Tuesday, February 12, 2019

මොටෝසයිකල් දිනපොත 03 - පැච් කතා


වෙනත් කුමන වාහනයකින් නුවර එළිය ගොස් තිබුණ  කිසිවක් වින්ඩ්ස්ක්‍රීනය පවා ඉවත් කල ජීප් රථයකින් හෝ යතුරුපැදියකින් නුවර එළිය වෙත යන ගමන වාගේ අගේ නොවන වග මගේ අදහස ඔබ වටා මෙන්ම ඔබේ හිසට ඉහළින් ඇති හිස්අවකාශය අප්‍රේල් මාසයේ නිල්බර අහසෙන් සහ හීතල සුළඟෙන් වට වී තිබීමේ ආස්වාදය නොඅඩුව විඳින්නට නම් යා යුත්තේ විවෘත්ත රථයකිනි.. දුම්‍රියේ නැගී නුවර එළිය වෙත යන ගමනමෝටර් රියක නුවර එළිය වෙත යන ගමනට වඩා හාත්පසින්වෙනස් වනවා තරමට යතුරු පැදියේ නුවර එළි ගමන  වෙනම තලයක ඇති අත්දැකීමකිකෙටියෙන්ම කිවහොත් හිරු නැගඑන හෝරාවේ යතුරු පැදියකින් රටේ මධ්‍යම කඳුකරයේ කඳු අතර හුදෙකලා විම යනු ඔබව වෙනම ලෝකයට ගෙන යන්නකි
දිගටම පණගැන්වූ එන්ජිමෙන් උණුසුම් වෙමින්

රාත්‍රී අටට කිරිබත්ගොඩින් පිටත් වූ ගමනට තරමක බාධාවක් එල්ල වන්නේ හරියටම අලුයම දෙකට පුස්සැල්ලාවේදී පසුපසරෝදයේ හුළං යෑමෙනිමහනුවර - නුවර එළිය ප්‍රධාන මාර්ගයේ තේ වත්තක් මැද මොටෝසයිකලය නවතා එන්ජිම නිවා දැමූපසු හාත්පසම පැතිර ගියේ අසල සිටින්නාව  නොපෙනෙන කෑලි කැපිය හැකි ඝන අන්ධකාරයකිකිලෝ ගණනක් බර කැමරාඇඳුම් සහ අත්‍යවශ්‍ය ආම්පන්න මොටොසයිකලයට පටවා තිබියදීම එය නැවතත් කඳු බෑවුම ඔස්සේ ආපහු පහළට තල්ලුකරගෙන  පසු ටයර් කඩයක් සොයා ගැනීමට අපට හැකි වියමොටෝසයිකල ගමන්වලට “මැජික් නම්බරය අංක දෙක” යැයිමා කියන්නේ මේ හේතුව නිසා එක්කෝ යතුරු පැදි දෙකක් ගමනට එකතු විය යුතු නැතිනම් එකම යතුරු පැදියේදෙදෙනෙකු ගමන් කල යුතු බොහෝවිට සුමට නොවන මොටෝසයිකල ගමන්වල මුහුණ දීමට සිදුවන අවදානම්වලටසූදානම් විය යුත්තේ එසේ නමුත් යතුරු පැදි දෙකකට වඩා සහභාගීවන ගමන් බිමන් සඳහා මගේ උනන්දුවක් නැත්තේ අවශ්‍යතැනක කැමති නම් පැය ගණනක් හෝ ගමන නවතා අවට පරිසරය නිස්කලංකව ගවේෂණය කිරීමේ නිදහස මා සතු කරගැනීමට පසුව අකුරු අමුණා ලියවුණ  මේ සටහන්වලට වචන අනුපිළිවෙල ගලා එන්නේ බොහෝ විට එසේ ගතවනවිරාමයන්වලදී 

යාන්තමින් නුවර එලියට
කෙසේ හෝ පසුදා උදෑසන වනතුරු යතුරු පැදිය මුරකිරීමේ රාජකාරියේ උන් සගයාට වැඩේ තනිවම බාර කරමින් මට නින්ද ගොස් තිබුනේ, නිදිමත පහවෙන්නට යැයි කියා කඩා විවර කල දෙවනි රෙඩ්බුල් කෑනයෙන් පලමු උගුර පානය කල මොහොතේම වාගේ ය. පසුදා පහන්වන තුරුම ඉඳ හිට අතපය උණුසුම් කරගත්තේ විටින් විට ස්ටාට් කර ධාවන තත්ත්වයේ තබා ගත් මොටෝසයිකලයේ එන්ජිමේ ආනුභාවයෙනි. ධාවනය වන මොටෝසයිකල් එන්ජිමක් යනු සීතලට හොඳ ගිනිමැලයක් සේම වැස්සෙන් තෙත බරිත වූ පසු ඇඳුම්, මේස් සහ සපත්තු වියලාගත හැකි හොඳ මෙවලමක් බව අත්දැකීමෙන්ම කිව හැකි ය. රෑ එලිවෙනතුරු ධාරානිපාත වැස්සක තෙමෙමින් කොළඹ සිට බලංගොඩ හරහා බණ්ඩාරවෙල සහ බදුල්ල බලා ගිය ගමනක දී ද උණුසුම් එන්ජිම හොඳ ප්‍රතිකර්මයක් වූ බව මතක ය. කෙසේ හෝ පුස්සැල්ලාවේ පැච් කතාව කෙලවර වන්නේ උදේ අටවනතුරුම ගමනට පැය හයක ප්‍රමාදයක් එකතු කරමිනි.
මැද සිටින්නේ නුවර එලියේදී එකතු වූ "සමකය වටේ" යන නලීන් අයියා ය


කිලෝමීටර් හයසියයක මොටෝසයිකල් ගමනකදී දෙවරක් පැච් යෑමේ අත්දැකීමට මුහුණ දෙන්නට සිදු වූයේ ඉන් මාස දෙකකට පමණ පසුව ය. රෑ එලිවෙනතුරු "හොල්මන් වැස්සකට" ද මුහුණ දෙන්නට සිදු වූ මේ ගමනේ පළමු පැච් එක යන්නේ බණ්ඩාරවෙල නගරය පසුකර සුලු දුරකින් පසුව ය. අතරමගදී මීරිගම, ඇහැලියගොඩ සහ බළංගොඩ නගරවලදී රොටී, ආප්ප සහ ප්ලේන්ටී ආදිය සප්පායම් වී සිටිය ද බණ්ඩාරවෙලදී බරසාර උදේ ආහාර වේලක් ලබා ගැනීමේ උවමනාව තදබල ලෙස තිබූ බව මතක ය. ආහාරවේල බරසාර කරගැනීමට තරම් මට්ටකම කඩයක් නුදුටු තැන නගරය ද පසුකර කිනිගම හන්දියට එද්දී අපට හමු වූයේ සිරා බුෆේවකි. බත් ද, පරිප්පු හා සම්බෝල, කුකුළු මස් ආදිය යහමින් බෙදාගෙන භුක්තිවිඳ, වටලප්පම් ද යහමින් බඩට යවා කඩේ තරුණයා හා අල්ලාප සල්ලාපයට වැටුනේ මදක් හුස්ම ගැනීමට තරම්වත් බඩ බහින තුරු ය. 


සාමාන්‍යයෙන් මොටෝසයිකල් සංචාරවලදී ආගන්තුකයන් හා අල්ලාප සල්ලාපයේ යෙදෙනවිට ඔවුන් අප ගැන අසන පැණවලට දිය හැකි සරල පිලිතුරු කිහිපයක් අපි මුල සිටම පුරුදු වී ඇත්තෙමු. බොහෝවිට එම උත්තර අර්ධ-සත්‍ය ය. අසන ප්‍රශ්නවලට ඇත්තම නොකියා සියල්ල ලඝුකොට කීමේ ප්‍රධානම හේතුව අපව 'මැජික් එකක්' ලෙස පෙනීම වලක්වා ගැනීම ය.  ඒ පැණවලට ඒ සරළ පිලිතුරු කිහිපය ලබා දුන් පසුව එලබෙන්නේ අප ඔවුන්ගෙන් අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ වාරය ය. කිනිගම පාර ඔස්සේ ඇල්ල නගරයට ලඟා විය හැකි වඩා දර්ශනීය මාර්ගයක් ඇතිවග අප දැනගන්නේ කඩේ තරුණයා හා යෙදුන ඒ අල්ලාප සල්ලාපයේදී ය. ඉතින් සුපුරුදු බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගය මගහැර, නැවත සෑහෙන දුරකට නගරයක් හසු නොවන හුදෙකලා මාර්ගයට අප යොමුවන්නේ ඒ අනුව ය. අවාසනාවක මහත ට ඒ ගමනේ පලමු පැච් එක යන්නේ ඒ මාර්ගයේ දරුණු කඳු, පල්ලම් සහ වංගු පසුකරමින් කිලෝමීටර තුනක් පමන පැද යෑමෙන් අනතුරුව ය! විනාඩි හතලිහක පමණ දහදිය මුගුරු හෙලීමකින් අනතුරුව නැවත මාර්ගය වෙනස් කිරීමට තීරණය කල ස්ථානය වෙතටම මොටෝසයිකලය තල්ලු කිරීමට සිදුවන්නේ ඒ අනුව ය! නැවතත් මදක් විපරම් කිරීමෙන් අනතුරුව සොයාගත් ටයර් වෙළඳසැලකින් අවශ්‍ය අලුත්වැඩියාව කරගන්නා අතරතුර මා යාබද නිවසකට ගොඩ වැදුනේ ශරීර කෘත්‍යය වෙනුවෙනි. මගේ සගයාට එවන් අවශ්‍යතාවක් ඒ වනවිට නොවූයේ ඌ උදේ පාන්දරම හපුතලේ දුම්රියපොලේ 'නිරීක්ෂණ චාරිකාවක්' අතරතුර බර සැහැල්ලුකරගෙන සිටි නිසා ය. කෙසේ හෝ අලුත්වැඩියාවෙන් පසුව වෙහෙසටත් හිතේ අමාරුවටත් තීරණ ගැනීමේ අයිතිය පවරා, අපි සුපුරුදු බදුල්ල පාර ඔස්සේම ඇල්ල බලා හැල්මේ ඇදුනෙමු.
රැය පහන්වනතුරු කල ධාවනයකින් පසුව
උදෑසන හමුවන හුදෙකලා කැලෑබද මාර්ගයක් යනු
කෙටි නින්දකට තෝතැන්නකි


සාර්ථක සංචාරයකින් පසු ආපසු එන ගමනේ දෙවන පැච් එක ද යන්නේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී ය. වාසනාවට කිලෝමීටර දෙකක් ඇතුලත ටයර් වෙලඳසැලක් තිබූ හෙයින් පැය බාගයක් තුල ටියුබයම මාරුකොට අලුත්වැඩියා කරගැනීමට හැකිවීම අපේ වාසනාව ය.

පැච්කතා හමාර කිරීමට මත්තෙන් ලිවිය යුතු honorary mentions ද ඇත! ටයර් ටියුබය හිල් වී හුලං බිඳුවක් නැති බව දැන දැනම "වෙන දෙයක් වෙත්දෙන්" කියා පැදගිය උපරිම දුර කිලෝමීටර් හතලිස් පහකි. වේගය අවම වශයෙන් පැයට කි.මි. 40ට වඩා පවත්වා ගන්නට ද සිදු වූයේ වේගය අඩුකල සැනින් දැනෙන්නට ගන්නා අධික පුනරාවර්තී ගැස්ම නිසා ය. එම රාත්‍රියේ මට තිබුණේ විකල්ප දෙකකි. එකක් උදෑසනවනතුරු මොටෝසයිකලය ද සමග පැය දොලහක් පමන පාර අයිනේ ගත කර, උදෑසන කෙසේ හෝ නගරයක් සොයා ගැනීම ය. දෙවැන්න, සිදුවන අලාභහානියක් පසුව විඳ දරාගෙන මොටෝසයිකලය පැද ගොස් ගෙදරට වී නිදා ගැනීම ය. ඉතින් මා තෝරාගත්තේ දෙවැන්න ය! රිම් එකට හෝ ටයරයට කිසිදු හානියක් වී නොතිබූ අතර, ටියුබය මාරු කිරීමට සිදු වූ නමුත්, පසුදා උදෑසන මගක් තල්ලුකරගෙන එන විට පෙරදා රාත්‍රියේ එතරම් දුරක් පැද ආ හැටි සිටිපත් වී 'ඔන්න ඔහේ' නිවස සමීපයේ ටයර් කඩය දක්වා ඉතිරි දුර පැද යාමට සිත් වී මගදී පොලිසියෙන් දඩයක් කෑමට නම් සිදු විය. ඊට හේතුව තල්ලුකරගෙන යාමේ අටියෙන් එලියට බැස්සේ හෙල්මට් නොමැතිව බව මෙහි ලියා තබන්නට නුඋවමනා තරම් ය!

8 comments:

  1. There must be more reliable tubeless Tyre for such long distance travel (unless Patch is part of the fun of travelling)

    ReplyDelete
    Replies
    1. honestly a tyre puncture could ruin a whole trip, you have to make sure that you are going to sort out the situation in the best possible way.. my bike cannot be converted into a tubeless type, have a lot of compromises with that.

      Delete
  2. මම නං දුර ගමනක් යනවා නං බයිසිකලෙ ටයර් ටියුබ් ගැන සැලකිලිමත්. කෝමත් එක පැච් එකක් ආවත් දෙවැනි පැච් එකේදි අලුත් ටියුබ් එක දාන එක නං අනිවා කරනවා. මම උපරිම එක දිගට දවස් තුනක් කිලෝමීටර් හත්සිය ගානක් දිව්වා. කරුමෙට පැච් එකක්වත් ගියේ නෑ. බොලාට වගේ සැප පහසු බයික් නෑ. ප්ලැටිනා එකක් තමා තියෙන්නේ.

    අපි වගේ බයිසිකල් වලින් කටු කන උන්ට මේ වගේ කතා මල් මසුරන්. පින්තුර තමා බං මදි.

    ReplyDelete
    Replies
    1. මටත් පැච් දැම්මම නිකං ඇඟේ තුවාලයක් වගේ, කෙලින්ම දෙවෙනි පන්චරේ ගිය ගමන් ටියුබේ මාරු කරනවා..

      මේකෙ තියෙන පැච් කතා හතරම, නොගැලපෙන ටියුබ් දෙකක් නිසා වෙච්ච දෙයක් කියල පසුව දැනගත්තෙ. කොළඹින් එපිටදී දැමුන ටියුබ කුඩා වැඩියි, කිලෝමීටර 2000ක් ඇතුලත 'අහේතුකව' හිල් වෙනවා..

      ප්ලැටිනාවේ විතරක් නෙවේ, තැපැල් නයින්ටියේ වුනත් හරි විදියට යනව නම් ඇඟට පතට නොදැනි අමාරුවක් නැතිව දුර ගමන් ගියෑකි. වේගේ ලොකු විශමතා නැතුව ඒකාකාරී වේගයෙන් යන්න ඕනෙ, තඩි දාර නැති කලිසම් අඳින්න ඕනෙ, බොක්සර් ගහන්න ඕනෙ පටි ජොක්කු ඉන්දියා ජොක්කු නැතිව..

      පොටෝ නම් බුකියේ දකිනවනේ දේසකතුමෝ, මේ බ්ලොග්ස්පොට් බ්ලොගේ පොටෝ ඔබන්න ගියාම දුක දෙනවා අප්ප!

      Delete
  3. ඔහොමත් පැච් යනවද බං බයික් වල?


    අපේ එකකේ මීමුරේදි පැච් එකක් ගියා කෝමද සැප.

    ReplyDelete
    Replies
    1. මේකෙ තියෙන පැච් කතා හතරම, නොගැලපෙන ටියුබ් දෙකක් නිසා වෙච්ච දෙයක් කියල පසුව දැනගත්තෙ. කොළඹින් එපිටදී දැමුන ටියුබ කුඩා වැඩියි, කිලෝමීටර 2000ක් ඇතුලත 'අහේතුකව' හිල් වෙනවා..

      Delete
  4. ලංකාව ‌වටේ කිලෝ මීටර් 1926ක් දවස් 5ක් තිස්සේ ගියා, ඒත් ඔච්චර හයිය ජපං අස්සයෙක්ගෙන් ‌නෙමෙයි. ඉන්දියන් FZ ඒකකින්... ‌දෙයියනේ කියලා කිසිම ‌ලෙඩක් දුන්නෙ නෑ.

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...