පැතුම නුඹයි මා සොයනා උණුසුමද නුඹයි
කැකුල මමයි මිලින නොවූ එහි සුවඳ නුඹයි
දිවි මග මා අතැර නොයන හිරු කුමරු නුඹයි
සංසාරෙම මගේ වස්තුව නුඹයි නුඹ තමයි
පිය සෙනෙහසයි ආදරයයි මට දුන්න
හද ගැබ දිලෙන පැතුම් සඳට පන දුන්න
ඒ රැස් මැදින් නුඹේ අත ගෙන ඇවිදින්න
ආසයි මටත් වස්තුවේ තව බෑ ඉන්න
වැව් තලයේ රැලි සැඩවී ගලන විට
ඒ රැලි දරා පිට වානෙන් පිට කරන
ඔබ කුළු වැවයි මගෙ ශක්තිය රැකගන්න
දෙපා නමදුවත් මට පව් නෑ ඔන්න
ඔබෙ නෙතු ළඟ සසල හැඟුම් දොරේ ගලා යයි
හැඟුම් දියේ රැලි මුවදොර සොයා දඟ කරයි
සයුර නුඹේ හද මඬලයි දෙතොල මුව දොරයි
ඒ මා නොව ඔබේම වූ කෝල මගෙ සිතයි
ඔබෙ නෙතු ළඟ කවදාවත් එපා කඳුළු නැගෙන්න
මගේ පැතුම ඔබෙ හසරැලි සදා මුවඟ රැඳෙන්න
ජිවිතයේ සැනසුම ඔබෙ තුරුලේ හිඳ ලබන්න
මමත් එන්නේ යන්න නෙවෙයි රත්තරනේ හිඳින්න
© ඇය෴
No comments:
Post a Comment
මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.