කාලෙකට පස්සේ නිව්ස් බැලුවේ යාල්පානමට යන යකඩ මැණිකේගේ ලස්සන බලන්න අදත්.. මුළු ඇඟම හංකිති කවාගෙන ඇඟ පුරා හිරියක් යන අතරේ අනුරාධපුරෙන් කල දමිල නිවේදනය ඇහෙද්දී.... ඇඟ පුරා පිරිලා ඉතිරිලා ගිය හැඟීම් ඇස්දෙකෙන් දොරේ ගලන්න ගත්තා..
දවසකට පැය හයක් කෝච්චියේ,ස්ටේෂන්වල ගත කල කාලයක් තිබුනා.. කෙල්ල එක්ක කෝච්චියේ ගමනක් ගියත්, එකේ වර්ගෙයි ගෙනාපු අවුරුද්දයි ඒක ගැන මගේ අදහස් ගුණ දොස් දේශනේ ඇරෙන්න වෙන දෙයක් කියන්න මගේ කටට එන්නේ නෑ. බැනුමක් අහගන්නකම් මගේ කියවිල්ල නවතින්නෙත් නෑ. හදවතක් නැති යකඩ මැණිකෙලාට ආදරේ කරන හදවත් තියෙන සප්‍රාණික මිනිස්සු බොහොමයි. ඒ මිනිස්සුන්ට ජීවිතේට අමතක නොවන දවසක් තමයි ඊයේ වගේම අද..
යාල් දේවි හීන අරං
යාල්පානමට වඩින්න..
යාල් දේවි උඹ තරහද
අහිතක් නෑ මට කියන්න
යකඩ හදට උඹේ රිදුනද
මිනිස් අතින් නුඹ පෙලුවද
ලේ මස් කැටි කොට මිරිකුණු
හද කාගේද උඹ හිතුවද
සම් මස් ඇට ලේ විහිදුනු
යදඬු අතින් නුඹ පෙළුනද
තූ තූ කොට උඹ කෙලෙසුව
එවුන් තාම පණ පිටින් ද?
යාල් දේවි හීන අරන්
යාල්පානමට වඩින්න
මෙච්චර කල් නාවේ මොකද
හීන් සැරේ දැන් කියන්න

ඔය යකඩ ගොඩවල් වලට කතා කරන්න පුළුවන් නම් දහසක් කතා කියාවි බං අපි දන්නේ නැති
ReplyDeleteThis comment has been removed by the author.
Deleteසමහරවෙලාවට නම්, කතා කරගන්න බැරිකමම හොඳා ;)
Deleteයකඩ ගොඩවල් වලට ආදරය කරන තවත් එකෙක්. අර KKS වල අතරමං වෙලා තිබිලා ආපහු ගෙනාපු යාල්දේවී එන්ජිම Class M2 (1956 ලංකාවට ගෙනා) Canadian Diesel Electric එන්ජිම ගැන කියවලා ඒක two stroke කියලා දැනගෙන විශ්වාස කරන්න අමාරුවෙන් මම මේ ඉන්නේ.
ReplyDeleteනෑ, ඒක two stroke ද? අදයි ඒ ගැන දන්නේ ඩූඩ් අයියේ.. යකඩ ගොඩවල් කියලා කිව්වට, සප්‍රාණීයෙක් තරමටම ජීවිතවලට සමීපයි මේ මැණිකෙලා..
Deleteමේ කවිය උඹ ලියපු එකක්ද බං.. එහෙම නං ඒක හරිම සාර.. වටිනා කවි පේලියක්.. ජය
ReplyDeleteඑහෙමයි.. බෝම ස්තුතියි දේශකතුමෝ, නිව්ස් එක බැලුවාම දැනුන හැඟීම එක්ක නැවුම්ව ටයිප් කෙරුනා..
Deleteලස්සනයි නියම වචන ටික
ReplyDelete