බැරිස්ටා හරි කොහෝ හරි ගිහින් කපචිනෝ එකක් අමරිකානෝ එකක් ගහන එක ආතල් එකක් නෑ කියල මොකෙක් හරි කියනවා නම් ඒක මහා කුප්ප මෝඩ කතාවක්. ගම්ගොඩක ලෑලි බංකුවක ඉඳන් ප්ලේන්ටියක් ගහන එක ඊට වඩා ආතල් කියලා කියනවා නම් ඒකත් ඉතින් ඊට නොදෙවෙනි ගොන් කතාවක්. (එහෙම කියනවා නම් ඒක ඉතින් ඔය බුකි පේජ් කාරයෙක් ලයික් ටිකක් ලයින් කරගන්න කියන කතාවක් තමයි)
හොඳ දේශීය මල් වට්ටියකට අත ගහලා චන්ද්‍රගත වෙලා, පාවෙලා වගේ හොඳ කොෆි ෂොප් එකකට ගිහින් අර සීනි පැකට් ඔක්කොම කලවම් කරලා අමරිකානෝ එකක් ගගහා, පැය දොළහක් විතර ගත වෙන්න ඇති කියලා හිතෙන පැය දෙකක් ගත කරන එක වෙනම ආතල් එකක්. (මම මේ නීති විරෝධී දේවල් ප්‍රමෝට් කරනවා නෙවේ) ඒ වගේම, හොඳ කට්ටක් කාලා, බංකුවට බර වුන ගමන් ඇඟේ පතේ අමාරු ඔක්කොම නිදහස් වෙලා යන උගුරේ පතුලෙන්ම එන ආආහ්හ්ර්ර්හ්හ් සද්දයක් එක්ක, "ප්ලේන්ටියක් දාන්ඩ මාමා" කියලා ප්ලේන්ටියක් ඕඩර් කරලා, හොඳට පැද්දී පැද්දී ප්ලේන්ටිය ගහන එක වෙනම ආතල් එකක්.. සසදන්න බැරි, අසමසම, එකකට වඩා අනික හොඳයි කියන්න බැරි එකිනෙකට වෙනස් සුපිරිම අත්දැකීම් දෙකක් තමයි ඒ.
දෙමෝදර ආරුක්කු නවයේ පාලමට කිලෝමීටරයක් මෙහා කාර් පාක් එක තියෙන්නේ ඇයි කියන කාරනාව මොලේට ප්‍රොසෙස් වෙන්න චුට්ටක් පරක්කු වුන නිසා, බ්‍රේක් උණු වෙලා වැක්කෙරෙන්න ඉඩ තිබ්බ අංශක හැත්තෑවක අසූවක කන්දේ වංගු කීපයක්ම බයික් එක ඇදලා, ප්‍රපාතේ දැක්කම පණ එපා වෙලා බයික් එක ලගේජ් එකත් එක්කම කැලයක් අස්සේ ගහලා,පාලම බලලා ඇවිල්ලා බයික් එකත් කන්ද පහලට බාගෙන, හොඳ පණ ගිහින් උන්න වෙලාවක මගේ ගමන් සගයා ගහපු ප්ලේන්ටිය තමයි මේ.
ඒක අර මුලින් කිව්ව ආතල් දෙකටම වඩා වෙනස්,වෙනමම ආතල් එකක්!
No comments:
Post a Comment
මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.