Tuesday, May 28, 2013

සුදු වැලි පාර...


අප්පච්චිට ලියුමක්...



මතකද, මම පුංචි සන්දියේදී.. අපේ ඉස්කෝලේ අද්දරින් වැටිලා තිබ්බ සුදු වැලි පාර දිගේ මම දුවගෙන එනකන් ඔයා බලං ඉන්නවා? මට හොඳට මතකයි අප්පච්චියෝ. නිල්පාට හැට් එක එක්ක ලොකු කන්නාඩි කුට්ටමත් වරද්දන් නැතුව දාගෙන ඇවිල්ලා,මම එනකන් ඔයා බලං ඉන්නවා. මට පෙන්නේ නෑ ඔයා බලං ඉන්නේ කොහෙද කියලා,ඒ ඇස් කන්නාඩි කුට්ටමට වැහිලා දිස්නේ දුන්නට,මම දන්නවා ඒවා බලාගෙන ඉන්නේ මං එනකන් කියලා.සුදු වැලි පාර උඩහට ගියාම තියෙන වෙරළු ගහ,මතකද අප්පච්චි ඔයාට? හවසට ප්‍රිෆෙක්ට් කෙනෙක් දානවා අපේ ලොකු සර්,අපේ එවුන්ට වෙරළු ඇහිදින්න යන්න දෙන් නැතුව හිර කරන්න.  එත් කවදාවත්ම ඒ ප්‍රිෆෙක්ට්වත් ලොකු සර්වත් දැනන් උන්නේ නෑ,ගොඩක් දවස් වලට වෙරළු ඇහිඳලා මගේ යාලුවන්ට බෙදන්නේ අපේ අප්පච්චි කියලා. ඔයා කොල්ලන්ට දාල තිබ්බ නම් මතකද අප්පච්චි? මගේ පරණ ඉස්කෝලේ ඒ යාලුවන්ගේ ඇත්ත නම් අද වෙද්දී මට මතක නෑ,හැබැයි ඔයා දාපු නම් මට හොඳට මතකයි..මතකද අප්පච්චි ඔයාට බී.ජී.ව? මට අවරුදු ගානකට පස්සේ හම්බුනා මේ ලඟදි.. . මතකයිද,අම්ම අපිට බනිනවා ළමයින්ට නම් හදන්න එපැයි කියලා? අපි නම් නෙවේ ඒ වැඩ නැවැත්තුවේ,නේද මගේ අප්පච්චියෝ.. ඔක්කොමත් හරි, මම දුවගෙන ආපුවාම මව උස්සල බයිසිකලේ ඉන්දවගන්නවා ඔයා.. මට නැගගන්න බෑ ඒ කාලේ. ඉන්දවගෙන මුලින්ම කරන්නේ ඔයාගේ අත යට හන්ගන් ඉන්න නිල්පාට හැට් එක මට දාන එක. මතකයිද අප්පච්චි ඒ කාලේ ළමයි අපිට විහිලු කරනවා මාළු තොප්පි දානවා කියල? දැන් කාලෙනම් ඔන්න කියයි මින් ජුන් හෝ වගෙයි කියල. ඒකට අපි නම් නෙවේ අපේ තොප්පි ගැලෙව්වේ. ඔයා හෙමීට පදිනවා බයිසිකලේ, මම අම්මට හැමදාම ගතු කිව්වා හෙමින් පදින්නේ කියලා.. මතකද අප්පච්චිගේ බයිසිකලේට මම දාල තිබ්බ නම? ඉබ්බ බාගේ,ඉබ්බාගේ වේගෙනුත් බාගයයි.

අම්මට ඉස්කෝලේ ඇරෙන්නේ දෙකට.එයා හෙමින් හෙමින් ගෙදර එනකොට ඉතිං තුනවත් වෙනවනේ.එතකන් මම ඔයාගේ ඔඩොක්කුවේ ඉඳන් කතන්දර අහපු හැටි මතකද අප්පච්චියෝ? ගාල්ලේ ඉන්න කාලේ කරපුවා,දරුමදාසගේ කතන්දරමහවැලි අධිකාරිය,ජල විදුලිය..,ඇයි ඉස්කෝලේ බිග් මැච් එක,පැරඩ් ගියපුවා? මට ඒ කාලේ ඒ දේවල් හරි අමුතුවට දැනුනේ අප්පච්චෝ,ඔයා දන්නවනේ,මම ගිය පුංචි ඉස්කෝලේ එහෙම දේවල් නැතෙයි කියල.ඔයාගේ ඔඩොක්කුවයි අම්මගේ ඔඩොක්කුවයි හරිම වෙනස් අප්පච්චි.දැනෙන විදිය,සුවපහසුව හරිම වෙනස්.එහෙම බැලුවොත් මම අම්මට තමයි වැඩිපුර කැමති.එත් අප්පච්චිත් හරිම ශෝක්.ඔයා ගාව දැනෙන සුවඳයි,අම්ම ගාව දැනෙන සුවඳයි හරිම වෙනස්.එත් ඒ දෙකටම මම ආසයි කියල කවදා හරි දැනිල තිබ්බද අප්පච්චෝ? හැබැයි ඔය දෙන්නම මට ගැහුවා. මට වැඩියෙන්ම ගහල තියෙන්නෙත් ඔයයි අප්පච්චි,ඔන්න ඔන්න මාත් එක්ක තරහ වෙන්න එපා ඉතිං. අම්ම මට ගහන්න පේර කෝටුව කඩලා ගෙනත් තිබ්බම,ඒක හොයාගෙන මට පෙන්නලා "අපි මේක කඩමු පුතා-ජී" කියපු හැටි මට අමතක නෑ ඉතිං. අපේ අම්ම නෙවේ නේද එකෙන් සැලුනේ,අපි දෙන්න කඩන්න කඩන්න එයා ගෙනත් හංගනවා මට ගහන්න. අන්තිමේදී බැරිම තැන තමයි මම පේර ගහ කපන්න ගියේ.චන්ඩියා වගේ ගියාට මට බෑ ඒක කපා ගන්න.ගහන ගහන පිහි පාරට පොත්ත යනවා විතරයි ගහේ,ඔන්න ඊට පස්සේ තමා දවසක් මම ඉස්කෝලේ ඇරිලා එනකොට පේර ගහ ඔයා කපල තිබ්බේ. එක දැක්කම මගේ මූණ, අම්මේ...

ඔයා හරිම කලුයි.අම්ම නම් සුදුම සුදුයි.ඔයත් සුදු උනා නම් මටත් මීට වඩා සුදු වෙන්න තිබ්බනේ කිව්ව එකට ඔයා මාත් එක්ක තරහ නෑ නේද අප්පච්චි? ආ, දන්නවද? මේ ලඟදි මම ගත්ත ෆොටෝ එකක් ටිකක් කළුවරේ, එකේ ඉන්නේ මම නෙවෙයි අප්පච්චි ඔයා.ඔව් ඔයාම තමයි ඒ ඉන්නේ,මම නම් නෙවේ.ඒ මූණ,ඒ පාට එහෙමමයි අප්පච්චි.හැබැයි ඔයා වගේ හිනා වෙන්න මම දන්නේ නෑ,ඒ හිනාවෙ සිරියාව මට කවදාවත් අමතක වෙන එකක් නෑ.අමතක වෙන්න? මම මේ මොනවද මන්ද කියන්නේ.. මගේ අප්පච්චි හිනාවෙද්දි  කවදාවත් දත් පෙන්නන්නෙත් නෑ,කවදාවත් සද්දෙට හිනා වෙන්නෙත් නෑ. අනේ, මටත් ඔයා වගේ වෙන්න ඇත්නම්.. මහින්දෙ ටයි එක දාගෙන,වයස දාහතේදී ගත්ත පින්තුරේ ඔයාට මතකද අප්පච්චි?එක දැක්කම මගේ ඊරිසියාව,මට නම් මේ කපේදී එහෙම ලුක් එකක් ගන්න බෑ අයියෝ.. ඉතිං කියන්න,මං නොට්ටිගේ පුතා තමයිද කොහෙද..

කාලය ගොඩක් දේවල් වෙනස් කළා නේද අප්පච්චි? මම අන්තිමට කොළඹ රටට ආවා.ඉගෙන ගන්න,ලොකු මහත්තයෙක් වෙන්න. හොඳ මනුස්සයෙක් වෙන්න පෙරුම් පිරුවට පිය-පුතු ගැටුම කියන්නේ ලෝකේ සදාතනික ධර්මතාවක් කියලා මට ඒ කාලේ තේරුනේ නෑ අප්පච්චි.ඒ කාලේ ගෙදර වැඩියෙන්ම වලි දාගන්නේ අපි දෙන්න.මතකයි නේද?සමහර වෙලාවට අම්මට වත් බේරගන්න බෑ. අපි තරහ උනා,යාලු උනා.කාලෙත් ඒ එක්කම ඉගිල්ලුනා අප්පච්චි. දවසක් මම ගෙවල් පැත්තේ ආව කොළඹ රටේ ඉඳන්.ඔයා ගෙදර නෑ.ඒ මදිවට අපි තරහත් වෙලා.. මම එන්න ආවා,ටවුමේදී මම දැක්කා අප්පච්චි ඔයාව. මෙච්චර වෙලා මම කිව්ව හැමදේම ඔයා දැනන් උන්නත්, මම එදා එවෙලේ ඔයාව දැක්කා කියල අදටත් දන්නේ නෑ නේද අප්පච්චි? මම දැක්ක ඔයා,පාරේ අනිත් පැත්තෙන් හුළඟ වගේ වේගෙන් යනවා.මම ආව කියන ආරන්චියටවත්ද? මම ලඟම තිබ්බ වාහනේකට මුවා උනා.ඔයා නොපෙනීම යන්න ගියා අප්පච්චි.. මම ඔයාව දකින අන්තිම දවස එදා කියල මම දැනන් උන්නනම්?

මම ඔයාට ආදරෙයි අප්පච්චි. මම කවදාවත් එහෙම කියලා නැතුව ඇති ඔයාගේ කන් දෙකට ඇහෙන්න.එහෙම කියන්න අවස්තාවක් මට ලැබෙන්නත් නැතුව ඇති,ආයේ එන එකකුත් නෑ අප්පච්චි.ඔයාගේ කට හඬ මගේ හදවතින් ඈත් වෙලා තිබුනත්,ලඟදි හීනෙන් මාව බලන්න ඇවිල්ල කියපු දෙයින් ඒ කට හඬ ආයෙත් මට දෝංකාර දිදී ඇහෙනවා අප්පච්චි,ඇත්තමයි..ගෙදර යන වෙලාවට ඔයා ආපහු ඇවිල්ල ඇතී කියන අහිංසක බලාපොරොත්තුවෙන් මම අවරුදු ගානක් මග බලං උන්න මගේ අප්පච්චි,ඔයා කවදාවත් ඇවිත් තිබ්බේ නෑ.. මගේ හිතේ ඒ ගැන කහටක් නෑ අප්පච්චියෝ, ඉන්න තැනක හොඳින් සතුටෙන් ඉන්න.මට ඕනා එච්චරයි. කොල්ලෙක් විදියට මට ඔයාව ඕනම කරන කාලෙක.... නෑ. එව ඕනේ නෑ. මාව මතක් උනොත් ආයේ දවසක හීනෙන්වත් එන්න අප්පච්චි,මම බලං ඉන්නවා..


                                                                                         මම ඔයාගේ එකම,
                                                                                              "පුතා-ජී"

35 comments:

  1. පුතෙකුගෙන් පියෙකුට යවන්න පුළුවන් සංවේදී ලියමනක්. හිතට හුඟක් තදින් වැදුණා. කියලා තියෙන හුඟක් දේවල් මගේ ජීවිතේටත් ඔය විදියට ම අදාළ යි, කරූ :) ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි ධාරා,, :) ජය ශ්‍රී!

      Delete
  2. හරිම සංවේදියි මලයා මෙ සටහන..පිය සෙනෙහස වදනට නංවන්න හරිම අමාරුයි..උඩ පිංතුරෙත් මරුම තමයි.

    ReplyDelete
    Replies
    1. ලියන්න ගිහින් තුන් පාරක් මග නැවතුනා මේක,එකම රෑක.. :)

      Delete
  3. පොඩි එකෝ, මේ උඹම ලිව්ව කතාවක්ද? එහෙම නම් ආයෙ කියලා වැඩක් නෑ. මාරම ගති. වැදුනා වැදිල්ලක් ආයේ බොක්කටත් එහා යන්න. ඇත්තෙන්ම මම අන්තිම ඡේද දෙක කියවන්න කලින් මට මීටින් එකකට යන්න වුනා. ඊට පස්සෙ මේ ස්ප්‍රෙඩ් ෂීට් වගයක් එක්ක ඔට්‍ටු අල්ලන්න වුනා මේ ආයේ ආවේ පැය තුනකින් විතර. මට උඩ කොටස ආයේ කියවන්න අවශය වුනේ නෑ. ඒ තරම් හිතට කා වැදිලා තිබ්බේ.

    මම ආවේ මගේ ඩෙනිමේ උඹ දාලා තියෙන කමෙන්ට් එක හරහා පොඩි එකෝ. මම තාම අනිත් පෝස්ට් කියෙව්වේ නෑ. ඒවත් කියවන්න ඕනෙ.

    එක යෝජනාවක් තියෙනවා. මොකක්ද බං මේ නම් බී පී කරු? ඊට නරකද ඔය බී පී දෙකෙන් එකකින් එන නම දැම්මා නම්? මේක හරිම ඔෆීෂල් පාටයි, හරියට කොටි සාමාජිකයෙකුගෙ නමක් වගේ. අර නම් දෙක කියමු බලන්න?

    ඊ ලඟට, උඹ පොඩි එකා හන්දා හැම තිස්සෙම බ්ලොග් වලම එල්ලිලා පාඩම් වැඩ හෙම අතපසු කරගන්න එපා, හොඳද? ඒකත් කරපං. මේකත් කරපං.

    මගෙ profile එක Henry Blogwalker වුනාට මගේ නික්නේම් එක ඩූඩ් (Dude). උඹටත් කිව්වෑකි ඩූඩ් කියලා.



    ReplyDelete
    Replies
    1. Dude අයියගේ නම මම දැක්කා සචින්ගේ මතක මාවතේ පැත්තේ එහෙම :D බින්දුවක් නෑරම මගේ වචන ඩූඩ් අයියේ :D අයියගේ අදහස් දිහා දැක්කම මට පුදුම සතුටුයි, කෙනෙක්ගේ හිතට වදින විදියට දෙයක් ලියන්න පුළුවන් වුන නිසා :) ඒ ගැන මගේ අහිසක සතුට පිලිගන්නකෝ :D

      මේක කරූ කියල විතරයි ඩූඩ් අයියේ තිබ්බේ,මේ G+ අකවුන්ට් එකක් මේකට ලින්ක් උනා මොකද්ද එකක් කරන්න ගොහින්,ඊට පස්සේ ඉදං මේකට තනි වචනෙක නමක් දාන්න බෑ නෙව :( සීයක් එකක් මගේ නික් නේම් අතරෙන් එකක් දාන්නම්කො දහය විස්ස කියලා.. :D

      මේක මම නිදහස් වෙලාවට ගන්න පුංචි පහේ ආතල් එකක් ඩූඩ් අයියේ, අවරුදු ගානක් තිස්සේ බ්ලොග් කියෙව්වට මගේ එකක් පටන් ගත්තේ ළඟදී.. අනිවාර්යෙන්ම මම මගේ ජීවිතේට පදනමක් දාගෙන ඉන්න නම් ඉගෙනගන්ට එපැයි :D එකත් කරනවා උපරිමෙන් :D

      අනිත් පොස්ටු ටිකත් කියවලා හොඳද බලන්ටකෝ, මේ ජාතියේ ලිවිලිවලට මම අලුත් නිසා වැරදි ඇති අම්බානක් :D මේ පැත්තේ ආවට අදහස් දැක්වුවට ස්තුතියි ඩූඩ් :D ආයේ එන්ටකෝ මේ පැත්තේ,, ජය වේවා!!

      Delete
    2. ගූගල්+ ප්‍රොෆයිල් එක අවශ්‍ය නමට එඩිට් කරන්න එතකොට හරි. මගේ නම ගැනත් පොඩ්ඩක් කියන්නම්. ඒ මගේ නමේ මුල් අකුරු තුන වචනයක් කරලා හදා ගත්ත එකක්. ඔයාටත් බැරිද එහෙම කරන්න ? බී පී කේ කිව්වාම ඉන්දියාවේ බී.ජේ.පී. වගේ නේ.

      Delete
    3. g+ එකේ අවුල තියෙන්නේ තනි නමක් දාන්න බැරි කම නොවෑ :( මම ඒ අවුල ගිය වෙලේ දෙපාරක් නොහිත දාපු නමක් මේක, වෙනස් කරන්නම ඕනා සුබ වෙලාවක් බලලා :D

      Delete
    4. පොඩ්ඩෝ, G+ එකේ නම වෙනස් කරන්න පුලුවන් යම්තාක් දුරකට. උඹ help එක කියවලා බලාපං. ඒකත් නිශ්චිත කාල සීමාවක් ඇතුලත, නිශ්චිත වාර ගනනක් යම් සීමාවක් ඇතුව. නමුත් මේක කරන්න පුලුවන්. සර්නේම් එකට කරුණාරත්න දාපං. ඒක තමයි පළවෙනි අවුල. අනිත් නම් වලට මුල් අකුරු නොදා නම දාපං. ෆස්ට් නේම් මිඩ්ල් නේම් වලට බුද්ධි පී වලින් එන නම නැතිනම් බඩියා නැතිනම් බුද්ධි පී කරුණාරත්න වගේ හිටින්න දාපං.

      අනිත් එක name you want to appear as වගේ option එකක් ඕකෙ තියෙනවා නේද? පොඩ්ඩක් කූරු ගාලා බලාපං පැටියෝ.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. අයියෝ බන් මුලු කමෙන්ට් එකක්ම ගහලා ගියානෙ.. පිස්සුවක් කෙලින්න ගිහින්.. බොහොම අමාරුවෙන් ඒක ටයිප් කලේ .. බලපන් ඊමේල් එකටවත් ඇවිත්ද කියලා..

      මේක ට්‍රයි කරන්නම වෙනම ප්‍රොෆයිල් එකකුයි, ටෙස්ට් බ්ලොග් එකකුයි හැදුවා අන්තිමට ඒකෙන්ම කමෙන්ට් එකත් පබ්ලිශ් වුනා.. ඇවිත් නැත්නම් කියපන්.. ආයෙ හදලා දාන්නම්..

      Delete
    7. ඩුඩ් අයියටයි සෙන්නා අයියටයි පිං මේ විස්තරේ කිව්වට.. සෙන්නාගේ කොමෙන්ටුව මේල් එකට ඇවිත් තිබ්බා හොඳ වෙලාවට.. :D මම හිතන්නේ ආයෙත් බ්ලොගර් ප්‍රොෆයිල් එකම දාගන්න එක තමා හොඳ කියලා.. මම ඒ පිළිවෙලට ගිහින් බලන්නම්කෝ හදාගන්න පුලුවන්ද කියලා.. ලොකු උදව්වක් සෙන්නා අයියේ, මම දෙන්නම් ට්‍රයි එක.. :D

      Delete
    8. එලම තමයි!!! නම වෙනස් කර ගත්තා පරණ එකටම!! සෙන්නාට හා ඩූඩ්ට මාගේ ප්‍රණාමය!!!!! :D

      Delete
  4. Ahinsaka puthek appachchi wenuwen liyapu sanweadimaa...appachchige adarea senehasa mulu hethatma danena lipiyak...B.


    JAYA WEWA...!!!

    ReplyDelete
    Replies
    1. බුකියේ ඉන්බොක්ස් එකෙන්නේ දැනගත්තේ කවුද මේ ඇනා කියලා.. :D ස්තුතියි රංගනා :D ආයේ එන්නකෝ මේ පැත්තේ :D

      Delete
  5. ඇඩෙන ලියුමක්නෙ.. අන්තිමට ඇස් දෙක තෙමුනා..

    හැබැයි මේක කියවද්දි මට වුනෙ මගෙ තාත්තව මතක් වෙනවට වැඩිය, මමත් මගෙ පුතාට මේ වගේ අප්පච්චියෙක් වෙන්න ඕනා කියන එක දැනිච්ච එකයි..

    පාර කිව්වේ... හෙන්රි බ්ලොග්කරක්ගහන්නා ද ඩූඩ් :D

    ReplyDelete
    Replies
    1. මම කුරුන්ද පැත්තේ හේම මීට කලින් කරක් ගහල තියෙනවා ඔන්න! සෙන්නාව මම දන්නවා ඒ හින්දා :D එහෙනම් ඩූඩ් අයියට දෙපාරකුයි සෙන්නාට එක පාරකුයි තැන්කිව් වෙන්න ඕනා ඔන්න :D ආයේ එන්නකෝ මේ පැත්තේ :D

      Delete
    2. ඒකත් එහෙමද... ආවට ඉතින් කමෙන්ට් එකක් දැම්මොත් විතරනෙ දැන ගන්න හම්බෙන්නෙ ආවා කියලා.. මමනම් මීට කලින් දැකලා නැද්ද මංදා !

      එමි එමි.. ඕන් බ්ලොග් රෝලෙත් එල්ල ගත්තා.. :D

      Delete
    3. මේකනේ සහෝදරයා මම දුරාතීතයේ ඉඳන්ම බ්ලොග් කියෙව්වේ සැම්සුන් කෝබි කටුවකින්.. සිංහල කොමෙන්ටු කෙටුවම ඒවා කියවන එකාට වෙනම ගානක් දෙන්න වෙනවා :O මේ ඊයේ පෙරෙයිදා තමා කොම්පීතරෙන් බ්ලොගවල සැරිසරන්න ගත්තේ :D දැන් අනිවා ඩෙෆා කොටනවා :D

      Delete
    4. නෑ නෑ අවුලකට කිව්වා නෙමේ.. මම කිව්වෙ ඉතින් කමෙන්ට් එකක් දැම්මොත් විතරනෙ කවුද ආවෙ කියලා දැනගන්න පුළුවන්.. කමෙන්ට් නොකලත් මොකද ඉතින් කියවලා යනවනම්..කියවන්ඩනෙ ලියන්නෙ...

      Delete
    5. එකෙන්ම සහෝදරයා, ඔබේ බ්ලොගේ හරිම රසවත්, මම බුක් මාක් ගහන් ඉන්න බ්ලොග අතලොස්සෙන් එකක් ඒක :D ජය වේවා! තවත් රසබර දේ ලියන්න..

      Delete
  6. ඩූඩා ගේ හඳුන්වාදීමෙන් තමයි ආවේ. කියල වැඩක් නෑ සුපිරියි. මේක කතාවක්ද ඇත්තමද ? කියන දෙගිඩියාව හිතට ආවා. කොල්ලෙකුට තාත්තා පේන විදි වයසත් එක්ක වෙනස් වෙනවා නේද? තාත්තා වීරයා, හතුරා, මිතුරා වෙන කාල තියෙනවා. අන්තිම ටිකේ කඳුළු එන එක වලක්වන්න බැරි මම සංවේදී හින්දද ? නැත්නම් හැමෝටම මෙහෙමද ? ඩූඩා ගෙන් අහල වැඩක් නෑ. ඌත් මම වගේමයි. සුබ පතනවා යහපත් ඉදිරි ගමනකට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියේ සුදීක මේ පැත්තේ ආවාට වගේම අගය කිරීමට :D මේක ලේබලේ "සිහින" නෙව. ඒ හින්දා මේක මම දැකපු සිහිනයක් වෙන්නැති. :) ඔව්,වයසත් එක්ක හිතන පතන විදිය වෙනස් වෙනවත් එක්ක තාත්තා කියන චරිතේ දැනෙන විදිය වෙනස් වෙනවා.. තාත්තා චරිතය හතුරා-මිතුරා වේවි ගත වුන කාලය බොහොම ඉක්මනින් මගේ ජීවිතෙන් ඉගිලිලා ගිය සංවේදනය මේ ලිපියෙන් එලියට ආවා වෙන්න ඕනේ.

      Delete
  7. අඩේ.. හැමෝම මං කියන්න ආව ටික කියලනෙ බං.. මක් කොරන්නද?? :/

    ගොඩාක් සංවේදී ලිපියක් මචං.. පිය සෙනෙහස පිටතට පේන්නෙ නෑනෙ බං කොහොමත්.. තාත්තා කෙනෙක් කියන්නෙ මහා සාගරයක් වගේ ආදරයක් හිතේ හංගගෙන ඒකෙන් ටිකක් විතරක් එලියට දෙන කෙනෙක්..

    දැන් උඹේ බ්ලොගේ ගොඩක් වැදගත් ඩේ ලියවෙනවා.. හැම දේකින්ම හොඳ පන්නරයක් අරගෙන ඉස්සරහටත් ලියපං.. අපි හැමදාම සිත් රූ එක්ක ඉන්නවා.. :ඩී ජය ශ්‍රී!!!!!!

    ReplyDelete
    Replies
    1. එකනේ එකනේ මලයා ඔබේ පිටපත අදම වෙන් කරවාගන්න කියන්නේ ;)

      සම්පූර්ණ ඇත්ත කතාව මචං, ආදරේ ගෙඩි පිටින් එලියට පෙන්නන තාත්තලා නැති තරම්, ඒ අඩුව පිරිමැහෙන්නේ අම්මගෙන් :)ඒ නිසාම ජිවිතේ එක කාලෙකදී දැනෙන්න ගන්නවා අම්මා තමයි වැඩිපුරම ආදරේ කියලා, මටත් එහෙම කාලයක් තිබුනා.

      පරක්කු උනාට කමක් නෑ සහෝදරයා, බලන්න එන එකයි මට වැඩිපුරම වටින්නේ, අදහසක් තියල යන එකත් මට හයියක් :D බොහොම ස්තුතියි සචින්, ආයේ එන්නකෝ :D ජය ශ්‍රී!

      Delete
  8. උපරිමයි මල්ලි ...ඇත්තටම ඇස් වලට කඳුළු එන තරම් සංවේදියි ලිපිය ! තාත්තලාගේ ආදරේ පෙන්නේ නෑ ..ඒ වුනාට එක මහා මෙරක් තරම් විශාලයි

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත තමයි අක්කෝ, ඒක තාත්තලට ලාක්ෂනිකයි මම හිතන්නේ.. :D බොහොම ඉස්තුතියි රෙහානි අක්කේ.. :D

      Delete
  9. ......//මම ඔයාට ආදරෙයි අප්පච්චි. මම කවදාවත් එහෙම කියලා නැතුව ඇති ඔයාගේ කන් දෙකට ඇහෙන්න.එහෙම කියන්න අවස්තාවක් මට ලැබෙන්නත් නැතුව ඇති,ආයේ එන එකකුත් නෑ //.....
    මං තාත්තට පුංචිම කාලෙන් පස්සේ ලං උණේ එයාගේ අන්තිම දවසේ. අද උදෙත් මතක් උණා තාත්තා හිටියනම් කියලා. (මේක කියවන්න ඉස්සෙල්ලා)

    ආදරේ පස්සෙන් එනකොට අපි ඒක අමතක කරලා වෙන වෙන පැතිවල ගිහින් මංමුලා වෙනවා. ඒක නැතිවෙනකොට ආයේ හොයාගෙන යන්න හදනවා. ඒත් එතකොට පරක්කු වැඩියි.

    -------------
    මලයෝ අපේ හෙන්රි අයියා කිව්වා වගේම ඒකයි මේකයි දෙකම පරිස්සම් කරගෙන හොඳ පෝස්ට් ටිකක් දාන්න. උඹට ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි AKM මේ පැත්තේ ආවාට වගේම අදහසක් දැක්වුවට.. දැන් නම් බ්ලොගේ පැත්තට හැරෙන්න වෙලාවක් නැති තරම්.. ඉගෙනීම අංක එකනේ..

      Delete
  10. මොනව ලියන්නද කියල හිතාගන්න බෑ මචං. කියවල ඉවරවෙද්දි උගුර හිරවෙනව වගේ. අම්ම කෑම කන්න එන්න කියපු හින්ද දඩි බිඩි ගාලා කඳුළු පිහදගෙන ගියා නම් තමයි, එත් ඒ ගියේ අම්ම මොනව හරි අහයිවත්ද කියල බයකුත් තියාගෙන. වෙනද වගේම හිතට තදින්ම වදින්න ලියන්න තියෙන හැකියාවනම් අගය කරන්නම ඕනේ මචං! :) ඊළඟ පොස්ටුවෙදී හම්බවෙමු!

    ReplyDelete
    Replies
    1. උඹේ කමෙන්ටුවට මොනා කියාගන්නද කියල හිතා ගන්න බෑ සහෝ.. උඹේ වචන ටික මට ලොකු හයියක්.. උඹ හීනෙන් දැක්ක සීන් එකටත් පොඩි ටච් එකක් දෙන්නයි කල්පනා කරන්නේ,,එල නේද :D

      Delete
  11. හරිම සන්වේදී ලිපියක් මල්ලි...හැම තාත්තෙකුගේම සිතිවිලි ලිපියට ඔයා දාපු කමෙන්ට් එක හරහා ආවේ...දුවෙක්ට වගේම පුතෙක්ටත් තාත්තා ගැන කියන්න ගොඩක් දේවල් තියනවා නේද.

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි අක්කෝ.. කොහේ කොතන කොයි ලෝකේ උන්නත් තාත්තලා තාත්තලාමයි නෙව.. :) මේ පැත්තේ ඇවිත් යන්නත් එන්නකෝ,සාදරයෙන් පිලිගන්නවා අඩවියට..

      Delete
  12. හරිම සංවේදියි .. අන්තිම ටික කියෝගෙන යනකොට හිතට දැනෙන හැඟිම මෙකයි කියල කියන්න බැරි තරම්ම්.. හරියට මොහොතකදි ලෝකෙම නවතිනවා වගේ ..

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...