Monday, March 25, 2019

අලුත් බ්ලොග් එක...

"Escapist Rider" කියල කියන්නේ 2016 මාර්තු වගේ ඉඳන් හෙමි හෙමින් පටන් ගත්ත මගේ සිංහල/ඉංග්‍රීසි බ්ලොග් අඩවියක්. හෙමි හෙමින් කිව්වේ, තුන් අවුරුද්දක් සම්පූර්ණවෙන මේ මාසෙට තමයි මේ බ්ලොග් අඩවියේ පෝස්ට් විස්සක් සම්පූර්ණ වෙන්නේ...

ඉතින් මම හිතුවා ඒක ගැන පොඩි පබ්ලිසිටියන් මෙතනින් දෙන්න ;) මොකද මම මේ අලුත් බ්ලොග් එකේ 'ලින්ක්' මෙතෙක් ශෙයා නොකරපු නිසා. මේ අලුත් බ්ලොග් අඩවියේ සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසියෙන් ලියවෙන පෝස්ට් පලවෙනවා.

සමහරවිට දැනට අවුරුදු හතක වගේ ඉඳන් ලියාගෙන එන වත්මන් බ්ලොග් අඩවිය බොහෝ දුරට මම අතෑරලා සම්පූර්ණයෙන්ම අලුත් බ්ලොග් අඩවියට මාරු වෙන්න ඉඩ තියෙනවා. හේතුව මුකුත් නෙවෙයි, ඇත්තටම දැන් ඉන්නේ මේක ලියපු මනුස්සයා නොවෙන නිසා, දැන් දැන් ලියවෙන දේවල් මේකේ දාන්න ඒ තරම් ගැලපෙන්නේ නෑ කියලා හිතෙන නිසා.

ඉතින් වෙලාවක් තිබුණොතින්, ගිහින් බලන්න ඒ පැත්ත.

මෙන්න ලින්ක් එක
https://escapistrider.wordpress.com/




2 comments:

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...