කලින් කතාවේ කිව්ව ඇසල කුමාරයා වගේ, තවත් ඇසල කුමාරයෙක්. රජ පවුලක නොවුනත්, කුමාරයෙකු නොවුනත්, තවත් එක රාහුල කෙනෙක්. සම්මත රාමුවලට පයින් ගහලා හතර වරිගෙම කලකිරවපු, විකාරරූපී කොලු ගැටයෙක්, ඒ මං!Wednesday, July 22, 2015
ඇසළ කුමාරයා 2 ( තටු ලැබූ හීන හා මගෙ සුබ උපන්දිනය )
කලින් කතාවේ කිව්ව ඇසල කුමාරයා වගේ, තවත් ඇසල කුමාරයෙක්. රජ පවුලක නොවුනත්, කුමාරයෙකු නොවුනත්, තවත් එක රාහුල කෙනෙක්. සම්මත රාමුවලට පයින් ගහලා හතර වරිගෙම කලකිරවපු, විකාරරූපී කොලු ගැටයෙක්, ඒ මං!Friday, July 17, 2015
සුබ පාලනයක්ද යහ අනාගතයක්ද !
මී ළඟ රජය යහපාලන රජයක් වේ යැයි එකෙක් කියනවා ය, සුබ අනාගත රජයක් වේ යැයි තවෙකෙක් කියනවා ය. එසේ කියනා කියනා එකාට එසේ නොවේ යැයි කියන උන් අම්ම මෝ නැතිව බනින අතරේ සමහරු අත්පුඩි ගහනවාය, එකෙක් දෙන්නෙක් ඕන එකකට හූමිටි තියනවා ය, කලාතුරකින් එකෙක් බකන් නිලන් ඉන්නවා ය. බකන් නිලන් ඉඳලා ඉඳලා, සමහර විට මෙහෙම ඒවාත් ලියා තබනවා ය.
Thursday, July 16, 2015
බොරැල්ල කනත්තේ නිහඬ කතා - කනත්ත හරහා නිහඬව ගමන් කල සිව් හෝරාවක්
සියල්ලෝ මිය යති. අති බහුතරය මළවුන් සේ මිහි වැළඳ ගද්දී ඇතැම්හු දිවි ඇත්තන් සේ තව තවත් සජීවින්ගේ හද වැළඳ ගනිති. එකී හදවත්වල උරුමක්කරුවෝ තම හද රැඳී ඡායාවන්ගෙන් අකුරු සිත්තම් ගොතා සදා නොමැකෙන සේ මං පෙත්වල සනිටුහන් කරති. මේ එකී කතාවල අංශුමාත්‍රයක් හෙවත්, බොරැල්ල කනත්ත හරහා ඇදී ගිය වෙනස් ආරක නෙතක ගැටුන වෙනස් ආරක කතාවයි.
පිවිසුමට අත්වැලක්--
පින්තුර කතන්දර,
මට හිතෙන හැටි,
විශේෂ සටහන්,
සමාජ,
හිතට වදින කතා
Sunday, July 12, 2015
පින්තූර කතන්දර 02
සංචාරක ජීවිතේදී ඇස ගැටෙන දසුන් උප නෙතේ ඉතිරි කරන මතක සටහන්වලට පුංචි අදහසක් එකතු කරලා සයිබර් තලයට මුදාහරින උත්සහයේ දෙවෙනි කොටස...
පලවෙනි කොටසට මෙතනින්----->
Saturday, July 11, 2015
වර්ෂපූර්ණයක්-අවසානයක් පසු පස ආ ආරම්භයක්-පුංචි කතාවක්
තවත් එක වර්ෂපූර්ණයක්, තාමත් හිතින් අත ඇරගන්න බැරි අතීතකාමයක්, අවසන් වුන කතාවක අවසන් වුන තැන ඉඳන් පටන් ගත්ත
අලුත් කතා කීපයක්.. දෙදෙනෙකුගේ අවසන් හමු වීම දා අලුතෙන් පටන් ගත්ත,අලුත් ආරම්භයක කතාවක්..
ඔන්න එක්තරා කොල්ලෙක් ඉන්නවා.. කෙල්ලෙකුත්
ඉන්නවා.. යාලු ෆිට් එකක් තියෙන්නේ,දෙන්නට දෙන්නා පොඩි ක්‍රෂ් එකක් නොතිබී නෙවෙයි
අඳුරගත්ත මුල් කාලේ, හැබැයි
ප්‍රාථමික ක්‍රෂ් එකකට එහා ෆිට් එකක් ගොඩ නැගෙනවා මේ දෙන්නා අතරේ. හැබැයි දවසක් මේ
දෙන්නගේ විහිළුවක් දුර දිග යනවා.. ඒකෙ ප්‍රතිපලයක් විදියට දෙන්නට දෙන්නා "ආ
හබියෝ" "ආ වයිෆියෝ" කියලා කතා කරගන්න පටන් ගන්නවා, විහිලුවට.
කොල්ලට මේ කෙල්ල ගැන තිබුනේ මොකද්ද අමුතු හැගීමක්, දැක්ක මොහොතේ ඉඳන් හුරු පුරුද්දක් වගේ දෙයක්, ක්‍රෂ් එකක් වුණාට රාගික හැඟීමක් නෙවෙයි. කෙල්ල
හිතන් ඉන්නේ කොලුවා අවුරුද්දක් විතර වැඩිමල් ඇති කියලා, හැබැයි මුන් එක වයසේ.
කොහොමින් කොහොමින් හරි අන්තිමේ මුන් දෙන්නා සෙට්
වෙනව.
කතාව මේක නෙවෙයි, හැබැයි ලස්සනම කතාව කියන්න මේ ටික නැතිව බැහැ.
Friday, July 10, 2015
වියපත් ජීවක පෙම්වතියට
සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා මළකඳ
ගැහෙනා එක රුහිරු බිඳක්
ඔබ හා හිනැහෙද බැලුමට
සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා පපුතුර
එදා සෙනේහයෙන් සැතපි
යහනේ සුව කොයි සෙවුමට
සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා හදවත
රස කර ලිව් පෙමකුරු රැස
කොහෙන් ගැලූවෙද සෙවුමට
සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා මළකඳ
ඔබ හා දොඩමලු මුවගට
වදන් ගැලූ තැන් සෙවුමට
මා ඇකයේ හිස හොවාන
ඔබ කන් දුන් හද ගැහේ ද
සැත් තුඩකින් පලන අතර
හෙමින් හොරෙන් බලනු
මැනව
Thursday, July 9, 2015
පින්තූර කතන්දර 01
පිවිසුමට අත්වැලක්--
ඇවිද්ද පය,
කවි,
කාලින,
නිසදැස්,
පින්තුර කතන්දර,
මගේ පින්තූරු,
මට හිතෙන හැටි,
සමාජ
Sunday, July 5, 2015
වික්ටර්-කොදෙව්ව-මම සහ ඇය (තවත් හිරකරගෙන ඉන්න බැරි කතාවක්)
Wednesday, July 1, 2015
ඇසළ කුමාරයා ( පුංචි කෙටි කතාවක්)
අවුරුද්දට දවස් තුන්සිය හැට දෙකක්ම මේ කතාව අහලා හොඳටෝම හුරුයි ඒ කාලේ. වෙසක්, පොසොන්, ඇසළ පෝය දවස් තුන , අවුරුද්දේ තුන්සිය හැට පස් දා වෙනුවෙන් ඉතිරිය ඌණ පූරණය කෙරුවා.
මහ දවල් පල්ලිය ළඟට වෙලා නාවර පෙරුණු බට්ටෝ ටික එක්ක ඉද්දි ඉගිල්ලිලා ආපු රෝද හතරක් බඩ පිරෙව්වට පස්සේ, රෑ එළිවෙනකන් තනියට හිටියේ කාක්කෝ ලගින මාර ගහ යට කොලපාට බංකුව විතරයි. මාරුවෙන් මාරුවට ආපු බැටන් පොල්ලයි මදුරු රෑනයි නම් හිටපු ගමන් නින්ද උදුර ගත්ත. බංකුවේ නිදාගත්තට බැටන් පොල්ල නාපු දාට ඇඟ රිදෙන්නේ නෑ මෙච්චර. ඌ බීලා ආවොත්, පහුවදා මුළු දවසෙම මට බිම ඉඳගන්නවත් බෑ.
කමක් නෑ, එදා ඇසල පෝය. පැත්ත පළාතටම ඇසල පෝයට තියෙන එකම බත් දන්සල මේ පාරත් තියේ ය කියලා පරණ බැනර් රෙද්දම සුදු තීන්ත පාරකින් හෝදලා කළු පාටින් කුරුටු ගාලා තිබ්බ. කියවන්න නම් දන්නේ නෑ, හැමෝම කොල්ල, කළුව කියල කිව්වට නමක් නෑලු මට හරියට. ඉතින් නමක්වත් නැති මං මොනා ලියන්න කියවන්නද.
Tuesday, June 30, 2015
කරුණාවේ සුහද අස්න! සාර්ථකව නිම වෙයි...
පසුගිය විසි පස් වැනිදා ඉඳන් දින තුනක් පුරාවට රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ පැවැත්වුන 'සුහෘල්ලේඛා' - කරුණාවේ සුහද අස්න- චිත්‍ර ප්‍රදර්ශනය සාර්ථකව නිමාවට පත් වුනා.'සුහෘල්ලේඛා' එහෙමත් නැත්නම් කරුණාවේ සුහද අස්න කියන අරුතින් මේ නම තෝරාගන්න විශේෂ හේතුවක් තිබුනා. අද කාලයේ පැවැත්වෙන බොහොමයක් චිත්‍ර ප්‍රදර්ශනවල සුලබ දර්ශනයක්නේ, චිත්‍ර කීපයක් යටින් විතරක් රවුම් කාඩ්බෝඩ් කෑල්ලක රතු පාටින් රිබන් ගැටගහලා එක දෙක තුන කියලා සලකුණක් දාන එක, ඉතින් මේ ප්‍රදර්ශනයේ එහෙම දෙයක් තිබුනේ නෑ. හරියටම කිව්වොතින්, මේ ප්‍රදර්ශය පිටුපස කිසිම තරඟයක් තිබුනේ නෑ. සිසු සිසුවියන් හැමෝම, කිසිම තරඟකාරී බවකින් තොරව,නිදහසේ තමන්ගේ නිර්මාණ එළිදක්වා තිබුනා. කළා නිර්මාණවල ඇති නිරපේක්ෂ බව, කළාවට තරඟකාරීත්වය නුසුදුසු බව මුළු ලෝකයටම හඬගා කියන්න උත්සහ කල කරුණාරත්නයේ දරුවන් ගෙන ආවේ හැබෑම කරුණාවේ සුහද හසුනක් තමයි.
පිවිසුමට අත්වැලක්--
ඇවිද්ද පය,
මට හිතෙන හැටි,
සමාජ,
ස්වභාව සෞන්දර්ය෴
Friday, June 19, 2015
ජීවිතයේ ගිම් නිවූ අව්‍යාජ සටහනකට පසු වදනක්
මෑතකදී මට හමුවුණ අව්‍යාජ නාට්‍යමය ගීතයකින් ගොඩ
නැගුණු, මගේ යට
ගියාවට නෑකම් කියන සටහනක්. හිතේ පිරුණ සෙනෙහස වෙනුවෙන් වන කෘතගුණයක සුවඳ පෙම්වත් කවියෙකු අතින් ලියැවී, ඒ වදන්තුල ගැබ් වූ සෙනෙහසේ බුහුමන්වල
හිමිකාරිණියගේ හඬින් ගැයෙන, වෙනස්ම
ආරක ගීතයක් විදියට මේ නිර්මාණය මගේ හද වැළඳ ගත්තා. මේ ගීතයේ වදනින් වදන, අදහසින් අදහස සියුම්ව සොයා යද්දී හමුවන අව්‍යාජත්වය, රාගික ඇලීම්වලින් යටපත් වීමට ඉඩ නොදුන් සෙනෙහසක
අරුත ප්‍රේමවන්තයාගේ වදනින් ලියැවී, ඇයගේ හඬින් ගීතවත් වන්නට ආරාධනා ලබන්නේ මේ අයුරින්..
පිවිසුමට අත්වැලක්--
අතීතකාමය,
ආදරය,
ඇය..,
මට හිතෙන හැටි,
මතක මාවත෴,
සංගීතය,
සින්දු කතන්දර
Monday, June 15, 2015
කවිකාර පෙම්වතාට කියාගත නොවුන 'රහස'
"කවියෙකුට පෙම්වතිය වී හිඳින්නට ලැබීම, කෙතරම් සොඳුරු හැගීමක් වනු ඇති ද? "
කලින් කවි පන්තිය කියවපු කෙනෙක්, මගෙන් අහපු ප්‍රශ්නයක්, සිතිවිල්ලක්.
ඉතිං මේ, කවිකාර පෙම්වතාට කියාගත නොවුන පෙම්වතියගේ කවිය වෙන්න ඇති..
කලින් කවි පන්තිය කියවපු කෙනෙක්, මගෙන් අහපු ප්‍රශ්නයක්, සිතිවිල්ලක්.
ඉතිං මේ, කවිකාර පෙම්වතාට කියාගත නොවුන පෙම්වතියගේ කවිය වෙන්න ඇති..
පිවිසුමට අත්වැලක්--
" මල් ගීය ",
ආදරය,
ඇය..,
කවි,
ස්වභාව සෞන්දර්ය෴
Saturday, June 13, 2015
ඇයි ද මෙතරම් සුසුදු සියපත්?
සයිබරයට මුදා හැර නිදහස්වනු පිණිස තබන සටහන්
![]() |
| ".....ගඟ පැත්තෙන් පඩි පෙළ නැග....." සේයාරුව Daily News |
දෑවුරුද්දකට පමණ පෙර මිත්‍රයෙකුගේ පොතක එලි දැක්වීමක් නිසා ගම්පහ ඔහුගේ නිවසේ බර සාකච්ඡාවක සිටි මොහොතක ලැබුන කෙටි පණිවිඩයක්..
"අද හවස කැළණි පන්සල් යමු(ද)"
ඉතිං වැඩ පැත්තක තියලා, හවස් වෙද්දී මම බස් එකක නැගලා කැළණි විහාරෙට ආවා..
මම ටිකක් පරක්කුයි, බස් නැවතුම්පොලෙන් බැහැලා කැළණි ගඟ පැත්තෙන් ඇවිත් පඩිපෙළ දිගේ නැගලා, වෙහෙර මලුව උඩට ඇවිත් මම වට පිට බැලුවා, ඒ වෙද්දී ඈ එතන වග දැනගෙන උන්න නිසා..
මම ගඟ පැත්තෙන් ආවට මොකද, අනිත් පැත්තේ බස් පාර දිහාවට එබීගෙන, වෙහෙර මලුව කෙලවර පවුරට බර වෙලා ඈ ඉන්නවා..
සුදුම සුදු පාට දිගම දිග සාය,
සුදුම සුදු පාට අත් දෙකටම දිග බ්ලවුස් එක,
තවමත් ලාවට තෙත බරිත කඩා දාපු කොන්ඩේ,
රතු පාට අත් බෑගය,
සුදු පාට නෙලුම් මල් කළඹක් පපුවට තද කරගත් ඇය!
සුදුම සුදු පාට සුසුදු දසුනක්!
පිවිසුමට අත්වැලක්--
" මල් ගීය ",
අතීතකාමය,
ආදරය,
ඇවිද්ද පය,
කවි,
ජීවිතය,
මතක මාවත෴,
සිහින,
හිතට වදින කතා
Friday, June 12, 2015
යකා මැරීම සහ ප්‍රේක්ෂක මල යකා නැගිටීම
බොහොම එක ළඟ වේදිකා නාට්‍ය දෙකක් නැරඹුවා නම් ඒ පුංචි සන්දියේදී සුබ සහ යස නාට්‍යයේ උදෑසන පාසල් දර්ශනය සහ සවස මහජන දර්ශනය යන දෙකම බැලුව වතාව වෙන්න ඕනෑ. නමුත් මාසයක් තුල වේදිකා නාටක දෙකක් බැලුවා නම් ඒ පසුගිය දවසක බලාපු ලෝරන්ස්ගේ මනමාලි අපූරු නාට්‍යය සහ ඊයේ සවස බලාපු යකා මලා පමණක් වෙන්න ඕනෑ! තුන වසරේදී හෝ හතර වසරේදී නැරඹු සුබ සහ යස නාටකයේ මට නොතේරුණු හරි අපූරු දෙබසක් තාමත් මතක එළිපත්තේ යාන්තමට අත වන යි. කොහොම නමුත් නාට්‍ය බලාපු අවධියේම පුස්තකාලෙන් හම්බුන සුබ සහ යස නාට්‍ය පිටපතෙත් තිබුන ඒ අපූරු දෙබසේ තේරුම කාගෙන්වත් අහන්න නම් හොඳ නැති විත්තිය මගේ ළමා මනසට නිකමට තේරිලා තිබුනා!
මං ඔබේ... ලද බොළඳ.... සුකුමාල...... දේවිය!!! දූෂණය කළා!!!!
මං ඔබේ... ලද බොළඳ.... සුකුමාල...... දේවිය!!! දූෂණය කළා!!!!
Thursday, June 11, 2015
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
අතෝරක් නැතිව කඩිගුල වගේ ඇවිස්සුන මිනිස්සු එකිනෙකාගේ හැප්පී හැප්පී වේගෙන් ඇවිදින බස් නැවතුමක් මැද මම බංකුවකට බරවෙලා. සෙරෙප්පුවට පෑගිලා කකුල් අගින් නූල් ඇදුන ඩෙනිම, එක බොත්තමක් උනාපු අත් නමාපු කමිසේ ඇඳගෙන, කකුලක් පිට කකුලක් දාගෙන, මම ඔරලෝසුවට එබෙනවා.. ඔහේ ගැලවුන සෙරෙප්පුවක්, කිසිම අවධානයක් නොලබා ලඟින් යන්නවුන්ගේ පය පැකිලෙද්දී මම ඉගිලෙන්නේ වෙනම කල්පනා ලෝකෙක.. මගේ වගේම කන් දෙකෙන් බේරෙන දිග කොන්ඩ තියෙන පාසල් කාලයේ මිත්‍රයෝ, මට අත වන වනා යනවා...
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
ඈතින් මතු වෙනවා පෙනේද්දීම, මම නැගිටිනවා. දවසකට පස්සේ මුණ ගැහුනත්, මාසෙකට පස්සේ මුණ ගැහුනත්, මම අත කිටි කිටියේ මිරිකන විදියේ වෙනසක් නැහැ."ඌයි, ඒක රිදුණා" සමහර දාට, මගේ හරස්පද ප්‍රහේලිකාවට එහෙම කිය-වෙනවා..
"මග එනකොට සින්දුවක් ඇහුණා, මට බය හිතුනා.. "
"මොකද්ද සින්දුව දරුවෝ?"
එහෙම අහගෙන මම කුතුහලයෙන් ඒ පුංචි ඇස්දෙකට එබෙනවා. නිදිමත ඇස්දෙකක්, එයා නම් කියන්නේ එහෙමයි. හැබැයි ඒ ඇස්දෙකේ නිදාගෙන උන්න අහිංසකියෙක්, මං ඒ කාලේ බොහොම පරිස්සමින් රැකගත්තා.
"මේ නගරය" එහෙම කියමින් ඇය මුහුණ පුළුටු කර ගන්නවා.
"ඒ සින්දුවේ එහෙම කිව්වට,එහෙම වෙන්නේ නෑ", මම අසීමිත විශ්වාසයකින් තෙපලනවා.
තමන්ගේ කරගන්න ආත්මාර්ථයට එහා, හිත ගිය තැන මාලිගා හදනවාට වඩා,හිත ගිය තැන-ට හිත ගිය මාලිගාව හදාගන්න පිටිපස්සෙන් අත දෙන්න හිතෙන, ඈ සෝපාහාසාත්මකව හඳුන්වන "බෝධිසත්ත්ව" මානසිකත්වය, අදටත් මම අදහනවා.
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඩෙනිමට,සෙරෙප්පු දෙකට සමු දීලා, කොටට කාපාපු කොණ්ඩය පැත්තකට පීරාගෙන, ජීවිතේ රූපී විරූපී හැම මතකයක්ම පිරුණ මේ නගරයේ,අද මගේ දෙකකුල් සපත්තු දෙකකින් බර වෙලා.
වැව් ඉස්මත්තේ ඉඳන් කියපු කියුම්, ලියපු ලියමන්,ගංගාරාමය අද්දරින් කාර්යාලීය රථයකින් යද්දී, මගේ මතක බර කරනවා. මහ පාන්දර පෝස්ටර් අලවන්න, පාසලේ මහ රෑ ගත කරන දාක මහ පාන්දර ඇවිදින්න එලියට බැහැලා ඇවිදපු පාරවල්,කවුළුවේන් පිටත හදිසියේම එලිය බලද්දී පෙනෙනකොට, ඉස්සර වේගයෙන් ඔලුව වනද්දී හතර අතේ විසි වෙන කෙස්ස මගේ ඔලුව උඩ නැති අඩුව තදටම දැනෙනවා. ඩෑෂ් බෝඩ් එකට උඩින් ගහපු PRESS කියන අකුරු පහ වින්ඩ්ස්ක්රීන් එකෙන් පරාවර්තනය වෙලා දකිනකොට, කට කොනකින් හිනාවක් එක්ක මේ නගරයට අලුත් වටිනාකම් පොදියක් ඇවිත් නේද කියලා, මම කල්පනා කරනවා. මේ නගරයේ මං ගත කරන, තවත් සුන්දර තාවකාලික නවාතැන් පොලක්, මම ඒ අකුරු පහ අතරෙ විඳිනවා.
නිදහස් චතුරශ්‍ර තණ නිල්ලේ දිය මල්, අපි නැතුවත් අදත් පණලනවා. ඒ තණ ගොල්ලට වෙලා, මම දවසකට පිටු දෙක ගානේ පණ පොවන, ආදර කතාවක් නොවන නවකතා අත්පිටපතතේ හැංගිලා ඉන්න අතරෙ , බිම වැටුණ දම් පාට මල් උඩ වාඩිවුණ පෙම්වතියන් දිහාට කැමරා මානන කොල්ලෝ දිහා, මං වෙලාවකට බලන් ඉන්නවා. මගේ අතේ හොම්බ දිග කැමරාවක් තියෙන වග දකින ඒ සමහරු අතින්, උන්ගේ කැමරා මට බාර වෙනවා. දම්පාට මල් ඉහිරුණ තණ ගොල්ල උඩ ඉඳගෙන කවුරු මගේ කැමරාවට මුහුණ දුන්නත්, කම්මුල් දෙකේ දෑත් තියාගෙන බිම ඉඳගෙන හිනාවෙන මගේ මල් ගීය, මගේ ඉදිරියේ තාමත් ඉන්නවා.
පලවෙනි සැමරුම දා අපි උන්න ඇහැළ ගහ, එදායින් පස්සේ විහිළුවටවත් එතනට පිටදෙන්න නොගිය මං දිහා බලාගෙන, රතුපාට මල් බිම විසුරවනවා. තුන් වෙනි සැමරුම දාත්, අපි එනකං බලන් ඉන්න ඇතී.ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
එදා ඒ දෙබස දා විහිළුවටවත් බය නොහිතුන මට, මේ වචන ටික ඇහෙන මොහොතක් ගානේ හිත කීරි ගැහෙනවා. ජීවිතේ සීයට තිහක් මේ නගරය මැද ගෙවුනත්, ආවට වැඩිය දුර ඉදිරි ජීවිතේ මේ නගරය මැද ගෙවන්න එපා කියලා, මේ නගරය මට අත වනනවා..
මතකයන් සමගම සියදිවි නසාගත් ඈ එතෙර ඉගිලුණු සැටියෙන්ම, මේ නගරය හැරදා මුහුදෙන් එහා ඉගිලෙන්න,වෙලාවකට මම කල්පනා කරනවා.
පිවිසුමට අත්වැලක්--
" මල් ගීය ",
අතීතකාමය,
ඇවිද්ද පය,
ජීවිතය,
මට හිතෙන හැටි,
මතක මාවත෴,
සංගීතය,
සින්දු කතන්දර
Subscribe to:
Posts (Atom)










