Friday, February 20, 2015

මගේ මේසය-අලුත් රස්සාව-ආපහු බ්ලොග් ලිවිල්ල හා අතුරු කතා



උනා  උපැස්  යුවල
වීසි කර  මේසය  මතට
දෑ අතින් හිස  බදා
බර දෙමි මේසය උඩට

හරි බරි ගැසී පුටුව උඩ
ඇඟිලි තුඩු  හිස කෙස් මුලට
තබා  තද කර සුවක් සොයමින්
පෑන් අග හපමී නිරන්තර


අත් ඔරලෝසුවේ ටිකි ටිකිය
යදී සුරතේ උණුහුම
රැයක් අද ගෙවාලූ
හෙට උදේ හිරු
එන්න පළමුව

ගෙදර  ආ විගස
වේවැල් පුටුව නොකැරකෙන
කිරි කිරිය අයදින
උඹත් මට මහ බරක්
ඉදගත් වනම මුමුණන


පාවහන් යුග පයට පෑගෙන
ඉනූ තැන තවමත් එසේ ඇත
ඇඟිලි තුඩු බිම තදින් තෙරපා
දෙන්න හිතෙයි පා පහර අද හෙට


හෙට උදේ යලි ඇදෙමි
වියපත් දෙපා විසි වසට
තවත් අඩියක් තවත් එඩියෙන්
තබන්නට ඉඩ ඇතිද සෙවුමට


ආපහු  ලියන්න, මේ බ්ලොග් කටුවම.. අපමණ දේ ලිව්වත් බ්ලොග් කටුව වෙනුවෙන් කිසි දෙයක් ලියන්න බැරි වුන පහු ගිය අවුරුද්දේ අවසන් කාලේ පටන්, ජීවිතේ සිදු වුන සංක්‍රාන්ති බොහොම යි. නොම්බර එක, පොඩිවට බ්ලොග් කටු වලටයි ලට පට අනන් මනං වෙබ් වලටයි ලිපි ලිය ලිය උන්න සූටි කොලුවා මවුබිම සිලෝන් ටුඩේ පත්තර කන්තෝරුවේ වෙබ් මාධ්‍යවේදියෙක් විදියට වෘත්තීය ජීවිතේ පටන් ගත්තා. ඒ වගේම තව උනන්දු මූණු ටිකක් එක්කාසු කරගෙන අලුත් වැඩකුත් පටන් ගන්න පුළුවන් වුනා. මෙන්න මෙතනින් ගිහින් අපි කීප දෙනෙක් කරපු වැඩ ටිකක් බලාගන්නත් පුළුවනි.  



පහු ගිය දොහේ  කරපු වැඩ අතරින් වැඩියෙන්ම හිත ගියේ වෙනම දේකට යි. අර්ධ නාගරික පරිසරයක තැලුණු පොඩි වුන පුංචි හිත් හදන අධ්‍යාපන පරිසරයක හය වසරේ ඉඳන් දහ තුන වසරට යනකං පොඩ්ඩෝ ලොක්කෝ ඔක්කොම එකතු වෙලා කරන සුහෘල්ලේඛා චිත්‍ර ප්‍රදර්ශනයට සහ සම්බන්ධ වෙන්න මටත් පොඩි ඉඩකඩක් ලැබුනා. චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය වෙන්නේ බ.ප./කැළ. මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ චිත්‍ර කලාව හදාරන සිසු සිසුවියන් අතින්. චිත්‍ර ප්‍රදර්ශනය වෙනුවෙන් සියලුම ඡායාරූප සහ ඩිසයිනින් වැඩ ටික මට බාර වෙද්දී දැනුන සතුටට වඩා, මාස කීපයක් පුරාවට මේ පොඩ්ඩෝ පොඩ්ඩියෝ එක්ක ගත කරද්දී මම ආපහු මගේ පාසල් කාලයට ගියා. සුහෘල්ලේඛා චිත්‍ර ප්‍රදර්ශනය වෙනුවෙන් මම විවෘත කරලා දුන්න පුංචි බ්ලොග් අවකාශය මෙන්න මෙතනින් බලාගන්නත් පුළුවනි. 


වසර එක හමාරක මහන්සියේ තිරය පිටුපස කතාව මගේ කැමරා කාචයේ සටහන් වුනේ මෙන්න මෙහෙම යි.

























ඔන්න චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 2015 ජුනි මාසේ  25 26 27  කියන දවස්වල, රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්යාල භූමියේ. හැමෝටම එන්න කියලා නිල නොවන විවෘත ආරාධනාවක් කරනවා එහෙනම්. ආපහු බ්ලොග් කටුව දිගටම කරගෙන යාමේ බලාපොරොත්තුවෙන් නවතිනවා. ජය!





8 comments:

  1. cheers... නැවත පැමිණීම සන්තෝසයක්.. ඉදිරි අනාගතය සාර්ථක වේවා

    ReplyDelete
  2. බ්ලොගෙන් තාවකාලික සමු අරන් වැඩකට ඇති දේවල් නේ කරලා තියෙන්නේ.

    ලියපං ආයිත්. මාත් මගේ බේලොගට සේලයින් දුන්නා...

    ReplyDelete
  3. මේ චිත්‍ර හරිම විචිත්‍රයි..... සුබපැතුම්.

    ReplyDelete
  4. මගේත් එක සිහිනයක් පත්තරේක වැඩ කරන එක!

    ReplyDelete
  5. මගේත් එක සිහිනයක් පත්තරේක වැඩ කරන එක! X 2 පූර්ණකාලීනව යෙදෙන්න බැරි එක ගැන දුකයි..

    කලා කටයුතු සාර්ථක වේවා!

    ReplyDelete
  6. ඇත්තම කිව්වොත් මම Ceylon Today කියලා පත්තරයක් ගැන අහලාවත් තිබ්බේ නෑ. ඉස්සෙල්ලම පත්තරයක් දැක්කෙත් කියෙව්වෙත් Emrates ගුවන් යානයකින් ඩුබායි බලා යද්දී ගුවන් මගීන්ට පත්තර අහුලාගන්න තියෙන තැන තිබිලා. බැබැයි පත්තරේ හොඳයි. නමුත් මොන මගුලකට ඒකට ශ්‍රී ලංකා නොකියා සිලෝන් කියන නම පාවිච්චි කරනවද කියලා මට තේරෙන්නේ නෑ. දැන් උඹත් ඔතන ඉන්න එකේ කූල් පිට අහලා බලාපංකෝ. (ආයෙම ඔහොම ආයතනයකට තියෙන්නේ CEB=Ceylon Eletricity Board

    ReplyDelete
  7. අැත්තට ම අගේ අැති වැඩක්... ජයවේවා

    ReplyDelete
  8. සන්තෝසයි ආයේ ලියන්න පටන් ගත්ත එකට

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...