මා ඉපදුනේ අහසට පොළව වැනි මව් පියන් යුවලකට දාව ය. ඒ අසමානකම් අතරේ සමානකම් බොහොමයක් තිබුනද ගැලපීම් නම් නොතිබුන තරම් ය. මව පමණක් දැක ඇති උන්ට අම්මා වගේමයි සිතෙන, පියා පමනක් දැක ඇති උන්ට අප්පච්චි වගේමයි සිතෙන, ඒ දෙදෙනාවම දැක ඇති උන්ට "අප්පච්චිගෙ මූණමයි, අම්මගේ හිනාවමයි" කියවෙන මා අරබයා ද කියන්නට ඉතිරි වන්නේ, උන් දෙදෙනා වාගේම හිතුවක්කාර, මුරණ්ඩු, ඕනෑවටත් වඩා හුදෙකලාව හුරු වුණ, සඟවාගත් මාන්නයෙන් හා අහංකාරකමින් පිරුණ චරිතයක් වන බව ය. මේවා අප අතර සමානකම් වූවාට, මේ 'සමානකම්' යනු 'ගැලපීම්' නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.
තිදෙනා අතරම අනෝන්‍ය වශයෙන් තිබූ නුරුස්සනාකම් අතරේ, අප එකතු කල එකම එක දෙයක් වූයේ නම් ඒ තේ බොන වෙලාව ය. තේ හදන්නේ අප්පච්චී ය. පර්ෆෙක්ශනිස්ට් චරිතයක් වූ ඔහුගේ තේ එක ද, අම්මා ඔහු ගැන ඒ කාලයේ පටන්ම අගය කල කරණා අතරින් එකකි. එක්තරා හැන්දෑවක තිබූ නිහැඬියාවක් සුසුමකින් බිඳ දමමින් "ආයේ ඒ තේ එක බොන්න හම්බෙන්නෙ නෑ" යන වචන අම්මාගෙන් පිට වූයේ අප්පච්චී මියගිය අලුතම ය. සැබවි, ඒ තේ කෝප්පයේ රහ අම්මාගේ තේ කෝප්පයේ නම් ගෑවිලා වත් නොතිබූ බවට මම ද සාක්ෂ්‍ය දරමි.
උන් දෙදෙනාම වෘත්තියෙන් ද තේවලට අදාල ය. තේ වගාවේ කෘෂිකාර්මික අංශය කලක් අම්මාගේ වෘත්තිමය විෂය ය. තේ වැනි වැවිලි බෝගවල ආර්ථිකය විශ්‍රාම යන තුරුම අප්පච්චීගේ විෂය ය. උන් දෙදෙනා මෙන් නොව තේවලට කොහෙත්ම අදාල නැති මගේ තේ කෝප්පය, උන් දෙදෙනාගේම තේ කෝප්පවලට වඩා මට නම් රස ය. මගේ තේ කෝප්පයේ රස මෑතක් වන තුරුම මා අත්වින්දේ තනිවම ය. "අප්පච්චිගේ තේ එක වගේමයි" මේ දිනක් මගේ අතින් හැදූ තේ කෝප්පයක රස බැලූ අම්මාගේ වචන ය. දැන් ඈ ගෙදරට එන සියල්ලන්ටම පුන-පුනා පුතාගේ අතින් තේ එකක් බී යන්නට ආරාධනා කරන්නී ය.
උන් දෙදෙනාගේම තේ එකට වඩා මා හදන තේ කෝප්පය රස වෙන්නට ඕනෑ බව ඇත්ත ය. මා ආදරය උගත්තේ ද ඔවුන් දෙදෙනාගෙනි. ඔවුන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන් නොකල සැමදේ, ඔවුන් දෙදෙනා තුලින් මම නොදුටු සැම දේ එකතු කොට සඟල වරහනක් යොදා මම ඊට ආදරය යැයි නම තැබීමි. එලෙසින්ම ඔවුන් දෙදෙනාගේම තේ කෝප්පවල මා දුටු සුලු හෝ අඩුපාඩු බොහොමයක් එක්ව අහෝසි වී, මගේ තේ කෝප්පය රසවත් කරන්නට ඇතැයි මම කල්පනා කරමි.
මම අද යලිත් මගේ ප්‍රථම පෙම්වතියගේ නිවසට ගොඩ වැදීමි. විවාහ ගිවිසගෙන සිටි ඇය වෙනදාටත් වඩා රූබර බව මගේ ඇස්වලට සැඟවිය නොහැකි විය. ඇයත්, ඇගේ මවත් හා සුහද කතා බහ අතරතුර "වීවා දාලා තේ එකක් හදන්න ද" යැයි ඇය ඇසූ විට මම හිස සැලීමි. ඈ තේ කෝප්පය මා අත තැබුවා ය. "මම තේ හදන්න දන්නෙ නෑ අනේ", ඇය කීවාට ඇගේ තේ කෝප්පයේ රසය මට නිසි පිලිතුරු ලබා දී තිබිණ. ඉඳ හිට මිස, ඒ අතින් හැදූ තේ හැමදාම බොන්නට මට ඇති පිනක් නැති බව මම දැන සිටීමි. "ඔයාට ඔයාවම නැති වෙලා බී", නිහඬවම තේ කෝප්පයට පිඹිමින් සිටි මා දෙස බලා හුන් ඈ තෙපලා ය. මින් වසර හතරකට පෙර ද වරක් ඒ වචන ටිකම ඇය මට කී බව මතක ය. උරහිස තෙක් වැවුනු නොපීරූ කොන්ඩයත්, හීන්දෑරි ශරීරයේ ප්‍රමාණයට නොගැලපෙන ඇඳුම් පැලඳුමුත් දෙස ඇය එදා සුසුම්ලමින් බලා හුන් බව මට මතක ය. මෙදා නම් මගේ එවන් විපරීත පෙනුමක් නැත. කොන්ඩය කොටට කපා පිලිවෙලකට හැඳ පැලඳ සිටියත්, තවමත් මේ ඉන්නේ ඈ පෙම් කල නව යොවුන් තරුණයාගේ දිලිසෙන ඇස්වල අහලකටවත් පැමිනිය නොහැකි, අකලට වියපත් වූ බමුණු ආත්මයක් බව ඈ තවමත් හොඳාකාරවම දැන සිටියා ය.
නමුත් ඉන් පසු මා අලු හලා දමමින් නැගිටින අයුරු බලා සිටියා ය. බිඳී තැන තැන හැර දමා ආ මගේ ආත්මයේ කැබලි යලි එක් වී යලිත් මා ෆීනික්ස් කුරුල්ලෙකු සේ පිබිදී නැවත ජීවිතය සොයනු ඈ දුටුවා ය. මා වචනයෙන් නොකීව ද මගේ සෑම වෙනසක්ම, ඉරියව්වක්ම, සෑම පියවරක්ම ඈ හොඳින් බලා සිටියා ය. ඉතින් මා සොයා යන නව හිමිකානිනියකට ඉත සිතින් මා පුදා ඈ කරබාගත්තා ය. සුබ පැතුවා ය, ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දුන්නා ය. එලෙසින්ම මා යලිත් වරක් බිඳ වැටෙනු ද මෑතක සිට ඇයට බලා සිටින්නට සිදු විය. ඇගේ නිහැඬියාව ද මගේ සිතිවිලි ද අතරේ අතරමංව මම තවමත් තේ කෝප්පය තොල ගාමින් සිටියෙමි.
"ගිය අවුරුද්දෙ තිසර මාව දාලා යනකොට, මාවත් ගොඩක් වැටුණා බී" ඈ කියන්නට වූවා ය. "එයා ගිය එකටත් වඩා, ඒ වෙලාවේ ඔයාගෙන් අහන්න ආස වුන වචන, සමහර උත්තර නොලැබුනාමයි මම වැටුනේ" ඈ ඉවත බලාගෙන තෙපලන්න වූවා ය. අහක බලාගෙන සිටි මම මොහොතකින් ඇයගේ ඇස්දෙකට එබී නිරුත්තර වුනෙමි. "ඔයා මගෙන් අහන්න බලාපොරොත්තු වුන වචන, මම නොදැන උන්නා නෙවෙයි" මම දිගු නිහැඬියාවක් බින්දෙමි.
උදෑසනම මා වෙනුවෙන් තේ කෝප්පයක් හැදෙන අතරේ පසුපසින් ගොස් තේ සදන්නියව වැළඳගත් අතීතයක් මට හිමි ය. උදෑසන මා තේ හදද්දී පසුපසින් පැමිණ මට ලැබුනු හාදු මට මතක ය. කණගාටුව, ඒ හාදු සහ වැළඳ ගැනීම්වල හිමිකාරිනියන් එකිනෙකට වෙනස් අයවලුන් වීම ය. නමුත් මට ඒ හැම තේ කෝප්පයකම රසය වෙන වෙනම හොඳ හැටි මතක ය.
"She is my cup of tea, though it's too cold now". මම මටම කියාගතිමි. සැඳෑ අඳුර ගලා එන වෙලාවේ මම ඇයගෙන් සමුගතිමි.
"අවුරුදු දහයක් ගිහිල්ලත්, කොයි දේටත් තාම අපිට ඉන්නෙ අපි විතරයි බී"
නිවසට පැමින හුදෙකලාවේ කලු තිත්ත කෝපි කෝප්පයක් තොල ගාන අතරේදී ඇයගෙන් ලැබුණූ කෙටි පණිවිඩය දෙස මම ඔහේ බලා සිටියෙමි.
-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න

වැදුනා කියන්නේ සැරටම වැදුනා!
ReplyDeleteකියන්න දෙයක් නෑ බමුණෝ..
ReplyDeleteයතාර්ථය. මගේ අත්දැකීම් කොටසක් මෙහි ලියවිලා තියෙනවා.
ReplyDelete