Friday, August 23, 2013

ආ ගිය කතා-අල ගිය තැන් හෙව්වෙමි.

කාලෙකින් බ්ලොගේ මකුළු දැල් කඩාගෙන අලුත් බෝඩ් ලෑලි කෑල්ලක් එල්ලන් ආවට මොකද ගොඩක් දෙනෙක්ට මාව අමතක වෙලා තිබ්බේ නෑ. ප්‍රෝපයිලෙට අල්තයීර් කියලා කෑල්ලක් ඔබන් නමත් වෙනස් කරගෙනයි දෙයියනේ කියලා ආයෙත් වැඩ ඇල්ලුවේ.හෙන්රි බ්ලොග් කරක්ගසන්නා ද ඩූඩ් අයියට,සෙන්නාට වගේම ධාරාට,රෙහානිට,දේශකයාට  එහෙමත් මාව මතක තිබුනා ඔන්න. කට්ටියටම තැන්කිව් ඈ. හහ්! මං වගේ එළ කොල්ලෙක් එහෙම අමතක වෙනවද.

ලස්සනම වැඩේ තමයි මේක. බුකි ප්රෝපයිල් එකේ උන්න ලොල්ලෙක් තමයි මුදියා නොහොත් සමියා.වියාකරනානුකූලව හරි වගේ පෙනුනට මම කල්පොනා කලේ මුදියා වෙනයිද සමියා වෙනයිද කියලා. පස්සේ පස්සේ ඉව වැටුනා මේකා බ්ලොගක් ලියන එකෙක් තමයි හැංගි හැංගි වෙස් බැන්දට කියලා.ඔන්න ඊට පස්සේ සමියාගේ බ්ලොගේට මගෙනුයි මගේ බ්ලොගේට සමියාගෙනුයි කොමෙන්ටු එක දෙක වැටෙන්න ගත්තා.කස්ටිය දන්නවනේ කොමෙන්ටුවක් වැටුන පමාවෙන් මේල් කට්ටක් එනවා කියලා! ඔය මේල් කට්ට උඩ නිකමට කෙටිලා මට සමියාගේ G+ එකවුන්ටුවට යැවුනා!



දෙයියෝ සාක්කි!


මෙච්චර කල් "නුදුටු මිතුරු" කියල හිතන් ඉඳල තියෙන්නේ අට අවූරුද්දක් දන්න එකෙක්ව!

ධාරාට මතකද දන්නේ නෑ මම මේ ලඟදි කොමෙන්ටුවක් දැම්මා අපි හිච්චි කාලේ පොත් කියෝපු හැටි ගැන.මේ ඉන්නේ අපේ ඒ කාලේ පොත් ගැන්සියේ බුවෙක්! අපිට වඩා අවරුදු දෙකක් වැඩිමල්.සෙට් එක සෙට් වෙන්නේ ඉස්කෝලේ ඇරුනම ඉස්සරහ ගේට්ටුව ගාව බංකුවට.මම ඉන්නවා 3ට අම්මා එනකන්,මොකෝ අම්ම වැඩ කලේ ටිකක් ඈත ඉස්කෝලෙක නිසා එන්න පරක්කුයි.මට ඒ කාලේ තනියම පාරේ යන්න දුන්නේ නෑ කියන්න බෑ ඕයි ලැජ්ජයිනෙ. කොහොම හරි මේ සෙට් එක ඉස්කූල් වෑන් එනකන් ඉද්දි මාත් ඉන්නේ උන් එක්ක තමයි.මේ ගැන්සියේ උන්නා මේ ලොකු සමියා සහ අපේ වයසේ පොඩි සමියා,නිලංජන,රුතාශාන් සහ මම.සමියලා වගේම චමියාගේ තාත්තත් උන්නා අපි එක්ක චමියා එකනක්.මේ අතරින් රුතාශාන් පහු ගිය වසරේදී අපි අතරින් සදහටම සමුගත්තා. නමුත් කරපු ආතල් වැඩ නිමක් නෑ,දැන් මතක් උන එකේ ඊගාව පොස්ටුවලින් කොටන්නම්කෝ. කව්රු කොහොම කොහේ විසිරිලා ගියත් අපි සෑහෙන පොත් කන්දක් කියෝගත්තා මේ හවුල නිසා.බිගල්ස්වර්ත්ගේ සෙට් එක,විලියම්,ඉනිඩ් බ්ලයිටන් ගේ පොත් ,ෂර්ලොක් හෝම්ස් සෙට් එක වගේම චන්දන මෙන්ඩිස්ගේ හොර සෙට් එකත්(ඒ කතාව පසුවට) එකක් නෑර පෝලිමට අපි කියෝගත්තා.කොහොමින් හරි අන්තිමට මේ සමියාව හම්බුනේ සෑහෙන කාලෙකට කලින්,ඉස්කෝලේ ලැබ් බිල්ඩින් එකේ කොරිඩෝ එකකදී.. "යන්නන් අයියේ" කියාගෙන දුවන් ආපු මට ඊගාවට මේ සහෘදයාව මුණ ගැහුනේ සයිබරයේදී.ඕං බලාපල්ලකෝ ඒකෙත් හැටි.

ස්ථානය: බුකිය

                                මුලින් සමීයා කියලා ෆේක් බුකි කාරයෙක් අඳුනගත්තා


                                 පස්සේ දැනගත්තා සමී කියලා බ්ලොගර් කෙනෙක්

                                                                                                                         ඊට පාස්සේ?
                                                                                                                                     :D

                                  දැන් තප්පර ගානකට කලින් ආපු මේල් එකක් රීඩිරෙක්ට් වෙලා දැනගත්තා                                             මේ අපේ ස්කූල් වෑන්  එක එනකන් ගේට් එක ගාව ඉඳන් කතන්දර පොත්                                                         ෂෙයාර් කරපු කල්ලියේ ***** අයියා කියල!

                                                     :O
                                       :D
                                                      මතකද ගයාන් නිලන්ජනවයි මාවයි!

                                                                                                                          හුටා!                                                                     :D


ඔන්න ඔහොමයිලු ඉතින් කතාව ගියේ.කැරකිලා කැරකිලා අන්තිමට සෙට් වුන පරණ යාළුකම්,සහෝදරකම්,කරපු කුපාඩිකම්, ජඩකම් ඔන්න දැන් අලුත් වෙලා. :D

ආපු ගමන් කරපු ගොන්  වැඩේනේ මොකද්දෝ මේ අල්තයීර් කෑල්ලක් ගහගත්ත එක. දැන් ඉතින් මං දිගාරින්නම්කො ඕකේ අල ගිය තැන් මුල ගිය තැන් ඔක්කොම.මොකෝ අපේ සෙන්නා "මොකද්ද බං මේ අල්තයීර් කියන්නේ" කියල ප්‍රශ්නාවලියක් අග අවසන් ප්‍රශ්නේ විදියට ඇහැව්ව නිසා හරියට කියන්න බැරි උනානේ.අල්තයීර් කියලා කියන්නේ ඔය ඇසැසීන්ස් ක්‍රීඩ් කියලා කොම්පීතර ගේමක ඉන්න බුවෙක්.ඉතිහාස කතා ඇසුරෙන් මේක නිර්මාණය වෙන්නේ.අල්තයීර්ගේ චරිතයට පසුබිම් උනා කියන්නේ 1200ගණන්වල මැදපෙරදිග උන්නයි කියන යුධ නායකයෙක්. යුධ නායකයෙක් කිව්වට මොකද සොල්දාදුවාගේ තැන ඉඳන් පටන් ගෙන තමයි මෙයා ඉස්සරහට යන්නේ පොතේ හැටියට.මේ කොම්පීතර ගේමේ ඉන්න චරිත ගත්තොතින් ඒ ඉන්නේ ඉතිහාස පොතේ ඉන්න චරිත සහ ඇත්ත නම්,නමුත් මේ අල්තයීර් සැබෑවක් උනත් මේ නම ඇත්ත යුධ වීරයාගේ නම නෙවෙයි.එක එක මෙහෙයුම්වලට දේශ දේශාන්තරවල එහෙම ගියාම ඕක එක එක විදියට සද්ද කෙරෙනෝ,අල්තයී..ර් කියලා ඇද..ල කියන්නේ ජෙරුසේලමේදීද කොහෙද.

කොහොමහරි මේ නම මට හරියන්නේ මේකයි.මං මෙහෙම උන්නට හරි රණකාමි යුධ කාමී යුධ සූරයෙක් කියල මුන්ට කියන්න හොඳ නෑ. ඉස්සරම කාලේ ,ඒ කියන්නේ 2011දී විතර මං බ්ලොග් කියෙව්වේ මේ සැම්සුන් කෝබි කට්ටකින්.බොහොම අමාරුවෙන් තමා දුක් විඳගෙන බ්ලොග් කියෙව්වේ ඒ කාලේ,ඉතින් කොමෙන්ටු එහෙම කොටන්න වෙන්නේ නෑ..සද්ද නැතුව එනවා-කියෝනවා-යනවා.ආයේ සලකුණක්වත් ඉතිරි නොකර යන්න මම හරීම දස්සයි නේද ඈ. නෑ! මේ අල්තයීර් කියන්නේ නිහඬ ඝාතකයෙක්! හා හා බය වෙන්න එපා මම මදුරුවෙක්වත් මරන්නෑ! ක්‍රීඩාවේදී අල්තයීර්ව ඉලක්කයට මෙහෙයවන්න ඕනේ ඉතාම නිහඬවයි.මේ ඇසසින්ලගේ ස්වභාවය තමයි තමන්ගේ ඉලක්කය සපුරාගත්තම මයිල්ගහක්වත් ඉතුරු නොකර නිහඬවම පිටවෙලා  යන එක. ඉස්සර මගේ බ්ලොග් කියවිල්ල වගේ තමයි!
ඉතින් මට නැද්ද බොලව් අල්තයීර් වෙන්න සුදුසුකම්! 

හහ්..!

අපේ සෙන්නා ඇහුවනේ කවුද බොලා මේ සුලොහිතයෝ කියන්නේ කියලා.. ඔන්න මං හදපු බඩ්ඩක් පෙන්නන්නයි යන්නේ. කියන්න එහෙම එපා මේක එක එක බුකි පේජ්වල කවරේ තියෙනවා දැක්කයි ය,ඒ හින්ද මම උස්සලයිය කියලහෙම.මං තමයි මේක හදලා බුකියට මුදා හැරියේ. බුකි පේජ් දෙක තුනක්ම මේක කවරේට එහෙම දාල තිබ්බා. මෙන්න මේ ඉස්කෝලවල ඉන්න කොලු රංචුවලට තමා සුලෝහිතයෝ කියලා ලේ වල පාටෙන් හඳුන්වන්නේ.


ඉතින් මාත් සුලෝහිතයෙක්.සුද්දට කණේ පාරක් ගහන්න හිතාගෙන,සතේ සතේ එකතු කරලා හදපු ඉක්කෝලෙක කොලුවෙක්.ලාම්පු තෙල් ගන්න පාරට ආපු ආච්චිත් ලාම්පු තෙල් ටික නොගෙන පුදපු සන්තකේම යටවුන ඉස්කෝලෙක කොල්ලෙක්.හතලිස්ගණන්වලදී ඉස්කෝලේ කොල්ලෝ ටික පාරට බැහැල එකතු කරපු රුපියල් හතලිස්පන්දහෙන් හදපු ලැබ් බිල්ඩින් එකේ අනුමාපන,විච්චේදන කරපු කොල්ලෙක්.පනස් අවුරුද්දක් ඉඩම්වල ණය ගෙව්ව ත්,රටටම එලිය දුන්න ඉස්කෝලෙකට යන්න වාසනාවන්ත වුන කොල්ලෙක්.ඉතින් හරිම ආඩම්බරයි. ඒ හින්දා මම මෙන්න මෙහෙම ලියල තිබ්බා මේ කටුඅකුල් ගොන්නක් මැද අමාරු ගමනක් ගිය ඉස්කෝල හතර පහ ගැන මට ගලපගන්න පුළුවන් වුන පද පේලි  ටිකක්.
අවසාන වශයෙන් මෙන්න දෙකක්.....

කොළඹ නලඳ උඩරට දම් රජ            සෙවණේ
ඇතුගල මලියදෙව් දකුණේ මිහිඳු            බලේ
සඟමිත් මියුසියස් පෙන්වන බොදු      සෙවණේ
වැඩි හෙළ දරු කැලක් සිටියි සහයට අනද බලේ

එකසිය විසි හත් වසරක් නම          රන් දා
හැම හද තුලම ආනන්දය පැල්       බන් දා
නාලන්දයට පෙර මං පෙන්වා        සැම දා
අනද නලඳ නම් තුන් කල් මන      බැන් දා


ප.ලි.
මගේ draft දැන් එන්න එන්නම ගැබ්බරයි! කළල ගොඩයි,පෝෂණය කරන්න වෙලාව මදි. කොයි හැටි වෙතත් හෙට අනිද්දට "භාව සන්න සහිත-වැසිකිලි වරුණාව" බලාපොරොත්තු වන්න.!


-Altair෴
altair.ibn.la.ahad1190@gmail.com

15 comments:

  1. //ලස්සනම වැඩේ තමයි මේක. බුකි ප්රෝපයිල් එකේ උන්න ලොල්ලෙක් තමයි මුදියා නොහොත් සමියා.වියාකරනානුකූලව හරි වගේ පෙනුනට මම කල්පොනා කලේ මුදියා වෙනයිද සමියා වෙනයිද කියලා.//

    යකෝ පුදනකොටම කාපි යකා කියල මෙන්ඞ ගහල මඩක් :/ ඇයි යකෝ මං ඒ කාලෙ තොපේ ඇඟිල්ලකින්වත් අල්ලලල්ද ඈ ඒම කියන්ඩ :P

    මුදියා නොහොත් සමියා කියන එකේ නම් තේරුමක් තියනවා. ගොඩක් අය අහනවා නොහොත් වෙනුවට හෙවත් නේද එන්න ඕනි කියලා.. ඒත් ඒක ඒම නෙමේ... මං ඒ අකවුන්ට් එක පටන් ගත්තෙ මුදියන්සෙගේ මුදියන්සෙ කියලා. ගොඩක් උන මට ආද්ංඅරේට කතා කලේ මුදියා කියලා. ඉතින් පස්සෙ පටන් ගත්ත බ්ලොග් එකේ නම සමී හින්ද පස්සෙ කාලෙක අකවුන්ට් එකේ නම වෙනස් කලා ඒ විදියට.. බුකියට මුදියා,,, බ්ලොගේට සමියා... ඉතින් මුදියා නොහොත් සමියා :D

    //මෙච්චර කල් "නුදුටු මිතුරු" කියල හිතන් ඉඳල තියෙන්නේ අට අවූරුද්දක් දන්න එකෙක්ව!//

    මං උඹ ගැන දැනගත්තෙ මූනු පොතේ ආනන්දෙ ගැන ලියවුනු පිටුවක් හරහා.. ඔන්න ආව කියවන්න අපේ ඉස්කෝලෙ ගැන ලියලා තිබුනු මෙන්න මේ ලිපිය

    ආනන්දෙන් අයින් උනු ඕනි කොල්ලෙක්ට ආනන්දෙ ගැන ලියවුනු ඕනෑම දෙයක් මහමෙරක් වගේ.. මං ඒ ලිපිය පුදුම විදියට රස වින්දා..ඒම අවිත් ඊට පස්සෙ ඒකට දාපු කමෙන්ට් එකෙන් පස්සෙ තමයි හැමදේම සිද්ද උනේ...

    //දැන් මතක් උන එකේ ඊගාව පොස්ටුවලින් කොටන්නම්කෝ. කව්රු කොහොම කොහේ විසිරිලා ගියත් අපි සෑහෙන පොත් කන්දක් කියෝගත්තා මේ හවුල නිසා.බිගල්ස්වර්ත්ගේ සෙට් එක,විලියම්,ඉනිඩ් බ්ලයිටන් ගේ පොත් ,ෂර්ලොක් හෝම්ස් සෙට් එක වගේම චන්දන මෙන්ඩිස්ගේ හොර සෙට් එකත්(ඒ කතාව පසුවට) එකක් නෑර පෝලිමට අපි කියෝගත්තා.//

    ඒ වෑන් එක එනකන් හිටපු කාලෙ ඇතුලත උනු හොදම දේ තමයි මලේ මේක.. ඉස්සර අපිට තිබුනෙ පුදුම පිස්සුවක් පොත් කියවන.. එකක් අතාරින්නෑ.. දැං නං පොතක් කියවෙන්නෙම නැතිගානයි :(
    ෆෝන් නැති ඉන්ටර්නෙට් නැති ඒ කාලෙ පොත් තමයි අපි ලඟ තිබුනු හොඳම දේ.. අදටත් පොත් තරම් කිසිම දෙයක් වටින්නෙ නැති උනත් කියවන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නෙ..

    ඕම තමයි ජීවිතේ කවද හරි අපේ යාලුවො ආයෙමත් හමු වෙනවා... තාවකාලික වෙන්වීම් විතරයි මේ ජීවිතේ තිඔයෙන්නෙ. ඉතින් අම්බානෙක සන්තෝසයි මල්ලි හම්බු උන එක ගැන..

    ආ මගෙ බ්ලොගේට පේජ් එකේ විජෙට් එකක් හදල දුන්නටත් රොබ තෑන්ක්ස් ඈ...

    ඉස්සරහට එන බ්ලොග් ගෙට් එකකදි උඹව බලන්න හිතාගෙන ඉන්නවා.. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හපේ අප්පේ අහස පොලෝ නූලන කතා කියනඩෙපා බොල! //ඒම අවිත් ඊට පස්සෙ ඒකට දාපු කමෙන්ට් එකෙන් පස්සෙ තමයි හැමදේම සිද්ද උනේ..// ෂඃ මං නං මුකුත් කලේ නෑ මුකුත් සිද්ධ වෙන්ට ඈ.. මම අහින්සකයී රටක් වටියි :D

      එහෙනං එහෙනං! ගෙට් එකකදී සෙට් වෙමු අයියේ.. ආසයි බොලාව දකින්ඩත්.. :D

      Delete
    2. තව දෙයක් කියන්න අමතක උනා.. මං 13 වසරට වෙනකන් කවදාවත් කවියක් නිසදෙසක් හදපු එකෙක් නෙමේ කොච්චර පොත් කියෙව්වත් .. 13 වසරෙ එනකොට තව ටික දවසකින් ඉස්කෝලෙන් අයින් වෙන්න වෙනව නේද කියන එක ගැන හිතේ තිබුනෙ පුදුම වෙදනාවක්.. දවසක් හිතේ දුක වැඩි හින්දම ලිව්ව නිසදෙසක්.. පලවෙනිම නිර්මානෙ උනෙ ඒක.. මගෙ පටන් ගැන්මත් එතන.. අදටත් මං ලඟ ඒ නිර්මානෙ තියනවා.. නිර්මානාත්මක අතින් කලාත්මක අතින් ගුනාත්මක අතින් අඩු උනත් මට ඒ නිසදෙස පුදුම විදියට වටිනවා :)

      Delete
    3. එහෙනං එහෙනං අයියේ.. මගෙත් පළවෙනිම ලිවිල්ල යවපු තැනැත්තිය,මේ ලඟකදී මට එක ආපහු මැසේජ් එකකට කොටලා එව්වනේ එයා ගාව තාමත් එක තියෙනවා කිව්වට පස්සේ මම බලන්න ආසයි කිව්වම. ;) මම ලියල තියෙන්නේ අවරුදු 4කට කලින්,ඇති දේකුත් නැති උනාට හරි සතුටක් දැනුනා ආයේ ඒකෙ වචන දැක්කාම..

      Delete
  2. හොඳයි ඒ වගත් එසේමැයි ! මම ඕක ඉස්සර කියෙව්වෙ අල්ටෙයාර් කියලා. එත්කොට මේකයි හරි විදිහ. එහෙමද ?

    උඹලෑ ඉස්කෝලෙනම් මම යද්දි එද්දි දැකලා තියනවා. අවංකවම කිව්වොත්, සද්දන්ත මාර, මැයි ගස් වලින් වටවෙච්ච ඉස්කෝලෙකට ගිය මට, උඹලෑ ඉස්කෝලෙ තියන තැන ගැන පැහැදීමක් ඇතිවුනේ නෑ බන්. මට ඇත්තටම හිතුනා ඇයි මුන්ට ගස් ටිකක් හිටෝ ගන්න බැරි කියලා. ඒවා මොනවා වුනත් සුලෝහිතයො හැම ක්ශේත්‍රයකින්ම රටට කරලා තියන සේවය අති විශිෂ්ඨයි. ඒක හින්දා උඹලගෙ අභිමානය මට තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මාත් කියව්වේ ඇල්ටෙයාර් කියලා මේ පීසී වර්සන් එක ගහන්න පටන් ගන්නකන්.. :D

      ඇත්ත කතාව අයියේ,ගමේ ඉස්කෝලේ ඉස්සරහා තිබ්බ සද්දන්ත නුග ගහ අදටත් මතක් වෙනෝ.. අපේ කවි කාරයෙක් ඉස්කෝලේ කොස් ගස් කපල අයින් කිරිල්ල මෙන්න මෙහෙමයි දැක්කේ,උගේ දෙවෙනි කවි පොතෙන්..

      කෙස් කොස්ස

      කොස් ගහ බත් ගහලු
      ඒවා කළු ලෑල්ලට විතරයි
      මෙහෙ කොස් ගස්
      බත් පිඟානේ කෙස් ගස් වගේ..

      ඔන්න කතන්දරේ :(

      Delete
  3. Replies
    1. හහ් හහ් එහෙනම් එළ සුදු මහත්තයෝ.. ආයේ එන්ටකෝ ඔය මොන මොනා හරි බලල යන්න.. අඩවියට පිලිගන්නවා ඕං..

      Delete
  4. බොහොම ස්තුතියි අල්තයීර් මාව මතක් කලාට. මම මේක කියව කියව ඉන්නකොට බොලා වගේම ඩේම් පිස්සෙක් වන මගේ පුත්තරයා මෙතනින් යනගමන් පින්තූරේ දැකලා ආ අල්තයීර්නේ මේ කියලා මට විස්තරේකුත් කියලා ගියා.

    ඇත්තෙන්ම කිව්වොත් මම හිතාහිටියේ සුලෝහිත කියන්නේ ආනන්දෙයි නාලන්දෙයි විතරයි කියලා. ඔය අනිත් ඒවත් සුලෝහිතයි කියලා දන්නේ දැන්.

    හේයි. අර පොත් සෙට් එක අපිත් බලලා තියෙනවනේ. හැබැයි ඉංග්ලිෂ් ඔරිජිනල් වර්ෂන් එක. චන්දන මෙන්ඩිස්ගේ හොර සෙට් එක හැර. බිග්ල්ස්වර්ත්, ඊනිඩ් බ්ලයිටන්, විලියම්ස් ඕ යේස්. මේ ලඟදි සිත්තමී විලියම්ස්ගෙ කතාවක් පරිවර්තනය කරලා තිබ්බා ලස්සනට. එතනදි මම බිග්ල්ස් ගැන කිව්වා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් පුත්තරයා මාව දන්නවා ඈ! ;) හික් හික් මාත් ඔය කිව්වට ගේම් 3ක් විතරයි ඉවර වෙනකන් ගහල තියෙන්නේ.. මේකට හිතගියේ ඓතිහාසික පසුබිම නිසා ගොඩක්ම..


      ජය වේවා! මෙන්න එහෙමනම් තවත් සිරාම සිරා ළමා කාලයක් තිබ්බ එළ කොල්ලෙක්.. අපේ කාලේ එද්දී ගොඩාක් ඒවා සිංහලෙන් ඇවිත් තිබුනා සහ බුරුතු පිටින් එමින් පැවතුනා. ඉතින් ගොඩක් වෙලාවට සිංහලෙන් කියෙවවට පස්සේ තමා ඉංගිරිසි ඒවත් පස්සේ පැන්නුවේ. වැහි හරියක්ම ඉනිඩ් බ්ලයිටන්ගේ ඒවා පැන්නුවා මොකද සීරිස් එකක කීපයක් කියෙව්වම සෙට් එක පිටින් හොයල කියෙව්වම එන පර්ෆෙක්ට් ෆීලින්ග් එකට අපි ඒ කාලේ පට්ට ආසයි.හැබැයි ලව් ස්ටෝරි නම් අදටත් කියවලා තියෙන්නේ එකම එකයි, පස්සේ ඒවත් කියවන්න ඕනේ!

      Delete
  5. අප්පේ, මාවත් මතක් වෙලා තියෙන්නේ. තෑන්කූ වේවා, මචං :D //හහ්! මං වගේ එළ කොල්ලෙක් එහෙම අමතක වෙනව ද// මේක හරියට ටිපෙක්ස් කරහන් විභාගෙ දී වගේ තනි ඉරකින් කපන්නේ නැතු ව! දැක්ක ම බඩ දඟලනවා.

    //ධාරාට මතකද දන්නේ නෑ මම මේ ලඟදි කොමෙන්ටුවක් දැම්මා අපි හිච්චි කාලේ පොත් කියෝපු හැටි ගැන// මතක නැත්තේ මොකද? හොඳට ම මතක යි. මොකද තමුන් තමයි දිග ම කොමෙන්ටුව දැම්මේ මගේ පෝස්ට් එකට. කොහොම හරි, ඔයා කියපු පාර දිගේ මමත් ගියා සමීයා ව බලලා ඉන්න. එයත් ඇවිල්ලා තිබුණානේ සොඳුරු මංපෙතට ගොඩ වෙන්න. ඒ උදව්වටත් තැන්කූ වේවා!

    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ සුලෝහිතයෝ කියන්නේ ආනන්ද-නාලන්ද විතර යි කියලනේ. බලාගෙන ගියා ම ඉස්කෝල පහක්නේ. හ්ම්ම්, මලියදේව-ආනන්ද ශාස්ත්‍රාලේ අනික් එක මොකද්ද? බැජ් කටුව අඳුර ගන්න බෑ, බොලව්! අපි පිරිමි ඉස්කෝල ගැන දන්නේ නැති අහිංසක කෙල්ලෝ :D (ඒ ඉස්කෝලවල හිටපු ළමයි ගැන විතර යි දන්නේ.)

    දිගට ම ලියමු එහෙම නං. ජය වේවා!

    ReplyDelete
  6. හික් හික්! එක අපේ අජ්ජාපන කරමේ වරද,තනි ඉරකින් කපන්න කියල තමා කියන්නේ! ටිපෙක්ස් නෑ බොලන්,ඒ හින්ද අසමෝදගම් ටිකක් එවන්නම් ඒවා නම් ඇති!


    ඇත්තටම දැන් ඕක වැඩිපුරම පාවිච්චි කෙරෙන්නේ ඔය දෙකේ තමා.ධර්මරජාජෙත්,ඊට අඩු වශයෙන් මලියදේවෙත්.ධර්මපාලේ නම් ඒකෙ දැන් ඉන්න උන්වත් දන්නේ නෑ! ආනන්ද ශාස්ත්‍රාලේ නෙවෙයි ධාරෝ ඒ ධර්මපාල බැජ් එකනේ..හික් හික්! අපිත් එහෙම තමා! මමත් දන්නේ "පිපෙන්නට වෙර දරණ නෙලුම් පොහොට්ටු " ගැන විතරමයි."මල් ගීය" ලඟින්ම යනවනේ අනික! ;)


    දිගටම බැරි වුනත් පුළු පුළුවන් වෙලාවේ ලියන දෙයක් දාන ගමන් වැඩිපුර කියවන එක කරන්න තමයි බැලුවේ.. ඒත් ඉස්සරහට එන්නේ අමාරු කාලයක් මට :(

    ReplyDelete
  7. අල්තයිර් කියන්නේ ගේම් එකේ නමද එකේ ඉන්න එකාගේ නමද ... නැත්නම් ඔය කියන්නේ ඇසිසන් ක්‍රීඩ ගැනද .. අවුලෙන් ඇ ...

    ReplyDelete
    Replies
    1. එල එල ඇ... මැගරිලා තිබිලා හම්බ වුනා එල ඇ ...

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...