වසන්තයේ හිමිදිරියට
පිණි වැස්සෙන් අලුත් වෙලා
තණ ගොල්ලේ පිපෙන කුසුම්
යලි නොඑන්න පිටත් කරන
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න
නිසංසලේ සැරි සරන්න
ගිරා මලිති කැන්දන් එන
වසන්තයේ අතු අග ඵල
අවසන් කර උන් යවන්න
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න
නිවන් සදන කණ පිනවන
සනසන අප සිත නලවන
කොවුල් නාද සැම අගයන
නිහඬ ලොවක තනි කරවන
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න
රතු පාටින් එරබදු මල්
ගෙමිදුල සැරසු මතකය
ඈත් කරන් එරබදු කටු
අප දෙදෙනට පෙන්වන්නට
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න
ගිම්හානේ කටුක කිරණ
අපෙ වත්තට එපා එන්න
ඈත් වෙලා යමින් ගමන්
වසන්තයට අත වනන්න
වසන්තයට රැඳෙනු නොදී
එන්න එපා මෙහි රැඳෙන්න
_________කරූ_________
ලස්සණ පද වැලක්, කරූ :) මේක කියවනකොට මට මතක් වුණේ සාමාන්‍ය පෙළ සාහිත්‍ය පොතේ තිබුණ අරිසෙන් අහුබුදු කවියගේ කවි පෙළ. නම නං මට දැන් මතක නෑ :( හැබැයි කවි ටික නං ළාවට වගේ මතක යි.
ReplyDeleteඉස්තුතියි ධාරෝ.. ඔව් බං මටත් ලාවට මතකයි,අවුරුදු කාලේ ගැන එකක් නේද? මගේ තේමාව නම් වෙනස් හැබැයි..
Deleteකවිය සොඳුරුයි. ඒත් ස්වභාව ධර්මයට පිටින් යන්න බෑ නේද?
ReplyDeleteඑහෙනං එහෙනං! එකනේ අන්තිමට කියන්නේ මිදුලට එන්න එපා කිව්ව ගිම්හානෙට අඩුම තරමේ කාලෙත් එක්ක සුවිසල් බවට පත් වුන වත්තටවත් එන්න එපා කියලා.. අපිව ගෙනිච්චත් අපේ දරු පැටවුන්ව උන්ගේ ළමා කාලෙම තියන්න කියලා..
Deleteමානෙල් අලුත් නේද මගේ පුංචි අඩවියට,ඔන්න එහෙනම් සාදරයෙන් පිලිගන්නවා.. ජය වේවා!
Deleteමං මේක බුකියෙ දැකලා ශෙයා කලා.. හිතුවෙ නෑ මේකෙත් දාල ඇති කියල.. පද වැල් ගැලපුම නියමයි :)
ReplyDeleteමම දැක්ක අපේ සමී අයියා සෙයා පාලක්හෙම දාල තියෙනෝ.. ස්තුතියි අයියේ,ඊයේ රෑ බලපු හීනයක් මේ.. :)
Deleteඋඹට මොනවද ඉතිං ඕන කියහං...
ReplyDeleteහික් හික් හැබෑට ඕනෙ මොනාද කියල නෑ නේන්නම්! මට ඕනේ අතු අග පල නෙලනෙළ ඉන්ට! ;)
Deleteඑක ඵට්ටයි... අල්ත්යිර්... මම වැඩිය කවි කියවන කෙනෙක් නෙවෙයි.. එත් මේ කවි නන් මරු..
ReplyDeleteඑළ එළ, සේකරගේ ඒවා එහෙම කියවන්න ගත්තොතින් හොයා හොයා කියවන්න ආස හිතෙයි..
Deleteඇයි මේ ගිම්හානේට එන්න එපා කියන්නේ කියන එක ගැන නියම අදහස ගන්න මමම් උත්සාහ කලා. ඇත්තෙන්ම ඒ ඇයි කියලා තේරුම් ගන්න ඉංග්‍රීසියෙන් දාලා තියෙන මාතෘකා කෑල්ල තමයි උදව් වුනේ. ඒ කියන්නේ මේ aging නිසාද මේ? මතක තියාගන්න අල්තයීර්, aging gracefully කියලත් එකක් තියෙනවා.
ReplyDeleteඑඩිට් ගිහින් ඔය පින්තූරේ උඩ ක්ලික් කරලා දකුණට දැම්මා නම් කවිය මැද්දෙන් කැඩිලා යන්නේ නෑ.
ඉස්තුතියි ඩූඩ් අයියේ,ඊගාවට ඒක හදල දාන්න ඕනේ..
Deleteඅන්න ඒ නිසාමයි ඩූඩ් අයියේ අන්තිමට මට කියන්න වෙන්නේ, (දැන් ඉතින්)මිදුලට ආවට කමක් නෑ,වත්තට නම් එන්න එපා,ඊගාව පරම්පරාවල් දරු මුණුපුරන්ගේ වසන්තකාලයවත් ඉතිරි කරලා දෙන්න කියලා..
සංකේත කීපයක් විතරයි මේ වසන්ත කාලේ උදාහරණ,
පිණි වැටුන කුසුම්-දෙමව්පියන්ගේ පිවිතුරු ආදරේ,
ඒක අපෙන් ඈත් කරන කාලයාට එන්න එපා කියනවා.
ගිරා මලිත්තෝ කියන්නේ පුංචි පැටව්,කොහාගේ හඬ කියන්නේ උන්ගේ හුරතල් සද්ද,ඒවා අපේ මිදුලෙන්(පවුල/ගෙදර)ඈත් කරන කාලයාට එන්න එපයි කියනවා.
අතු අග පල නෙලන්න අමාරුයිනේ අනික වයසට ගියාම ;) ඒවා නැතුව මොන ගිරා මලිත්තොද!
රතු පාට එරබදු තමයි විවාහ ජීවිතේ,කාලෙත් එක්ක මල් හැලිලා එරබදු කටු පේන්න ගන්න නම් එපා කියලා කියනවා.
හැබැයි මෙහෙම කිය කිය ඉන්න අතරේම ගිම්හානේ ඇවිත්,දන්නෙම නැතුව මිදුල ලොකු වත්තක් වෙලා..
අඩුම තරමේ දැන් වසන්තයේ ඉන්න අයටවත් එහෙමම ඉන්න දෙන්න කියලයි අන්තිමට ගිම්හානයෙන් ඉල්ලන්න ඉතුරු...
ලස්සනයි ඒ වගේම අරුත්බරයි.... තවත් නිර්මාණ කරන්නට මගෙන් සුපැතුම්....
ReplyDeleteබොහොම ස්තුතියි ලක්ෂ්මන් අයියේ, මල් වගේම ගලුත් මට වටිනෝ,වැරදි ඇතොත් කියාදෙන්නකෝ.. :)
Deleteලස්සන අදහසක් එක්ක ලස්සන සංකල්පනාවක්.. නියමයි
ReplyDeleteස්තුතියි රෙහානි අක්කෝ..
Delete