Sunday, August 9, 2015

මං-කෙල්ලෙක්-වඩේ සහ මේක් අප්- (ආතල් ඉරිදා ආතල් කතා)

ඔන්න  මිත්රවරුනී මං අද උදේ සකලබුජන් කොට කලිසම ගහගෙන ඉරිදා පොලට ගිහින් වඩයක් හප හප එනවා ඈ, අපේ ගෙවල් පාර දිගේ..


රතු පාට ස්කූටියක මෙන්න ලොකු.... කෙල්ලෙක් ඉඳන් මං දිහා බලනවා.. කොන්ඩේ ඉස්ටෙට් කොරලා මේක් අප් නාලා හප්පේ! මං අහක බලන් ආවා, මොකද බුදු ෂුවර් මං දිහා නෙවේ හරියටම මට පිටිපස්සේ තියෙන දෙයක් දිහා විය යුතුමයි බලන්නේ කියලා පළපුරුද්දෙන් මං දන්න නිසා!
හැබැයි මං හෙමීන් ආයේ බැලුවා ඈ, මෙන්න හිනා වෙනෝ! කවුද බොලේ මේ ඒරියා එකට බැස්ස අලුත් කෑල්ල, හිතද්දීම මෙන්න මේකි හෙල්මට් එක ගලවලා  අහපි "අඳුරන්න බැරිද අනීව්' කියල! මාත් ඇඟට නොදැනී පාර පනින ගමන්ම මීටරේ කැරකෙව්වා!



හුකා පපායා මේ ඉන්නේ බොලේ අපේ ටවුමේ ආණ්ඩුවෙන් හදලා දුන්න තරුණ සංගමේ අවුරුද්දක්ම මගෙ සෙකට්‍රි වෙලා උන්න අක්ක කෑල්ල! (නිලධාරි මණ්ඩලේම මට වඩා වැඩිමල්,ලාබාලම මං තමා ලොකු පුටුව) මගෙ පුංචි හිත හෝන්දු මාන්දු වෙලා ගියා ! ඒ කාලේ අහෝ ඇයි මේ සුන්දරත්වය නොදුටුවේ,පුංචි හිතට දහස්වාරයක් කල්පනා වුනා!
 
" කෙට්ට්ට්ටු වෙලා මල්ලෝ ඕවා " කියද්දීම මගෙ බ්රේක් නැති කටින් පැන්නා අප්පේ කොහෙද මේ මගුල් ගෙදරක යන්නද කියලා! (මොකද උන්ගේ ගෙවල් අපේ ගෙවල් හරියෙමයි, මේ පාරට බහින්න දාපු මේක් අප් එකක් වෙන්ට බෑ) අනේ නෑ මල්ලි මේ මං අයියගෙන් බඩු වගයක් ඉල්ල ගන්න ආවා! (අද පොළ දවස මෙහෙ)
මට දෙන්න උත්තරයක් කටට ආවේ නෑ මිත්රවරුනී, මට දෙන්න උත්තරයක් කටට ආවේ නෑ මං ඉතින් රස්සාවට ගිය දා පටන් කෙට්ටු වුන හැටි සහ මේ වෙද්දී බර කිලෝ 22ක් අඩු වුන හැටි ගැන කියලා හෙමින් මාරු වෙලා ආව..
 
(ඔව් ඔව් අලුත් නම්බරේ සහ පර්සනල් නම්බරේ දෙකම දුන්න,මගක් එද්දී මතක් වෙලා )
___________________________________

හැබෑම කතන්දරේ මේකයි, කෙල්ලන්ට කොටට අඳින්න එපා මේක් අප් දාන්න එපා කියන අහවල් සදාචාර අමාරුවක් මට නැහැ.. අඩුම තරමේ කෙල්ලටවත් මම කියලා නැහැ කොටට අඳින්න එපා අරක එපා මේක එපා කියලා, මම කියන්නේ තැනට සුදුසු විදියට අඳින්න, කතන්දරේ එච්චරයි.. සමහරුන්ට ලස්සන දේ සමහරුන්ට එහෙම නොවෙන්න පුළුවන්, මේක් අප් උනත් එහෙමම තමයි, හැබැයි ඒ දේ ගැලපෙන කෙනෙක්ට උනත් උවමනාවට වඩා ඒ දේ යෙදෙව්වාම අප්‍රසන්නයි, ගැලපෙන දේ උනත් හන්දියේ කඩේට තේ කොළ ගේන්න යද්දිත් දාගෙන යනවා නම් එතන බරපතල ඇටෙන්ෂන් සීකින් එරර් එකක් තියෙනවා. ලොවෙත් හරිහමන් කොල්ලෙක් නම් සෙට් වෙන්නේ නෑ එහෙම කෙල්ලෙක්ට. තව උදාහරණයක් කියනවා නම්, පමණට වඩා තොල් ආලේපන කියන්නේ french kiss මෝමන්ට් එකක මම රිවස් ගියර් එකෙන් හිමීට මාරු වෙන්න ඉඩ තියෙන හේතුවක්! ඕවා ආමාශගත වුනොත් එහෙම ලෙඩේ වෙනම හොයන්න වෙනවා, ඊට වඩා දැක්කම අවුල්.

මං හිතන්නේ මේක බහුතරයක් කොල්ලෝ විශ්වාස කරන දෙයක්, ඉතින් මම මේ පොඩ්ඩක් එඩිතර වෙලා සමස්ථ ස්ත්‍රී ප්‍රජාව උදෙසා කොල්ලන් වෙනුවෙන් මෙහෙම ලියලා තියනවා, ගෑල්ලමයින්ට උදව්වක් විදියට!

9 comments:

  1. අනේ මගේ කට.............................

    ReplyDelete
  2. චාම් බව හොඳම ආභරණයයි.....තැනට ගැලපෙන්න අඳින්න හුඟ දෙනෙක් හිතන් නෑ......

    හැබෑටම ඔහේ මහ බය ගුල්ලෙක්නේ.තොල් ආලෙපන ආමාශ ගත වෙලා කවුරු හරි මලා කියලා අහල තියනවද

    ReplyDelete
  3. french kiss එහෙකට වැඩිය වඩේ එකක් කොච්චර රහද? හැක්.

    ReplyDelete
    Replies
    1. strawberry,lemon වගේ රස තියෙන ලිප්ස්ටික් එකක් පාවිච්චි කරන කෙල්ලෙක් සෙට් වුනොත් කොහොමද ?

      Delete
    2. එත් කලා පරිප්පු ඇටයක් එක්ක අමු මිරිස් කෑල්ලක් හැපෙන ගතිය එන්නේ නෑ.. හැක හැක හැක..

      Delete
  4. මම යන තනක අපහසුවක් නැතිව ඉන්න පුලුවන් විදියට අඳිනවා. මම අඳින විදිය මට ලස්සන නම් මට අපහසුවක් නැත්නම් මම අඳිනවා. අනිත් අයගෙ ඇස්වල තියන වපර ගැන හිතන්නෙ නෑ. ( මම swimming pool එකකට ගවුමක් වත් bus එකේ යනකොට swimming kit එකක්වත් අඳින්නෙ නෑ.)

    ReplyDelete
  5. දැන් ඔය ඇඳුම කියන එක ගොඩක් දෙනෙක්ට සාපේක්ෂයි.

    ශරීර ප්‍රමාණයට, වයසට අනුව සාපේක්ෂව තමයි බලන්න තියෙන්නේ. කෙනෙක් (ලංකාවේ) ලිහිල් දිග කලිසමක් ටිකක් වයසක ගැහැණු කෙනෙක් ඇඳගෙන යනවා දැක්කහම ගොඩක් වෙලාවට කුලප්පු වෙනවා. මොකද්ද එහි ඇති වරද? තවත් කෙනෙක් සායක් උනත් උඩටම පලලා අඳිනවා. බ්ලවුස් හෝ ටී ෂර්ට් මාර ටයිට්වට අඳිනවා. ඒවා සාපේක්ෂයි. අඳින කෙනාට අවුලක් නැතිනම්, කලබල වෙන්න ඕනේ නැහැ වෙනත් අය.

    කෙල්ලෙක් නම් ගොඩක් වෙලාවට ඇඳුම ගැන සැලකිලිමත්. සමහර වෙලාවට මේකප් එක කරන තැන තියෙන ආලෝක තත්වය නෙවෙයි එලියට ආවම. ඉතින් ලිබ්බොක්කේ ඉඳල ආව වගේ පේනවා.

    ඔන්න ඔහේ වේල්ල වැහුන් උත්තරයක් දුන්න. පස්සේ ආයෙමත් එන්නම්කෝ.

    මොකක් උනත් ඔබ කිව්වේ කොල්ලෙක් හිතන විදියනේ... හ්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete
  6. අනේ උඹලා ඕනේ එකක් ඇඳහන්ලා කෙල්ලනේ.ආයේ අපේ මොකෝ.:D

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...