Friday, August 16, 2013

අලුත් වෙනසක්?????? "කරූගේ සිත් රූ" නම වෙනස් වෙයි!!!!



      කාලෙකට පස්සේ බ්ලොගේට ගොඩ වැදුනේ අලුත් අදහසක් එක්කමයි.බ්ලොග කෙරුවාවට පුංචි පහේ නැවතීමේ තිතක් තියන්න වුනේ බලයලත් නිලධාරී තැන විසින් බ්ලොග් පොස්ටු කොට කොටා සිටීමට වාරණ නියෝග පනවපු නිසයි.බ්ලොග ලිවිල්ල කෙසේ වෙතත් බ්ලොග කියවිල්ල නවත්තන්නත්(බොහොම අමාරුවෙන් කිචිය හා කැසිල්ල නවතාගෙන) මට සිද්ධ වුනා.කොහොම වෙතත් අවසානයේ නැවතත් බ්ලොගේ පැත්තේ එන්න පුළුවන්කම ලැබුනා,නමුත් තාමත් පරණ කතන්දරේ එහෙමමයි!

      අලුත් අදහසක් ඔලුව ඇතුලේ විදුලි කොටපු බව මම කිව්වේ,අදහස මේ පුංචි බ්ලොග් කටුවට අලුත් මුහුණුවරක් එක්කම නමක් දෙන්නයි.මුලින්ම මේ බ්ලොගේ පටන් ගන්නකොට මගේ අදහස තිබුනේ මම විටින් විටෙ හිතට එන අදහස්වලින් ගලපන පුංචි පුංචි කවි පද පේලි එකතු කරන බ්ලොගක් පටන්ගන්නයි. එතනින් පටන් ගත්තත් පහු වෙන කොට එදිනෙදා ජිවිතේ අත්දැකීම් කීපෙකුත් එකතු වුන නිසා බ්ලොගේ මුල් අරමුණ එක්කම පුංචි අපගමනයකුත් ආවා.ඉතින් ඒ සිද්ද වෙන පුංචි පහේ අපගමනය ඉදිරි කාලයේදී  ටිකක් මහා පරිමාණයෙන් කරනවාත් එක්කම ඒ මුහුණුවරට පුංචි සාධාරණයක් කරන්නත් හිතුනා. කරුගේ සිත් රූ, මේ නම ඉදිරියට වෙනස් කලොත්? මොකද අත්දැකීම් කියන්නේ පුංචි පුංචි කවි පද පෙළවල් වගේ හිතේ මැවෙන දේවල් නොවන නිසා.ඉතින් අලුත් අදහස, මේ අඩවිය "අල්තයීර්ගේ අඩවිය" විදියට නම් කරන්නයි.

      අල්තයීර්,එහෙමත් නැත්නම් අල්තයීර් ඉබන් ලාහද් Assasins Creed පරිගණක ක්‍රීඩා මාලාව ගැන දන්නා කෙනෙක්ට අලුත් චරිතයක් නොවේ. අල්තයීර් කියලා කියන්නේ 12වන සියවසේ කුරුස යුධ සමයේ ජිවත් වුන චරිතයක් විදියට හඳුන්වා දෙන්න පුලුවනි. ඔහුගේ චරිතය ගොඩ නගා ඇත්තේ කුරුස යුධ සමයේ මැදපෙරදිග සැබවින්ම විසු යුධ නායකයෙකුගේ චරිතයක් ඇසුරෙනි.අල්තයීර්ගේ චරිතය ඇසුරෙන් බිහි වූ නිර්මාණ සියල්ලම පාහේ ඔහුගේ ශ්‍රේෂ්ට රණකාමිත්වය සහ නායකත්වය විදහා දැක්වෙන අයුරින් නිමවී ඇත.ඉතින් මේ විශිෂ්ට ප්‍රති නිර්මිත චරිතය අදාළ කොට ගනිමින් මගේ බ්ලොග් අවකාශය නම් කරන්නට කල්පනා කලේ ඔහු පිළිබඳව මගේ හිතේ ගොඩනැගුනු බලවත් උනන්දුව නිසාවෙනි!

 එන්න! මෙතැන් පසු අල්තයීර්ගේ අඩවියට...




8 comments:

  1. අනේ මන්දා, බං. අලුත් නං කියවන්න අමාරුයිනේ ටිකක්. කොහොම වුණත් අලුත් ආරම්භයට සුභ පැතුම්! මොනවා වුණත් මට නං හැමදාම උඹ කරූ :) ඒ ගැන අමනාපයක් නැහැනේ. ආයෙත් ආපු එක නං සතුටු යි. පුළුවන් හැටියට දිගට ම ලියමු එහෙම නං.

    ReplyDelete
    Replies
    1. අලුත් නමක් නෙවෙයි ධාරෝ මේක අවරුදු එකදාස් ගානක් පරණ නමක්! කරූ කියන නම වෙනස් වෙන්න නම් ඉතින් උපන් ගෙයි වෙනස් කරන්න එපායෑ, කොයි හැටි වෙතත් නමටත් අල්තයීර් කෑල්ලක් ඔබා ගන්න බැලුවේ, ;) නැත්තම් අඩවිය වෙන එකෙකගේ වගේනේ ! මේ චරිතේ නම් සැහෙන්න මගේ හිතට ඇල්ලුවා.. :) ප්‍රබන්ධයක් උනත් මාරම ගති!

      Delete
  2. Replies
    1. ඉස්තුතියි ඉස්තුතියි රෙහානී අක්කෝ.. එහෙනම් අඩවියේ වැටත් පනින්නකෝ ඉස්සරහටත්..

      Delete
  3. Altair, මම ඔයාව ඇඳින ගත්තා. මොකද මගේ බ්ලොග් රෝලේ තියෙන නමමනේ අප්ඩේට් වෙන්නේ. නමුත් ඒ වාරණ දාලා තියෙන්නේ ඔයාගෙම හොඳට.

    එහෙනම් ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩූඩ් අයියේ,කරගත්තොත් මටනේ ඉතින්.. හැබැයි අර විලියොන් පොත් සෙට් එක ලිව්ව කෙනාට වගේ කවද හරි අතක් පයක් නැති වුනොත් එතනින් එහාට කර කර ඉන්න දේකුත් රැක ගන්න එපයි..

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...