Showing posts with label භාෂාව හා සාහිත්‍යය. Show all posts
Showing posts with label භාෂාව හා සාහිත්‍යය. Show all posts

Sunday, February 28, 2016

ඒ කී වදන්, බෝල් හීනයක් නොවේ මැයි...






විටෙක මා හැඬවූ, විටෙක මා සැනසූ,
විටෙක මා කල්පනාවේ නිමග්න කරවූ,

ලෝකයේ කොයි හෝ මුල්ලක 
තාමත් ඇතියැයිම හිතෙන
පිටු දහ අට විස්ස දිග හසුන් මහ ගොඩකට
මට පූර්විකා සැපයීමටමදෝ

අපූරු නිමැවුම් අකුරු කල,
ආචාර්‍ය අජන්තා රණසිංහ නම් 

සොඳුරු වදන් ගලපන්නානෙනි
පුවත්පත් කළාවේදියානෙනි,

ඔබට නිවන් සුව පතමි.




පින්තූර ගෞරවය, සහන කසීර වික්‍රමසිංහ සහෝදරයාගේ බුකි වෝලයෙන්

Sunday, March 31, 2013

'එකසිය විසිහයෙන් දහතුනක්'












  අද මට විශේෂ ගමනක් යන්න සිද්ද වුනා.. නිතර දෙවේලේ ගමන් බිමන් යන්න වැඩි කැමැත්තක් නැති කෙනෙක් වුනත් අද මා මේ ගමන ගියේ  බොහොම සතුටෙන් ,කැමැත්තෙන්.. ගමනේ අරමුණ මගේ  හිත මිත්‍ර මංගල සේනාධිපතියන්ගේ  "එකසිය විසි හයෙන්  දහතුනක්' සොඳුරු කවි එකතුව එලි දැක්වීම  අදට නියමිතව  තිබීම. දහසක්  බාධක  මැද වුනත්, ඒ සොඳුරුතම  කටයුත්තට ගම්පහ තරුණ  බෞද්ධ සමිති ශාලාව  අප වෙනුවෙන් වෙන්  කරගන්නට හැකි වුණා.. සුපුරුදු ප්‍රමාද දෝෂය මා සතු උනත්  උදේ  9 වන විටම එහි ලගා වීම ගැන මමත්, මගේ  සුමිතුරු  මංගල සේනාධිපතියනුත්  සතුටට පත් වුණේ නොමසුරුවයි.. ලිපියේ අරමුණ මගේ අද දින චර්යාව ඔබ හමුවට පත් කිරීමට නොවුනත් , මංගල ගැන පුංචි වචන ටිකක් මගේ  අන්තර්ජාල සටහන වෙත එක කිරීමටයි.

  කවිත්වය කෙනෙකුට උපතින්  උරුමවන්නක් මෙන්ම නිතැතින්  නිරන්තරයෙන්  හුරුකොට ගත යුත්තකි.. උපතින් තමන්ට හිමිවූ කවිත්වය නිතැතින්ම  හුරුව කරගත්  මංගල සේනාධිපතියන්ගේ  කාව්‍ය කරණයේ අග්‍රපලය  "එකසිය විසිහයෙන්  දහතුනක් " කාව්‍ය  එකතුව බව මගේ හැඟීමයි.. වසර එකසිය විසියහයක්  ආයු විඳි අනද මෑණියන්ගේ සෙවනෙහි  ගත කල දහතුන්  වසරක  සොඳුරු මතකයන්  පුනරාවර්ජනය කරවන  එම  කාව්‍යකරණ ආයාසය  සැබවින්ම  ඕනෑම ආනන්දියකුගේ  නෙතට කඳුලක්  නැංවීමට සමත් ය.. ගත කල දහතුන් වසර පුරාවට  සිතට ලං වූ  සොඳුරුතම මතකයන් මෙන්ම ,එකල සුළු ලෙස දැනුනද  වසර ගණනක පුනරාගමනයකින්  පසුව සොඳුරුතම හැඟීම් දැනවීමට සමත්  මතක සටහන් සමුදායක්  කැටි කොට ගනිමින්  කාව්‍යය කරණයේ යේදී තිබීම සැබවින්ම ප්‍රශංසනීය ය.විටෙක හාස්‍ය රසයද කැන්දමින්,ආනන්දයේ  අප දුටු ,නොදුටු සියලු පැතිකඩ  අනාවරණ කරමින්  ඉදිරිපත් කර ඇති මෙම  කාව්‍යකරණ ආයාසය සැම ආනන්දියකුම, ආදී ආනන්දියකුම විසින් රස විඳිය යුත්තක්  බව මගේ හැඟීම යි..

  අවසාන වශයෙන්, 'අනද කවි ගී  සදැල්ල' පිහිටවූ  ඔබ වෙනුවෙන්  ස්තූතිය පුද දීමටත්, රැස්ව සිටි පිරිස අමතා  ආනන්දය  පිළිබඳව ,ඔබ පිලිබඳ ව  මගේ හර්දයාංගම අදහස් දක්වමින්  සංවේදී  වදන් බිඳක් දිග හැරුමට ලබා දුන් අවකාශය පිළිබඳවත්, කාව්‍ය කරන ආයාසය අවසානයේ  ග්‍රන්ථයක් ලෙස පාඨකයාට සමීප කරවීමට ගත් අසීමිත උත්සාහය තුල මංගල සොයුරා හා මා වෙනුවෙන්  නන් අයුරින් සහය දුන්  සැමටත්  ස්තුතිය පිරිනැමීමට ලබා දුන්  අවස්තාව පිළිබඳවත්  මගේ  හද පිරි ස්තුතිය මින් පිරිනමමි.. මංගල, කවිත්වය අවිය කොටගත් නුඹට සදා ජය පතමි..
Related Posts Plugin for WordPress, Blogger...