නිමිත්ත කීප අවූරුදු කිහිපයක් එපිට වුනත්, මගේ අතින් ලියවුනු වගේම තවමත් මගේ මතකයේ රැදිලා තියෙන වදන් පෙළක්,රූප රාමුව දුටුවනින් මට මතක් වුනා..ඒ මතකය රූප රාමුවත් එක්කම බ්ලොගියේ සටහන් කරන්නට කල්පනා කළා..
ලදලු නා මල් සැලුන අතු අග..
උසුළ පිනි කැට විසිර ගියා..
විසිරි පිනි බිඳු ගැටුණ මද නල
එක්ව මිතුරුව පැතිර ගියා...
විසිරි පිනි පිරි තුහින මෙන් සිරි
හරිත තණ අග වැතිර ගියා..
තුහින පිණි බිව් හරිත තණ පත
මගේ නෙතගින් ඉතිර ගියා..
කරූ
No comments:
Post a Comment
මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.