තරිණි, දැන් ඕක තමයි සෑහෙන දවසක ඉඳන් බුකියේ ට්‍රෙන්ඩින් ටොපික් එක.
කොල්ලන්ට තරිණි තරිණි කියන්නේ හෙන ආතල් එකක්, කෙල්ලන්ට නම් ලොකු කුතුහලයක්, මොකද්ද සීන් එක කියලා අහපු කව්රුත් නොකියන බවයි වාර්තා වුනේ.
හැබැයි ඕකේ පොඩි ගත යුත්තක් තියේ.
තරිණි ගැන කිව්වොත්, තරිණිලා හැම තැනම අද ඉන්නවා. ඒකට හේතුවක් තියේ..
සමාජයේ අපි දකින සමහරු විතරක් සාන්තුවරු, සමහරු විතරක් මැරයෝ, යක්කු,වනචරයෝ, දෙවිවරු. ඒ නිසාම, ශරීර කූඩුව ඇතුලේ ඉන්න චරිතේ එක එකාගේ එක එක විදියයි, එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ.
නෑ. ඒක වැරදි යි.
ඇත්ත කාරනාව, "මනුස්සයා" කියන නමින් අපි හඳුන්වන, කලින් කිව්ව කොයි ජාතියේ මිනිහා ඇතුලේ වුනත් ඉන්නේ එකම සතා යි. දෙවියා, යක්ෂයා,වනචරයා වගේම වනචාරියා ඔය කොයි චරිත ලක්ෂණත්, කොටින්ම ගල් යුගයේ උන්න මස් වැද්දාගේ ඉඳන්ම ගති ගුණ අනලා මුහු වෙච්ච එක හා සමාන "චරිතයක්" තමයි ඔය කොයි කාගේත් ඇතුලේ ඉන්නේ..
ඇයි එහෙනම් මේ ගති ගුණ වෙනස් වෙන්නේ, කොයි කාගේත් ඇතුලේ ඉන්න එකෙක් නම්?
ඔය ඇතුලේ ඉන්න චරිතෙන් කොයි කොයි ලක්ෂණ ඉස්මතු වෙලා කොයි කොයි ලක්ෂණ යට යනවද කියන කාරණය, කොටින්ම දෙවියෙක් වෙනවද යක්ෂයෙක් වෙනවද කියන කාරණය තීරණය වෙන්නේ උගේ ගත වුන ජීවිතය මත. ගත වුන ජීවිතය කියන්නේ මොකද්ද කියනවා නම්, උගේ බාල කාලය, උගේ ඇසුර, ඌ ඇහුව දැක්ක දේවල්, ඌ ඇසුරු කල පොත පත වගේම එතනින් එහාට සිදු වුන හැලහැප්පීම්, උගේ වෘත්තීය කියන දේවල් මත කොයි කාගේත් ඇතුලේ ඉන්නේ එකම එකෙක් වුනත්, උගෙන් මතු වෙන්නේ කුමන ලක්ෂණද කියන දේ තීරණය වෙනවා.
අතීතයට වඩා අද තරිණිලා වැඩි ද?
උත්තරේ ඔව්.
ගෑනු පිරිමි බේදයක් නැතුව, එදා අද වෙනසක් නැතුව, ඇතුලේ ඉන්න එකා කවදත් එකම උනත්, අද තරිනිලා මතු වෙනවා වැඩියි. ඒකට හේතුවක් තියෙනවා. අර ඇතුලේ ඉන්න 'එකී'ගේ බලපෑම නිසා, කාන්තාවෝ කොහොමත් කැමති නිදහසේ ඉන්න. එක, තනි පිරිමි පරානෙකට ඇලීලා පවුලකට බැඳිලා ඉන්න ප්‍රියතාවක් කොහොමත්ම කාන්තාවන්ට නැහැ.
මාතෘත්වයට ගෞරවය දීලා තියෙන සමාජයක් ඉස්සරහා, පොඩි කාලේ ඉඳන් ඔලුවට වැටුන/දාපු අදහස් වලට එදිරිව මෙහෙම කතා කරන්න ගියොත් ගුටි කන්න වුනත්, ඇත්ත කතන්දරේ තමයි ඒක. අතීතයේ කාන්තාව කියන චරිතය පිරිමියාගේ රැකවරණය අවශ්‍යම තැනක තියලා බෙල හීන කරලා තිබුන බව නොරහසක්. තමන්ගේ නිදහස, තමන්ගේ විමුක්තිය අවශ්‍ය බව දැනුනත්, තමන්ගේ දේ තමන්ට කරගන්න බැරි තත්වෙක උන්න කාන්තාවට, තමන්ගේ පිරිමියාට බැඳිලා සිටිනවා විනා කල හැකි අන් දෙයක් තිබුනේ නැහැ. කෙටියෙන්, එදා තිබුන පරිසර තත්ත්වය, ඇතුලේ ඉන්න එකීගෙන් "තරිණි"ලාව මතු කරන්න ලොකු ඉඩක් දීලා තිබුනේ නැහැ. තමන්ට බැඳුන පිරිමියාගෙන් මොන අඩත්තේට්ටම් වුනත්, තමන්ට රස්සාවක් කරගන්න බැරි, තමන්ගේ කටයුතු වෙනුවෙන් සමාජය ඉදිරියේ සමාජය සමග මුසු වෙන්න වගේම ගැටෙන්න හයියක් නැති තැන, ගැහැණියට කල හැකි අන් දෙයක් ඉතිරිව තිබුනේ නෑ. කාන්තාවකගේ කෙටි කාලීන ලෝයලිටි එක ආකර්ෂණය මත පදනම් වෙලා කල් ගත වෙද්දී එක්ස්පයර් වුනත්, දිගුකාලීන ලෝයලිටි එක පිටිපස්සේ තිබුන රහස ඕකයි. අවබෝධය මත ඇතිවෙන හිතවත් පක්ෂපාතීත්වය කොච්චර දුර්ලභද කියනවා නම්, ඒ ගැන කතා කලත් කෙනෙක්ට ඇති වැඩක් නැහැ.
අද තත්වය වෙනස්.
තමන්ගේ වියහියදම් තමන්ට සපයාගන්න පුළුවන්, තමන්ට යන්න ඕනේ තැනට වාහනයක් පැදගෙන යන්න පුළුවන්,සමාජය එක්ක මුහු වෙලා තමන්ගේ අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්, ඉස්සරට වඩා ශක්තිමත්,පිරිමියා එක්ක හරි හරියට කරට කර ඉන්න ගැහැනියකට, ඕන දෙයක් දරාගෙන එකෙක් එක්කම ඉන්න තරම් අමාරුවක් නැහැ. සිදු විය යුත්තේත් එයම යි. නමුත්, අර ඇතුලේ ඉන්න "කෙනා" සමහරවිට ඔය පියවරෙන් ඔබ්බට කාන්තාව මෙහෙයවපු අවස්තාවක් තමයි තරිණි. අනිකාගේ නාසය අගට විතරක් බස්තම වන්න තියෙන පෞද්ගලික හිමිකම තමන්ගේ හුදු ආශාවන් වෙනුවෙන් එකෙකුගෙන් නොනැවතී කිහිප දෙනෙක්ගේම නාස් පොලු බින්දෙන්නම බස්තම වන්න තැනට කාන්තාව පත් වීම නම්, විය යුත්තක් නෙවේ.
පිරිමියා වගේම කාන්තාවත්, පනින කොටු ඕනෑ තරම්. එතනින්, පිරිමියා කොටු පනින්න පටන් ගන්නේ සෑහෙන මුල සිටමයි. පිරිමියා කොටු පැනලා, අවසානයේ ඇති රහක් නැති වග දැනගන්න වයසත් පහු කලාම තමයි ගැහැණියට කොටු පනින්න නිදහසක් ලැබෙන වයස උදා වෙන්නේ. නමුත්, ඔය කොයි පාර්ශවයට වුනත් ඇරියස් පිහිටියෝතින් නම්, රහක් නැති වග තේරෙන්න ගත වෙන කාලය නිසාම ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වෙන්න බැරි නෑ.
ඔය වීඩියෝ එක ගහපු එකා ඉන්නේ අන්න එහෙම තත්වෙක. හිත බිඳීම නිසා අවස්ථාවට නොගැලපෙන උන්මත්තක හැසිරීමක් පෙන්වීම හරි හෝ වැරදි වේවා, විවාහ වී දරුවන් සිටිද්දී පවා කොහේ හෝ යන තරිනියෙක් ඇඟ දවටාගෙන කරගත් මෝඩකම, ඇරියස් පිහිටීමේ විපාකයක්.