සරසවියේ සිට හසුනක් ලැබෙන තුරු ඇයගේ සිත තුල පවතින්නේ කුකුසක්,ඔහු ඇයට අහිමි වී ගියාදෝ පවතින්නේ බියක්.ගත වන මොහොත වන විටත් ඇයට ඔහු අහිමි වී අවසන් නම්? "ඇයට හිමි මගේ නුඹ" ලෙස එය නම් වෙන්නේ ඒ නිසාම යි.
පසුගිය දස වසරක මතකයන් සිහිපත් කරමින් ඇය දෙවැට අසල බලා හිඳිනවා.. හසුනක් නොමැතිව ගෙවී ගිය දින සති මාසවලට හදිසියේ මල් වැස්සක් වැටෙන්නේ මෙහෙමයි.
| දෙනෙති න් එහා ඉම සෙව් නුබ තලය | අරා |
| සුපස න් හදින් නැගෙනා මතකයන් | දරා |
| කෙලෙසි න් රැඳෙන්නද මේ බිම් තෙ | සරා |
| සැරසෙ න් සිතෙන් දිව එන්නට නුඹම | කරා |
| තුඩ තුඩ ගැයෙන ගී අම රස | දැනේ වී |
| නිල් නුබ දිලෙන සොමි පව්වෙන් | එබේ වී |
| හද හද දිලෙන පැතුමන් හෙට යා | වෙ වී |
| හසුනක් ලැබෙන තුරු ඔබ මග | බලා වී |
| කඳු හෙල් රළු හසර ඔබ හා පසු | වූවා |
| හන්තානටත් නුඹේ අත ගෙන ලං | වූවා |
| දොළ අයිනේ නුඹ හා සිත | යා වූවා |
| අක්බර් පොකුණ ළඟ අද මම තනි | වූවා |
| වෙහෙස නිවා ගන්නට අප රැඳුන | එදා |
| සිහිලැල් නදී දිය ඇලි මතකයේ | සදා |
| මහවැලි ඉවුර ළඟ මා තනි විටදී | මෙදා |
| ගෙනදී තෙමයි මගේ නෙත් අග ඉවුරු | බිඳා |
| බිඳෙ යි මහද රජ කල සිතුවිලි | රෑ න |
| නැගෙ යි අපේ බාලේ මතකේ | ගේ න |
| රිදෙ යි කීරි ගැහෙනා හදවත | ගැහෙ න |
| බඳි යි හද වැටක් නුඹ පමණක් | ඉන් න |
| රොද හැරගියත් බිඟු මල් පැණි | සොයාගෙනේ |
| සිඳ බිඳ නොයයි බිඟු කැළ බැඳී | දයාවෙනේ |
| මල් මී ගොමුව වෙත ආවත් | විගසකිනේ |
| එයි සිය රොදට නොඇලෙයි මල්මී | ගොන්නේ |
| රම්නද සිවිලිමේ මං නෙත යවන | වෙලේ |
| අත රැඳී පොතෙන් ගෙනයයි මගෙ සිත | එකලේ |
| ගෙන එයි දසකයක් එපිටින් සොඳුරු | කලේ |
| නුඹ හද පිදුවේ මට බව දැනුනයි | ආලේ |
| සරසවි දිවිය වෙහෙසයි හද විඩා | ගෙනේ |
| මල් මාවතක් ඇතිමුත් තනිකමක් | දැනේ |
| හසුනක් එවන පමා මවෙත නැතිව | මෙනේ |
| පවස නිවන වදන් ලියන හැටි | නොදැනේ |
| පමා බවට මගෙ හසුනට රහස | එයයි |
| දමා දෙවැට නුඹ නොහරින බවද | දැනෙයි |
| සමා අයැද මං නුඹේ බව කියන | බවයි |
| මෙමා ලියන පළමු හසුන ලැබුන | වගයි |
ධාරාගේ කඳුලට මල් එකතු කලේ- කරූ෴
කවි පෙලට අලයින්මන්ට් සකසා ගැනීමට උදව් දුන් ඩූඩ් අයියාටත්,මේ පෝස්ටුව ගැන සටහනක් පල කල ධාරාටත් මගේ ස්තුතිය.

තැන්කූ වේවා! කරූ :) මම ඉක්මනින් ම මේ දිහාට පාර කියලා මගේ බ්ලොග් එකේ පෝස්ටුවක් දාන්නං. කවියක් දෙකක් උස්සනවා හොඳේ.
ReplyDeleteපිළිතුරු කවි ටික නියම යි! මම නං ඉතින් ඊයේ කියෙව්වනේ. කවි ටික හුඟක් ලස්සණ යි! ජය වේවා ඒ වගේ ම බොහෝම ස්තූති යි . . .
ආ ධාරා කාලෙකින් ...ඉතින් කොහොමද ජීවිතේ
Deleteඉන්නවා, ඉවාන් අයියේ. මේ දවස්වල ටිකක් බිසී. ඒ නිසා බ්ලොග් එක දිහාට ගොඩ වෙන්න බැරි වුණා. කියන්න නං දේවල් හුඟක් තියෙනවා. ඉක්මනින් ම එන්නංකෝ.
Deleteකතාව දිගටම කරන් යන්න! වෙන කොහෙවත් යන්න එපා ඈ මෙතනම ඉන්න!! හිකි හිකි :D ඉස්සුවට කමක් නෑ ධාරෝ මේවට කොපි රයිට් මෙව්වා නෑ,තැන්කිව් වේවා මචං..
Deleteධාරා නගේ උඹ පෙම් කවි ලියාපාන්
ReplyDeleteකරුවෝ උඹත් පිළිතුරු කවි ලියාපාන්
ඇස් උඩ තියන් අපි මෙව්වා බලාපාන්
දීපං ඉතින් අඩු ගානේ මාළුපාන්
මාළුපාන් දුන්නට මේ ඉවාන්ට
Deleteඒවා දීලා බේරෙන්නට බැරිය මට
ඔබ ලියු කවි මේ ලෙස කියවූවාට
පොපිට්,චොකෝ ටිපිටිප් හෙම හොඳයි මට
කවි ටික ලස්සනයි කරූ.........!
ඉවාන් අයියේ මේ ඩිංගක් බලාපන්
Deleteධාරා කෙල්ල ලිව්ව කවිය කියෝපාන්
ඉකි ගහලා තනි ඇහැකින් අඬාපාන්
තව මදි නම් ලුණු කැටයක් හපාපාන්
ඉවාන් අයිය ඉල්ලුවාට මාළු පාං
Deleteදෙයි මම නම් මේන් කියල බලාපං
අක්කෙ රෙහානියෙ ඩිංගක් හිතාපාං
ජොබ්ලස් තවම අනෙ මං පව් නේද බාං
අනේ අපොයි මගෙ අම්මේ බලා පාං
ReplyDeleteඅම්ම මුත්ත කාලේ නැති හාද කාං
දැකල මෙව්ව ඇඬෙනව මට අසා පාං
හොයල දියන් මටත් එකක් අනේ බාං
යසිත් මචං මේ පොඩ්ඩක් අසන්නේ
Deleteමූදේ ඇති තරම් මාළුවෝ ඉඳින්නේ
මාළු බාන්නොත් ගණනින් වැඩෙන්නේ
කල් ගියොතින් කන්න වෙන්නෙ සැමන්නේ!
ජිවිත ඔරුව එක ලෙස ගෙන පැදයන්නයි
ReplyDeleteඔරුවට රුවල මෙන් වෙන් නොම වී ඉන්නයි
ධාරා කරු විජිතය විකසිත වෙන්නයි
සුපැතුම් මගෙන් මල් මල් මෙන් අද ගෙන්නයි
ගැමි ලියකගේ වෙසින් ඇ පිරිපුන් කවි ලියනා
කරුවත් ඉදන් හරියට පදවැල් ගොතනා
මේවා දකින යසිතට දැන් දුක සිතෙනා
යන තැන පළමුවෙන් යන්නට සිතට ගෙනා
සුළග කවි දෙකක් ලිවුවා .. තරහ අවසර ආයුබෝන් ...
හෆොයි! වැරදි වැටහීමක්. කරුවෝ මොකක් හරි කරපන් බං. නැත්තං විනාස යි!
Deleteමල ජූලියයි පවුල් දෙකක් කැඩෙන සීන් එකක් වෙන්නේ මෙහෙම ගියොත්! මදැයි කොලා!
Deleteජෝක් එකට ලිවුවේ .. තරහ අවසර යලුලා ...
Deleteවැරදි වැටහීමකින් නෙමේ ... අයින් කරන්නද කම්න්ටුව ...
එපා සුළඟ! කවිය අගෙයි මම ධාරා කියන කෑල්ල රීප්ලේස් කරන්නම් හරි නමෙන්! ;)
Deleteමං දන්නවනේ මේකිගේ කට,ධාරාත් විහිලුවටයි කිව්වේ,ෆිට් තමායි සුළඟ!
අල් තයීර්, කවි ටික ගැන මම මොකුත් නොකියන්නේ අනිත් අය ඒ ගැන මත ඉදිරිපත් කරලා තියෙන නිසා මට අමුතුවෙන් කියන්න දෙයක් නැතිව ගිය නිසා, නමුත් ඔය කවි ලියන උන්ට ප්‍රයෝජනවත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් අලුත් මල්ලි දාලා තිබ්බා මෑතකදි. ඒකට යන ලින්ක් එක තමයි මේ. අල්තයීර්ගේ කවි වල අලයින්මන්ට් දැක්කාම මට ඒක හිතුනේ. ඕන්න කරලාම බලන්නකෝ.
ReplyDeletehttp://aluth-malli.blogspot.com/2012/10/9.html
මසුරං වටී මට රටවල් දෙකක් වටී!! හරිම අමාරුවෙන් මම මේ මට්ටමටවත් අලයිමන්ට් හදාගන්නේ,කොහෙද ඉතිං පිස්සගේ පළාමල්ල වගේ වෙනවා ඒ කරලත්.. තැන්කිව් ඩූඩ් අයියේ..
Deleteමට නෙවෙයි අලුත් මල්ලිට තෑන්ක් කරපං. මම පාර කිව්වා විතරයි.
Deleteඅන්න පට්ට වැඩක් තැන්ක්ස් ඩූඩ් & අලුත් මල්ලි
Deleteඅලුත් මල්ලිටත් බිග් තෑන්ක් එකක් එක්ක තව වැඩි දියුණු කරන්න ඕනේ තැනකුත් කියලා මම දැම්මා
Deleteඒ සොෆ්ට්වෙයාර් එක දාල තිබ්බ අලුත් මල්ලිගේ බ්ලොග් එක (පොස්ට් එක තියෙන එක නෙවේ)යටින්. පාර නොකිව්වනම් කොහේ දැනගන්නද මේ මං!
නියමයි අල්තයීර්.. දැං ධාරා තව ප්‍රතිඋත්තරයක් බැදල ඊට පස්සේ උඹ තව ප්‍රති2උත්තරයකුත් බැදහං..
ReplyDeleteඈ බොලව් මට වෙන වැඩ නෑ කියලා හිතුව ද?
Deleteවැඩ තිබ්බට කමක් නෑ ලියහන්!
Delete//පමා බවට මගෙ හසුනට රහස එයයි
ReplyDeleteදමා දෙවැට නුඹ නොහරින බවද දැනෙයි
සමා අයැද මං නුඹේ බව කියන බවයි
මෙමා ලියන පළමු හසුන ලැබුන වගයි//
හරි ම ලස්සණ යි. දිගට ම සංවාදය ගෙනියන්නකෝ....
ස්තුතියි දිලිනි, එහෙම වුනොත් කයි මඩුවක් වෙලා තව මඩ කන්න තමයි වෙන්නේ! හිකි හිකි :D
Deleteකියන්ට වදන් නැත. ඒ තරම්ම පට්ට. විඳගත්තෙමි. හැමෝම වගේ කිවයකින් පිලිතුරු දීල තිබ්බට කවි බැරි මට කමෙන්ටු පමණි. ඔය කීවට අර උඩින් සුළඟ කියල තියෙන්නේ ඇත්තක් වෙන්ඩ ඕනේ. වාසනාවන්. අපෙත් පැතුම ඒකම තමා.
ReplyDeleteඉස්තුතියි, කවි කොමෙන්ටු ගල් මල් ඔය ඔක්කොම එක වගේ වැදගත්.. හෙක් හෙක් හෆොයි දෙයියනේ දැන් ඉඳල ඉවරයි! එහෙම දෙයක් නැතෝ මේ කවිකාරියි මායි දැකලවත් නැතෝ!
Deleteඒ පැතුම නම් ඉටු වන දෙයක් නොවේ :D
Deleteකියවන කෙනාට තමන් කැමති දෙයක් හිතන්න පුළුවන්. ඒක ඔහුගේ/ඇයගේ කැමැත්ත :) කවුරු කොහොම හිතුවත් මෙතන අවුලක් වෙන්නේ නැතෝ. මොකද ධාරා-ළහිරු සහ කරූ-මල් ගී අතර හොඳ අවබෝධයක් තියෙන නිසා. කරූ-ධාරා ළඟින් ආශ්‍රය කරන යාළුවෝ විතර යි! මගේ කවියට කරූ පිළිතුරක් ලිව්වට එකෙන් අපි අතරේ ආදර සම්බන්ධයක් තියෙනවා කියලා හිතන එක වැරදි යි. මෙතන අපි කරේ කවියෙන් දෙබසක් ගොඩ නැගීමක්.
Deleteසුළග ලිවුවා දේට සමාවෙන්න කියලා ඉල්ලනවා .. හිත රිදවීම් ඇති උනානම් ...
Deleteමම වගේ ආදුනිකයෙක් ඔයාලා වගේ අයත් එක්ක එහෙම ලියන්න හොද නැති බව වටහා ගත්තෙමි ..
සමාවන ලෙස ඉල්ලමි ..
//මම වගේ ආදුනිකයෙක් ඔයාලා වගේ අයත් එක්ක එහෙම ලියන්න හොද නැති බව වටහා ගත්තෙමි // අනේ බං, අපේ එහෙම දෙයක් නෑ සුළඟ.. නැවතත් කියනවා,කවි ලිව්වේ නැත්තම් මම තරහ වෙනවා.. හැබැයි සුලන්ගේ අඩවිය බලන්න නෑවිදින් ඉන්නේ නෑ,එහෙම කලොත් ඒකෙන් මටයි පාඩු.
Deleteධාරා හරියටම හරි.. කරූ-මල් ගී කියන්නේ දෑව්රුදු ආදරයක්, හොඳ අවබෝධයක් එක්ක.. මෙතන කිසිම ගැටළුවක් නෑ සුළඟ,තව ලියන්න කියල මම ගෞරවයෙන් ආරාධනා කරනවා..
සුළඟට සමාව ඉල්ලන්න කිසිම හේතුවක් නෑ :) කලින් මම කිව්වා වගේ කැමති කෙනෙක්ට කැමති දෙයක් හිතන්න පුළුවන්. සුළඟ දිගට ම කවි ලියන්න. අපි (හතර දෙනා) අහිතක් හිතන්නේ නැතෝ. කරූගේ අදහසට මමත් එකඟ යි. කවියට කවියෙන් ම උත්තර බඳින්න :)
Deleteමගේ හිතට හරි මදි වගේ .. අනිත් අයත් මම නිසා වැරදියට හිතුවොත් .. මම නම් ඔන්න ඔහේ නිකමට කටට ආවට ලිවුවේ ..
Deleteලියනවා මම කරු ... එත් මේ වගේ දේවල් අය වෙන්නේ නැහැ ...
උඹ කැමති දෙයක් ලියහන් කොල්ලෝ කිසිම අවුලක් නෑ, හිතට හරි මදි වෙන්න දෙයක් නෑ බොලන් මෙතන ඉන්න හැමෝටම විහිලු තේරෙනෝ,අර හතරවෙනි තට්ටු කතාවත් මම නිකං කිව්වේ බං!
Deleteහපොයි සුළග අහිතක් හිතන්ඩ කාරි නැතුවා. කිසිම වැරද්දක් වෙලා නැතුවා මෙතන. සුලග ත් කොයිතරම් කයිකාරයෙක්ද කියලා ඒක කියවද්දි හිතුන නිසා නෙවෙන්නම් මම ත් දෙන්නට සුබපැතුම් එක් කොලේ. විහිලුවට පටබදින කතන්දර නොවැ. අල්තයීර් වගේම ධාරා වගේම ඊට නොදෙවෙනි කවිකාරයෙක් තමා සුලග. තවත් ඒ වගේ කිහිප දෙනෙක් අවකාශෙ ඉන්නවා. උදාහරණයක් විදිහට තරුරසී, දිලිනි වගේම වැව් ඉස්මත්ත දක්වන්ඩ පුලුවන්. ඔය ඉතින් හදිසියට මතක් වෙච්ච ඈයො කොට ඔයිට වඩැ ඉන්නවා දැන් මතක් නොවුනට. අපි කවිකම අගය කරා මිසක් මඩ ගහන්ඩ වෑයම් කොලේ නැතුවා.
Deleteඅමනාප වෙන්න කාරී නැතුවා රතී හිහ් හිහ් අපිත් විහිලු දන්නවෝ.. ඇයි අපේ ඉවාන් පවුලුෂා,මාතලන්,සමී එහෙමත් හොඳ කයි කාරයෝ තමා. සමීගේ මඩ කවි එහෙමත් උපරිමයි,මේ ලඟදි දාපු 'පියෙක් වෙන්න මත්තෙන්' කයි ටික එහෙම බැලුවද?
Deleteඑකනේ බං අර සුළගේ කවිය දැකලා මගේ බලධාරියා මාව හතරවෙනි තට්ටුවට අරන් ගියා!
ReplyDeleteසුළගට සමාවෙයන් කරු ... යාමත් ලියන්නේ නැ .. හාස්‍යය සදහාම පමණයි ලිවුවේ ...
Deleteසුළගේ සුළගේ සුළගේ!!!!!
Deleteනොලිව්වොත් මම තරහයි වෙන්නේ!
සමාව ඉල්ලන්න කිසි දෙයක් කලේ නෑ බං උඹ,ස්තුති කරන්නයි ඕනේ මම මේ අඩවියට ලස්සන කවි ගොතලා යනවාට..
ස්තුතියි මචන් .. හිත සැහැල්ලු කලාට ...
Deleteඑකනේ මචං වරෙන් යන්න හන්දියේ සයිවර් කඩේට මොනා හරි ගිල දාන්න..
Deleteකොත්තු නැතුව ඕන දෙයක් ... හිටු එනකන් ...
Deleteයකෝ, මට කිව්වෙත් නෑ. හොරෙන් කන්න හිතුවා මදි බොලව් :'(
Deleteවරෝ යම්හ!
Deleteසොදුරු මංපෙත දිගේ ආවේ.
ReplyDeleteබොහොම ස්තුතියි ආවට මනෝජ්, ඒ වගේම මං පෙතේ මේ පැත්තට මග සලකුණු තිබ්බට තුතියි ධාරෝ.
Deleteඇත්තටම මුන් දෙන්න අන්තිමට බදියිද ........................????????????? (මම අහන්නේ කවිවලට ප්‍රති උත්තර )
ReplyDeleteබැන්දොත් බලන්න එනවද මැලේ රාලේ? :D මං කිව්වේත් ප්‍රති උත්තර !
Deleteහොඳ කවි සංවාදයක්.
ReplyDeleteමම හිතන්නේ දේශපාලන ලිපිවලට වගේම මේවටත් සංවාද ගොඩ නැගෙන්න ඕනේ කියලයි. ස්තුතියි අරූ.
Deleteහ්ම්ම්ම්ම් නිර්මාණ හැකියාව ඉහලයි ලිපි ගණනාවක්ම කියෙව්වා
ReplyDeleteකවි ටිකනං පංකාදුයි.........
ReplyDeleteසිරා කවි ටික.. මන් දැනන් හිටියේ නෑනේ අල්තහිර් පට්ට කවි කාරයෙක් කියලා.. ඕන් මාත් සෙට් වුනා බ්‍රදර්හුඩ් එකට..
ReplyDeleteලස්සනයි අල්තයීර්. ධාර බලන්න ගිහින් තමයි මේ පැත්තටත් ආවෙ, දිගටම ලියන්න
ReplyDelete