පණ ගිය ජාතියට පිඹීනට ජී ව ගුණ
ගුණනද හිමිගේ දහදිය මත ලැබුව පණ
සෙන්පති ඕල්කොට් ඉටු දෙවි සැදුව මන
ජාතියේ මහා ආනන්දය එකලු වුන
ඉංගිරිසිය කට වණ කර තිබු යුගයේ
හෙළ වෙණ වයන්නට හුරු පුතුණන් ආයේ
බිහි කල තිඹිරි ගෙය ආනන්දය වූයේ
නාලන්දාව ඒ මවගේම පුතු වූයේ
සුද්දගේ අණට නතු වුන හෙළ බිම අගනේ
හෙළ සිහ දදය නංවන්නට මේ දෙරණේ
කවිය අවිය කොටගත් ටිබෙටයේ තෙරුණේ
ඔබෙ කවියටයි ආනන්දය සෙවන වුණේ
අවිය නසන්නට රුපු ජය කෙහෙළි මකන්නට
තිස් වසරක කුරිරු සොවින් රට මුදවන්නට
ජය මං සෙව් බල ඝනයන් මග පෙන්වන්නට
ගිනි පෙන්වා දුන් පන්නර අනද පුතුන් හට
ඊළම් සිතියම මෙලොවින් තුරන් කල
යුද ගුව නා නායකයන් එකවර බිහි කල
ආනන්දය නම් නාමය කෙදිනක සම කල
හැකි යම් අන් අසිරි තැනක් බිහිවේද මේ කල
කොළඹ නලද උඩරට දම් රජ සෙවනේ
ඇතුගල මලියදෙව් දකුණේ මිහිඳු බලේ
සඟමිත් මියුසියස් පෙන්වන බොදු සෙවනේ
වැඩි හෙළ දරු කැලක් සිටියි සහයට අනද බලේ
වැඩි හෙළ දරු කැලක් සිටියි සහයට අනද බලේ
එකසිය විසි හත් වසරක් නම රන්දා
හැම හද තුලම ආනන්දය පැල් බන්දා
නාලන්දයට පෙර මං පෙන්වා සැමදා
අනද නලඳ නම් තුන් කල් මන බැන්දා
© බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න
ආනන්ද විද්‍යාලය.
No comments:
Post a Comment
මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.