tag:blogger.com,1999:blog-3442998431292425401.post2014928251897085782..comments2023-08-03T16:43:16.214+05:30Comments on අල්තයීර්ගේ අඩවිය෴: වරද කොතැන ද???? අල්තයීර්-Altaïr (කරූ)http://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3442998431292425401.post-31354792625848834262013-05-20T18:57:20.952+05:302013-05-20T18:57:20.952+05:30එකඟයි.ඔබ සරලව කී දෙයම මෙහි අඩංගුය..
" ආගම ය...එකඟයි.ඔබ සරලව කී දෙයම මෙහි අඩංගුය..

" ආගම යනු බලෙන් ඇඟට පැටවිය යුත්තක් නොවේ. එය තම තම නැණ පමණින් දැන විශ්වාස කල යුත්තකි. "

" මෙකි ව්‍යාපාරය ක්‍රියාත්මක විය යුත්තේ එහා ගෙදර වෙසෙන මොහොමඩ්ට විරුද්ධව හෝ,හන්දියේ කුඩා තේ කඩයකින් තම ජීවිකාව ගෙනයන නජීම්ට විරුද්ධව හෝ,තම දරුපැටවුන් බලා කියාගෙන නිවසට වී සිටින ෆාතිමාට විරුද්ධව නොවේ "

" ඔබගේ අසල්වැසියා මුසල්මානුවකු විය හැකිය.ඔබගේ හොඳම මිතුරා මුසල්මානුවකු විය හැකිය. ඔබ ප්‍රියතම නළුවා මුසල්මානුවකු වන ඛාන් කෙනෙකු වීමට හැකිය. එය ඔබගේ අයිතිය යි. එය අභියෝගයට ලක් කිරීමට කිසිවකුට නොහැක. ඇතැමුන් අන්තවාදය ලෙස හඳුන්නවන සටන ක්‍රියාත්මක වුයේ,වන්නේ ඔවුන්ට එරෙහිව නොවන බව දැන සිටීම කතරගම යන කොයි කාගේත් මග දැනුමට යහපත් ය. "

අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-68270051066192091722013-05-20T18:47:48.059+05:302013-05-20T18:47:48.059+05:30ප්‍රශ්න කළ යුත්තේ මිනිසෙකුට ඉස්ලාමය ඇදහීමේ අයිතිය ...ප්‍රශ්න කළ යුත්තේ මිනිසෙකුට ඉස්ලාමය ඇදහීමේ අයිතිය නොව ඉස්ලාමයයි... එවිට තේරුම් ගන්නා මුස්ලිම් එකා අන්තවාදය හැලු ඉස්ලාමය අදහනු ඇත...

මුහුණ වැසෙන සේ බුර්කාව ඇඳීම තහනම් කළ යුතුය
හලාල් තහනම් කළ යුතුය
ශරියා හා ජිහාඩ් පිළිකෙව් කළ යුතුය

එය මුස්ලිම් මිනිහෙකුගේ අයිතියට පහර ගැහීමක් යැයි යමෙක් තර්ක කරන්නේනම් එය නොදන්නාකමය... Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-58645908844058473502013-05-14T01:06:44.740+05:302013-05-14T01:06:44.740+05:30එඅනිවා.. උබේ වචන වලට මම සම්පූර්ණයෙන් එකඟයි.. අසාදා...එඅනිවා.. උබේ වචන වලට මම සම්පූර්ණයෙන් එකඟයි.. අසාදාරණ වැඩකදි නැගී සිටීම ජාතිවාදයක් ලෙස හඳුන්වන්න තරම් මම අඳබාලයෙක් නෙමෙයි.. ඇත්තෙන්ම උබේ අදහස් ගොන්න මගේ අදහස් වලට වඩා කෙනෙකුට සමීප වෙන්න පුලුවන්.. ඒ උබේ ආකල්ප මගේ ආකල්ප තරම් ආවේගශීලී ඇත්ත වශයෙන්ම කියනව නම් මගේ තරම් රැඩිකල් ආකල්ප උබේ වචන වල ඇතයි කියල හිතුන නිසා.. ඒ වගේම ඒකට තව දෙයක් එකතු කරන්න මම කැමතියි.. පලිගැනීම කියන්නෙ යුද්දයක මූල බීජයක්.. එවැනි බාල වැඩ වලට මා විරුද්දයි.. ඒ වගේම මේ දේවල් වලට වගකිවයුත්තන් සහ දඬුවම් ලැබිය යුත්තන් සැප පුටු වල සැප සේ කල් ගෙවද්දි ඒ වෙනුවෙන් අහිංසක ජනතාව දඬුවම් ලැබීම ශෝකයට කරුණක් මචං.. ඒ දේයි මට අදහස් කරන්න ඕන වුනේ..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-54978658599425558562013-05-14T00:36:19.150+05:302013-05-14T00:36:19.150+05:30මගේ ඕනෑම ලිපියක් සංවාදයට විවෘතයි සහෝදරයා, ඒ නිසා උ...මගේ ඕනෑම ලිපියක් සංවාදයට විවෘතයි සහෝදරයා, ඒ නිසා උඹේ අදහස් ඉතාම ඉහලින් මගේ අඩවියට පිලිගන්නවා..

මේක මම දැක්ක දෙයක්,වචන ගොඩකින් විස්තර කරනවට වඩා කියන්න තියෙන හුඟාක් දේවල් මේකෙන් කියවෙනවා කියලයි මට නම් හැඟෙන්නේ...

එකෙක් කියනවා මම සිංහල ලු..
තව එකෙක් කියනවා මම දෙමළලු..
තවත් එකෙක් කියනවා මම මුස්ලිම්ලු..
එතකොට අනිකා?
ඌ කියනවා මම .........

කෝ එතකොට මිනිස්සු කොහෙද ඉන්නේ????

උඹ හරියටම ජාතිවාදය කියන වචනෙයි දේශප්‍රේමය කියන වචනෙයි අරුත් ගැන්වුවා සහෝදරයා.. ඇත්තටම අවශ්‍යවන්නේ ජාතිවාදය නෙවෙයි දේශප්‍රේමය කියන පණිවිඩේ දෙන්නයි මගේ අරමුණ වුනේ.. මට ජාතිවාදියා කියන බෝඩ් ලෑල්ල එල්ලෙන්න ඕනේ දේශප්‍රේමියා කියන අරුතින්.වචනයෙන් වැඩක් නෑ,හරයයි ක්‍රියාවයි වැදගත්.. මේ රටට සිංහල දේශප්‍රේමීන්ගේ නැගී සිටීමක් අවශ්‍යයි.. ඒ නැගී සිටීම කියලා මම කියන්නේ බුර්කා ගලවන එක හෝ මඩ ගහන එක හෝ බිත්තර ගහන එක නෙවේ.. තමන්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියා කලාපයන් ගෙ නිවැරදි භාවය ගැන අවදානයෙන් ඉන්න එකයි වැදගත්.. හලාල් නිෂ්පාදන වර්ජනය හෝ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය සිදුවිය යුත්තේ තමන් එහෙම නොකලොත් අනාගතේ තමන්ගේ රටේ මහා ජාතියට වෙන වින්නැහිය ගැන අවබෝධයෙන් මිසක අනිකාට කෙලවන අරමුණින් නෙවේ.. සිංහලයා කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. සමහර අතීත බෞද්ධ රාජ්‍යන් අද වෙනකොට පත් වෙලා ඉන්න අඩිය ගැන හිතලා,එක අපේ රටට වෙන එක වළක්වාගන්න අරමුණින් ඒ දේ සිදුවිය යුතුයි. අපේ රට සෑහෙන කාලයක් තිස්සේ ජාතිවාදයෙන් බැට කෑවා.චෙල්වනායගම් ගිවිසුම කාලේ ඉඳන්ම මේ රටේ බිහිවෙන්න ගිය ප්‍රභාකරන්ලා අනන්ත ගානක් ඉන්න ඇති. ඒ යුගය අවශ්‍ය නෑ ආයෙත්.. ජාතික සමගිය අවශ්‍යයි. ඒ වගේම වෙනත් ජාතියක් එළිපිට හෝ තිරය පිටුපස සිට වෙනත් ජාතියකට ගිනි දෙන්න සැරසෙනවා නම් එයට මම විරුද්ධයි.. අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-89616448973825372872013-05-14T00:14:30.308+05:302013-05-14T00:14:30.308+05:30තවත් නොදන්න දෙයක් දැනගන්න ලැබුනා සහෝ.. උබේ කතාවට ස...තවත් නොදන්න දෙයක් දැනගන්න ලැබුනා සහෝ.. උබේ කතාවට සම්පූර්නයෙන් එකඟයි..

නමුත් මෙතනදි මං ජාතිවාදය කියල අදහස් කරපු දේ සිංහලකම කියන දේත් එක්ක පටල ගන්න එපා මචං.. සිංහලයෙක් විදිහට ඒ හැඟීම මටත් තියනවා.. ඒ මං කිවුව ජාතිවාදය නෙමෙයි..

ජාතිවාදය කියන්නෙ කිසියම් ජාතියකගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි තවත් ජාතියක් නැගී සිටීම යන්නයි මගේ අදහස.. උබට මතක ඇති අපි මීට පෙරත් මේ ජාතිවාදය කියන දේට මුහුන දුන්නා.. ඒ සිංහල දෙමල අරගලයෙදි.. එතනදිත් වුනේ කොහෙවත් ඉන්න උන් වගයක් කරපු දෙයක් නිසා අසරණ මිනිසුන් රාශියකට ජීවිත අහිමි වුන එක.. ඒ නිසා පටු මතයක ඉන්නෙ නැතුව මේ ගැනත් හිතන්න ඕනෙ බං.. ඒ වගේ මිනිස් ඝාතනයක් යලි දකින්න මං කැමති නෑ.. මොකද ජාති ආගම් වලින් පවුරු බැඳන් හිටියට අපි හැමෝම මිනිස්සු.. අපි හැමෝගෙම ඇඟේ දුවන්නෙ එකම රතු ලෙය.. කවුරු කෙසේ කීවත් ඕනෑම ජාතියකට මේ ලක්දීපයේ ජීවත් වෙන්න පුලුවන්.. හැම කෙනෙක්ම ලක් මාතාවගේ දරුවො.. අපි මේ පොලවෙ කාගෙ ලෙයක් හැලුවත් එයින් අපිරිසිදු වෙන්නෙ අපේ අම්ම කියලා හිතුනා නම්, අපි හලන්නෙ අපේ අම්මගෙම දරුවන්ගෙ ලේ කියලා තේරුම් ගන්න දැනුමක් හැම කෙනෙක්ටම තිබ්බ නම් කවදාවත් කිසිම මිනිහෙක් වෙන ජාතියක කෙනෙක්ට හානියක් කරන්නෙ නෑ.. සිංහල වේවා, දෙමල වේවා, මුස්ලිම් හෝ වෙනත් ජාතියක් වේවා.. අද මෙවැනි අපරාද සිදු වෙන්නෙ කිසි කෙනෙකුට තමන්ගෙකම කියල දෙයක් නැති නිසා කියලයි මං දකින්නෙ.. එහෙම ඕනෑම මිනිසෙකුට තියෙන්නෙ තමන්ගෙ මව් රට පාවල දීලා හරි තමන්ගෙ පලිය ගැනීමේ පහත් ආත්මාර්ථකාමී බවක් මිස සැබෑ දේශප්‍රේමය නොවන බව බුද්දිමත් සොයුර උබට වැටහෙනු ඇත.. බුකිය වැනි දේවල් වලට මුවා වෙලා මිනිස්සුන්ගෙ ලේ කෝප කරවන දේවල් දාල ජාති අතර අසමගිය ඇති කරන කොන්ද පන නැති කිසිම ජාතියක් ජන්මයක් නැති උන් කරඩරේකදි අපිට පිහිට වෙන්න එන්නෙ නෑ බං.. උන්ට යුද්ද ඇති කලාම විවිද වාසි ලැබෙන නිසා උන් එහෙම කරනවා.. ඒත් කවද හරි අපේ දුකට පිහිට වෙන්න ඉන්නෙ අපේ අසල්වැසි සිංහලයා, මුස්ලිම් ජාතිකයා හෝ දෙමල ජාතිකයා.. නමුත් ඒ කරුණ තේරුම් ගන්න බැරි තරම් අද කාලෙ බොහෝ මිනිස්සු අඳබාලයන් බවට පත් වෙලා ඉන්නෙ ඇයි කියල මට තේරුම් ගන්න බෑ බං.. ඇත්තටම අද ලංකාවෙන් මනුස්සකම පලාගිහින්.. බොහෝ සුලු පිරිසක් ලඟ පමනයි අද එකී මනුස්සකම දකින්න ලැබෙන්නෙ..

උබ එකඟ වෙයි කියල මං හිතනවා.. නැති වුනත් අවුලක් නෑ.. :ඩීAnonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-11889752364511935412013-05-13T00:09:38.836+05:302013-05-13T00:09:38.836+05:30කුමන ආගමකට අයිති උනත් ඒ අයට තමන්ගේ ඇදහිල්ලට අනුව ජ...කුමන ආගමකට අයිති උනත් ඒ අයට තමන්ගේ ඇදහිල්ලට අනුව ජිවිතේ ගෙනියන්න (ඒ වගේම අන් අයට හිංසාවක් නොවෙන්නත්) අයිතියක් තියෙන්න ඕනේ සහෝදරයා.. ඇත්තම කතාව තමයි ඔයා කිව්වේ,ආහාරයක් හලාල් හෝ හරාම් වෙන්න බලපාන ප්‍රධානම එක හේතුවක් තමයි සුකර මස් අඩංගු වීම. ඇත්තටම සූකර මස් අඩංගු ද නැද්ද තමන් මිලදී ගන්න ආහාරයේ කියල දැනගන්න අයිතියක් තිබිය යුතුමයි. එත් ඒ යහපත් අරමුණෙන් එපිට කිසියම් වංක අරමුණකට මේ හලාල් ලේබලය ගිහින් තියෙන නිසා එය තත්ත්ව සහතිකයක් විදියට හඳුන්වන්න මම කැමති නෑ.. සරලම උදාහරණයක් ගත්තොත් බෝතල් කල පානිය ජලය ඇසුරුමේ හලාල් සහතිකය කිසිම මුසල්මාන් භක්තිකයෙකු සොයන්නේ හෝ එය තිබීම බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් හලාල් ලේබලය මුදල් පවා අය කරමින් එවැනි නිෂ්පාදන වෙනුවෙන් පවා නිකුත් කරන්නේ ඇයි,එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන එක ගැටළු සහගතයි. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කල හේතුව තමයි ජල පවිත්රාගාර තුල ජලය පිරිසිදු කිරීමට කාබන් (අඟුරු ලෙස)යොදාගැනීමත්,එම අඟුරු ලෙස මිනි අඟුරු හෝ වෙනත් සත්ත්ව කොටස්වල අඟුරු අඩංගු නොවන බව සහතික කිරීම. එය ඉතාමත් බොළඳ තර්කයක් බවයි මගේ අදහස.. ඔවුන්ගේ ඉලක්කය අවශ්‍ය දෙයට අවශ්‍ය ලෙස සහතිකය නිකුත් කිරීම නොව හසුවන කුමන හෝ නිෂ්පාදනයක් දඩමීමා කරගනිමින් තමන්ගේ වාණිජ අරමුණු කරා ලඟා වීමත්,ඉන් අනතුරුව යම් යම් පටු අරමුණු සාක්ෂාත් කරගැනීමත් බවයි මගේ අදහස..

නමුත් මම අවධාරණය කරන්න කැමතියි, මුසල්මානුවන්ට තමන්ගේ ආහාරයේ අන්තර්ගතය පිලිබඳ දැනගැනීමට ඇති ඒ අහිංසක අයිතිය උල්ලංගනය වීමට ඉඩ නොදිය යුතු යි.නමුත් ලද අවසරය පතා අනවශ්‍ය දැයට යොමු වීම පිලිබඳ මම විරුද්දයි. ඒ වගේම මේ ගැන දැනුවත් වෙලා අපේ සිංහල කොල්ලෝ ටික සුදානම් ශරීරෙ ඉන්න එක ජාතිවාදයවත් ආගම් වාදයවත් නෙවෙයි කියල මම කියන්න ඕනේ.සිංහල රටේ වත්මන් අවශ්‍යතාවත් ඒකම තමයි..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-20360845037914279202013-05-12T23:50:46.370+05:302013-05-12T23:50:46.370+05:30මෙහෙමයි මචං.. මම නම් ඔය ජාතිවාදය කියන දේ දිහා උපේක...මෙහෙමයි මචං.. මම නම් ඔය ජාතිවාදය කියන දේ දිහා උපේක්ශා සහගතවයි බලන්නෙ.. කෙසේ කියුවත් මා විරුද්දයි.. ඇත්තෙන්ම හලාල් කියන්නෙ මොකක්ද කියල කාගෙන් හරි ඇහුවොත් දන්නෙ බොහොම සුලු පිරිසක්.. ඒත් ඒකට විරුද්ද වෙන්න ඕන තරම් අය ඉන්නව..

හලාල් කියන්නෙ කිසියම් ආහාරපාන හෝ ඕනෑම දෙයක් මුස්ලිම්වරුන්ට කැප යයි සම්මත කිරීම සඳහා යොදාගනු ලබන තත්ව සහතිකයක්.. විශේශයෙන් මා දන්නා විදිහ අනුව ඔවුන්ට අකැප දෙයක් වෙන ඌරන් ආශ්රිත නිශ්පාදනයක් නොවේ යයි කියල සහතික කරගැනීමක්(කැමති නම් ජාතිවාදියා කියලා මාවත් හංවඩු ගහන්න කියපං)

ඒ වගේමයි.. අපේ ඉස්කෝලෙත් ඔය උබ කිවුවා වගේම පොරක් ඉන්නවා නිදාල් කියලා.. ඌටත් ඔය හරාම් කියන දේ නෑ.. අපි නම් ඌට කිවුවෙ මොහොමඩ් අල් ගඩාෆි කියල.. :ඩී මොන ජාතිවාදය කිවුවත් සහෝදරයෙක් වගේ අපි එක්ක ඉන්නවා.. හිත හොඳ කොල්ලා.. හොඳ මූන පෙන්නල පිටට පිහියෙන් අනින ගතිය ඌට නෑ.. ඒ වගේ යාලුවො ගොඩක් මට ඉන්නවා, ඒ නිසා එදත් අදත් ජාතිවාදයට මා විරුද්දයි..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-3442998431292425401.post-86210852872336663232013-05-12T23:46:25.269+05:302013-05-12T23:46:25.269+05:30මෙහෙමයි මචං.. මම නම් ඔය ජාතිවාදය කියන දේ දිහා උපේක...මෙහෙමයි මචං.. මම නම් ඔය ජාතිවාදය කියන දේ දිහා උපේක්ශා සහගතවයි බලන්නෙ.. කෙසේ කියුවත් මා විරුද්දයි.. ඇත්තෙන්ම හලාල් කියන්නෙ මොකක්ද කියල කාගෙන් හරි ඇහුවොත් දන්නෙ බොහොම සුලු පිරිසක්.. ඒත් ඒකට විරුද්ද වෙන්න ඕන තරම් අය ඉන්නව..

හලාල් කියන්නෙ කිසියම් ආහාරපාන හෝ ඕනෑම දෙයක් මුස්ලිම්වරුන්ට කැප යයි සම්මත කිරීම සඳහා යොදාගනු ලබන තත්ව සහතිකයක්.. විශේශයෙන් මා දන්නා විදිහ අනුව ඔවුන්ට අකැප දෙයක් වෙන ඌරන් ආශ්රිත නිශ්පාදනයක් නොවේ යයි කියල සහතික කරගැනීමක්(කැමති නම් ජාතිවාදියා කියලා මාවත් හංවඩු ගහන්න කියපං)

ඒ වගේමයි.. අපේ ඉස්කෝලෙත් ඔය උබ කිවුවා වගේම පොරක් ඉන්නවා නිදාල් කියලා.. ඌටත් ඔය හරාම් කියන දේ නෑ.. අපි නම් ඌට කිවුවෙ මොහොමඩ් අල් ගඩාෆි කියල.. :ඩී මොන ජාතිවාදය කිවුවත් සහෝදරයෙක් වගේ අපි එක්ක ඉන්නවා.. හිත හොඳ කොල්ලා.. හොඳ මූන පෙන්නල පිටට පිහියෙන් අනින ගතිය ඌට නෑ.. ඒ වගේ යාලුවො ගොඩක් මට ඉන්නවා, ඒ නිසා එදත් අදත් ජාතිවාදයට මා විරුද්දයි..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.com