Tuesday, August 4, 2015

ගෘහස්ත මෘදුකාංග නිෂ්පාදනය නව මගකට-සු.ප්‍රේ.



මෘදුකාංග නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ගෘහස්ත කර්මාන්තයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප්‍රජාව වෙත නොමිලයේ අන්තර්ජාලය සැපයීම වෙනුවෙන් ඇමරිකාවේ ගූගල් සමාගම හා එක්ව ගූගල් ලූන් ව්‍යාපෘතිය සමගින් තබා ඇත්තේ ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ ගමන් මගෙහි නවමු සංසිද්ධස්ථානයක් බව හිටපු පා.ම. සුනිල් ප්රෙමජයනෙත්ති  මහතා පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති බටහිර කුමන්ත්‍රණවල අවසානය සනිටුහන් කිරීම සඳහා දේශයේ පංචායුධය වන විමල් වීරසේන මැතිදුන් විසින් ගෙන ගිය උදාරතර සංග්‍රාමයේ ජය අත් කරමින්, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ උන්නතිය සඳහා සහ ගෘහස්ත මෘදුකාංග නිෂ්පාදනය සඳහා උර දීමට, එක්සත් ජනපදයේ ප්‍රධානතම මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් තම නවතම මෙහෙයුම් පද්දතිය වන වින්ඩෝස් 10 ද නොමිලයේ නිකුත් කිරීම, ජාති මාමක බලවේගවල නොමද උත්සාහයන්ගේ ප්‍රතිපලයක් බව ද එතුමන් වැඩි දුරටත් සඳහන් කරයි.

මේ අතර දේශයේ ජාතිමාමක බලවේගවල ක්‍රියාකාරිත්වය හේතුවෙන් පරාජය බාරගත් එක්සත් ජනපද ජනපති බරක් ඔබාමා තම තෙවනවර තේරී පත්වීම අවිනිශ්චිත බැවින් පෙන්ටගනය විසින් සිදු කර තිබූ රහස්‍ය සමීක්ෂණ වාර්තා සලකා බලා තෙවනවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් වීම උදෙසා වූ ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කර තිබීම ද ජාතිමාමක බලවේගවල සාර්ථකත්වය විදහා පාන්නක් බව ඒ මහතා අද දින කොළඹදී පැවති රහසිගත මාධ්‍ය සාකච්චාවකදී වැඩි දුරටත් පැවසී ය.


 -එකමත් එක වෙන රටක-

2 comments:

  1. අහෝ... අහෝ....

    (කැස්ස නිසා කිසිවක් කියාගත නොහැක)

    ReplyDelete
  2. ඔබාමා එක්ක නැගිටින්න එක්සත් ජනපදය සුදානම් කරන්න ඕනේ මුලින්ම.ඊට පස්සේ ඔබාමා රටේ තියෙන පල්ලි ඔක්කොම අස්සේ ගිහින් ජනතාව අමතන්න ඕනේ.ඊට පස්සේ බැරිය රහස්‍ය සමීක්ෂණ වාර්තා බල්ලට දාලා ආයෙමත් ඔය ප්‍රන්ත ආණ්ඩුකාරකමක් අරන් එන්න හිටං.

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...