"කවදාක
හෝ
එක්තැන් වෙලා..
සුව හා සුසුම්
සම සේ දරා,
අත්වැල් බැඳන්
යමු ජීවිතේ..."
ඒ කී වදන්, බොල් හීනෙකී...
"... අප පෙම් කතාවේ, අවසානයයි..
මම නේන හෙට ඔබ, මනමාලියයි..."
පාසල් සමේ, අපි දෙන්නගේ,
නම් කුරුටු ගෑ, කඩදාසි මේ
ගිනි අවුලුවා නටඹුන් පෙමින්
අපි වෙන් වෙමූ, දෛවය ලෙසින්..
මගේ දින පොතේ, අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ, අවසානයයි..
සමහර දේවල් ගිණි අවුලුවලා විනාස කරනවට වඩා හොඳයි, බලන්න ඇත තියලා ගන්න දුරකම තිබ්බත්, ආයේ ඒ දිහා නොබලාම ඉන්න එක..
සුව හා සුසුම්
සම සේ දරා,
අත්වැල් බැඳන්
යමු ජීවිතේ..."
ඒ කී වදන්, බොල් හීනෙකී...
"... අප පෙම් කතාවේ, අවසානයයි..
මම නේන හෙට ඔබ, මනමාලියයි..."
පාසල් සමේ, අපි දෙන්නගේ,
නම් කුරුටු ගෑ, කඩදාසි මේ
ගිනි අවුලුවා නටඹුන් පෙමින්
අපි වෙන් වෙමූ, දෛවය ලෙසින්..
මගේ දින පොතේ, අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ, අවසානයයි..
සමහර දේවල් ගිණි අවුලුවලා විනාස කරනවට වඩා හොඳයි, බලන්න ඇත තියලා ගන්න දුරකම තිබ්බත්, ආයේ ඒ දිහා නොබලාම ඉන්න එක..
තිබ්බ විදියටම, ඔහේ තියෙද්දෙන්...
තිබ්බ විදියටම, ඔහේ තියෙද්දෙන්..හැබැයි අහම්බෙන් හරි ඇස ගැහුනොත් සිතගැස්ම හද දවාලයි
ReplyDeleteඔන්න ඔහේ තියෙනවා තාමත් තිබ්බ තැනම මිත්රයා..
Deleteඅහම්බෙන් ඇහැ ගැටුනා වගේ ම අතට ගන්න හිතුනොත්???????
ReplyDeleteහිතයි අතයි දෙකම සලිත වේවී...
්රb
වෙලාවකට අතට ගන්න කාලයක් තිබ්බා.. මෑතක් වෙනකන් කාමරේ පුරා හැමතැනම ඕවා පාවුණ කාලයකුත් තිබ්බා, දැන් ඔක්කොම එකතු වෙලා සීල් වෙලා තියෙනවා ඔන්න ඔහේ..
Deleteමගේ කණගාටුව! ජිවිතේ කියන්නේ අහිමිවීම් හා බලාපොරොත්තු වල සංකලනයක්. ඉදිරිය යහපත් වෙන්න කියල පතනවා!
ReplyDeleteහැමදේම යහපත් කල්යාණ මිත්ර.. බොහොම ස්තුතියි ඒ පැතුමට...
Deleteමොනා කරන්නද? ඉතින් නේ...
ReplyDeleteහ්හිත හදාගෙන ඉස්සරහට යන් ...
නැතුව නැතුව...
Deleteමගේ අවවාදය:
ReplyDeleteගිනි තියන්න හිත දෙන්නේ නැත්තම්, අඩුම තරමේ ආයෙමත් හම්බවෙන්නේ නැති එකෙක්ට හරි දීල දාන්න. මේක මම කියන්නේ සිරාවටම.
හිත ගැලවෙන්නේ රිදෙන රිද්දන තරමටමයි නෙව සහෝදරී.. අමාරුවෙන් උනත් මේ තැනට ආවේ ඕක එක්කම ඉඳලා පුළුවන් තරම් මන් මටම රිද්දගෙන තමයි.. දැන් හරියටම හරි..
Deleteසැමරුම් ගිනි තිබ්බා කියලා මතකයට ගිනි තියන්න බැරි වේවි..
ReplyDeleteඔව්,එක නිසා ඔව්වා ගිනි තියන එක වැඩක් ඇති දෙයක් නෙමේ.අදට වඩා හෙට හොඳ වෙන්න පුළුවන් මල්ලි.එක දෙයක් අත හැරෙන්නේ ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න තියෙන නිසාත් වෙන්න පුළුවන්.කාලයක් ගියාම ඔය සැමරුම් අතීත මතකයක් වේවි.
Deleteමතකවල රසයයි සුවඳයි ඔක්කොම මැකුනත් අන්තිමේ ලොකු පාඩම් පොතක් වෙලා ඉතුරු වුනා මනෝජ් අයියේ, rain girl :)
Deleteමේ පටන්ගැනීමක් පමණයි, ගමන දුරයි,අනාගතය ගොඩක් සුබ වේවි.
ReplyDeleteස්තුතියි සහෝ,අනිවාර්යෙන්ම..
Delete