හරස්වුණු උතු නියාමයෙන්
සුසුම්ලන සුලිසුලඟ,
කඳුළුලන ගංවතුර
වැලපෙන මහ පොලව
මත නැගෙන,
සුනු නොවූ බුදු පිළිම
අද්දර..
"අහෝ සත්‍යයි බුදු දහම"
කියැවෙයි නම්,
ත්‍රිලක්ෂණයට
හසු නොවූ
සංඛත ධර්මයක් ලෙස
'කොන්ක්‍රීට්'
ත්‍රිපිටකගත කර
බුදු දහම
නැවත 'සත්‍ය' කරනු පිණිස..
මෙතේ බුදුන්
දැන් දැන්ම වඩිනු ඇත...
-අල්තයීර්
ඡායාරුව අල්ජසීරා පුවත් සේවයෙනි.
america.aljazeera.com

මරු...
ReplyDeleteඑල එල ^_^
Deleteනිදුකාණෙනී.. යොමා බුදු නෙත කුළුණිනේ.. වඩිනු මැන..
ReplyDeleteනිදුකාණෙනී.. යොමා බුදු නෙත කුළුණිනේ.. වඩිනු මැන..
ReplyDeleteබුදු දහම සදාතනික සත්‍යයකි.ගස් ගල් පවා දනී ඒබව.අපේ සුනාමි ය දවසේත් මේ වගේ දේවල් වුනා නොවැ...කයිය නම් නියමයි
ReplyDeleteහොඳම හොඳ අදහසක්,
ReplyDeleteබුදු දහම තුලත් ඇති අනේක වූ දෘෂ්ඨීන්......