Saturday, May 18, 2013

සුළඟ වගේ ඇවිදින්.......

                      *දිනේෂ් කොළඹගේට ඊයක් යැවූවෙමි.























ඔබ දිනේෂ් කොළඹගේ ය  යන විශ්වාසයෙන් යුතුව ලියමි.මම පොත කියෙව්වේ ඊයේ.පොත කියවද්දී හිතේ ඇඳුන පසුබිම ආනන්දය මිසක අනෙකක් නොවේ.පයින් ටවුන් හෝල් ඇදලා 138 අල්ලන එක,තාප්පේ තරණය, ධවලෙන් තොසේ පාරක් දාන එක,පපට්ලගේ සරඹ,පබ් එකේ වල බැහිල්ල,නුගේගොඩ නටන පිස්සු අදටත් පොදුයි. කතාව හදවතට මේ තරම ලං වුනේ ඒ නිසා වෙන්න ඕනෑ. මාලින්දලා පිට්ටනිය දෙසින් පැන ගිය වසර 50ක් පමණ පැරණි තාප්පය මීට වසර දෙකක් පමණ වනතුරුම ආනන්දය වට කර තිබිණ.අද ඇත්තේ එහි කොටසක් පමණි. පොතක් කියවලා ඇහැට කඳුලක් අන්තිමට ඉනුවේ මම 7 වසරේදී,විභූතිභූෂණගෙ අපරාජිත ජිවිතයක් කියවලා, ඊට පස්සේ ඊයේ.හේතුව,සුළඟ වගේ ඇවිදින්..

කතාව කියවා අවසන් වූ මගේ සිතේ රැඳී පැණ නම් බොහොමයකි.නමුත් මා ඒ පිළිබඳවද ඔබෙන් ප්‍රශ්න කර වෙහෙස කරවීමටද අදහස් නොකරමි. හුදෙක් දැනුවත් කිරීම සඳහා ඒවා සඳහන් කිරීමට කැමැත්තෙමි.බ්ලොග් අවකාශය තුල මෙම පොත ගැන සොයා බැලීමේදී මෙම පැණ ඇත්තේ මට පමණක් නොවන බවද දැනගතිමි.නැගුන ප්‍රධානතම පැනය නම් මෙය සත්‍ය කතාවක්ද යන්නයි.එසේ වුවද නොවුවද මම මෙකි කතාව සත්‍යක් යයි විශ්වාස කිරීමට කැමැත්තෙමි.එය මම කතාව තුල විඳි රසය ඔපවත් කරවයි.එසේම තවත් පැනයක් වන්නේ මෙය සත්‍ය කතාවක් වුවද එය දකින අවසානය පවා සැබෑ ලෝකයේ සිදු වුවක්ද නැති නම් අවසාන කොටස ප්‍රති නිර්මාණය කරන ලද්දක්ද යන වගයි.සැබවින්ම අරුණි මිය නොගියානම් මම කැමැත්තෙමි.නමුත් කතාව හා සැබෑව අතර වෙනස අරුණිගේ අකමැත්ත නොතකා ඇයව සමන්ට විවාහ කර දීම නම් හා එසේ සිදු වී හෝ ඇය ජීවත්ව සිටිමම යන්න යැයි විටෙක මට සිතෙයි.එසේම අරුණිගෙ මරණයෙන් පසුව මාලින්දගේ ජීවිතය කෙසේ ගලා ගියේදැයි යන්න මට කුහුලකි.

මෙය මා කියවූ ප්‍රථම සිංහල ආදර කතාවයි. ජිවිතයේ මුල්ම වතාවට ආදර කතාවක් කියවීමට වයස අවරුදු දහඅටක් අවසාන වනතුරු හිඳිම ප්‍රමාදයක්දැයි මම නොදනිමි.කෙසේ හෝ මෙම නව කතාව ඇතුලත හමු වූ සිදුවීම් හා පසුබිම් මෙන්ම චරිතද,හැබෑ ලෝකයේදී මා ආනන්දයේ ගත කල දිවියේදී හමු වී තිබීම මෙය මගේ හදවතට වඩ වඩාත් සමීප කරවීමට සමත්විය.මාලින්ද,බින්දු,අමිලයා,ගිහාන්.... ඔව්හු අප අතර අදටද සිටිති.අන්ජලීලා,ඉසංකාලාද අප අතරම සිටිති.අදටත් 138පාසල් බස් රථය උදෑසන 6.45 වන විට අනිවාර්යෙන්ම මහරගමට ලඟා වෙයි.7.45වන විට විහාරය අසල නැවත්වු විට බින්දුලා,මාලින්දලා සීසන් අතට ගෙන පපට්ලාට පෙන්වා මාරු වෙති.හැමදාම වරද බස් ඩ්‍රයිවර්ට පැටවෙයි.සුළඟ සේ ඇවිදින් කතාන්දරය කතාන්දරයක් සේ මට නොදැනෙන්නේ එනිසා විය යුතුය.එසේම මා රස විඳි එක්තරා ගීතයක්ද මෙම නවකතාවේ තේමාව ඔස්සේ ගලා යන්නේ නොවේදැයි මට සිතේ.එම ගීතය තුල සුළඟක් වගේ ඇවිද... වැනි පදයක් එක්ව තිබීමෙන් මෙම නවකතාව අරබයාම ලියවුනක් දැයි මට සිතෙයි. එම ගීතය මෙසේය.


රෑ අඳුරේ තනි රකින
තරුවක් වගේ
ඔබ ඉන්න මල්මාලියේ
සඳ සේ කැලුම් දී
මල් සේ සිනා සී
සැනසෙන්න මගේ ලෝකයේ

සුළඟක් වගේ ඇවිද මගේ විජිතයේ
පුද දුන්න කුලුදුල් සෙනේ
මිහිදුම් වලා
සළුවෙන් ඔතා
රැක ගනිමි මල්මාලියේ

දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
සුව දුන්න ප්‍රේමාදරේ
සසරේ සදා
පෙරුමන් පුරා
හමුවන්න මල්මාලියේ

ගීතය මෙතැනින්..

එම ගීතය පුරාවට කිසිදු වදනකින් එක එල්ලේ මල්මාලිය මිය ගිය වගක් නොකියවුනද,එහි තාලය ඔස්සේ මට දෑනී ගියේ එකී මල්මාලිය මියගොස් ඇති බවක්ය.එය මට දැනී ගියේ මා පොත කියවීමටද පෙරාතුවය.

 ඔබගේ තවත් නිර්මාණ වේනම් ඒවා ගැනද දැනගැනීමට කැමැත්තෙමි.ඔබ කල එළියේ බැබලීමට අකමැති අයෙකු වශයෙන් මගේ සිතේ අදහසක් ගොඩ නැගී ඇතත්(එය එසේ නොවේනම් සමා වන්න) ඔබ මෙම ලිපියට ප්‍රතිචාර දක්වනු ඇති සිතමි. මගේ බ්ලොග් අඩවියේද පොතෙන් මා විඳි රසය ගැන ලිපියක්  පල කිරීමට සිතා සිටිමි.http://karuugesithroo.blogspot.com/ ඔබ එයට දිනක පැමිණ බලනු ඇතැයි සිතමි.

ජය වේවා!
බී.පී. කරුණාරත්න.
ආ' 2013


















24 comments:

  1. මලයා දිනේෂ් මේ කතාව ලියන්නේ මුලින්ම තරුණයා පත්තරේට. එකල මම තරුණයා පත්තරේ වැඩ කළේ.. දිනේෂ් හිටියෙත් එම ආයතනයේම වෙනත් අංශයක.. දිනේෂ් ගේ වත්මන් තොරතුරක් දන්නවා නම් මටත් දෙන්න අංකය හෝ කමක් නැත.ඒ වගේම මමත් සහෝදර සුලෝහිතයෙක්

    ReplyDelete
    Replies
    1. අයියා සුලෝහිතයෙක් බව දැනගත්තාට සතුටුයි. කොහේ ගියත් එකෙක් ඉන්නවානේ කියල කතාවක් තියෙනවා නෙව සුලෝහිත සාහිත්‍යයේ.දිනේෂ් අයියා කතාව තරුණයාට ලිව්වා කියලා ආරංචි උනාට එයා එකේ වැඩ කළා කියලා දැනගත්තේ අදයි.ඔහු ශ්‍රී ලංකාවේ නැහැ මම දන්නා තරමින්.ඔහු සම්බන්ධ කරගත හැකි ඊ ලිපිනයක් ලැබුනා,මම ඒක දෙන්නම්. කොමෙන්ටුවට වගේම පුංචි බ්ලොග් කරුවෙක්ට ඇත දෙන්න මේ පැත්තේ ආවාට ස්තුතියි අයියේ.

      Delete
    2. මම ඉන්බොක්ස් කළා fb එකෙන් නලීන් අයියේ. :)
      ජය වේවා!

      Delete
    3. මටත් දිනේෂ් අයියව සම්බන්ධ කරගන්න පුළුවන් ඒ ලිපිනයක් ලබාදෙන්න පුලුවන්ද කට හරි...?
      https://www.facebook.com/yasithqwq

      Delete
  2. මේ.. පොත.. මම කීපාර කියවල ඇත්ද ? :)

    ReplyDelete
    Replies
    1. පොත ගැන දුන්න ඔත්තුවට ස්තුතියි අක්කේ.. මල් හතයි :)
      මේ පැත්තේ ඇවිදින් කොමෙන්ටුවක් කෙටුවටත් බොහොම පින් ඔන්න. අයෙත් එන්ටකෝ..

      Delete
    2. නෑවිදින් කෝමද.. ;)පොත නම් ඉතින් කියල වැඩක් නෑ.. නියමයි

      Delete
  3. මීට කලින් කියවලා නෑ.. ඒත් උඹ දුන්න විස්තරේ හැටියට හොඳ ආදර කතාවක් කියලා හිතුනා බං.. පොත හොයන් කියවන්න ඕනෙ ඉක්මනටම..

    ReplyDelete
    Replies
    1. pdf එක තියෙනවා මචං මුල්ම පිටපතේ.. ගූගල් පාරක් දාල බලන්නකෝ,මීඩියා ෆයර්වල තියෙන්නේ.. අනිවා කියවපන් මලයෝ එකේ ඉන්නේ අපි වගේ බුවාලා සෙට් එකක් :D මේ පැත්තේ ආයේ ඇවිත් යන්න එන්නකෝ..

      Delete
    2. අනිවා අනිවා

      Delete
  4. නියමයි බුද්දි... කලින් pdf එක dawnload නොකලට දැන් නම් අනිවාර්යෙන්ම පොත් කඩයක් හොයාගෙන ගහින් පොත අරන් එන්නවා..

    ReplyDelete
  5. නියමයි බුද්දි... කලින් pdf එක dawnload නොකලට දැන් නම් අනිවාර්යෙන්ම පොත් කඩයක් හොයාගෙන ගහින් පොත අරන් එන්නවා..

    ReplyDelete
  6. මේක මගේ හිත සසල කරපු ලස්සණ පොතක්. දැන් තියෙන හුඟක් ආදර කතාවලට වඩා වෙනස් විදියට ගලපලා තියෙන්නේ. මට මතක යි මම ඉස්කෝලේ යාළුවෙක්ගේ ළඟ තිබිලා කම්මැලිකමට කියවන්න ඉල්ලා ගත්තේ. අන්තිමේ දී පන්තියේ මිස් උගන්නන අතරේ උකුළ උඩ තියාගෙන හොරෙන් කියෙව්වා ඉස්කෝලේ ඉවර වෙන්න කලින් කියවන්න ඕනේ නිසා!

    ReplyDelete
    Replies
    1. පාසල් වයසේ ඉන්න ඕනෑම කෙනෙකුගේ හදවතට ලං වෙන්න පුළුවන් විදියේ පොතක් තමයි ධාරා මේක,අනිවාර්යෙන්ම. මේ පැත්තේ ඇවිත් යන්න ආවට ඉස්තුතියි බොහොම.. ආයෙත් එන්ටකෝ :)
      ජය ශ්‍රී!

      Delete
  7. සුළඟ වගේ ඇවිදින් ගැන මමත් බ්ලොගේ ලියන්න හේතුවක් උනේ පොළවට ළඟ ආදර කතාවක් වීම හා ජීවිතේට ළඟ බවයි... කොහොමින් හරි දිනේශ් කොළඹගේ සමඟ අන්තිමේ බුකියෙන් කතා කරන්න හෝ ලැබුනා...
    (y)

    ReplyDelete
    Replies
    1. "මගේ හිත" අයියගේ බ්ලොග් අඩවියෙන් තමා මම ඊයක් යවන්න පාර හොයාගත්තේ.. එකටත් බොහොම ස්තුතියි වගේම මේ පැත්තේ ආවටත් ස්තුතියි..නැවත එන්න. ජය වේවා!

      Delete
  8. කරූ හරි, මේ පොත මටත් ගොඩක් සමීප උනේ අපේ පාසල වටා ගෙතිලා තියන නිසා, කියවද්දී අමුතු හැඟීමක් හිතට දැනෙනවා...පාසල සම්බන්ධවීමත් එක්ක මගේ ජීවිතේට බොහෝ මතකයක් එකතු කරපු පොතක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිශාන් අදහස් දැක්වීමට, ඔව් ඔබ හරි. ඒ වගේම කතුවරයා දක්ෂ වෙලා තියෙනවා ඕනෑම පාසලක ඉගෙනගත්ත කෙනෙක්ට තමන්ගේ මතකයන් අවදි වෙන විදියට,වෙන විදියකින් කියනවනම් සර්වත්‍ර පාඨක කුලකයකට රස විඳින්න පුළුවන් වෙන විදියකට ලියල තියෙනවා. ඒ ගැන ප්‍රශ්න කල මට ඔහුගෙන් ලැබුන පිළිතුර තමයි,"ඒක මරදානේ ඉස්කෝලයක් වෙන්නත් පුළුවන්,නොවෙන්නත් පුළුවන්" එය ඉතාම හොඳ ලකුණක්.කෙසේ වෙතත් ඔහු ආදී ආනන්දියෙකු නිසා ඔහුගේ පාසල් අත්දැකීම සුළඟට මුසු වන්නට ඇති. මේ පැත්තේ ආවාටත් ස්තුතියි දිශාන්,ආයේ ඇවිත් යන්න එන්නකෝ :)ජය වේවා!

      Delete
  9. This book was a life changing story for me.....It did change my future that time...turned out to be my present now.
    Those days I made sure to read "Tharunaya" news paper every week and followed the story. Mind you, being a student my easiest option was to read it from the Library - Maharagama or Colombo. Sometimes, I had to make de-tours and wait in the Library for more than one hour to get my hands on it. But it was worth the time and effort.
    Later I bought the book at the first instance I saw it on a rack. Still it's somewhere in the house. Story’s end something that I did not like. But, same ending has given a touch of reality and something to think about.
    Dinesh is a graduate as far as I know and a senior to me who travelled in the Homagama school bus (same as the story) same as I did. Whether the story was true or not...something I didn't know...But, always wondered.
    I still not sure if I hadn't read it back then would've done, what I did and my present is same or not. However, glad I did come across the story line. I much happier because of it.... So, I just told a frank story as an anonymous...just to show my appreciation for the book.

    ReplyDelete
    Replies
    1. i'm also used to travel by Homagama bus for some years.and the plot is seriously make me wondered because of the experiences i got there was same as in the story.yes,as far as I know the author is a graduate,and neither i know where does he live now.but he has kept as a heart touching story as you said,yes neither me want to believe that the ending is a truth.
      what ever the plot may be, real or fictional or semi fictional, it is a heart touching story,somewhat that calls our own memories back.
      as he said to me, " just imaging sulanga as a kite where it freely flys ,and do not ever try to figure out whether it is real or fake.if you are up to that,u may gonna miss to feel it's beauty" but what i feel is, that kite is flying where my kite is now flying, and thats because why i feel this much in this old kite.
      no matter you are anonymous, your point of view on this and the idea is valuable for me,and the author as well because he has visited this site earlier. thank you.

      Delete
  10. I did read ur other post on the same topic...thanks
    On top of it...being in the same school as the author and some of the characters mentioned in the story (in the school) were still at large during my time....that surely made me got bonded more to that story. Interestingly...coincident or not had two characters same name as in the book (friends of main character-in book) traveling in Homagama school bus at that time.
    Anyway, If Dinesh reading this...."Thank you for the story line, that did change my life (of course, in a better way)...
    Good luck to you also Malli...take care....

    ReplyDelete
  11. Something to ponder (TO WRITE)...School bus sub culture and some characters who traveled....
    If you dig deep...(will find) had similar nice stories written in Magazines/Souvenir books published in the college at that time....

    ReplyDelete
  12. මාත් කියවපු මුල්ම ආදර කතාව8-9 වසරේදි වගේ... පුලුවන් මටත් දිනේශ්ගේ ID එක එවන්න....

    ReplyDelete
  13. I have read this novel when I was in grade 9 and it was in 1999. Even after 14 years, I still read some pages of this novel. Now it is very hard to find a printed version of this book since it was only published 2-3 times if I'm not mistaken.

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...