Tuesday, June 30, 2015

කරුණාවේ සුහද අස්න! සාර්ථකව නිම වෙයි...

පසුගිය විසි පස් වැනිදා ඉඳන් දින තුනක් පුරාවට රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ පැවැත්වුන 'සුහෘල්ලේඛා' - කරුණාවේ සුහද අස්න- චිත්‍ර ප්‍රදර්ශනය සාර්ථකව නිමාවට පත් වුනා.

'සුහෘල්ලේඛා' එහෙමත් නැත්නම් කරුණාවේ සුහද අස්න කියන අරුතින් මේ නම තෝරාගන්න විශේෂ හේතුවක් තිබුනා. අද කාලයේ පැවැත්වෙන බොහොමයක් චිත්‍ර ප්‍රදර්ශනවල සුලබ දර්ශනයක්නේ, චිත්‍ර කීපයක් යටින් විතරක් රවුම් කාඩ්බෝඩ් කෑල්ලක රතු පාටින් රිබන් ගැටගහලා එක දෙක තුන කියලා සලකුණක් දාන එක, ඉතින් මේ ප්‍රදර්ශනයේ එහෙම දෙයක් තිබුනේ නෑ. හරියටම කිව්වොතින්, මේ ප්‍රදර්ශය පිටුපස කිසිම තරඟයක් තිබුනේ නෑ. සිසු සිසුවියන් හැමෝම, කිසිම තරඟකාරී බවකින් තොරව,නිදහසේ තමන්ගේ නිර්මාණ එළිදක්වා තිබුනා. කළා නිර්මාණවල ඇති නිරපේක්ෂ බව, කළාවට තරඟකාරීත්වය නුසුදුසු බව මුළු ලෝකයටම හඬගා කියන්න උත්සහ කල කරුණාරත්නයේ දරුවන් ගෙන ආවේ හැබෑම කරුණාවේ සුහද හසුනක් තමයි.



ඉතින් මේ ප්‍රදර්ශනය වෙනුවෙන් කැපවුන අවුරුද්දක පමණ කාලය පුරාවටම බාහිරින් මමත්, කළාවට ලැදි මගෙ මිතුරු මිතුරියනුත් කණ්ඩායමත් මේ කටයුත්ත පිටිපස්සේ නිහඬ සේවයක් කළා. සැරසිල්ල සහ The Shutter UP කණ්ඩායම ට විශේෂ ස්තුතියක් කරන ගමන්ම, නිල ඡායාරූපකරණ, සැරසිලි සහ සමරු කලාපය වෙනත් කිසිම කළා උළෙලක නොවූ විරූ සුවිශේෂී අයුරින් නිමවීම පිටුපස සිටින්නේ මේ කණ්ඩායම් දෙක බව මතක් කරන්නත් අවශ්‍ය යි.ඒ ගැනත් ස්තුතිපූර්වක වෙන ගමන් ම, ප්‍රදර්ශනය අතරතුර මගෙ තෙවැනි ඇසට අහු වුන සොඳුරු දසුන් කිහිපයක් එක් කරන්නම්.

1. සම්පූර්ණ සේයා රූ එකතුව  The Shutter UP   වෙතින්.

www.theshutterup.com 

2. මේ ගැන කලින් ලියවුන ලිපිය මෙතනින් බලන්න පුළුවන්.

http://karuugesithroo.blogspot.com/2015/02/blog-post.html

3. ඒ වගේම සුහෘල්ලේඛා 2015 වෙනුවෙන් මම විවෘත කරදුන් බ්ලොග් අවකාශය මෙතනින් බලන්නත් පුළුවන්.

http://suhrllekha.wordpress.com
































4 comments:

  1. අපූරුයි. නිමාවෙන්න කලින් දැනුවත් කලානම් කියලා හිතුනා මොකද ඇවිත් බලන්න තරම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. මුලින්ම කල දැනුවත් කිරීම මාස ගානක් පරණ නිසා කල් වැඩි වුනා මිත්‍ර, ඇත්තටම ආපහු ලිපියක් ලියන්න බැරි වුන එක ගැන ඇත්තටම දුකයි :(

      Delete
  2. ලස්සන මතක ටිකක්

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...