Thursday, April 30, 2015

හිතේ දහම හා පොතේ දහම





















හරස්වුණු උතු නියාමයෙන්
සුසුම්ලන සුලිසුලඟ,
කඳුළුලන ගංවතුර
වැලපෙන මහ පොලව

මත නැගෙන,

සුනු නොවූ බුදු පිළිම

අද්දර..

"අහෝ සත්‍යයි බුදු දහම"

කියැවෙයි නම්,

ත්‍රිලක්ෂණයට 
හසු නොවූ
සංඛත ධර්මයක් ලෙස

'කොන්ක්‍රීට්'

ත්‍රිපිටකගත කර

බුදු දහම
නැවත 'සත්‍ය' කරනු පිණිස..

මෙතේ බුදුන්
දැන් දැන්ම වඩිනු ඇත...



-අල්තයීර්


ඡායාරුව අල්ජසීරා පුවත් සේවයෙනි.
america.aljazeera.com

6 comments:

  1. නිදුකාණෙනී.. යොමා බුදු නෙත කුළුණිනේ.. වඩිනු මැන..

    ReplyDelete
  2. නිදුකාණෙනී.. යොමා බුදු නෙත කුළුණිනේ.. වඩිනු මැන..

    ReplyDelete
  3. බුදු දහම සදාතනික සත්‍යයකි.ගස් ගල් පවා දනී ඒබව.අපේ සුනාමි ය දවසේත් මේ වගේ දේවල් වුනා නොවැ...කයිය නම් නියමයි

    ReplyDelete
  4. හොඳම හොඳ අදහසක්,
    බුදු දහම තුලත් ඇති අනේක වූ දෘෂ්ඨීන්......

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...