“සුපෙම් හැඟුම්-ඔබෙන් එපා.. මිතුරු දම් විනා,
නෞකාවකි ඔබ මෑත සමුදුරේ..” කොල්ලෝ කෙල්ලෝ ගැන, ආදරේ
ගැන මිනිස්සු ඕන තරම් සින්දු,කවි,කතන්දර
ලියලා ඇති. මිනිස්සු ඒවා ආදරෙන් වැළඳගෙන ඇති, පරම්පරාවෙන්
පරම්පරාවට, අවුරුදු සිය ගණනක් යනකන් ඒ කතන්දර අහන්න,විඳින්න වගේම සමහරවිට තමන්ගේම අත්දැකීම් කරගන්න
ඇති.
රෝමියෝ-ජුලියට් ඔය තරන්ම මිනිස්සු වැළඳ ගත්තා
කියලා ඒ දෙන්නා ආපිට ජීවතුන් අතරට ආවේ නෑ. ධම්මික බණ්ඩාර තමන් ඉස්කෝලේදී දැක්ක,
කොල්ලා කෙල්ලට බත් කවන දර්ශනය, පස්සේ කාලෙක ඒ කොලුවා තනියම හම්බුන වෙලාවක අහලා
දැනගත්ත කතාව උඩ ලියවුන “හන්තානට පායන සඳ” උන්
දෙන්නමත් රස විඳින්න ඇති. හැබැයි ආයෙමත් කවදාවත් එකතු නොවෙන්න ඇති.
ඒ ඒ නිර්මාණ මිනිස්සු කොයි තරම් තදින් අල්ලා
ගත්තත්, ඒවා ඇතුලේ උන්න මිනිස්සු තව දුරටත් ඒවා ජීවිතේ
කරගන්න නැතිව ඇති. “මොනවද මනුස්සයෝ උඹ තවත් පරණ දේවල් ගැන ලියන්නේ?”
“ඇයි බුද්ධි ඔයා තාමත් මේ??” යාළුවො,දන්න-නොදන්න
මිනිස්සු මගෙන් අහන ප්‍රශ්නෙටත් මට දෙන්න තියෙන උත්තරේ ඒකයි. තාමත් පරණ සිද්ධි
මතක් කර කර මම හිනා වෙනවා, අඬන්නේ නැතත් කඳුළු එනවා.. ඒවා මාත් එක්කම කම්පනය
වෙන්න පුළුවන් කීප දෙනෙක් එක්ක අකුරුවලින් බෙදාගන්නවා..
එතනින් එහාට ඒ මගේ ජීවිතේ නෙවෙයි, මගේ වර්තමානය හෝ අනාගතය නෙවෙයි. කට කොනක හිනාවකට
හරි කඳුලකට හරි හේතු වෙන පුංචි අතීතකාමයක් විතරයි.
ලියල ඇති කවි කෑලි ඕනේ තරම්, කෑලි එල්ලෙන කහ ගැහුණු සටහන් පොත් තාම මගේ ගාව,
ලයිබ්‍රරියේ ඉඳන් එවෙලෙට හිතෙන දේ කුරුටු ගාපු
කොළ කෑල්ලේ ඉඳන්, ෆෝමැට් වෙලා එක රොත්තට නැති වෙලා ගිය අකුරු කෑලි
තිබ්බ වැඩකට නැති හාඩ් ඩිස්ක් කෑල්ලේ ඉඳන්, දාන්න
පුළුවන් කියලා හිතුන වෙලාවට බුකියට,බ්ලොග් එකට
අත ඇරපු කුරුටු, ඔය ඔක්කොම තාම මන් ගාව,එකක්
වත් විසි කරන්න අවශ්යව වෙලා නෑ.
“මට ලියන ඒවා මට විතරක් පෙන්නන්න” කියපු කාලෙන් පස්සේ, ලියපුවා
කිසිම එකෙක්ට නොපෙන්නා ඩෙස්ක්ටොප් එකේම තනි එක ෆෝල්ඩරයක් ඇතුලට රිංගවලා දාන කාලයක්
වෙලා තිබුනේ පහු ගිය මාස ගානම.. සමහර විට ඒක ඉවර වෙයි, සමහරවිට
ඉවර නොවෙයි. දිගටම ඒ ෆෝල්ඩරේ පිරෙයි.
සමහර විට දවසක මමත්, කඩේක
කොල්ලට ආදරෙන් බත් කවන කෙල්ලෙක් දැකලා ලඟට ගිහින් “ඔයාල
දෙන්නා දැක්කම මට මගේ ඉස්සර කාලේ මතක් උනා” කියලා
කියයි. උන් දෙන්නත් මේ මොකද වුනේ කියලා එවෙලාවට ඇඹරුනත්, පස්සේ
කාලෙක මම වගේ ගොඩක් දේ තේරුම් ගනියි.
හැමදාම ඉර පායයි, ලෝකේ
හරි රවුම් නැතත්, සිද්ධ වෙන හැම දේම හරි රවුම් කියලා එකෙක් දෙන්නෙක්
හරි තේරුම් ගනියි.
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
.......කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...........
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...........
මගෙ ජීවිතේ එක සිද්ධිය් හින්දා මමත් කැමතිම සින්දුවක් ඕක..... පට්ට ලිවිල්ලක් මචං...... දැනෙන්නම ලියලා තියෙනවා...........
ReplyDeleteස්තුතියි ආර්යන්, ගොඩක් සමාවෙන්න උත්තර පරක්කු උනාට..
Deleteඅපොයි... ඔය පරණ කොළ කෑලි කියන්නේ මරණිය තුවාල කරන ආවුධ. හ්ම්ම්.. හ්ම්ම්...
ReplyDeleteඒක හැබෑව... රිප්ලයි පරක්කු උනාට සොරි හොඳේ,ඔයා හොඳයිනේ, තලා වෙන්නේ නෑනේ :D
Deleteලස්සන සින්දුවක් මචං.මම හරි ආසයි එකට.
ReplyDeleteඔය සමහර දේවල් තියෙනවා බං අපි කොච්චර අමතක කරන්න හැදුවත් පුදුම විදියට අපිව හොයාගෙනම ඇවිත් යම්තම් කොනිත්තලා හරි යන.
හ්ම්ම්ම්, කාලෙකදී ඕවාට කොනිත්තන්න බැරි වෙලා යනකන් ඉන්න වෙනව බං..
Deleteහ්ම්... කාලේකදී ජීවිතේ ලස්සන කරපු දේවල්ම තවත් කාලේකදී ජීවිතේට දරන්න බැරි දුකක් අරගෙන එනවා..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්ම්! :)
Deleteධම්මික බණ්ඩාර බුද්දි ඉගෙනගත්ත පාසලෙම ඉගෙනගත්ත කෙනෙක් 81 උ/පෙ කලේ ඇයි ඔබ උත්සහ නොකරන්නේ එවැනි හදින් නොමැකෙන පද මාලාවක් ලියන්න අනිවාර්යෙන්ම නුඹට පුළුවන් මල්ලි ට්‍රයි කරපන්
ReplyDeleteහිතනවා අයියේ හිතනවා, මොනා හරි ඉස්සරහට ලොකු දෙයක් එලියට එයි, බොහොම පිං ඒ වචන ටිකට..
Delete