කාලෙකට පස්සේ නිව්ස් බැලුවේ යාල්පානමට යන යකඩ මැණිකේගේ ලස්සන බලන්න අදත්.. මුළු ඇඟම හංකිති කවාගෙන ඇඟ පුරා හිරියක් යන අතරේ අනුරාධපුරෙන් කල දමිල නිවේදනය ඇහෙද්දී.... ඇඟ පුරා පිරිලා ඉතිරිලා ගිය හැඟීම් ඇස්දෙකෙන් දොරේ ගලන්න ගත්තා..
දවසකට පැය හයක් කෝච්චියේ,ස්ටේෂන්වල ගත කල කාලයක් තිබුනා.. කෙල්ල එක්ක කෝච්චියේ ගමනක් ගියත්, එකේ වර්ගෙයි ගෙනාපු අවුරුද්දයි ඒක ගැන මගේ අදහස් ගුණ දොස් දේශනේ ඇරෙන්න වෙන දෙයක් කියන්න මගේ කටට එන්නේ නෑ. බැනුමක් අහගන්නකම් මගේ කියවිල්ල නවතින්නෙත් නෑ. හදවතක් නැති යකඩ මැණිකෙලාට ආදරේ කරන හදවත් තියෙන සප්‍රාණික මිනිස්සු බොහොමයි. ඒ මිනිස්සුන්ට ජීවිතේට අමතක නොවන දවසක් තමයි ඊයේ වගේම අද..
යාල් දේවි හීන අරං
යාල්පානමට වඩින්න..
යාල් දේවි උඹ තරහද
අහිතක් නෑ මට කියන්න
යකඩ හදට උඹේ රිදුනද
මිනිස් අතින් නුඹ පෙලුවද
ලේ මස් කැටි කොට මිරිකුණු
හද කාගේද උඹ හිතුවද
සම් මස් ඇට ලේ විහිදුනු
යදඬු අතින් නුඹ පෙළුනද
තූ තූ කොට උඹ කෙලෙසුව
එවුන් තාම පණ පිටින් ද?
යාල් දේවි හීන අරන්
යාල්පානමට වඩින්න
මෙච්චර කල් නාවේ මොකද
හීන් සැරේ දැන් කියන්න