Sunday, February 14, 2016

වැලන්ටයින් කතා හතරක්



මගේ වැලන්ටයින් කතා හතර

_______________________________

අංක එක

"ඔයා වැලන්ටයින් සමරලා තියෙනවද?"
"ම්ම්හු. ඔයා?"
"නෑ!"
"ශා!! අපි දෙන්නා මේ පාර සමරමු!"
"හා!"
ඉතිං කෙල්ලගෙන් කොල්ලට රතු රෝස මලකුයි, ටෙඩියෙකුයි හම්බුනා.
ලොකූ... රෝස මලක් අලවපු කාඩ් එකකුත් එක්කම...
කෙල්ලටත් ඉතිං මේසේ උඩ තියන පෙට්ටගමක් වගේ පෙන්සිල් හෝල්ඩර් එකක්. ඒක තෝරගන්නෙත් යාලුවෙක්ට කියල,බෝම අමාරුවෙන්.
දෙන්නට හම්බෙන්න නම් බැරි වුනා. ඉතිං තෑග්ග ගියේ යාලුවෙක් අතේ.

කෙල්ල අද වෙන්න දොස්තර නෝනා කෙනෙක්.
කොල්ලා පත්තරකාරයෙක්.

අද දෙන්නා ඉන්නෙත් රටවල් දෙකක.

_______________________________
අංක දෙක

කතා අංක එකේ චරිත දෙකමයි.
දෙන්නා ඔය වැලටයිම සැමරුවට කොල්ලා ඕවට වැඩිය මනාපයක් නෑ. ටිකක් අමුතු එකෙක්,දිරවගන්න අමාරුයි ගොඩක් දෙනාට.
දෙවෙනි වැලන්ටයිම එද්දී වැලන්ටයිමේ අනවශ්යතාව ගැන පුංචි සටහනක්(කතාව අංක හතර) ලියලා ෆේස්බුක් අවකාශෙට අත අරිනවා.
කෙල්ලට හරි සතුටුයි. අනේ මට රැල්ලට ගිය කොල්ලෙක් නෙවේ ඉන්නේ.කෙල්ල හිතනවා.
සතුට පල කරනවා.
ඉතිං දෙන්නගෙ තුන් වෙනි වැලන්ටයිමත් එනවා. කොල්ලා ඔය පරණ පෝස්ට් එක ඔහේ මතක් වෙන්නත් එක්ක ශෙයා කරනවා.
"හඃ! ඇයි ඉතිං අවුරුද්දට දවසක් ඔහොම එකක් සැමරුවා කියලා මොනවා වෙනවද?" කෙල්ල පාර නම් අහනවා! ටිකක් සැරෙන්, චෝදනා පරවශව.
ඔන්න හතර වෙනි වැලන්....
හෝව් හෝව්!
කොල්ලට මතක නෑ හතරවෙනි අවුරුද්දේ මොනා වුනාද කියන්න නම්, එදා මොනාද කලේ කියන්න නම්. හැබැයි එදා ඌට කෙල්ලෙක් උන්නේ නෑ, උන්නේ තනියම කියල නම් මතකයි.
_______________________________
අංක තුන...

කොහොමද මේ පාර වැලන්ටයින්
කෙනෙක් ඔය කොල්ලගෙන් මෙහෙම විහිලුවට වගේ අහන්නේ අර ගණං කරන්න ගත්ත පිලිවෙලට ගත්තොත් පස් වෙනි වැලංටයිං එකට වගේ..
"මොන වැලටයිමක් .." අනික් පැත්තට අහනවා..
දවසක් දා බස් එකේ ගෙදර එන ගමන්, ඇඩ්වටයිසින් ඒජන්සියක ක්රියේටිව් කරන සහෝදරියක් එක්කයි මේ සංවාදය..
"......මිනිස්සු පිස්සෝ වගේ, තනිකර වෙලදාම් ගැටවලට අහු වෙලා.. හැමෝම මීඩියාවලයි ඇඩ්වටයිසින් කොම්පැනිවලයි මාකටින් ගැටවලට අහු වෙලා,කරන්නේ මොනවදවත් නොදැන......."
හෝව් හෝව්! උන් දෙන්නා මූණෙන් මූණ බලාගත්තා....
මේ බැනගන්නේ උන් දෙන්නගෙ ක්ශේත්රවලටමයි.. (මතකයිනේ,මේ කතාවේ කොල්ලා පත්තරකාරයෙක්,බස් එකේ කතා කර කර යන කෙල්ල ඇඩ් ඒජන්සියක)
අපි කියලත් අමුතු මිනිස්සුද? සිස්ටම් එක හදපු අපි අපිමයි සිස්ටම් එකට බැන බැන සිස්ටම් එකටම ඔන විධියට දුවන්නේ
එහෙම හිතලා උන් කට පුකවල් වහගත්තා..
_______________________________
අංක හතර

(අර එක පාරක් කියවලා සතුටු උන කෙල්ලටම ඊගාව අවුරුද්දේ මල පනින්න හේතු වුන බුකි සටහන )
උපුටා ගැනීම.
මිනිත්තුවක කතාවක්-වැලන්ටයින් සහ ඔබ (2013 පෙබරවාරි )
මං නම් කියන්නේ ඇත්තටම ආදරේ කරන අයට වෙනුවෙන් වැලන්ටයින් දිනයක් අවශ් නෑ. ඕනෑම කෙනෙක් හදවතින් ආදරේ කරනවා නම් ගත වෙන හැම දවසක්ම ආදරවන්තයන්ගේ දිනයක් විය යුතුමයි. නත්තලත් ආදරවන්තයින්ගේ දිනයත් කියන දෙකම අද වෙනකොට වෙළඳ භාණ්ඩයක් කරගෙන හමාරයි,වෙළඳ උපායන්ගේ බිල්ලක් වෙන්නට හෝ රට යන අතට තමනුත් යන්න අවශ් නෑ. සමහරවිට කෙනෙක් අද මේ දිනය සමරන්න ඇති,හැබැයි තමන්ගේ සහකාරයට හෝ සහකාරියට හැමදාමත් අද දවස සමරපු විදියටම සලකන එකයි වැදගත්.
වැලන්ටයින් දීමනා,වැලන්ටයින් තෑගී තරඟ,වැලන්ටයින් මිල අඩු කිරීම්,වැලන්ටයින් සාද එකී නොකී අටෝ රාශියක් දේ අද වෙන විට වැහි වැහැලා.මේවාගේ ඉලක්කය කවුද? මේවාගෙන් ගම් වන්නේ ආදරය ? මේවාගේ සැබෑ අරමුණ කුමක්ද? මේ ඔබේ බුද්ධියට නතු කර ගත යුතු කරුණුයි. අවාසනාවකට නත්තල පිලිබදවත් කීමට ඉතිරිව ඇත්තේ මෙවන් කතාවක්මයි. දිනයක සැබෑ අරමුණ හා වටිනාකම් නටබුන් කරමින් වාණිජ ලෝකයේ අරමුණු මතින් වාසි ලබා ගොඩනැගෙද්දී එහි දුර නොදත් කොටස්කරුවන් වීම හෝ නොවීම ඔබේ සිතැඟි පරිදි තීරණය කල යුතුය.
හැමෝම කරන නිසා තමනුත් කල යුතුමයි කියන හැඟීමෙන් මිදෙන්නත් අවශ් වනවා. මටත් ආදරය කරන කෙනෙක් ඉන්නවා, දේ දන්නා අය " අද මොකෝ කරේ" කියල අහද්දී මට දෙන්න තියෙන උත්තරේ තමයි මේ. නුවණින් හිතා බලන්න, විවෘත ආර්ථිකයෙන් එන වෙළඳ ප්රයෝගවලට බිලි වෙනවද, අනිත් අය කරන නිසා තමනුත් කරන්න හිතනවාද,නැත්තම් හිතට එකඟ දේ කරනවාද. තීරණය ඔබ සතුයි.
උපුටා ගැනීම අවසන්.
__________________________________
කතාව අංක පහ
(අමතර කතාව)

අද ඉරිදා.. 
ඔව් ඔව් වැලන්ටයිනුත් තමා..
හැබැයි අද  වැඩට  යන්න ඕනේ.. 
සදුදා පත්තරේට  කතා ලියන්න එපැයි.. ;) 



(කාටූනය අවන්ත ආටිගලගෙන්)







6 comments:

  1. ඔය කියන විශේෂ දින මොකුත් නැතුව, සියළුම ආගමික දිනත් නැතුව, ජාතික දිනත් නැතුව, සංස්කෘතික උත්සව දිනත් නැතුව අවුරුද්දක් ගෙවුනොත් කොහොම බෝරිං තියෙයිද කියලා හිතලා බලලා තියෙනවද අල් තයීර්?

    ReplyDelete
  2. හැමදාම ආදරයේ දිනයක් කරගැනීමයි කළ යුත්තෙ. එක දවසක් ආදරයේ දිනයයි, අනික් දවස් වෛරයේ දිනයි කරගැනීම නොවෙයි. මේ රැල්ලට යාම නැවතෙන තාක් කල් මිනිස්සු වෙළඳ ගැටවලට අහු වෙන එක නවත්වන්න හරි අමාරුයි. අවබෝධෙකින් නෙමේනේ ආදරේ කරන්නෙවත්.

    ReplyDelete
  3. පට්ට බං............. ඒත් අර කාටුනය පේන්න අදින්න බැරිද??????

    ReplyDelete
  4. මරු කතා ටික.. /දෙන්නා රටවල් දෙකක/ එව්වත් හොයලා බලලා එහෙනම්..

    ReplyDelete
  5. පලවෙනි ආදරේ ගැහැණු ළමයි 4 ක ඉන්න පව්ලේ වැඩිමල් ගැහැණු දරුවා වන අර වෛද්‍ය සිසුවිය.

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...