete
  4. මමත් ගප්පියගේ හැම වීඩියෝ එකක්ම වගේ බලලා තියෙනවා. ගප්පියා හරියට දූරියං ගෙඩියක් වගේ. මේක කියවලා ගප්පියා ඇහුවොත් ඒ ඇයි කියලා, එතකොට මම කියන්නං. :D

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියේ ඉතිං අපි ඇහුවොත් කියන්නේ නැද්ද අප්පා?

      Delete
    2. උඹ අල් තයීර් වෙච්චකොට නොකියා කොහොමද? දූරියන් රසිකයෝ තුන් වර්ගයක් ඉන්නවා.
      1. durian fanatics (දූරියන් වලට මිනී මරන උං)
      2. durian haters (දූරියන් තියෙන පාරකවත් නොයන උන්)
      3. those who haven't heard about durian.(දූරියං ගැන නොදන්න උං)
      ගප්පියාටත් එහෙමයි.

      Delete
  5. බොලා කිව්වට විස්වාස කරන එකක් නෑ.. මම ගප්පියගේ එක කප්පි විඩියෝ එකක්වත් බලල නෑ.

    ReplyDelete
    Replies
    1. තොට එන අතම ගාන්නෙපැයි යකූ!

      Delete
  6. ගප්පියාගේ ගොඩක් වීඩියෝ මමත් බලලා තියෙනවා.ඉහත පින්තුරය ගැන නම් මගේ හැඟීම එක ගණන් ගන්න තරම් දෙයක් නොවන වගයි.ඔය වැනි කාටුන් අපේ පත්තරවලත් කොයි තරම්නම් පලවෙනවාද ?

    කොහොම වෙතත් "ගප්පියා"කියන්නේ නියම ටැලන්ට් බුවෙක්.

    ReplyDelete
  7. ඔච්චර ගප්පියා සෙල්ෆි මේනියාව විවේචනය කරනවා නම් ඇයි ගප්පිය ලයික් 80000+ උනාට පස්සේ සෙල්ෆි ගගහා ෆේස්බුක් දැම්මේ....

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...