Saturday, February 27, 2016

විශේෂ මතක සටහනක්, අනාගත සැමරුම් පිණිසම

අවුරුදු දහයකට කලින් එක පාරක් විතරක් කියවපු, හැබැයි අදටත් ගිරවා වගේ එක හුස්මට කියන්න පුලුවන් දත්ත මගෙ ඔලුවේ තියෙනවා, ඒත් එහෙම උනත් දැන් පොඩ්ඩකට කලින් කියවපු දෙයක් ගැන කිසිසේත්ම මට මතක නැති වෙන්න පුලුවන්.

හැමදේම ඇතුලේ පර්ෆෙක්ශන් හොයපු, වැදගත් වැඩක යෙදුනත් නැතත් මේසේ උඩ දූවිලි බිංදුවක් නැතිව තියෙනවා දකින්න ඕනෙ වුන කෙනෙක් වෙච්ච මම,වෙලාවට වැඩ නොකරන උන්ව පෙන්නන්න බැරි වෙලා උන්න මම අද තනිකරම ඒවාගෙ අනික් පැත්ත.

මට වැදගත් නෑ පොලවේ ඉඳන් ඉරට තියෙන දුර, ලීටරේට මිලිලීටර් ගණන, හැබැයි මං මැරෙන්න කලින් දත්ත දෙකෙන් එකක් හරි ඕනෙ වුනොත්, ඕනම වෙලාවක මට දේවල් බලාගන්න විධි ඕනේ තරම් තියෙන විත්තිය මම දන්නවා.

හැබැයි ඔය අතරේ මම තේරුම් ගත්ත එකම දත්තය තමයි, මගෙ ඔලුව හැදිලා තියෙන්නේ දත්තවලින් පුරවලා සිස්ටමැටික් විදියට සමාජයට මුදා හරින්න නොවෙන විත්තිය.

සමහරවිට ශිෂ්යත්ව විභාගෙන් සිරා දිස්ත්රික් සාමර්ථයක් ඇතිව ආනන්දෙට එවලා, සාමාන් පෙලට අටකුත් ඇතුව උසස් පෙලට එවලා උසස් පෙල පන්තියේදිත් පන්තියේ දෙවෙනියා පවා වෙද්දී මගෙ ලඟ උන්නු මිනිස්සු,අම්මා බලන් උන්නේ මං මෙහෙම බොහීමියානු වැසියෙක් වෙයි කියලා නෙවෙයි වෙන්න ඇති.

ඇතුලකට වෙලා කවුරුත් උගන්නන දෙයක් අහගෙන විභාගයකට එන උත්තර ටිකත් විදියටම අල්ලගෙන ලියලා අමුතු ලල් එකක් ගන්න ආතල් එක මට අවුරුදු දහ අටක් විස්සක් යද්දී එපා වෙලා ගියා. අද වෙද්දී, ඉන්නේ තනියම නෙවේ නම් පුටුවක් උඩට වෙලා ඉන්නවා කියන වැඩේ අමාරු වැඩක් නෙවේ,කරන්න බැරි වැඩක්.


ඉතිං වෙබ් පිටුවලටයි පත්තරවලටයි අනං මනං සහ ආතල් කෑලි ලිය ලිය ඉදපු මට අන්තිමේ පත්තර කන්තෝරුවකම හිත ගිය ෆීල්ඩ් එකක රස්සාවක් හම්බුනා. ජීවිතේටම ගියේ ඉන්ටර්විව් දෙකකට විතරයි, එකක් ගියේ ඩෙනිමත් ගහගෙන සෙරෙප්පු දෙකත් දාගෙන. මොකද පිලිවෙලට ඇඳලා අට පහ රස්සාවක් කරන්න කීයක් දෙනවා කිව්වත් වැඩි දවසක් කරන්න ආසා වෙන්නේ නැතිවග මම දැනන් උන්නා.
වෙලාවකට මගෙ ජීවිතේම පිස්සුවක්, මොකද්ද බං උඹේ ඔය ජීවිතේ තේරුම කියලා අහද්දී මට දෙන්න උත්තර තිබ්බේ නෑ. හිතුන ගමන් කාටත් නොකියා ඇවිදින්න යන දවසක දෙකක රස්තියාදුවත්, පෑන රිප්ලේස් කරපු කීබෝඩ් එකයි කැමරාවයි එක්ක ජීවිතේ ජීවත් වෙනවා කියන දේ මම ඉගෙනගත්තා.
සෙක්ස් කියන්නේ හුයන්නකුත් පයන්නකුත් තයනු ගෙඩි දෙකකුත් නෙවෙයි කියන දේ, ජීව්තේ ටාගට් ගහලා අන්තිමේ හොයාගන්න හදන නිදහස ඕනෙම වෙලාවක අල්ලගන්න පුලුවන් කියන දේයි මං ඉගෙනගත්තා. මට ඔයාගේ පාරේ යන්න,පනස් පහ වෙනකන් බලන් ඉන්න ආසාවක් නෑ, අම්මට මම ගිය සතියෙත් කිව්වා.

මචං උඹට තියෙන්නේ ඔන්ටප්රිනුවර් මයින්ඩ් එකක්, ඒක ස්ටඩි කරපං. ඔය අතරේ යාලුවෝ කිව්වා, විශේෂයෙන්ම Janaka සහෝදරයා. හැබැයි කාටවත් බැරිවුන,හැබැයි ඌට විතරක් පුලුවන් වුන හරි විදියට මගේ ඔලුවට ඒක දාන්න ජනකට පුලුවන් උනා. උඹට සහතිකවත් උපාධියක්වත් උවමනා නැතත් දැනුම ගන්න හරි ඒක ස්ටඩි කරපන්. ඔය සිතුවිලිවලට පෝර දැම්මේ Poorniයාඑතනින් ගියාම Oshani, සෑහෙන්න මගෙ ඔලුවට කතා කරන්න පුලුවන් චරිත තුනක්.

ඉතිං ඔය විදියට හතර අවුරුද්දක 'කරුමයක්' අද පටං ගත්තා. එක තැනක ඉඳගෙන මෙහෙම ඉන්න එක අද වෙද්දි තවත් අමාරුයි, උසස් පෙල කාලේ දවස ගත වෙනවා නොදැනී පැය දොලහක් වුනත් එකතැන ඉඳගෙන උන්නේ කොහොමද කියලත් කල්පනා කර කර මේ අකුරු ටික කෙටුවා, අද දවස වෙනුවෙන් මතක සටහනක් විදියට..


6 comments:

  1. ටිකක් නෙවෙයි ගොඩක් හිතන්න වෙනවා.

    ඔය පොඩිකාලේ හිටපු විදිය තියෙනවා නේද? අම්මප දැන් මතක් වෙනකොට මටත් හීන්දාඩිය දානවා. දැන් දකින උන් බිරාන්ත වෙනවා! හික් හික්

    ReplyDelete
    Replies
    1. ඒකට මං, පොඩි කාලේ හිටු කිව්වොත් ඉන්නවා. වෙනස් උනේ දාහත දහ අටත් පැන්නම. ඒ කාලේ කඩිකුලප්පුව හැදිලා උන්නු එවුන් අද පූස් පැටව් වගේ.. කාලය මැව් වෙනසක අරුමේ :3

      Delete
    2. මමත් එහෙම තමයි හලෝ. මම කිව්වේ මම හිටපු විදියට මෙහෙම ඉන්නවා කිව්වහම පිස්සු හැදෙනවා කියල. මගේ නම් වේසාන්තරණය අදියර දෙක තුනකින් උනේ. අවුරුදු 16දී වෙනස් උනා මාර විදියට. ආයෙමත් කැම්පස් ගියපු ගමන්. ඊට පස්සේ ජොබ් වලට ගියාම වෙනස් උනා කීප පාරක්ම. දැන් බලනකොට අය්යෝ... කතාකරනකොටත් ඇඩෙනවා!

      ඉස්සර ලියපුවා දැක්කහම දැනටත් දුකේ බැහැ. දැන් ලියන එව්වා බලා පස්සට අඬන්න බලාගෙන ඉන්නේ හෙහ්

      Delete
  2. සෙක්ස් කියන්නෙ අර කියන එක නෙවෙයි කියලා හොයාගත්ත එකා හැටියට උඹව ගිනස් පොතට නිර්දේශ වෙයිවත්ද?

    ReplyDelete
    Replies
    1. මටත් කිව්වෙ හත වසරෙ පොඩි එකෙක් බ්‍රෝ :3

      Delete
    2. මං කියන්න හැදුවේ, අර බැඳීමක් නැති තැන, හුරුපුරුදු සුවඳක් නැති තැන, මට ඔය සැස් කියන මගුලේ මෙලෝ ලල් එකක් නෑ කියන දේ. :)

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...