Sunday, July 26, 2015

නොවැළපෙනු !

'Cause beyond every bend, there's a long blinding end.


නොවැලපෙනු !

යා නොවුණු මාවතේ.

නොවැළපෙනු !
 හැර ආ මාවත
අතීතකාමයේ ගිලී.
අතිවේග සම්මින්ජයන් කෙලවර
දිසි නොවන එහා ඉම
වේදනාවයි, මා උපරිමය විඳි.


අත හරිනු!

බිඳී ගිය රතු හද.

අත හරිනු!
නොවැළලුනු අතීතය.
අහිමි පෙම
අහිමි කල දේ
පෙමට නිසි වේ දැයි
සෘතු වෙනස වටහනු ඇත.


නො වැළපෙනු 

යා නොවුණු මාවතේ.

නො වැළපෙනු
නුදුටු සුව දසුන ගැන.
අවසන් නොව මැනවි, ඔබ පෙම
අවැසි දා උර බා
ඔබ නමින් සකි අසුන
තවත් මා ලඟම ඇත....


                                (අනුවාදයකි)
                         -කරූ


Weep not for roads untraveled
Weep not for paths left alone
'Cause beyond every bend
Is a long blinding end
It's the worst kind of pain
I've known

Give up your heart left broken
And let that mistake pass on
'Cause the love that you lost
Wasn't worth what it cost
And in time you'll be glad it's gone
Weep not for roads untraveled
Weep not for sights unseen
May your love never end
And if you need a friend
There's a seat here alongside me

-LINKIN PARK-


Wednesday, July 22, 2015

ඇසළ කුමාරයා 2 ( තටු ලැබූ හීන හා මගෙ සුබ උපන්දිනය )

කලින් කතාවේ කිව්ව ඇසල කුමාරයා වගේ, තවත් ඇසල කුමාරයෙක්.  රජ පවුලක නොවුනත්, කුමාරයෙකු නොවුනත්, තවත් එක රාහුල කෙනෙක්. සම්මත රාමුවලට පයින් ගහලා හතර වරිගෙම කලකිරවපු, විකාරරූපී කොලු ගැටයෙක්, ඒ මං!


Friday, July 17, 2015

සුබ පාලනයක්ද යහ අනාගතයක්ද !

මී ළඟ රජය යහපාලන රජයක් වේ යැයි එකෙක් කියනවා ය, සුබ අනාගත රජයක් වේ යැයි තවෙකෙක් කියනවා ය. එසේ කියනා කියනා එකාට එසේ නොවේ යැයි කියන උන් අම්ම මෝ නැතිව බනින අතරේ සමහරු අත්පුඩි ගහනවාය, එකෙක් දෙන්නෙක් ඕන එකකට හූමිටි තියනවා ය, කලාතුරකින් එකෙක් බකන් නිලන් ඉන්නවා ය. බකන් නිලන් ඉඳලා ඉඳලා, සමහර විට මෙහෙම ඒවාත් ලියා තබනවා ය.


Thursday, July 16, 2015

බොරැල්ල කනත්තේ නිහඬ කතා - කනත්ත හරහා නිහඬව ගමන් කල සිව් හෝරාවක්

සියල්ලෝ මිය යති. අති බහුතරය මළවුන් සේ මිහි වැළඳ ගද්දී ඇතැම්හු දිවි ඇත්තන් සේ තව තවත් සජීවින්ගේ හද වැළඳ ගනිති. එකී හදවත්වල උරුමක්කරුවෝ තම හද රැඳී ඡායාවන්ගෙන් අකුරු සිත්තම් ගොතා සදා නොමැකෙන සේ මං පෙත්වල සනිටුහන් කරති. මේ එකී කතාවල අංශුමාත්‍රයක් හෙවත්, බොරැල්ල කනත්ත හරහා ඇදී ගිය වෙනස් ආරක නෙතක ගැටුන වෙනස් ආරක කතාවයි. 

Sunday, July 12, 2015

පින්තූර කතන්දර 02

සංචාරක ජීවිතේදී ඇස  ගැටෙන  දසුන් උප නෙතේ  ඉතිරි කරන මතක සටහන්වලට පුංචි අදහසක් එකතු කරලා සයිබර් තලයට මුදාහරින උත්සහයේ දෙවෙනි කොටස...

පලවෙනි කොටසට මෙතනින්----->

Saturday, July 11, 2015

වර්ෂපූර්ණයක්-අවසානයක් පසු පස ආ ආරම්භයක්-පුංචි කතාවක්


තවත් එක වර්ෂපූර්ණයක්, තාමත් හිතින් අත ඇරගන්න බැරි අතීතකාමයක්, අවසන් වුන කතාවක අවසන් වුන තැන ඉඳන් පටන් ගත්ත අලුත් කතා කීපයක්.. දෙදෙනෙකුගේ අවසන් හමු වීම දා අලුතෙන් පටන් ගත්ත,අලුත් ආරම්භයක කතාවක්..


ඔන්න එක්තරා කොල්ලෙක් ඉන්නවා.. කෙල්ලෙකුත් ඉන්නවා.. යාලු ෆිට් එකක් තියෙන්නේ,දෙන්නට දෙන්නා පොඩි ක්‍රෂ් එකක් නොතිබී නෙවෙයි අඳුරගත්ත මුල් කාලේ, හැබැයි ප්‍රාථමික ක්‍රෂ් එකකට එහා ෆිට් එකක් ගොඩ නැගෙනවා මේ දෙන්නා අතරේ. හැබැයි දවසක් මේ දෙන්නගේ විහිළුවක් දුර දිග යනවා.. ඒකෙ ප්‍රතිපලයක් විදියට දෙන්නට දෙන්නා "ආ හබියෝ" "ආ වයිෆියෝ" කියලා කතා කරගන්න පටන් ගන්නවා, විහිලුවට.

කොල්ලට මේ කෙල්ල ගැන තිබුනේ මොකද්ද අමුතු හැගීමක්, දැක්ක මොහොතේ ඉඳන් හුරු පුරුද්දක් වගේ දෙයක්, ක්‍රෂ් එකක් වුණාට රාගික හැඟීමක් නෙවෙයි. කෙල්ල හිතන් ඉන්නේ කොලුවා අවුරුද්දක් විතර වැඩිමල් ඇති කියලා, හැබැයි මුන් එක වයසේ.

කොහොමින් කොහොමින් හරි අන්තිමේ මුන් දෙන්නා සෙට් වෙනව.

කතාව මේක නෙවෙයි, හැබැයි ලස්සනම කතාව කියන්න මේ ටික නැතිව බැහැ.

Friday, July 10, 2015

වියපත් ජීවක පෙම්වතියට



සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා මළකඳ
ගැහෙනා එක රුහිරු බිඳක්
ඔබ හා හිනැහෙද බැලුමට


සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා පපුතුර
එදා සෙනේහයෙන් සැතපි
යහනේ සුව කොයි සෙවුමට


සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා හදවත
රස කර ලිව් පෙමකුරු රැස
කොහෙන් ගැලූවෙද සෙවුමට


සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා මළකඳ
ඔබ හා දොඩමලු මුවගට
වදන් ගැලූ තැන් සෙවුමට



මා ඇකයේ හිස හොවාන
ඔබ කන් දුන් හද ගැහේ ද
සැත් තුඩකින් පලන අතර
හෙමින් හොරෙන් බලනු මැනව

Thursday, July 9, 2015

පින්තූර කතන්දර 01

අලුත් වැඩක් හා හා පුරා කියලා පටන් ගත්තා.. සංචාරක ජීවිතේදී ඇස ගැටෙන දසුන් උපනෙතේ සටහන් කරගෙන ගෙදර ඇවිත් පුංචි වචනයක් ඒ වෙනුවෙන් ලියන්න..

ඉතින් මේ තමයි පලවෙනි කොටස.. බුකියට දාන්න හිතාගෙන තමයි හැදුවේ, බ්ලොගේටත් දාන්න හිතුනා.

Sunday, July 5, 2015

වික්ටර්-කොදෙව්ව-මම සහ ඇය (තවත් හිරකරගෙන ඉන්න බැරි කතාවක්)

සමහර මතක ඈතට යවන්න බැහැ.
මරලා දාන්න බැහැ. 

හිතට එන හැම දේම උනත් බොහොම නිදහසෙන් අත ඇරෙන මේ බ්ලොගේට පවා, ගැලපෙයිද නොදන්නා, නමුත් හිතේ හිර කරගන්න රිසි නොවෙන සටහනක්, අද. 
පෞද්ගලික සටහනක්.

Wednesday, July 1, 2015

ඇසළ කුමාරයා ( පුංචි කෙටි කතාවක්)

"මේ කොලුවට බඩගිනි පාටයි..  කන්න මොනා හරි දෙමු.."

අවුරුද්දට දවස් තුන්සිය හැට දෙකක්ම මේ කතාව අහලා හොඳටෝම හුරුයි ඒ කාලේ. වෙසක්, පොසොන්, ඇසළ පෝය දවස් තුන , අවුරුද්දේ තුන්සිය හැට පස් දා වෙනුවෙන් ඉතිරිය ඌණ පූරණය කෙරුවා.

 මහ දවල් පල්ලිය ළඟට වෙලා නාවර පෙරුණු බට්ටෝ ටික එක්ක ඉද්දි ඉගිල්ලිලා ආපු රෝද හතරක් බඩ පිරෙව්වට පස්සේ, රෑ එළිවෙනකන් තනියට හිටියේ කාක්කෝ ලගින මාර ගහ යට කොලපාට බංකුව විතරයි. මාරුවෙන් මාරුවට ආපු බැටන් පොල්ලයි මදුරු රෑනයි නම් හිටපු ගමන් නින්ද උදුර ගත්ත. බංකුවේ නිදාගත්තට බැටන් පොල්ල නාපු දාට ඇඟ රිදෙන්නේ නෑ මෙච්චර. ඌ බීලා ආවොත්, පහුවදා මුළු දවසෙම මට බිම ඉඳගන්නවත් බෑ.


 කමක් නෑ, එදා ඇසල පෝය. පැත්ත පළාතටම ඇසල පෝයට තියෙන එකම බත් දන්සල මේ පාරත් තියේ ය කියලා පරණ බැනර් රෙද්දම සුදු තීන්ත පාරකින් හෝදලා කළු පාටින් කුරුටු ගාලා තිබ්බ. කියවන්න නම් දන්නේ නෑ, හැමෝම කොල්ල, කළුව කියල කිව්වට නමක් නෑලු මට හරියට. ඉතින් නමක්වත් නැති මං මොනා ලියන්න කියවන්නද.

Related Posts Plugin for WordPress, Blogger...