මේක රස කතාවක්,
කේක් කතාවක්... හරියටම කිව්වොත් ගුටි කන්ට වෙන කේක් කතාවක්..
ඕන්න හිතවතුනි තියෙනවා එක කේක් එකක්.. කිව්වට මොකෝ තාම හදනවා,
දිග පළල මෙච්චරයි කියන්ට බෑ. ඔය කේක් එක හදන්න පටං ගත්තේ මනුස්සයා කියන එකා කැලේ බුකුං බුකුං ගගා "බැද්දේ සීලා කොලයෙන් පිහිදා" යුගයේ ඉඳංමයි. දාස් නෙවෙයි,
ලක්ස ගාණන් හෝමෝ සේපියන්ලා මිනීස් පැය ප්රකෝටි ගාණක් වැය කර කර,
මේ කේක් එකට නානා ප්රකාර දේවල් කර කර..... තාම හදනව,
අම්මපා මුං තාම හදනවා..
තව කේක් ජාතියක් තියෙනවා. මේ කේක් හදලා ඉවරයි. දිග පළල ගැන නම් මුකූත් මං කියන්නෙ නෑ. නෑ එක්කෝ අනන්තයි අපරිමාණයි කියමු. හදලා තියෙන්නෙත් එක්කෝ අවුරුදු එක්දාස් පන්සීයකට කලිං,
දෙදාහකට කලිං,
නැත්තම් දෙදාස් පන්සීයකට විතර කලින්. අනිත් එක මේ කේක් වෙන වෙනම හදල තියෙන්නෙත් තනි එක මනුස්සයෙක් බොහෝ දුරට,
ඒකත් තරුණ කාලේ ඉඳං මැරෙනකං විතර කාළය ගත කරලා.
මේ තියෙන්නේ හුදී ජන විඥාණයට අනුව මේ එක එක කේක්වල ලක්ෂණ...
මුලින්ම,
අර ලක්ෂ ගාණක් මිනිස්සු,
මිනිස් පැය ප්රකෝටි ගාණක් වැය කරලා,
තාමත් හදන,
මතක ඇති කාලෙකත් ඉඳං හදන කේක් එක..
-අපෝ ප්රාථමිකයි.
-අම්මෝ අඩු පාඩු සහිතයි.
-එන එන එකා අයිසින් වෙනස් කරනව,
ඒ හින්ද වැඩක් නෑ දැන් කොහොම හැදුවත්
-මේක හදලා තියෙන්නේ ඔටුවෝ,
අවුරුදු දහස් ගණනක් තිස්සේ දහස් ලක්ස ගණනින් ඒකරාසි වුණ ඔටුවෝ.
ඊගාවට අර තනි මනුස්සයෙන් පරම්පරා සීයකට විතර එහා තනියම බේක් කරපු කේක් ජාති කීපයේ ලක්ෂණ
-සර්ව සම්පූර්ණයි.
-විශ්වාසනීයයි,
කේක් එක කේක් එකමයි කිසි එකෙක්ට වෙනස් කරන්න බෑ.
-උත්කෘෂ්ටයි,
සර්වත්රයි,
සර්වකාලීනයි.
-මේක හදලා තියෙන්නේ සියල්ල දත් අය. තනියම. ඔටුවෝ නෙවේ.
ඒහ්! ඒක මාරයි නෙහ්?