Tuesday, April 2, 2013

අවසන් වසරේ ආනන්දේ...

                                                     හෙවත් වසරකට පසු..

 
ජිවිතේ  අප ලබන හැම සුන්දර  අත්දැකීමක්ම  කාලයත්  සමගින් සුන්දර මතකයක් බවට  පෙරලෙ යි.  නමුත් අප විඳගත්  ඒ සුන්දර අත්දැකීම්වල ප්‍රහර්ෂය ,හදවතේ කොනක සටහන් වුන සුන්දර මතකයත් එක්කම  ගැබ්වී තිබේවි.. කාලගේ අවෑමෙන්  හදවතේ රැඳී සුන්දර  මතකයන්වල රූප රාමු පාට මැකී බොඳවී ගියත්,මතකයන් අවදි කරවන එක් සුළු සිදු වීමකින් පවා ඒ රූප රාමුවල වර්ණ අලුත් වනවා සත්තයි.. එවැනි ආදරණිය මොහොතක් ගෙවී ගොස් එළබෙන වර්ෂ පූර්ණ දිනය  එවැනි  බොඳව ගිය සිත්තම් වර්ණ අලුත් කරන  එකක් බව මගේ අත්දැකීමයි..

  දිනය  වර්ෂ 2012 මාර්තු මස තිස් එක්වන සෙනසුරාදාව.. බොහෝ දෙනෙක්ට එදා සාමාන්‍ය දවසක් වුනත්  ආනන්දයේ  අපට  එදා සුවිශේෂී දවසක්  වුණා.. අනද මෑණියන්ගේ  වසර එකසිය විසි පහක දැවැන්ත  යුග මෙහෙවර ලොවට හඬගා කිමට සංවිධානය වූ  " අනද අබිමන්" අධ්‍යාපනික,සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය පුරා සතියක් පවත්වා  එළඹී අවසන්  දිනය වූයේ එයයි.. සටහනේ  අරමුණ  "අනද අබිමන් "නම් වූ ලොව පාසලක පැවැත්වූ දැවැන්තම  ප්‍රදර්ශනය පිලිබඳ සටහන් කිරීම නොවුවත්,අද සටහනේ  පසුබිම සැකසෙන්නේ අනද අබිමන්  වටා වීම විශේෂ යි.

 එදා  වෙහෙසකර දිනය අවසානයේ එක් සුවීශේෂී  හමුවීමක් මා යොදාගත්තා. එලෙසින්ම ,වෙහෙසකර සතිය අවසානයේ මේසා විශාල කැපවීමක ප්‍රතිපලය වන  අක්කර  තිහක භූමි භාගය  පුරා පැතිරුණ  ප්‍රදර්ශන භූමිය  නැරඹීමටත්  මගේ මේ සුවීශේෂී  "අමුත්තා" සමග  සූදානමින් මා සිටියා.. ඒ අන් කවරෙක්වත් නොව, මගේ ආදරය දිනාගත් මගේ අනාගත සහකාරිය යි.සවස් වන විට ඇය පවූලේ සියල්ලන්ම සමගින්  ප්‍රදර්ශන භූමිය වූ ආනන්දය වෙත පැමිණ සිටියා. දිනයේ අවසන් යාමය ,මගේ ජිවිතයේ සුන්දරම හොරාවන්ගෙන්  පිරි  ගියේ වෙහෙසකර සතියක  විඩාව මගෙන්  ඈතට ගෙන යමින්..


   ඒ සොඳුරුතම සවස් යාමය මගේ හදවතෙහි  වර්ණවත්ව සිත්තම් වූයේ නිරායාසයෙන්ම යි .. බාල කාලයේ පටන්  මගේ  ජීවිතය සිත්තම් වූ  ආනන්දයේ පසුබිම් වට කොට ගනිමින්  තවත්  එක් සුන්දර සන්ධ්‍යාවක් මගේ ජිවිත සිත්තමෙහි සනිටුහන් වූවා..බාල කාලයේ  දුව පැන ඇවිදින විට අපට සෙවන දුන් අඹ ගස,මෙදින විඩාබර අප දෙපලට සෙවන ලබා දුන්නා.. එදා කෙලිදලෙන් ක්‍රීඩා කල සෙන්පති රාජපක්ෂ ක්‍රීඩාංගනය  මෙදා අපේ සන්සුන් ගමනට ඉඩ ලබා දුන්නා.. අවසානයයේ  මා ඈ අතගෙන ආනන්ද මාවත ඔස්සේ  පියමන් කල ඒ සුන්දර රාත්‍රිය ,මගේ  දිවියේ සොඳුරුම මතකයන් අතරට එකතු වූවා.. එය මගේ සිත් ගත් ගීතයක පද පෙළ වෙනස් කරමින්  එම ගීතය තුල ගැබ්  ගත්තා..


"  අවසන් වසරේ ආනන්දේ..

  ඔබේ අත අරගෙන ආනන්ද මාවතේ..

 අබිමන් අවසන සැන්දෑවේ..

 පිය මැනූ devian නුඹද ලඳේ..

***

පසු වදන :







                                               මේ අඹ ගස හැර වෙන අඹ ගස් ඇත් ද? 
                                                              නැත. කිසිසේත් ම නැත.


                                                                                                       

   

                                                  
       සෙන්පති  ජී.ඩබ්. රාජපක්‍ෂ ක්‍රීඩාංගනය                                       

මුල් ගීතය රස විඳීමට පිවිසෙන්න.

අසම සම මුල් ගායනය, විජේරත්න වරකාගොඩ මහතා.

5 comments:

  1. බුද්ධි තව ටිකක් තිබුනා නම් හොදයි වගේ.. කෙසේ නමුත් අතිතාවර්ජනය සිත් ගන්නා සුළුයි.. අපුරුයි.. ඔබ අපවත් මොහොතකට අපුරු චාරිකාවකට රැගෙන ගියා...ඒ වගේම ඔබ දෙපලට සොදුරු අනාගතයකට සුබ පැතුම්..

    ReplyDelete
  2. මම උභතොකොටිකයකට මුහුණ පෑවා, තවමත් අපි දෙන්නම පූර්ණව පාසලෙන් ඉවත්වී නැති නිසා.. නමුත් ලොකු ගැටළුවක් නැති නිසා සිමා සහිතව ලියන්නටයි කල්පනා කලේ.. බොහොම ස්තුතිය් අරුණි,දෑවුරුදු සැමරුමත් දිනයක පැමිණේවි :)

    ReplyDelete
  3. ආනන්දය...කාටවත් කියලා තේරුම් කරන්න බැරි අත්දැකීමක්.
    ඔය සටහනේ රසය වෙනත් අයට දැනෙන විදියත්, දවසක් හෝ ආනන්දය ඇතුලේ හිටිය එකෙක්ට දැනෙන විදියත් හරිම වෙනස්...
    සුන්දර මතක තව තවත් මැවේවා....
    තේ-වෝ

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඕනෑම පාසලක දී ඔය වගේ අත්දැකීම් ලබන්න පුළුවනි. අපි සහ අපේ අත්දැකීම් යුනීක් (අසමසම) කියලා හිතන එක විහිළුවක්!

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...