Monday, June 15, 2015

කවිකාර පෙම්වතාට කියාගත නොවුන 'රහස'

"කවියෙකුට පෙම්වතිය වී හිඳින්නට ලැබීම, කෙතරම් සොඳුරු හැගීමක් වනු ඇති ද? "

කලින් කවි පන්තිය කියවපු කෙනෙක්, මගෙන් අහපු ප්‍රශ්නයක්, සිතිවිල්ලක්.




ඉතිං මේ, කවිකාර පෙම්වතාට කියාගත නොවුන පෙම්වතියගේ කවිය වෙන්න ඇති..




මහා වෘක්ෂයක වෙලී සියොළඟ දැවටෙමින් ඉහලට යන ලතාවක් දිනෙක මලින් පිරී ගොස් කිරුළු පැලැන්දා සේ , මගෙන් එළිසමය එලි වී ඔබ ලියන කවියේ රස, මලින් පිරී කිරුල දරනා හැගීමෙන් ඔබ අසල හිඳ ඒ කවියේ පදවල අරුත සොයා යද්දී, එකී කවිය මගේ සිතෙහිම කැඩපතක් සේ මටම හැගීම,  (මා විඳි) අග්‍රම රසයයි.


                   ලිය  ක      තුරු මත වෙලී සියොළඟ   නේක කුසුමින් කිරුළුලන  ලෙස
                   කව ක      නුඹ ලිව් ගොතා තනු අග    එළිසමය මා නමින් මැව්        රස
                   පද   ක      අරුතක් සොයා ඔබ ළඟ    වෙලී එකිරුළ හිස දරණ     ලෙස
                   සිත ක      අරුමය ඔබේ පද      අග     කැඩපතක සිරි මවයි  අග       රස


-කරූ                                       

6 comments:

  1. හම්මේ කවි කේස් නම් දුර දිග යන වැඩ ඈ !

    ReplyDelete
  2. එළි වැට එළිසමය හා තව කවි රස ගෙන්නා
    කළ එළියට ලියන සිව් පද....... සිත් ගන්නා :)

    ReplyDelete
    Replies
    1. රුසිරු ලියන් නෙත් අඳුනට ලොබ වෙන්නා
      ඒ ලෙස කවි රසට මිතුරෝ මෙහි එන්නා

      ස්තුතියි මිත්‍ර, හැමදාමත් අරුත්බර පිළිවදනක් දෙනවාට..

      Delete
  3. ලස්සනයි. ඒලස්

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...