Friday, February 14, 2014

මිනිත්තුවක කතාවක්-වැලන්ටයින් සහ ඔබ



මං නම් කියන්නේ ඇත්තටම ආදරේ කරන අයට ඒ වෙනුවෙන් වැලන්ටයින් දිනයක් අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙක් හදවතින් ආදරේ කරනවා නම් ගත වෙන හැම දවසක්ම ආදරවන්තයන්ගේ දිනයක් විය යුතුමයි. නත්තලත් ආදරවන්තයින්ගේ දිනයත් කියන දෙකම අද වෙනකොට වෙළඳ භාණ්ඩයක් කරගෙන හමාරයි,වෙළඳ උපායන්ගේ බිල්ලක් වීමට හෝ  රට යන අතට තමනුත් යන්න අවශ්‍ය නෑ. සමහරවිට කෙනෙක් අද මේ දිනය සමරන්න ඇති,හැබැයි තමන්ගේ සහකාරයට හෝ සහකාරියට හැමදාමත් අද දවස සමරපු විදියටම සලකන්න.

   වැලන්ටයින් දීමනා,වැලන්ටයින් තෑගී තරඟ,වැලන්ටයින් මිල අඩු කිරීම්,වැලන්ටයින් සාද එකී නොකී අටෝ රාශියක් දේ අද වෙන විට වැහි වැහැලා.මේවාගේ ඉලක්කය කවුද? මේවාගෙන් ගම්‍ය වන්නේ ආදරය ද? මේවාගේ සැබෑ අරමුණ කුමක්ද? මේ ඔබේ බුද්ධියට නතු කර ගත යුතු කරුණුයි. අවාසනාවකට නත්තල පිලිබදවත් කීමට ඉතිරිව ඇත්තේ මෙවන් කතාවක්. දිනයක සැබෑ අරමුණ හා වටිනාකම් නටබුන් කරමින් වාණිජ ලෝකයේ අරමුණු ඒ මතින් වාසි ලබා ගොඩනැගෙද්දී එහි දුර නොදත් කොටස්කරුවන් වීම හෝ නොවීම ඔබේ සිතැඟි පරිදි තීරණය කල යුතුය.



    හැමෝම කරන නිසා තමනුත් කල යුතුමයි කියන හැඟීමෙන් මිදෙන්නත් අවශ්‍ය වනවා. මටත් ආදරය කරන කෙනෙක් ඉන්නවා, ඒ දේ දන්නා අය " අද මොකෝ කරේ" කියල අහද්දී මට දෙන්න තියෙන උත්තරේ තමයි මේ. නුවණින් හිතා බලන්න, විවෘත ආර්ථිකයෙන් එන වෙළඳ ප්‍රයෝගවලට බිලි වෙනවද, අනිත් අය කරන නිසා තමනුත් කරන්න හිතනවාද,නැත්තම් හිතට එකඟ දේ කරනවාද. තීරණය ඔබ සතුයි.

11 comments:

  1. //හැමෝම කරන නිසා තමනුත් කල යුතුමයි කියන හැඟීමෙන් මිදෙන්නත් අවශ්‍ය වනවා.//

    සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. මිනිස් ගතියක් කියන්න බැරි උනත් මිනිස්සුන්ගේ ගතියක් ඕක සෑමෝ..

      Delete
  2. කරූ උඹව බ්ලොගර් එකේ ආපහු දකින්න ලැබීම සතුටක් :)

    ReplyDelete
  3. එකඟයි :)

    ආ ඔය ගැම්මෙන්ම ආයෙ ලියපන් :3

    ReplyDelete
  4. එක ඇත්ත,හැමොමෝ කරන හැමදේම අපිත් කරන්නම ඕනේ නැහැ තමයි...

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං, අලුත් දෙයක් වෙන්නම ඕනේ නෑ, හිතට එකඟව තේරුමක් තියෙන දෙයක් වෙන්නයි අවශ්‍ය.. :)

      Delete
  5. මට බ්ලෝග් ලෝකේ පාර කියා දුන්නු උබව ආයේ බ්ලෝග් ලෝකේ දකින එක තරම් සතුටක් තවත් නෑ සහෝ. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. එන විදියට කල් වේලා බලල ලියන්නයි කල්පනාව සහෝදරී.. ජය වේවා එහෙනං (Y)

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...