ඔබට වදනක්

"නිර්මාණයක් බිහිකරනතුරු, එය මගේ ලාච්චුවේ යතුරුලා තිබෙනතුරු, ඒ මගේ වස්තුවක්..
නමුත් එය නිදහස් කල විට, එය වැළඳ ගන්නා නොගන්නා, ගල් මල් එල්ල කරන සියල්ලන්ගේම වස්තුවක්."

මේක කොහෙන්දෝ දැක්ක වචන ටිකක්, නමුත් මම මේ වචනපෙළ අහන්න කලින් ඉඳන්ම මේ අදහස අදහන කෙනෙක්.

මේ බ්ලොග් පිටුවේ කිසිම නිර්මාණයකට, ලිපියකට, ඡායාරූපයකට කොපි රයිට් නෑ..

රයිට් ක්ලික් ඔප්ෂන් එක,කොපි ඔප්ෂන් එක බ්ලොක් කරලත් නෑ.

ඕනෙම වෙලාවක ඕනෙම උපුටා ගැනීමක් කරන්න.. වෙනත් වෙබ් අඩවිවල පල කරන්න.. එය මට සතුටක්..

විවිධ වෙබ් අඩවි/ගොසිප් අඩවි/සමාජ අඩවිවල මේ ලිපි පලවෙලා තියෙනවා දැක්කම, මට තියෙන්නේ අවංකවම සතුටක්, එවැනි උපුටා ගැනීම් අහම්බෙන් දුටු සෑම අවස්ථාවකම, ලිපියේ සබැඳියක් පළකර තිබෙනවා දුටුවා, ඒ ගැන ස්තුතියි.

ඒ වගේම පුද්ගලිකව ලිපි උපුටා තමන්ගේ වගේ පලකරන බොහෝ අවස්ථා, හිත මිතුරන් අවධානයට යොමු කලාම මම වැඩි සැලකිල්ලක් දැක්වූවේ නැහැ.

සමහරවිට මේ බ්ලොග් කරුවා කවුදැයි ඔබ හඳුනනවා විය හැකියි. එහි වරදක් නැහැ. පුද්ගලිකත්වය සැඟවීමේ වෙනයම් අවශ්‍යතාවක් මේ බ්ලොග් කරුවාට නැහැ.

සැබෑ නමින් තොරව ආදේශ නමකින් මේ ලිපි-යට අත්සන් වන්නේ, ඇඟිල්ල පිලිබඳ කිසි සේත්ම අවධානය යොමු නොවී, ඇඟිල්ලෙන් පෙන්වන දිශානතිය පිළිබඳව පමණක් අවධානය යොමු කරවීමට යි.

මට හිතෙන හැම දේම, සතුට වගේම දුක, මං ආපු පාර, ප්‍රබන්ධ, දකින හීන, මම අහන දකින මට දැනෙන වගේම මම විඳින විඳවන හැම දේම පලකරන අවකාශයයි මේ. 

වෙලාවකට ෆැන්ටසියක්, වෙලාවකට රැඩිකල්, වෙලාවකට හණමිටි ගොඩක්. මේ අඩවියට ඔබ එන ලින්ක් එක මත, මේ කොයි තැනට ඔබව වැටේවිද, මම දන්නේ නැහැ. මම ඔතනින් කොයි ගොඩේ ද? හොයන්න වෙහෙසෙන්න එපා. මම දන්නෙත් නැහැ.

මේ අඩවියේ උපුටා ගැනීම් පලවන්නේ නැහැ. බ්ලොග් අවකාශයේ නොමැති, ලියමනෙහි යෙදෙන සහෘදයන් වෙනුවෙන් වෙන් වූ පිටුවල පමණක්, අදාළ රචකයා ගැන සඳහන්ව ඇතී.

ඔබේ අදහස්, ඕනෑම මොහොතක මා වෙත ලියන්න විවෘත යි.


writerkaru@gmail.com



යම් ලියමනක් තමන්ගේ ජීවිතයට සමීප නම්, ඔබේම දෙයක් නම්, එය ඔබටම අයිතියි. ඔබේ කතාවත් කියන්න මට.

එවන් ප්‍රතිචාර මත ලියවුන ලියමන්, ඕනෑ තරම්. ඒ වගේම මාස ගණන්වල විරාමවලට තිත තබා නැවත මෙහි ලියවෙන්න ගත් අවස්ථා බොහොම යි.


බොහොම ස්තුතියි.

                                                               -අල්තයීර්-
                                          writerkaru@gmail.com

No comments:

Post a Comment

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...