Monday, September 9, 2013

අහිමි නොවූ ඔහු-සොඳුරු මං පෙතේ ධාරාට පිළිතුරක්

සොඳුරු මං පෙතේ පියනගන්නී ධාරා පහුගිය දවසක අපූරු කවි පන්තියක් ලියා තිබුනා.ගමේ සුවඳ ගමේ මතකයන් විහිදෙන අපූරු කවිපන්තියට ධාරා අරමුණු කරගෙන තිබුනේ ගැමි තරුණියකගේ සිතිවිලි දහරාවයි. බාල කාලයේ පටන් කෙලිදලෙන් ගත කල මිතුරු පෙමක්,සොවුරු පෙමක් ඔවුන්ටත් නොදැනීම ඉන් ඔබ්බට ගිය අප්‍රකාශිත පෙමක් බවට පත් වී ,අවසානයේ තරුණයා සරසවිය වෙනුවෙන් ඉවත ගිය පසු තරුණිය තුලින් ප්‍රකාශ වෙන අයුරු ගැමි ලියගේ සිතුවිලි දහරාවටම ඔබින ශෛලියකින් ඇය ගලපා තිබුනා. ඒ කවි පෙළ මෙතනින් ගිහින් රසවිඳින්න පුළුවනි.

        සරසවියේ සිට හසුනක් ලැබෙන තුරු ඇයගේ සිත තුල පවතින්නේ කුකුසක්,ඔහු ඇයට අහිමි වී ගියාදෝ පවතින්නේ බියක්.ගත වන මොහොත වන විටත් ඇයට ඔහු අහිමි වී අවසන් නම්? "ඇයට හිමි මගේ නුඹ" ලෙස එය නම් වෙන්නේ ඒ නිසාම යි.

        පසුගිය දස වසරක මතකයන් සිහිපත් කරමින් ඇය දෙවැට අසල බලා හිඳිනවා.. හසුනක් නොමැතිව ගෙවී ගිය දින සති මාසවලට හදිසියේ මල් වැස්සක් වැටෙන්නේ මෙහෙමයි.



                                    
දෙනෙති න් එහා ඉම සෙව් නුබ තලය අරා
සුපස න් හදින් නැගෙනා මතකයන්දරා
කෙලෙසි න් රැඳෙන්නද මේ බිම් තෙසරා
සැරසෙ න් සිතෙන් දිව එන්නට නුඹම කරා
  
තුඩ තුඩ ගැයෙන ගී අම රසදැනේ වී
නිල් නුබ දිලෙන සොමි පව්වෙන්එබේ වී
හද හද දිලෙන පැතුමන් හෙට යාවෙ වී
හසුනක් ලැබෙන තුරු ඔබ මගබලා වී
  
කඳු හෙල් රළු හසර ඔබ හා පසුවූවා
හන්තානටත් නුඹේ අත ගෙන ලං වූවා
දොළ අයිනේ නුඹ හා සිත යා වූවා
අක්බර් පොකුණ ළඟ අද මම තනි වූවා
  
වෙහෙස නිවා ගන්නට අප රැඳුන එදා
සිහිලැල් නදී දිය ඇලි මතකයේ සදා
මහවැලි ඉවුර ළඟ මා තනි විටදී මෙදා
ගෙනදී තෙමයි මගේ නෙත් අග ඉවුරුබිඳා
  
බිඳෙ යි මහද රජ කල සිතුවිලි රෑ න
නැගෙ යි අපේ බාලේ මතකේ ගේ න
රිදෙ යි කීරි ගැහෙනා හදවතගැහෙ න
බඳි යි හද වැටක් නුඹ පමණක් ඉන් න
  
රොද හැරගියත් බිඟු මල් පැණි සොයාගෙනේ
සිඳ බිඳ නොයයි බිඟු කැළ බැඳී දයාවෙනේ
මල් මී ගොමුව වෙත ආවත්විගසකිනේ
එයි සිය රොදට නොඇලෙයි මල්මීගොන්නේ
  
රම්නද සිවිලිමේ මං නෙත යවන වෙලේ
අත රැඳී පොතෙන් ගෙනයයි මගෙ සිතඑකලේ
ගෙන එයි දසකයක් එපිටින් සොඳුරු කලේ
නුඹ හද පිදුවේ මට බව දැනුනයි ආලේ
  
සරසවි දිවිය වෙහෙසයි හද විඩාගෙනේ
මල් මාවතක් ඇතිමුත් තනිකමක් දැනේ
හසුනක් එවන පමා මවෙත නැතිවමෙනේ
පවස නිවන වදන් ලියන හැටි නොදැනේ
  
පමා බවට මගෙ හසුනට රහස එයයි
දමා දෙවැට නුඹ නොහරින බවද දැනෙයි
සමා අයැද මං නුඹේ බව කියන බවයි
මෙමා ලියන පළමු හසුන ලැබුනවගයි
  

                                                                                         ධාරාගේ කඳුලට මල් එකතු කලේ- කරූ෴


කවි පෙලට අලයින්මන්ට් සකසා ගැනීමට උදව් දුන් ඩූඩ් අයියාටත්,මේ පෝස්ටුව ගැන සටහනක් පල කල ධාරාටත් මගේ ස්තුතිය.

54 comments:

  1. තැන්කූ වේවා! කරූ :) මම ඉක්මනින් ම මේ දිහාට පාර කියලා මගේ බ්ලොග් එකේ පෝස්ටුවක් දාන්නං. කවියක් දෙකක් උස්සනවා හො‍ඳේ.

    පිළිතුරු කවි ටික නියම යි! මම නං ඉතින් ඊයේ කියෙව්වනේ. කවි ටික හුඟක් ලස්සණ යි! ජය වේවා ඒ වගේ ම බොහෝම ස්තූති යි . . .

    ReplyDelete
    Replies
    1. ආ ධාරා කාලෙකින් ...ඉතින් කොහොමද ජීවිතේ

      Delete
    2. ඉන්නවා, ඉවාන් අයියේ. මේ දවස්වල ටිකක් බිසී. ඒ නිසා බ්ලොග් එක දිහාට ගොඩ වෙන්න බැරි වුණා. කියන්න නං දේවල් හුඟක් තියෙනවා. ඉක්මනින් ම එන්නංකෝ.

      Delete
    3. කතාව දිගටම කරන් යන්න! වෙන කොහෙවත් යන්න එපා ඈ මෙතනම ඉන්න!! හිකි හිකි :D ඉස්සුවට කමක් නෑ ධාරෝ මේවට කොපි රයිට් මෙව්වා නෑ,තැන්කිව් වේවා මචං..

      Delete
  2. ධාරා නගේ උඹ පෙම් කවි ලියාපාන්
    කරුවෝ උඹත් පිළිතුරු කවි ලියාපාන්
    ඇස් උඩ තියන් අපි මෙව්වා බලාපාන්
    දීපං ඉතින් අඩු ගානේ මාළුපාන්

    ReplyDelete
    Replies
    1. මාළුපාන් දුන්නට මේ ඉවාන්ට
      ඒවා දීලා බේරෙන්නට බැරිය මට
      ඔබ ලියු කවි මේ ලෙස කියවූවාට
      පොපිට්,චොකෝ ටිපිටිප් හෙම හොඳයි මට


      කවි ටික ලස්සනයි කරූ.........!

      Delete
    2. ඉවාන් අයියේ මේ ඩිංගක් බලාපන්
      ධාරා කෙල්ල ලිව්ව කවිය කියෝපාන්
      ඉකි ගහලා තනි ඇහැකින් අඬාපාන්
      තව මදි නම් ලුණු කැටයක් හපාපාන්

      Delete
    3. ඉවාන් අයිය ඉල්ලුවාට මාළු පාං
      දෙයි මම නම් මේන් කියල බලාපං
      අක්කෙ රෙහානියෙ ඩිංගක් හිතාපාං
      ජොබ්ලස් තවම අනෙ මං පව් නේද බාං

      Delete
  3. අනේ අපොයි මගෙ අම්මේ බලා පාං
    අම්ම මුත්ත කාලේ නැති හාද කාං
    දැකල මෙව්ව ඇඬෙනව මට අසා පාං
    හොයල දියන් මටත් එකක් අනේ බාං

    ReplyDelete
    Replies
    1. යසිත් මචං මේ පොඩ්ඩක් අසන්නේ
      මූදේ ඇති තරම් මාළුවෝ ඉඳින්නේ
      මාළු බාන්නොත් ගණනින් වැඩෙන්නේ
      කල් ගියොතින් කන්න වෙන්නෙ සැමන්නේ!

      Delete
  4. ජිවිත ඔරුව එක ලෙස ගෙන පැදයන්නයි
    ඔරුවට රුවල මෙන් වෙන් නොම වී ඉන්නයි
    ධාරා කරු විජිතය විකසිත වෙන්නයි
    සුපැතුම් මගෙන් මල් මල් මෙන් අද ගෙන්නයි

    ගැමි ලියකගේ වෙසින් ඇ පිරිපුන් කවි ලියනා
    කරුවත් ඉදන් හරියට පදවැල් ගොතනා
    මේවා දකින යසිතට දැන් දුක සිතෙනා
    යන තැන පළමුවෙන් යන්නට සිතට ගෙනා

    සුළග කවි දෙකක් ලිවුවා .. තරහ අවසර ආයුබෝන් ...

    ReplyDelete
    Replies
    1. හෆොයි! ‍වැරදි වැටහීමක්. කරුවෝ මොකක් හරි කරපන් බං. නැත්තං විනාස යි!

      Delete
    2. මල ජූලියයි පවුල් දෙකක් කැඩෙන සීන් එකක් වෙන්නේ මෙහෙම ගියොත්! මදැයි කොලා!

      Delete
    3. ජෝක් එකට ලිවුවේ .. තරහ අවසර යලුලා ...

      වැරදි වැටහීමකින් නෙමේ ... අයින් කරන්නද කම්න්ටුව ...

      Delete
    4. එපා සුළඟ! කවිය අගෙයි මම ධාරා කියන කෑල්ල රීප්ලේස් කරන්නම් හරි නමෙන්! ;)
      මං දන්නවනේ මේකිගේ කට,ධාරාත් විහිලුවටයි කිව්වේ,ෆිට් තමායි සුළඟ!

      Delete
  5. අල් තයීර්, කවි ටික ගැන මම මොකුත් නොකියන්නේ අනිත් අය ඒ ගැන මත ඉදිරිපත් කරලා තියෙන නිසා මට අමු‍තුවෙන් කියන්න දෙයක් නැතිව ගිය නිසා, නමුත් ඔය කවි ලියන උන්ට ප්‍රයෝජනවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් අලුත් මල්ලි දාලා තිබ්බා මෑතකදි. ඒකට යන ලින්ක් එක තමයි මේ. අල්තයීර්ගේ කවි වල අලයින්මන්ට් දැක්කාම මට ඒක හිතුනේ. ඕන්න කරලාම බලන්නකෝ.

    http://aluth-malli.blogspot.com/2012/10/9.html

    ReplyDelete
    Replies
    1. මසුරං වටී මට රටවල් දෙකක් වටී!! හරිම අමාරුවෙන් මම මේ මට්ටමටවත් අලයිමන්ට් හදාගන්නේ,කොහෙද ඉතිං පිස්සගේ පළාමල්ල වගේ වෙනවා ඒ කරලත්.. තැන්කිව් ඩූඩ් අයියේ..

      Delete
    2. මට නෙවෙයි අලුත් මල්ලිට තෑන්ක් කරපං. මම පාර කිව්වා විතරයි.

      Delete
    3. අන්න පට්ට වැඩක් තැන්ක්ස් ඩූඩ් & අලුත් මල්ලි

      Delete
    4. අලුත් මල්ලිටත් බිග් තෑන්ක් එකක් එක්ක තව වැඩි දියුණු කරන්න ඕනේ තැනකුත් කියලා මම දැම්මා
      ඒ සොෆ්ට්වෙයාර් එක දාල තිබ්බ අලුත් මල්ලිගේ බ්ලොග් එක (පොස්ට් එක තියෙන එක නෙවේ)යටින්. පාර නොකිව්වනම් කොහේ දැනගන්නද මේ මං!

      Delete
  6. නියමයි අල්තයීර්.. දැං ධාරා තව ප්‍රතිඋත්තරයක් බැදල ඊට පස්සේ උඹ තව ප්‍රති2උත්තරයකුත් බැදහං..

    ReplyDelete
    Replies
    1. ඈ බොලව් මට වෙන වැඩ නෑ කියලා හිතුව ද?

      Delete
    2. වැඩ තිබ්බට කමක් නෑ ලියහන්!

      Delete
  7. //පමා බවට මගෙ හසුනට රහස එයයි
    දමා දෙවැට නුඹ නොහරින බවද දැනෙයි
    සමා අයැද මං නුඹේ බව කියන බවයි
    මෙමා ලියන පළමු හසුන ලැබුන වගයි//

    හරි ම ලස්සණ යි. දිගට ම සංවාදය ගෙනියන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි, එහෙම වුනොත් කයි මඩුවක් වෙලා තව මඩ කන්න තමයි වෙන්නේ! හිකි හිකි :D

      Delete
  8. කියන්ට වදන් නැත. ඒ තරම්ම පට්ට. විඳගත්තෙමි. හැමෝම වගේ කිවයකින් පිලිතුරු දීල තිබ්බට කවි බැරි මට කමෙන්ටු පමණි. ඔය කීවට අර උඩින් සුළඟ කියල තියෙන්නේ ඇත්තක් වෙන්ඩ ඕනේ. වාසනාවන්. අපෙත් පැතුම ඒකම තමා.

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි, කවි කොමෙන්ටු ගල් මල් ඔය ඔක්කොම එක වගේ වැදගත්.. හෙක් හෙක් හෆොයි දෙයියනේ දැන් ඉඳල ඉවරයි! එහෙම දෙයක් නැතෝ මේ කවිකාරියි මායි දැකලවත් නැතෝ!

      Delete
    2. ඒ පැතුම නම් ඉටු වන දෙයක් නොවේ :D

      Delete
    3. කියවන කෙනාට තමන් කැමති දෙයක් හිතන්න පුළුවන්. ඒක ඔහුගේ/ඇයගේ කැමැත්ත :) කවුරු කොහොම හිතුවත් මෙතන අවුලක් වෙන්නේ නැතෝ. මොකද ධාරා-ළහිරු සහ කරූ-මල් ගී අතර හොඳ අවබෝධයක් තියෙන නිසා. කරූ-ධාරා ළඟින් ආශ්‍රය කරන යාළුවෝ විතර යි! මගේ කවියට කරූ පිළිතුරක් ලිව්වට එකෙන් අපි අතරේ ආදර සම්බන්ධයක් තියෙනවා කියලා හිතන එක වැරදි යි. මෙතන අපි කරේ කවියෙන් දෙබසක් ගොඩ නැගීමක්.

      Delete
    4. සුළග ලිවුවා දේට සමාවෙන්න කියලා ඉල්ලනවා .. හිත රිදවීම් ඇති උනානම් ...

      මම වගේ ආදුනිකයෙක් ඔයාලා වගේ අයත් එක්ක එහෙම ලියන්න හොද නැති බව වටහා ගත්තෙමි ..

      සමාවන ලෙස ඉල්ලමි ..

      Delete
    5. //මම වගේ ආදුනිකයෙක් ඔයාලා වගේ අයත් එක්ක එහෙම ලියන්න හොද නැති බව වටහා ගත්තෙමි // අනේ බං, අපේ එහෙම දෙයක් නෑ සුළඟ.. නැවතත් කියනවා,කවි ලිව්වේ නැත්තම් මම තරහ වෙනවා.. හැබැයි සුලන්ගේ අඩවිය බලන්න නෑවිදින් ඉන්නේ නෑ,එහෙම කලොත් ඒකෙන් මටයි පාඩු.

      ධාරා හරියටම හරි.. කරූ-මල් ගී කියන්නේ දෑව්රුදු ආදරයක්, හොඳ අවබෝධයක් එක්ක.. මෙතන කිසිම ගැටළුවක් නෑ සුළඟ,තව ලියන්න කියල මම ගෞරවයෙන් ආරාධනා කරනවා..

      Delete
    6. සුළඟට සමාව ඉල්ලන්න කිසිම හේතුවක් නෑ :) කලින් මම කිව්වා වගේ කැමති කෙනෙක්ට කැමති දෙයක් හිතන්න පුළුවන්. සුළඟ දිගට ම කවි ලියන්න. අපි (හතර දෙනා) අහිතක් හිතන්නේ නැතෝ. කරූගේ අදහසට මමත් එකඟ යි. කවියට කවියෙන් ම උත්තර බඳින්න :)

      Delete
    7. මගේ හිතට හරි මදි වගේ .. අනිත් අයත් මම නිසා වැරදියට හිතුවොත් .. මම නම් ඔන්න ඔහේ නිකමට කටට ආවට ලිවුවේ ..

      ලියනවා මම කරු ... එත් මේ වගේ දේවල් අය වෙන්නේ නැහැ ...

      Delete
    8. උඹ කැමති දෙයක් ලියහන් කොල්ලෝ කිසිම අවුලක් නෑ, හිතට හරි මදි වෙන්න දෙයක් නෑ බොලන් මෙතන ඉන්න හැමෝටම විහිලු තේරෙනෝ,අර හතරවෙනි තට්ටු කතාවත් මම නිකං කිව්වේ බං!

      Delete
    9. හපොයි සුළග අහිතක් හිතන්ඩ කාරි නැතුවා. කිසිම වැරද්දක් වෙලා නැතුවා මෙතන. සුලග ත් කොයිතරම් කයිකාරයෙක්ද කියලා ඒක කියවද්දි හිතුන නිසා නෙවෙන්නම් මම ත් දෙන්නට සුබපැතුම් එක් කොලේ. විහිලුවට පටබදින කතන්දර නොවැ. අල්තයීර් වගේම ධාරා වගේම ඊට නොදෙවෙනි කවිකාරයෙක් තමා සුලග. තවත් ඒ වගේ කිහිප දෙනෙක් අවකාශෙ ඉන්නවා. උදාහරණයක් විදිහට තරුරසී, දිලිනි වගේම වැව් ඉස්මත්ත දක්වන්ඩ පුලුවන්. ඔය ඉතින් හදිසියට මතක් වෙච්ච ඈයො කොට ඔයිට වඩැ ඉන්නවා දැන් මතක් නොවුනට. අපි කවිකම අගය කරා මිසක් මඩ ගහන්ඩ වෑයම් කොලේ නැතුවා.

      Delete
    10. අමනාප වෙන්න කාරී නැතුවා රතී හිහ් හිහ් අපිත් විහිලු දන්නවෝ.. ඇයි අපේ ඉවාන් පවුලුෂා,මාතලන්,සමී එහෙමත් හොඳ කයි කාරයෝ තමා. සමීගේ මඩ කවි එහෙමත් උපරිමයි,මේ ලඟදි දාපු 'පියෙක් වෙන්න මත්තෙන්' කයි ටික එහෙම බැලුවද?

      Delete
  9. එකනේ බං අර සුළගේ කවිය දැකලා මගේ බලධාරියා මාව හතරවෙනි තට්ටුවට අරන් ගියා!

    ReplyDelete
    Replies
    1. සුළගට සමාවෙයන් කරු ... යාමත් ලියන්නේ නැ .. හාස්‍යය සදහාම පමණයි ලිවුවේ ...

      Delete
    2. සුළගේ සුළගේ සුළගේ!!!!!
      නොලිව්වොත් මම තරහයි වෙන්නේ!
      සමාව ඉල්ලන්න කිසි දෙයක් කලේ නෑ බං උඹ,ස්තුති කරන්නයි ඕනේ මම මේ අඩවියට ලස්සන කවි ගොතලා යනවාට..

      Delete
    3. ස්තුතියි මචන් .. හිත සැහැල්ලු කලාට ...

      Delete
    4. එකනේ මචං වරෙන් යන්න හන්දියේ සයිවර් කඩේට මොනා හරි ගිල දාන්න..

      Delete
    5. කොත්තු නැතුව ඕන දෙයක් ... හිටු එනකන් ...

      Delete
    6. යකෝ, මට කිව්වෙත් නෑ. හොරෙන් කන්න හිතුවා මදි බොලව් :'(

      Delete
  10. සොදුරු මංපෙත දිගේ ආවේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආවට මනෝජ්, ඒ වගේම මං පෙතේ මේ පැත්තට මග සලකුණු තිබ්බට තුතියි ධාරෝ.

      Delete
  11. ඇත්තටම මුන් දෙන්න අන්තිමට බදියිද ........................????????????? (මම අහන්නේ කවිවලට ප්‍රති උත්තර )

    ReplyDelete
    Replies
    1. බැන්දොත් බලන්න එනවද මැලේ රාලේ? :D මං කිව්වේත් ප්‍රති උත්තර !

      Delete
  12. හොඳ කවි සංවාදයක්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දේශපාලන ලිපිවලට වගේම මේවටත් සංවාද ගොඩ නැගෙන්න ඕනේ කියලයි. ස්තුතියි අරූ.

      Delete
  13. හ්ම්ම්ම්ම් නිර්මාණ හැකියාව ඉහලයි ලිපි ගණනාවක්ම කියෙව්වා

    ReplyDelete
  14. කවි ටිකනං පංකාදුයි.........

    ReplyDelete
  15. සිරා කවි ටික.. මන් දැනන් හිටියේ නෑනේ අල්තහිර් පට්ට කවි කාරයෙක් කියලා.. ඕන් මාත් සෙට් වුනා බ්‍රදර්හුඩ් එකට..

    ReplyDelete
  16. ලස්සනයි අල්තයීර්. ධාර බලන්න ගිහින් තමයි මේ පැත්තටත් ආවෙ, දිගටම ලියන්න

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...