Wednesday, September 4, 2013

ලින්කන් හා කෙනඩි ඝාතනවල අබිරහස් සමානතා-කෙටි සටහනක්,අනිවාර්ය කියැවුමක්!

මේ කාරනාව සම්බන්ධව මා මුලින්ම දැනුවත් වූයේ වසර කීපයකට ප්‍රථම පාසලේ බිත්ති පුවත්පතක තිබුන ලිපියකිනි. අද මේ පිළිබද මතකය අවධි වූයේ මගේ නිවසේදී පැරණි මිතුරන් දෙදෙනෙකුගේ හමුවීමකදී වූ සතුටු සාමිචියකදී යි.සාමාන්‍යයෙන් එකල බිත්ති පුවත්පතක් යාවත්කාලීන වී ඇති බව දුටු මොහොතේම යාමට ගිය ගමන පසෙක තිබියදී මා එතනට ආසක්ත වන බව මගේ මිතුරන් අතර ප්‍රසිද්ධ කරුණකි.මගේම සොයුරෙකු බඳු සුලක්ෂණ,මගේ ඇස දැන්වීම් පුවරුවක් දෙස හැරී ඇති බව දුටු සැනින් "දැන් ඉතින් ඉවරයි" කියන්නේ මා එහි රැඳුනහොත් කෙලෙසින්වත් නැවත කැඳවාගෙන යා නොහැකි බව දන්නා හෙයිනි.විවේක කාලය හා ඇතැම්විට මීළඟ කාලචේදය පසුවන තුරු යලිත් පන්ති කාමරය වෙත යාම අමතක කරවන රසයක් මේවාගේ තිබිණ. එකල මගේ ප්‍රියතම (පසුකාලීන පරිපාලනයන්ගේ මහිමයෙන් නන්නත්තාර වී ගිය) බිත්ති පුවත්පත වූයේ හෙළ සිසු හවුලේ දැන්වීම් පුවරුව යි.එකල එහි පල වූ අදහස් කෙතරම් තියුණු හා මතභේදාත්මක මුහුණුවරක් ගත්තේද යත්,කී වරක් මේ පුවත්පතට ප්‍රහාර එල්ල කොට විනාශ කෙරුනේදැයි මටද නිනව් නැත.

මෙකී පුවත සොයා වාර්තා කර තිබුනේ එක්තරා 10 වසර පන්තියක්(මා ඊටත් කුඩා කලදී) විසින් පවත්වාගෙන ගිය බිත්ති පුවත්පතකය. එය පිහිටා තිබුනේ දැනට ඉවත්කර දැමීමට යෝජිත මුවර් ගොඩනැගිල්ලේ කුලරත්න අන්තය දෙසිනි. නැවතත් අන්තර්ජාලය පීරා එකී කරුණු කාරනා මෙපරිද්දෙන් සොයා බ්ලොග් සටහනට ඇතුලත් කිරීමට කල්පනා කලේ එහි ඇති ගුප්ත රසය ඔබ සමගින්ද බෙදාගන්නා අරමුණෙනි.

ජෝන් ඇෆ්.කෙනඩි හා ඒබ්‍රහම් ලින්කන් යනු ඇමරිකානු ජනාධිපතිවරුන් දෙදෙනෙකු බව අමුතුවෙන් නොකිව මනා ය.එයින් ඒබ්‍රහම් ලින්කන් යනු ජාතිකත්වය පසෙකලා මුහු මහත් ලෝකයම විසින් ගෞරවයෙන් සිහිපත් කරන ශ්‍රේෂ්ට මිනිස් චරිතයකි.නමුත් අවාසනාවකට මෙම ජිවිත දෙකම කෙලවර වූයේ අමු ලේ වැගිරවීමකිනි. මෙම ජීවිත කතා දෙකෙහි ඉතාමත් සිත්ගන්නාසුළු 100 ඉලක්කම වටා ගෙතුණු සමානතාවක් ඇත.



ලින්කන් කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1846
කෙනඩි කොන්ග්‍රසයට තේරී පත් වුනේ 1946

ලින්කන් ජනාධිපතිවරණය ජයගත්තේ 1850
කෙනඩි ජනාධිපතිවරණය ජයගත්තේ 1950

ලින්කන් ජනපතිවරයාගේ ලේකම් : කෙනඩි 
කෙනඩි ජනපතිවරයාගේ ලේකම් : ලින්කන්

දෙදෙනාගේම ලේකම්වරු එම ගමන නොයන ලෙස කලින් අනතුරු ඇඟවූහ.


ලින්කන්ට පෙර ජනපති : Andrew Johnson
කෙනඩිට පෙර ජනපති : Lyndon Johnson

ලින්කන්ට පෙර සිටි ජනපති උපන්නේ : 1808
කෙනඩිට පෙර සිටි ජනපති උපන්නේ : 1908

ලින්කන් ඝාතකයා උපන්නේ :  1839
කෙනඩි ඝාතකයා උපන්නේ :   1939


ලින්කන් ඝාතකයා- රඟහලේ සිට ගබඩාගාරයකට පැන ගිය පසු හසු විය
කෙනඩි ඝාතකයා-ගබඩාගාරයක සිට රඟහලකට පැන ගිය පසු හසු විය

ලින්කන්ට වෙඩි වැදුනේ : ෆෝඩ් රඟහලේදී
කෙනඩිට වෙඩි වැදුනේ : ෆෝඩ් රථයකදී


Lincoln යන නමේ අකුරු ගණන 7
Kennedy යන නමේ අකුරු ගණන 7


  • දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදී මිය ගියහ.

  • දෙදෙනාම ඝාතනය වූයේ සිකුරාදාවකය

  • දෙදෙනාටම වෙඩි තබා ඇත්තේ හිසටය,දෙදෙනාම එවෙලේ සිට ඇත්තේ තම බිරින්දෑවරු ඉදිරිපිට ය.

  • ඝාතකයන් දෙදෙනාගේම නම් 3කින් සමන්විතය,දෙදෙනාගේම නම්වල මුළු අකුරු 15කි.

  • ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයට ප්‍රථම ඝාතනය විය.



කෙසේ වුවද ලින්කන්ට කෙනඩි නම් ලේකම්වරයෙකු නොසිටි බවත්,එම කරුණ කටකතාවක් බවත් මම තැනක දිටිමි.එනමුත් කෙනඩි ජනපතිවරයාට ලින්කන් නමින් ලේකම්වරයෙකු සිට ඇත.

22 comments:

  1. හරිම රසවත් මලේ . එවගේම සෑහෙන්න පුදුම සහගතයි.

    අර කුලරත්නෙ පැත්තෙ තිබුන බිත්ති පුවත්පත් දෙක නම් අප්ඩේට් උනේ සෑහෙන කාලෙකට සැරයක් . සමහර වෙලාවට දාන පත්තර කොටස් වල වර්ණයන් අව්වට පිච්චිලා නැතුව යනකම්ම ඒව එ විදියටම තිබුනා.. හෙල සිසු හවුලෙන් කරපු දැන්විම් පුවරුව නම් කාලයක් ඉතාම හොදට කරගෙන ගිහින් තිබුනා. මම පෞද්ගලික අකමැති මාතෘකාත් ඒකෙ ගියා රාවණා රජතුමා ගැන එහෙම තියන.. කෙසේ නමුත් මේ කරුනු , සාකච්චාවට නැවත ගැනෙනෙ එක ; සාමන්‍ය දැනුම වගේම මෙවැනි දේවලුත් ලෝකෙ වෙලා තියනව නේද කියන එක පිලීබද දැනුවත් කිරිමක්.. අගෙයි

    ReplyDelete
    Replies
    1. අර කළුතර බ්‍රාන්ච් කියල කල එක නම් වැඩක්ම නෑ,අනිත් එක නම් හරිම සාර්ථකව කරගෙන ගියා සමී අයියේ, ඕවගේ වර්ග දෙකක් තිබ්බා, ලේ පුච්චන නෝටිස් බෝඩ් හා ලේ පිරිසිදු කරන නෝටිස් බෝඩ්! ලේ පිරිසිදු කල ඒවාගෙන් ඕකයි,හොස්ටල් එකේ කැටපත් පවුරයි ඉහලින්ම ඉන්නවා. හොස්ටල් එකේ තමයි ආතල් කෑලි තියෙන්නේ බිග් මැච් කාලෙට.. :D

      Delete
  2. උඹ ඒක රසවත්ව කියල තියෙනවා. මම මේ ගැන ආටිකල් දෙක තුනක්ම කලින් බලල තිබුනා නැත්නං උපරිම රසය ගන්න තිබුනා අල්තයිර්.. හොද වෑයමක්...

    ReplyDelete
    Replies
    1. මේ බාසා රටාවෙන් එකක් බ්ලොගේට දැම්මමයි.. බලමු දේසකතුමෝ ඉස්සරහට,අදහසට ගොඩක් ස්තුතියි.

      Delete
  3. දෛවයේ සරදමක් තමයි නේද? මට මතකයි මම මේක කොහෙදෝ කියෙව්වා කාලෙකට කලින්.

    ReplyDelete
    Replies
    1. දෛවය කාට කාටත් සරදම් කරනවා ඩූඩ් අයියේ, ජිවිතේ කොයි වෙලාවක හරි සරදම් වෙනෝ,ඒත් දෛවය කල අවසානම කටයුත්තත් සරදමක් ඉතින් ගොඩක් අවාසනාවන්තයි. ලංකාවේ "රජවරුන්ටත්" හොඳ පාඩම්!

      Delete
  4. ගොඩක් ස්තුතියී මල්ලී...

    හරිම පුදුමයි..ගොඩක් සමානතා තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. අද නෙ දැන ගත්තේ.

      Delete
    2. සමානකම් අසමානකම් තරාදියකට දැම්මොතින් අසමානකම් බර වැඩියි, හැබැයි තියෙන සමානකම් පොඩ්ඩ දිහා බැලුවම හරිම පුදුමයි.. මේක දැක්ක මුල් දවස්වල මේක හරි අද්භූත රසයක් උනා මතකයි. ස්තුතියි රෙහානි අක්කටයි දිලිනිටයි(අක්කද නගාද මචන්ද දන්නේ නෑ, ධාරාට අක්කේ කියන්න ගිහින් නොන්ඩි වෙලා ඉන්නේ) :D

      Delete
  5. මාත් අහල තිබුන බොහොම ඉස්සර. සිද්ධීන් කෝටි ගනනක් අතරින් දෙකක් මේ වගේ වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඒ සිද්ධි දෙකම එකම රටේ ජනාධිපතිවරු දෙන්නෙක්ගේ වුන එකමනේ පුදුමේ.. රාජ්ව සාදරයෙන් පිලිගන්නවා අඩවියට.. ජය වේවා!

      Delete
  6. මම නම් අදමයි ඇහුවේ .. පුදුමත් හිතෙනවා .. මේවා මේ විදිහට සිද්ද වෙන එක ගැන ... දිගටම මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනෝ ... අද ඉදන් මම එනවා නිතරම මේ පැත්තේ ... ජය හෝ ..

    ReplyDelete
    Replies
    1. ලද සැනින් එසැනින් ගේන්නම්කො මේ වගේ රස කතා.. එහෙනම් සුළඟ සුළඟක් වගේ ඇවිද යන්නකෝ මගේ විජිතයේ! (සින්දුවක පේලියක් ඈ!) ජායි හෝ!

      Delete
  7. මාර පුදුමයිනේ........ ඒ තව මෙහෙම සීන් හොයල දාන්නකො...

    ReplyDelete
    Replies
    1. ලද සැනින් එසැනින්ම ගේන්නම්කො යසියෝ,ස්තුතියි මේ පැත්තේ ආවාට..

      Delete
  8. අවුරුදු 20කටත්කලින් විජය පත්තරෙන් කියවලා දැනගත්ත දේ උඹ ආයේ අළුත් කලා

    ReplyDelete
    Replies
    1. අටං ලොවට අධිපතිධාරී අටං තුමා මගේ බ්ලොගේට ඇවිත්! සාදරයෙන් පිලිගන්නවා අටන්තුමෝ! ;) :D
      එළ එළ,තව මේ වගේ දේවල් පල කරන්නම්කො,මීට අවරුදු හය හතකට කලිනුත් ජාතික පුවත්පතක මේ ගැන පළවුනා..

      Delete
  9. මේ ටික කොහෙන් හරි අහලා තිබුනා ,එත් අමතක් වෙලයි තිබුනේ , මතකය අලුත් වුනා ආයෙමත් ස්තුතියි.....පුදුම සමානකමක් ....මොකකද බං අල්තයිර් කියන නමේ තේරුම

    ReplyDelete
    Replies
    1. අල්තයීර් කියන්නේ මේ ගේම් එකක ඉන්න බුවෙක්,ඉතිහාස කතාවක් වටේ ගෙතුන ගේම් එකක්.ඔය අල්තයීර් කතාවේ අල ගිය තැන් මම දැම්මා මෙතන,ඔන්න බලන්නකෝ! http://karuugesithroo.blogspot.com/2013/08/blog-post_23.html

      Delete
  10. මම කියවලා තිබුන ලිපියට වඩා රසවත් මේ පෝස්ට් එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ, ඔන්න අරූ කිව්වට තරහ වෙන්න එපා,ආදරේට වගේ නම පොඩ්ඩක් කොට කරගත්ත! :D
      (රෙද්දේ ආදරේ!හික් හික් ටයිප් කරන්න කම්මැලියි නෙව අඩවි කෑල්ල! එකයි! )

      Delete
  11. කලින් බලල තිබුනත් සෑහෙන්න ලස්සනට ලියල තියෙනවා. මම මීට කලින් මේ සයිට් එකට ඇවිල්ල තියෙනවද?
    කෝරලේ වලව්ව

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...