Tuesday, May 14, 2013

සිත් රූ ගෙතුන හැටි..


    
















   කරූගෙ සිත් රූ බ්ලොගිය පැත්තට ආපු ගියපු කස්ටිය 1000 පනින්න යන මොහොත ඔන්න. සිංහල බ්ලොග් අවකාශයේ දැවැන්තයොත් එක්ක බලංනැහෙ එක නිකන් මහසයුරට දියදෝත වගේ බව හැබෑව. එත් සිංහල බ්ලොග් අවකාශයේ අයනු ආයනු කියාගන්න තතනන මම වගේ ඈයෙක්ට එක ලොකු ගානක් නොවෑ ආයුබෝවන්ඩ..ඉතිං ඒ චිත්ත පීරීතිය බෙදාහදා ගන්ටයි මේ වෑයම ඕං..

    සිංහල බ්ලොග් අවකාශය ගැන දැනගන්ට හම්බුනේ අහම්බෙන් වගෙයි. ඒ සුදාරක අයියගේ අන්තර්ජාල සටහන නිකෝමට වගේ ඇහැ ගැටිලා.. ලින්කුව හම්බුනේ බුකිය පැත්තේ කරක් ගගහ ඉන්නකොට වෙන්ට ඕනෑ මයේ මතකේ හැටියට.. ඒක කියවනකොට තමා මගේ මේ පුංචි හිතට :P මගේම කියලා බ්ලොගියක් ලියන්ට ඕනෑ කියන පැහැබර අදහස ආවෙ ඔන්න.. ඔය අල්ලපනල්ලේ තමයි දවසක් අපේ GIT ගුරුතුමා ඉස්කෝලේ පැත්තේ නාපු දවසක වෙනත් කොල්ල ටයිප් එකේ සර් කෙනෙක් අපේ පන්තියට එව්වේ.. වෙනදාට GIT වගේ රසවත් විෂයක රසය දරාගන්න බැරි වෙයි කියල බයට පුස්තකාලගත වෙන අපි වගේ ගොබිලන්ට කොහොමින් හරි එදා ඒ වැඩේ මග ඇරුන. පුස්තකාලෙන් එලෙව්වත් ඉටිපන්දම් පැකට් තුන් හාරසීයක ගමනක් ගොහින් තමයි අපි ආයේ පන්තියට එන්නේ.අඩුම තරමේ කැන්ටිමෙන් පාන් රොඩ්ඩක් හරි කොටාබාන්ට කල්පොනා වෙන්නේ ඔය වෙලාවට තමයි ඕං. කොහොමින් හරි එදා පන්තියේ රැඳුන එක මගේ විනෝදාංස වෙනස් කොළා. 2011 අවුරුද්දේ දවසක මගේ බ්ලොගර් අකවුන්ට් එක හැදෙන්න පාර දැන කියා ගත්තේ ඒ ගුරු  උතුමගෙන් තමයි.. මොකද මම වැඩිය අන්තර්ජන්ජාලේ කරක් ගහන ගොබිලෙක් නෙවී නෙව.කොහොමින් කොහොමින් හරි බ්ලොගර් අකවුන්ට් එක හරහා සිංහල බ්ලොග් අවකාශයේ පුංචිම පුංචි කොටස් කාරයෙක් වෙන්ට මටත් පුළුවන් උනා.. දෙයියනේ කියල සිංහල බ්ලොගියක් පටන් ගන්ටත් මාස දෙකකට උඩදී මට පුළුවන් උනා.. කරූගෙ සිත් රූ..... පටන් ගත්තේ අන්න එහෙමයි.. ඇස්වහක් කටවහක් නෑ ආයුබෝවන්ඩ මේ පුංචි බ්ලොග්කරන ආයාසය බලන්න ආපු ගියපු ඈයෝ 1000 සීමාව පසු කොරන්ටයි මේ සුජානම...හිතට දැනෙන සන්තෝසේ කියාගන්ට බැරි තරම්..

   කරූගේ සිත් රූ අඩවියේ පළවුණ බොහොමයක් නිර්මාණ බ්ලොගියේ පල කරන්න කියල හිතාගෙන කරපුවා නෙවි.පතේ පොතේ වැඩ අස්සේ හිරවෙලා ඉන්න කොට දැනෙන විඩාව නිවාගන්න ලියවුන ඒවා තමයි බොහොමයක්.. ඉතිං තවත් දේවල් ඉස්සරහටත් පලකොරන්ට  තමා බලාපොරොත්තුව. ඉදිරියටත් මගේ පොස්ටු රස විඳින්න කියල බුලත් පිලිගන්නන ගමන්ම,මුන්නැහේලාගේ යෝජනා චෝදනා කාරියත් කොමෙන්ටුවකින් කොටලා යන්ට කියලයි ඉල්ලා සිටින්නේ.. ඒවා සිත් රූ ලියන කරූට යෝධ බල යෝධ වීරිය ගෙනත් දේවි.. එහෙනම් කස්ටියටම ආයුබෝ වේවා.. ඊළඟ  පොස්ටුවෙන් හමු වෙමු..

6 comments:

  1. බොහොම සතුටුයි සහෝ.. තවත් දිගු ගමනකට උඹට ආසිරි පතනවා.. දිගටම ලියපන්.. අපි බලන්න එනවා නෙව.. සින්ඩියෙ වැඩේ ගොඩ ගියාම උඹත් ගොඩ.. එල.. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සචින් සහෝදරයා.. උඹලා මාත් එක්ක ඉන්නෙක මට හරි හයියක් නොවෑ.. එහෙනං! උඹටත් ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා.. ජය සිරි වේවා!!

      Delete
  2. ලියපන් මලයා අපි පටන් ගත්තෙත් ඔහොමම තමා.... දිගු ගමනක් යන්නට උඹට සුබපැතුම් ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ මේ පැත්තේ ආවාට.. ආයෙත් මේ පැත්තේ ඇවිත් යන්න එන්නයි කියලා ආරාධනා කරනවා.. අයිය ලියන බ්ලොග් එක මොකක්ද කියල හොයාගන්න උත්සහ කළා හරි ගියේ නෑ නොවෑ :( නිර්නාමික නොවේ නම් මට දන්වන්න පුලුවන්ද ඒ පැත්තෙත් ඇවිත් යන්න?

      Delete
    2. මචං කරූ නලින් අයියා ලියන බ්ලොගේ

      සමකය වටේ

      ජය!!

      Delete
    3. සමකය වටේ! මම ආසම බ්ලොගියක් තමා ඒ :) ඉස්තුතියි සචින් සහෝ..

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...