Sunday, July 26, 2015

නොවැළපෙනු !

'Cause beyond every bend, there's a long blinding end.


නොවැලපෙනු !

යා නොවුණු මාවතේ.

නොවැළපෙනු !
 හැර ආ මාවත
අතීතකාමයේ ගිලී.
අතිවේග සම්මින්ජයන් කෙලවර
දිසි නොවන එහා ඉම
වේදනාවයි, මා උපරිමය විඳි.


අත හරිනු!

බිඳී ගිය රතු හද.

අත හරිනු!
නොවැළලුනු අතීතය.
අහිමි පෙම
අහිමි කල දේ
පෙමට නිසි වේ දැයි
සෘතු වෙනස වටහනු ඇත.


නො වැළපෙනු 

යා නොවුණු මාවතේ.

නො වැළපෙනු
නුදුටු සුව දසුන ගැන.
අවසන් නොව මැනවි, ඔබ පෙම
අවැසි දා උර බා
ඔබ නමින් සකි අසුන
තවත් මා ලඟම ඇත....


                                (අනුවාදයකි)
                         -කරූ


Weep not for roads untraveled
Weep not for paths left alone
'Cause beyond every bend
Is a long blinding end
It's the worst kind of pain
I've known

Give up your heart left broken
And let that mistake pass on
'Cause the love that you lost
Wasn't worth what it cost
And in time you'll be glad it's gone
Weep not for roads untraveled
Weep not for sights unseen
May your love never end
And if you need a friend
There's a seat here alongside me

-LINKIN PARK-


1 comment:

  1. And if you need a friend
    There's a seat here alongside me...
    .
    .
    සාර්ථකයි..ඒත් මම කැමතියි Linkin ගේ මේ ටික අමුවෙන් අහන්න. :) මම කිව්වේ මගේ කැමැත්ත ගැන හොඳේ. වචන ටික හරි ලස්සනට ගලපලා තියනවා...:)

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...