
1505 කියලා කියන්නේ ලංකාවේ අපේ සමාජ රටා උඩු යටිකුරු වෙන්න මුල පිරූ අවුරුද්දක්.කුනාටුවකට ගහගෙන අවුදින් ලක් පොලවට පය ගැහුව අල්මේදා උන්නැහේ ලංකාවේ අපේ ජන ජීවිතයට ගෙනාවේ නම් හැබෑම කුණාටුවක්.හැබැයි එදා ඒ පය ගහපු භූමියම පරංගියා මුළු ආසියාකරයෙන්ම ලබන ලොකුම යුධ පරාජයට හේතුවෙන භූමිය කියලා හීනෙකින්වත් නොහිතන්න ඇතී.
![]() |
1875-මරාදාපු තැන හෙවත් මරදාන |
මේ කවි පෙළ ලියවෙන්නේ මගේ මිතුරු මංගල සේනාධිපති අතින්,ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය වෙනුවෙන්.ඉදින් මේ කවිපෙලේ පූර්ණ ගෞරවය ඔහු වෙත හිමිවිය යුතුම යි.මේ අපේ කවි ගී සඳැල්ලේ ආරම්භකයා වගේම අපේ ලොකු උන්නැහේගේ කවි පෙළක්.
අහ්හ්! තව දෙයක්! කොන්ස්තන්තිනෝපලය බිඳ වැටිලා,ඉස්තාන්බුල් කියලා හලාල් උනාට පස්සේ පරංගින්ට වගේම කොයි යුරෝපියාටත් පෙරදිගට ගොඩබිම් මාර්ගය වගේම තමන්ගේ වෙළඳාම් අහිමි උනා.මේ මං තුමා හෙවත් අල්තයීර් උන්නැහේ( ඔරිජිනල් එකා)ලගේ වැඩ හින්ද තමා යුරෝපියන්ට ගොඩබිම් මාර්ගය අහිමි උනේ. ඒ ගෞරවය ගෞරවපූර්ව මහත්වූ මෙව්වා එක පෙරදැරිව (අල්තයීර් වෙනුවෙන්) මේ මං තුමාට පුද කරන්න ඈ.. :D

සුද්ද නගරෙ අරාබියාගෙන් ගන් න
යුද්ද කළා පාප්ගේ හමුදා ගොන් න
සිද්ද වුනේ සතුරා හට පරදින් න
සද්ද වහන් ඉන්නව මේ අය ඔන් න

මසට දාන්නට දැන් දුරු මිරිස් නැ තී
රසට නොවේ කල් තියාන කන්න නැ තී
කන්ට නැතිව දරුවෝ හාමතේ වෙ තී
කුසට පහල වූ නුවණක් එයින් එ තී
මහා රටක් ඉන්දියාව නමින් ඇතේ
එහා ඉමේ අරාබියට සතුරු වෙතේ
මහා රජෙක් ජෝන් කියා රජ කරතේ
වහා ගියොත් යුද්දෙට ඔහු සහය දෙතේ
පාප්ගේ සවනෙ වත්කළ ඒ මී බින්දු
සේප්පු බින්දා පල්ලියෙ බිම රැන්දු
තාප්ප වට්ටා සතුරට ජය කැන්දු
පාප් සිතන්නේ ගැයුමට ගී සින්දු
රවටා ගෙන පල්ලියෙ රත්තරන් අරන් ගොස්තරේ
වෙරදා ගෙන ගොඩ නගන්නේ නැව් හදනා සාස්තරේ
බිඳදා ගෙන හැම බාදක සොයා ගන්නෙ සූත්තරේ
පදවා ගෙන ගොස් සොයන්නෙ ඉන්දියාව හීන් සැරේ
වැරදී ලා ඇමෙරිකාව ඉන්දියාව යැයි සිතාලා
නම දීලා මිනිස්සුන්ට රතු ඉන්දියානුවො කියාලා
පැටලීලා සිදු වූවත් එවන් වැරදි ඉඳ හිටලා
පාවී ලා අහම්බයෙන් ඉන්දියාව හමු වීලා
එම නැවේ නැව් පති තුමා
නම වස්කෝ ද ගාමා
සැම සතුටු සිත කෝමා
තම හඬින් දක්වම්මා
"ක්‍රිස්තු අදහන ජෝන් රජුගේ පිරිස යි
කුරුඳු විකුණන ගොවියන් දැක්ම සතුටු යි
සයුර බිඳගෙන සැපත් වූයේ එනිස යි
වස්තු අරගෙන යන්න නම් තව කල් ය යි"
මහා මුහුද පරන්ගියගේ සපත්තුවට පෑගෙන වා
ලොරෙන්සෝ ද අල්මේදා කුණාටුවට අහු වෙන වා
කණ කොක් නද හෙළ ගුවනේ ඒ මේ ඇත රැව් දෙන වා
පෝදා සඳ රාහු ගිලී පරංගියා මෙහි එන වා
එක් අතකින් බයිබලයි බයිනෙත්තුව අනිත් අතේ
වයින් ගඳින් ගෙරි මස් ගඳ නෑ යන්නේ හපුටු ගතේ
අසරණ බිලිඳුන් අමුණයි බයිනෙත්තුවේ තුඩග පුතේ
විහාරයන් වනසාලා පල්ලි හදයි හතර අතේ
දියුණු යැයි සම්මතව ඉන්නා
මහත්මා යයි කියා ගන්නා
මිත්‍යාව ඇයි ඇත්තෙ පෙන්නා
සිංහලේ හයි එසේ කන්නා

සිහි කල යුත්තකි මෙහි ලා වන්නේ
නැවකට පරංගි පනහකි එන්නේ
නිසි අණ දීමයි විනයයි දන්නේ
කපටි උපායෙනි රටක් නසන්නේ
පරන්ගියාගේ සිවල් උපා
මිහිබට හෙළයට නිරය දපා
නොපනත් කම් ඇත සිනා පපා
අසිපත ගත යුතු වාද එපා
සීහල විරුවන් එසේ සිතා
මරුවාටත් මරු වෙමුයි පතා
කඩු ගාමුයි ඒ නපුරු සතා
සතුරට හටනට කළා කතා
රණ දවුලේ හඬ නංවාලා

ජය බිම සේසත් ඔසවාලා
විජය කොඩිය ඇත ලෙලදීලා
සිංහලයන් පන්නමුයි කියා
පරංගියා එහි පිනූ නියා
සතුරාගේ හිස අහස සොයා
හෙළ අසිපත වැද කැපී ගියා
පරංගි හිස් වැහි බිඳු වැන්නේ
හෙළ අසිපත විදිලිය දෙන්නේ
දෙගොඩ තලා ලා ගලමින්නේ
සුදු වැදි ලේ ගඟ වෑහෙන්නේ
මරා දාපු තැන අද මරදාන යි
සීහල කඳවුර හෙටත් ජය බිම යි
විරුවන් බිහිවෙන සාර පින් කෙත යි
ආනන්දේ කවදත් ආනන්ද යි
=======================================================
සිඟාල සිවල් කැනහිල් වැනි නම් බෝමා
නරියට යෙදෙයි උන් හැම නරියන් සේමා
හම සුදු වුවත් හදවත කළුවන් බෝමා
තුන් ජාතියක් ඒරොප්පෙන් මෙහි ඒමා
පරංගි ලංසි ඉංග්‍රීසින් නම් වන්නේ
කල්කිරියාවෙන් එක ලෙස හැසිරෙන්නේ
ඉන්ගිරිසියා අවසානේ ජයගන්නේ
රට වනසාලා සාරය එහි ගෙන යන්නේ
පුරවා ගන්නට විගහට සුද්දගේ මල්ල
පැල කෙරුවා මෙහි ගෙනවිත් තේ දල්ල
දල්ල නෙලන්නට ආ ලෙච්චමී කෙල්ල
කොටි පැටියෙක් වැදුවා දෙයියන් පල්ල
සුළු වරිගේ තෝරා බේරා ගන්නේ
මිෂනාරීන් උන් හට ඉගෙනුම දෙන්නේ
මහ ජාතිය සුලුවරිගෙන් බැට කන්නේ
හැමදා යුද ගැටුම් රට තුල ඇති වෙන්නේ
එයයි සුද්ද රට රට වල කල හදිය
ලංකාවටත් දුන්නා රස කර සුදිය
සීහල පැටව් හට නෑ අධ්‍යාපනය
කොටිපැටියාට ඇත ඉගෙනුම් අවසරය
මුදල් හදල් ඇති බොදු මව්පියො දෙන්නා
සුද්දගෙ පාසලට පැටියව දක්කන්නා
මිෂනාරියා වැඩ කිඩ හොඳ හැටි පෙන්නා
කළු සුද්දෙක්ව හදලා එලියට දුන්නා
ඉංගිරීසියෙන් කතා කරනවා කලිසම් අඳිනා මහත්තුරු
කලිසම උඩහින් සරමක් ඇන්දා ඉංගිරිසිය බැරි මහත්තුරු
ගිණි මද්දහනේ ටයි පටි බැඳගෙන දාඩිය දාගෙන මහත්තුරු
සුද්දගෙ පදයට අඩිය තියනවා මේ හැම කළු සුදු මහත්තුරු
![]() |
රු 2000 සමරු කාසිය |
මේ විපතින් ජාතිය ගලවා ගන්න
ඕනේ අපේ පාසල් මෙහි අරඹන්න
හෙළ බොදු වියත් වැට එය සිතුවා ඔන්න
සීහල ගමෙත් හැදුනා පාසල මෙන්න
ගුණානන්ද හිමි තැනු පාසල් පොකුරේ
මුල් පාසල ගුණානන්ද විය මිතුරේ
![]() |
වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ |
ආනන්දය යන නම එලෙසින් පැතිරේ
එදා පරන්ගියාව හිස් ලූ ලූ අත එලවූ අවි ආයුධ සන්නද්ධ යුද්ධය,පසු කාලීන ඉංගිරිසි ආණ්ඩු ක්‍රමයේදී වෙනස් මුහුණුවරකට හැරෙන්නට පටන් ගත්තා.අධ්‍යාපන අයිතිය හිමි කර ගනිමින්,හෙළ බිම වෙනුවෙන් වියතුන් බිහි කර ගැනීමේ අසීරු ,දිගු කාලීන මෙහෙවර වෙනුවෙන් පැරණි පරණවාඩිය කඳවුරු බිම වෙන් වුනා. දහනම වන සියවස අගභාගයේදී එම රණ භූමියේ හිමිකරුවා වූ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමන් එකී ජය බිම ආනන්දය ගොඩ නැගීම වෙනුවෙන් නොමසුරුව ලබා දෙන්නේ අන්න ඒ නිසාමයි. එදා පරණවාඩිය කඳවුර, යුධ මූලස්ථානය,පසුව පරණවාඩිය ගම්මානය ආනන්දය නම් වූ තක්සලා බිමක් බවට පත් වෙන්නේ ඒ විදියටයි.පරංගියා මරා දැමු මරදානක් අද තිබුනත්,පරණවාඩිය නම ඉතුරු නොවුනේ එලෙසින්.නමුත් අදටත්,පරණවාඩිය සෙන්ට්‍රල් එක විදියට ආනන්දේ කොල්ලෝ තමන්ගේ ඉස්කෝලේ හඳුන්වන්නේ හරිම ආඩම්බරෙන්.
නමින් ආනන්දේ
ගෙනෙයි ආනන්දේ
සදයි ආනන්දේ
බෙදයි ආනන්දේ..
![]() |
සියවසකට පෙර-පරණ වාඩිය සෙන්ට්‍රල් එක |
මුලින්ම මේක කියල ඉන්න ඕනේ. අද මම මේ බ්ලොග චෙක් කරන කොට blog has been deleted කියලා තිබ්බා. මම හිතුවා උඹ ඉස්කෝලේ වැඩ අතපසු කරගෙන මේකෙ එල්ලිලා ඉන්දලා උඹේ අම්මා උඹේ බෙල්ලෙං අල්ලලා මේක ඩිලීට් කෙරෙව්වා නොහොත් ගෘහස්ත බ්ලොග් හිංසනය කරලා කියලා. හීහ් හී! :D
ReplyDeleteඅම්මා? අම්ම නම් බ්ලොග් ලිවිල්ලට අවුලක් දාන්නේ නෑ, අවුල දාන්නේ වෙන එකෙක්,මර මරණ තර්ජන පවා තියෙනවා! ඔව් ඔව් ඒ වැඩේ මගේ අනුදැනුමින් උනේ ;)හැංගුවා විනාඩි ගානකට. ;)
Deleteබ්ලොග් අවකාශයෙත් තියනවද පාතාලයක්? :D
Deleteඅපොයි ලොකු පාතාලයක් තියනවා. පරිස්සමින් දිලිනියේ..
Deleteහපොයි! පුංචි විහිලුව දුර ගිහින්නේ අද මම එනකොට! ඔය බ්ලොග් පාතාලේ ප්‍රහාර නම් මාත් දැකල තියේ,වාසනාවට මාව නම් පෙනෙන එකක් නෑ කියලා හිතෙනවා. මේ තර්ජන පවුලේ අ-බ්-යන්තර ප්‍රහාර!
Deleteමරණ තර්ජන තිබුණට කමක් නෑ බය නැතු ව ලියහං :) අවුලක් වුණොත් මේ අපි ඉන්නේ මොකක් හරි කොරලා බේර ගන්න. කවි ටික නං නියම යි! සම්පූර්ණ ඉතිහාස කතාවක් ම තියෙනවා. කල් යන්න යන්න මේ ලිපියේ වටිනාකම වැඩි වෙයි.
ReplyDeleteහික් හික්! වැඩි දෙයක් කරන්න නෑ,ඩෑෂ්බෝඩ්>සෙටින්ග්ස් ගියා, URL එක වෙනස් කළා! ආයේ හදනකන් මේක තියෙනවද,අලුතෙන් ලියලාද,ඔව්ව හොයනවා බොරු! ;)
Deleteවටිනා පෝස්ටුවක් මල්ලෝ
ReplyDeleteබොහොම ස්තුතියි අක්කෝ, තව මේ වගේ ඒවා ලියන්නම්කො.. කොහොමත් විෂයක් විදියට මට ඉතිහාසය එපා වෙලා තිබ්බේ,මේ ගැන හොයන්න ගිහින් ඒ ගැනත් ආසාවක් ආවා ආයේ..
Deleteමේ පෝස්ටුව වෙනුවෙන් සෑහෙන්න වෙහෙසක් ගෙන තිබෙනවානේ...
ReplyDeleteගැලපුවා විතරයි නලීන් අයියේ, කවි ටික මගේ මිත්රයාගෙයි. ඔන්න ආයෙත් සමකය අලුත් වෙන්න ගත් එක ගැන සතුටුයි.ජය වේවා..
Deleteයාළුවගේ මේල් එක දාපන් පොරට කොමෙන්ටුවක් ලියල මේල් කරන්න
ReplyDeleteහැකි ඉක්මනින් එවන්නම් මැලේ අයියේ,
Deletemangala.senadhipathi@gmail.com
Deleteබුකියෙන් යනවා නම් https://www.facebook.com/mangala.senadhipathi
නමින් ආනන්දේ
ReplyDeleteගෙනෙයි ආනන්දේ
සදයි ආනන්දේ
බෙදයි ආනන්දේ..
මල්ලි මෙන්න මෙ කවිය මම උස්සනෝ :)
මංගලය ගොබ්බය වගේ හිටියට මොකද මං නං දැනං උන්නෑ මේ තරම් දක්ශයෙක් කියල :) ආඩබරයි සෑහෙන්ඩ.. ඌ අපේ පැත්තෙ බං ඉන්නෙ :) ගම්පහ ඉදන් එක බස්සෙකේ.. මගින් බහිනවා ඌ.. මංගලය ගැන කියන්ඩ දේවල් තියේ හුඟක්. බහුතරය මඩ :D මොකටද නිකං ඌව බයිට් කරනෙ මෙච්චර දෙයක් කරල තියනකොට
ආනන්ද මාතාවගේ සරණ පතමි ඔබ දෙදෙනාටම :)
//සියවසකට පෙර-පරණ වාඩිය සෙන්ට්‍රල් එක..// මෙව කොහෙන්ද බං හොයාගන්නෙ.. :O මාරයි.. නිකං ඕල්කට් ලයිබ්රිය වගෙත් එකපාරට පේනවා..
පරක්කු උනාට සොරි හොදේ
ඕල්කට් ලයිබ්රිය තමයි අයියේ,මැද මිදුලේ ඈන්ගල් එකෙන් ගහල තියෙන්නේ.. දැන් ක්ලියර්ද? Old is Gold නෙහ්? :D ගලය මාර ක්‍රියේටිව් පොරක්,ඔන්න මම බ්ලොගේකුත් අටෝල දුන්නා..
Deleteගලය රතු පලසෙන් ආනන්දෙට ආපු(පහේ සිස්සත්තේ) ඩයල් එකක්නේ,ඉතින් වැඩ්ඩේක් වෙන්න එපයි!
හික් හික් මගේ ගාවත් මිහිහට මඩ වාර්තාවක් තියේ,හැබැයි අවුට් උනාට පස්සේ ඒවා සුන්දර මඩ තමා.
මම කිව්වා ***** අයියට පොතක් දියෝ කියලා,ගම්පහමනේ ලෙසිනේ හම්බෙන්නත්. ;)
ඔබටත් ආනන්ද මාතාවගේ සරණයි සමී අයියේ, පරක්කු නැහැ තාම දවසයි මේක දාලා..
ජය ශ්‍රී!
ඔය පොත එලියට දාන්න අපි දෙන්න කාපු කට්ට ගැන වෙනම පොතක් ලියතැකී. එච්චර නටල එලියට දාගත්තම ඉස්කෝලේ දොරට වඩින උත්සවේ දවස වෙද්දී මම ඉස්පිරිතාලේ අයිසීයු එකේ සීලිමේ කොටු ගනිනවා. පස්සේ ගම්පහ උත්සවේ සැහෙන පස්සේ තිබ්බ නිසා ඒකට තමා ගියේ.කොහොමත් ඕකෙන් පස්සේ ලැබුන දිග........නිවාඩුවේ තමා මං මේ බ්ලොගේ ඇටෙව්වේ..
Deleteaiye thawa deyak kiyana thiyanawa ape library ek thama nidahasa wenuwen liyakiyawili sakas kale
ReplyDeleteඑහෙනං එහෙනං.. බණ්ඩාරනායක මහත්තය පංච මහා බලවේගෙට සාකච්චා පැවැත්තුවේ,නිදහස් සටනේ රහස් සාකච්චා පැවැත්තුවේ වගේම මරදානේ සහීරා එකේ පරිපාලන කටයුතු ගැන රහස් සාකච්චා පැවත්තුවෙත් කවුරුත් සැක නොකරන මේ ගොඩනැගිල්ලේදී තමා. ස්තුතියි ඇනෝ මේ අදහසට.. ජය වේවා!
Deleteඅපිත් පරණ වාඩියෙ... :) ඔය බිල්ඩිම ප්රිට්ස් කූන්ස් සර්ගෙ කාලෙ හදපු දැන් පුස්තකාලය තියෙන ඕල්කට් බිල්ඩිම... මං දන්න තරමින් ඉස්කෝලෙ පරණම ගොඩනැගිල්ල...
ReplyDeleteපරණවාඩිය භූමියේ දැනට ශේෂව පවතින පැරණිම ගොඩනැගිල්ල කිව්වොත් හරි,1913 තමා හදල තියෙන්නේ මේක. පිටකොටුවේ අවුරුදු 127ක් පරණ ගොඩනැගිල්ල හොයාගෙනත් මම ගියා.. ඒ ගැනත් යමක් ලියන්නම්කො..
Deleteහොඳ සිංහල කොල්ලෙක් වගේ..එල එල...අදමයි මේ පැත්තේ ආවේ...
ReplyDeleteහෙක් හෙක්,ඒක නම් කියන්න දන්නේ නෑ සහෝ, පිලිගන්නවා අඩවියට සාදරයෙන්,ආයේ එන්න මේ පැත්තේ.. ජය!
Delete