A whisper to the wind, a request not to cry...
හමන සුළගේ නදට මුමුනමි
ගෙනයන්න හසරැල් පියුම්
දුරක තනියම හඬන නුඹ වෙත
සැනසෙන්න, හැර
පිනි සැලුම්
පිනි දියෙන් එන සිසිල් සුව නොව
සොවින් මත් උණුසුම දැනේවී
නෙතඟ තෙමනා ඒ දියෙන් මතු
පිපෙන සියපත් හැඩ කරාවී
ලොවම එළි කල හිරු සඳුත්
නැතේ කිසි දින මුව බලාලා
නොදැක සිටියත් ඒ හිරුත් සඳු
කලෙද අමතක, එළිය
දීලා?
කරූ
ආයි කරූ ආවද??
ReplyDelete